පොහොර සහනාධාරය ඉවත් කිරීමට MY3- RANIL ආන්ඩුව ගත් ---

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පොහොර සහනාධාරය ඉවත් කිරීමට MY3- RANIL ආන්ඩුව ගත් ---

    ‘හොඳ දෙමාපියන් දරුවො ඉල්ලන හැම දෙයක්ම දෙන්නෙ නෑ. ඔවුන් දෙන්නෙ දරුවන්ට හොඳ සහ අවශ්‍ය දේ විතරයි’

    සිරිසේන

    පොහොර සහනාධාරය ඉවත් කිරීමත් සමග ගොවීන් අතර වැඩෙමින් පැවති විරෝධය පුපුරා යයි

    පොහොර සහනාධාරය ඉවත් කිරීමට සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ගත් පියවරට එරෙහිව, දිවයින පුරා දහස් සංඛ්‍යාත ගොවීහු අරගලයට පිවිස සිටිති. අනුරාධපුර, පොලොන්නරුව ආදී උතුරු මැද පලාත් වල, ඌවේ හසලක, නැගෙනහිර පලාතේ අම්පාර සහ කන්තලේ, ඈත දකුනේ හම්බන්තොට ඇතුලු ගොවි ප‍්‍රදේශ කේන්ද්‍ර කරගත් නගර ගනනාවක පෙලපාලි, පිකටින් ඇතුලු විවිධ විරෝධතාවන්හි නියැලෙන ගොවීන් පොහොර සඳහා වූ සහන මිල යලි ස්ථාපිත කරන ලෙස ඉල්ලා සිටී.

    පොහොර මිටියක් සඳහා වූ රුපියල් 350 ක සහන මිල ඉවත් කෙරෙන බවත් මින්මතු ගොවියන් විසින් වෙලඳපොලේ මිලට පොහොර ලබාගතයුතු බවත් සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවේ පසුගිය අයවැයෙන් ප‍්‍රකාශයට පත් විය. ගොවියන් අතරින් මතුවිය හැකි විරෝධය සමහන් කරනු වස්, සෑම කුඹුරු හෙක්ටෙයාරයකටම රුපියල් 25,000 ක වාර්ෂික සහනාධාරයක් ලබා දෙන බවට ද ඒ සමගම නිවේදනය කෙරුනි.

    වෙලඳපොලේ පොහොර සඳහා වන අධික මිල ගනන් සමග මෙම වාර්ෂික සහනාධාරය කිසිසේත්ම නොසෑහෙන බව ක්ෂනිකව වටහාගත් ගොවියෝ ඊනියා සහනාධාරය ප‍්‍රතික්ෂේප කරමින් පැවති සහන මිලට පොහොර ලබා දෙන ලෙස ඉල්ලමින් අරගලයට අවතීර්න වූහ. එම මූලික ඉල්ලීමට අමතරව, ‘වී සඳහා සහතික මිලක් තහවුරු කරනු’ සහ ‘ගොවි විශ‍්‍රාම වැටුප අඩු නොකරනු’ යන සටන්පාඨයන් ද මෙම විරෝධතාවයන්හි දී මතු කෙරින.

    විරෝධතාවන් පැන නැංවූ ආසන්නතම හේතුව පොහොර සහනාධාරය ඉවත් කිරීම වුවද, ගොවියන් විසින් මතු කෙරෙමින් පවත්නා අති මූලික ඉල්ලීම් වලින් සහ පුලුල් සහභාගිත්වයෙන් ප‍්‍රකාශයට පත් කෙරෙන්නේ, තම දැවෙන ප‍්‍රශ්න නොවිසඳීම සම්බන්ධයෙන් පීඩිත ගොවීන් අතර දිගු කාලයක් පුරා වර්ධනය වෙමින් පැවති බලගතු විරෝධය වඩාත් ඉහල පරිමානයකින් පුපුරා යාමට පටන් ගෙන ඇති බවයි.

    පොහොර සහනාධාරය ඉවත් කෙරුනේ, ඉසිලිය නොහැකි නය බරින් ද, කෘෂි රසායනික සහ බීජවල ඉහල යන මිලෙන් ද, අස්වනු නෙලීමේ අධික වියදමින් ද, ගම්බද දුගීන් මිරිකී සිටින තතු තුලය. ගොවීන්ට එරෙහි මෙම ප‍්‍රහාරය සමස්ත කම්කරු-පීඩිත මහජනතාවට එල්ල කෙරෙන පුලුල් ප‍්‍රහාරයක කොටසකි. මෙම ප‍්‍රහාර ගලා එනුයේ නය බරින් මිරිකී සිටින ආන්ඩුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවා ඇති විධානයන්ගෙනි.

    ආන්ඩුව එය වසන් කරමින් කියා සිටින්නේ, ”පරිසරයට සහ මිනිසුන්ට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු කෘතිම පොහොර භාවිතයෙන් ගොවියන් ඈත් කොට ස්වභාවික කාබනික පොහොර භාවිතාව සඳහා යොමුකර ගැනීම” මෙම පොහොර සහනාධාර කප්පාදුවේ අරමුන බව යි.

    පසුගිය මාර්තු 7 දා කොලඹදී පැවති ‘වස විස නැති හෙටක්’ වැඩසටහන ආරම්භ කරමින් කල කතාවේදී පොහොර ප‍්‍රශ්නය ගැන සඳහන් කරමින් ජනාධිපති සිරිසේන කියා සිටියේ, කවර බාධක පැමිනියේ වුවද එම වැඩසටහන ඉදිරියටම ගෙනයන බවටයි.

    ‘හොඳ දෙමාපියන් දරුවො ඉල්ලන හැම දෙයක්ම දෙන්නෙ නෑ. ඔවුන් දෙන්නෙ දරුවන්ට හොඳ සහ අවශ්‍ය දේ විතරයි’ යනුවෙන් සිරිසේන එහිදී කල ප‍්‍රකාශය සමස්ත කම්කරු-පීඩිත මහජනයාට එරෙහි බලගතු තර්ජනයකි. ජනතාවට ‘අවශ්‍ය’ සහ ‘හොඳ’ දේ තෝරනු ලබන්නේ තමන් බව පවසමින් සිරිසේන-වික‍්‍රමසිංහ තන්ත‍්‍රය කැසකවන්නේ දැවැන්ත ප‍්‍රහාර මාලාවකට බව නිසැකය.

    අනෙක් අතට, කාබනික පොහොර වලට හැරෙන සේ සිරිසේන ගොවියන්ට මෙසේ තර්ජනය කරන්නේ, වී ඇතුලු ධාන්‍ය වර්ග සහ එලවලු වගා කෙරෙන අක්කර දසදහස් ගනනක ගොවිබිම් වලට අවශ්‍ය කෙරෙන සුවිසල් කාබනික පොහොර ප‍්‍රමානය නිපදවීම සඳහා කවර හෝ විධිමත් සැලැස්මක සේයාවක් හෝ නොමැති තතු තුලයි.

    කෙසේ නමුත්, ගොවියන් අතර සටන්කාමිත්වයක් වැඩෙන සෑම අවස්ථාවකම පුහු විරෝධතා උද්ඝෝෂනයන්හි ඔවුන් සිරකර එම සටන්කාමිත්වය දියකර හැරීමේ කාර්යයේ යෙදී සිටින ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) මෙවර ද වැඩට බැස ඇත. ව්‍යාජ සටන්කාමිත්වයක් පෙන්නමින් ජවිපෙ කියා සිටින්නේ ‘පොහොර සහනාධාරය යලි ලබාගනුවස් දිවයින පුරා ගොවියන් කැඳවා කොලඹ නගරය වටලන බවයි. ‘ඉතා ඉක්මනින් ගොවිබිම් යුද පෙරමුනු බවට පත්වනු’ ඇති බව පසුගිය දා පැවති මාධ්‍ය හමුවකදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සුපුරුදු පූච්චානම් බසින් කියා සිටියේය.

    දිසානායක මෙම පුරාජේරු කතා පවත්වන්නේ ගොවියන් මුහුනදී සිටින ප‍්‍රශ්න සම්බන්ධයෙන් ජවිපෙට කිසිම වගකීමක් හෝ සම්බන්ධයක් නොමැතිසේ ය. ජවිපෙ යනු ගෙවියන්ට එරෙහි මෙම ප‍්‍රහාරය එල්ල කරන වත්මන් ආන්ඩුව බලයට ගෙනඒම සඳහා සෘජුව දරදිය ඇදි සංවිධානයකි. එපමනක් නොව, ජවිපෙ ඔවුනගේ සමස්ත අතීත වාර්තාව සම්බන්ධයෙන් ගත් කල ගොවියන් ඇතුලු කම්කරු-පීඩිත මහජනතාවට එල්ල කරනු ලැබූ හා එල්ල කරනු ලබන ප‍්‍රහාරයන්ට මුලුමනින්ම වගකිව යුතුය. දිසානායකමත් චන්ද්‍රිකා කුමාරතුංග ආන්ඩුවේ කෘෂිකර්ම ඇමති ධුරය දරමින් එම තන්ත‍්‍රය ගෙනගිය කප්පාදු පිලිවෙත් වලට සහ වර්ගවාදී යුද්ධයට පරිපූර්නව දායක විය.

    එම අපකීර්තිමත් ඉතිහාසය ව්‍යාජ සටන්කාමිත්වයකින් ආවරනය කොට ඛාදනය වූ තම පදනම් යලි ශක්තිමත් කර ගැනීම ජවිපෙ හි අරමුනයි. අන් සියල්ලටත් වඩා, ධනේශ්වර සංස්ථාපිතයේම කොටසක් වී ඇති ජවිපෙ යලියලිත් යත්න දරන්නේ, ධනපති ආන්ඩුවලට බලපෑම් දැමීමේ දේශපාලනය තුල ගොවිජන විරෝධය දියකර හැර ධනේශ්වර පද්ධතිය ආරක්ෂාකර දීමටයි.v

    ඓතිහාසික අත් දැකීම් මගින් තහවුරු කෙරී ඇත්තේ, ගොවියන් මුහුන දී සිටින සංකීර්න ප‍්‍රශ්න කිසිවක් ධනපති ආන්ඩුවලට බලපෑම් දැමීමෙන් විසඳාගත නොහැකි බවයි. කොලඹ පාලක පන්තියේ දශක හතකට ආසන්න පාලන කාලය තුල ගොවි ජනතාවගේ අති මූලික අවශ්‍යතාවන් වන ඉඩම්, ජලය, පොහොර, නිශ්පාදන සඳහා සහතික මිල සහ යහපත් නිවාස යන කිසිවක් විසඳී නැතිවා පමනක් නොව ඒවා වඩාත් උග‍්‍ර වී ඇති තතු යටතේ තවදුරටත් ඉවසිය නොහැකි තත්වයකට ඔවුන් පත් කොට ඇත.

    ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය මත පදනම්වූ ඉන්දීය බොල්ශෙවික් ලෙනින්වාදී පක්ෂය (බීඑල්පීඅයි) 1940 ගනන් මුලදීම පෙන්වා දුන්නේ, ධනේශ්වර විප්ලවය කල් පමා වූ ඉන්දියාව හා ශී‍්‍ර ලංකාව වැනි රටවල්වල ධනපති පාලක පන්තියට, පීඩිත ජාතීන්ගේ සහ ගොවි ජනතාවගේ අයිතීන් ඇතුලු කවර හෝ ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදී කර්තව්‍යයක් ඉටුකල නොහැකි බවයි.
    ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයේ කර්තව්‍යයන් පවා සාක්ෂාත් කල හැක්කේ, කම්කරු පන්තිය, ගොවීන් ඇතුලු අවශේෂ පීඩිතයන් තමා වටා රැලි කර ගනිමින් බලයට ගෙනෙන කම්කරු-ගොවි ආන්ඩුවක් හරහා ජාත්‍යන්තර සමාජවාදී ප‍්‍රතිපත්ති කි‍්‍රයාවට දැමීමෙන් බවද ඔවුහු ඒ සමගම පෙන්වා දුන්හ.

    2008 න් ඇරැඹී බිඳ වැටීමක් තුලින් ගමන් කරන ලෝක ධනේශ්වර අර්බුදය හමුවේ රටක් රටක් පාසා පාලක පන්තීන් කම්කරු-පීඩිත මහජනතාවන් මෙතෙක් භුක්ති විඳි සියලු අයිතීන් උදුරා ගැනෙන තතු යටතේ මෙම ඉදිරි දර්ශනය වඩාත් දිදුලන ආකාරයෙන් කම්කරුවන් සහ අවශේෂ පීඩිතයන් ඉදිරියේ විශදව ඇත. සමාජවාදී සමානතා පක්ෂය, කම්කරුවන් සහ ගොවීන් ඇතුලු පීඩිතයන් අතර සටන් වදින්නේ එම ඉදිරි දර්ශනය මත පාදකවයි.

    https://www.wsws.org/sinhala/2016/2016mar/pstr-10m.html

    picture.php
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    සොහොන;19842746 said:

    ‘හොඳ දෙමාපියන් දරුවො ඉල්ලන හැම දෙයක්ම දෙන්නෙ නෑ. ඔවුන් දෙන්නෙ දරුවන්ට හොඳ සහ අවශ්‍ය දේ විතරයි’

    කලින් එක්කෙනා ඒකාධිපති කිව්වනේ. මෙයාට කියන්නෙ මොකද්ද :confused:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    සොහොන;19843039 said:
    :lol: කලින් එකා මාහරාජනෝ දැන් ඉතින් මෙයා පබයා අනිකා පොනිල්

    හරිම විකාරයි නේද අපේ රටේ පාළකයෝ අඳින ඇඳිල්ල? ඊටත් විකාරයි මිනිස්සු අඳින ඇඳිල්ල :lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    හරිම විකාරයි නේද අපේ රටේ පාළකයෝ අඳින ඇඳිල්ල? ඊටත් විකාරයි මිනිස්සු අඳින ඇඳිල්ල :lol:

    කාලකනි බන් රියල් කාලකන්නි එවුන්ට කඩේ යන උන් ඊටත් අන්ත කාලකන්නි තමුන්ගේ වටේ වෙන දේවල් දැන දැනම විහින් නැහෙන්න හොයනවා
    :lol:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    සොහොන;19843161 said:

    කාලකනි බන් රියල් කාලකන්නි එවුන්ට කඩේ යන උන් ඊටත් අන්ත කාලකන්නි තමුන්ගේ වටේ වෙන දේවල් දැන දැනම විහින් නැහෙන්න හොයනවා
    :lol:

    රට ගැන හිතන එකාල ඉවරයි බං. උන් එක්කො බලන් ඉන්න බැරුව කෑ ගහල විනාස වෙලා ගිහින්, නැත්තං දමල ගහල රටින් පිට ගිහින්. රටට අබ සරණ වත් ඉතුරු වෙන්නෙ නැති පාටයි. :(
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    රට ගැන හිතන එකාල ඉවරයි බං. උන් එක්කො බලන් ඉන්න බැරුව කෑ ගහල විනාස වෙලා ගිහින්, නැත්තං දමල ගහල රටින් පිට ගිහින්. රටට අබ සරණ වත් ඉතුරු වෙන්නෙ නැති පාටයි. :(

    අතාරින්න එපා අපිට කෙල කරවන්න නොදෙන්න මට නම් පුළුවන් විදිහට පෙන්නලා දෙනවා මේ කාලකන්නිගේ හෙළුව :yes:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    pikatin nam karata kamak na.

    habayi ayi parak goviyo tika gennala amude pitin kolomba udgoshana nokaranawanam hondayi.

    e minisunge rassawath ballata dala e minissunge gauraweth nathi karanawa.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    pikatin nam karata kamak na.

    habayi ayi parak goviyo tika gennala amude pitin kolomba udgoshana nokaranawanam hondayi.

    e minisunge rassawath ballata dala e minissunge gauraweth nathi karanawa.

    කෙසේ නමුත්, ගොවියන් අතර සටන්කාමිත්වයක් වැඩෙන සෑම අවස්ථාවකම පුහු විරෝධතා උද්ඝෝෂනයන්හි ඔවුන් සිරකර එම සටන්කාමිත්වය දියකර හැරීමේ කාර්යයේ යෙදී සිටින ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) මෙවර ද වැඩට බැස ඇත. ව්‍යාජ සටන්කාමිත්වයක් පෙන්නමින් ජවිපෙ කියා සිටින්නේ ‘පොහොර සහනාධාරය යලි ලබාගනුවස් දිවයින පුරා ගොවියන් කැඳවා කොලඹ නගරය වටලන බවයි. ‘ඉතා ඉක්මනින් ගොවිබිම් යුද පෙරමුනු බවට පත්වනු’ ඇති බව පසුගිය දා පැවති මාධ්‍ය හමුවකදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සුපුරුදු පූච්චානම් බසින් කියා සිටියේය.

    දිසානායක මෙම පුරාජේරු කතා පවත්වන්නේ ගොවියන් මුහුනදී සිටින ප‍්‍රශ්න සම්බන්ධයෙන් ජවිපෙට කිසිම වගකීමක් හෝ සම්බන්ධයක් නොමැතිසේ ය. ජවිපෙ යනු ගෙවියන්ට එරෙහි මෙම ප‍්‍රහාරය එල්ල කරන වත්මන් ආන්ඩුව බලයට ගෙනඒම සඳහා සෘජුව දරදිය ඇදි සංවිධානයකි. එපමනක් නොව, ජවිපෙ ඔවුනගේ සමස්ත අතීත වාර්තාව සම්බන්ධයෙන් ගත් කල ගොවියන් ඇතුලු කම්කරු-පීඩිත මහජනතාවට එල්ල කරනු ලැබූ හා එල්ල කරනු ලබන ප‍්‍රහාරයන්ට මුලුමනින්ම වගකිව යුතුය. දිසානායකමත් චන්ද්‍රිකා කුමාරතුංග ආන්ඩුවේ කෘෂිකර්ම ඇමති ධුරය දරමින් එම තන්ත‍්‍රය ගෙනගිය කප්පාදු පිලිවෙත් වලට සහ වර්ගවාදී යුද්ධයට පරිපූර්නව දායක විය.

    එම අපකීර්තිමත් ඉතිහාසය ව්‍යාජ සටන්කාමිත්වයකින් ආවරනය කොට ඛාදනය වූ තම පදනම් යලි ශක්තිමත් කර ගැනීම ජවිපෙ හි අරමුනයි. අන් සියල්ලටත් වඩා, ධනේශ්වර සංස්ථාපිතයේම කොටසක් වී ඇති ජවිපෙ යලියලිත් යත්න දරන්නේ, ධනපති ආන්ඩුවලට බලපෑම් දැමීමේ දේශපාලනය තුල ගොවිජන විරෝධය දියකර හැර ධනේශ්වර පද්ධතිය ආරක්ෂාකර දීමටයි
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    සොහොන;19843239 said:

    govinge mahajanayage prashna wisadanawa thiya thamange prashnath wisadaganna one nathi ewun tikak ne ban oke inne.