පොහොසත් අයම සාර්ථක වෙන්නෙ ඇයි?

vicroads

Junior member
  • Feb 7, 2013
    640
    19
    18
    Planet earth

    ඕයාලා දන්නවා ඇති Microsoft සමාගමේ අධිපති Bill Gates ඇසුරු කරන්නේ තමන්ට දෙයක් ගන්න පුළුවන් වැදගත් පුද්ගලයන්ව විතරයි කියලා.
    ඒක බුදුරජානන් වහන්සේත් දේශනා කරපු ධර්මයක්. ” බාලයින් ඇසුරු කරන්න එපා” කියන එක.
    වැඩකට නැති අය ආශ්‍රය කරන එකෙන් වෙන්නෙ ඔවුන්ගේ වගේම තමන්ගෙ වටිනා කාලයත් නාස්ති වෙන එක. ඇත්තටම දෙයක් ගන්න පුළුවන් කෙනෙක්ව ආශ්‍රය කරද්දි ඔවුන්ගේ හොද ගතිගුණ, වටිනාකම් (ඒ කියන්නෙ දියුණුවෙන්න කරන කැපකිරීම්) වගේ දේවල් තමන්ටත් ජීවිතයට එකතු කරගන්න පුළුවන්. එයාලට තමයි අපි Inspirational Peoples කියලා කියන්නේ. උදාහරණයක් තමයි Bill Gates.

    I feel like being selfish with this.
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    4. ඔවුන් උදෑසනින් වැඩ පටන්ගන්නවා.
    ලෝකෙයේ බහුතරයක් උදේට Alarm එක වැදෙද්දී Snooze Button එක Avarage එකක් විදියට 10 වතාවක්වත් Press කරනවා කියලා තමයි සංගනණයන් පෙන්වලා දෙන්නේ. මේක ඒ තරම්ම කම්මලියෝ ඉන්න ලෝකයක්.
    සාර්ථක මිනිසුන් ගොඩක් ප්‍රබෝදයෙන් දවස අරබනවා කියලා තමයි කියන්නේ. එයාලගේ Morning Routine එකට ව්යායාම, දවසේ තමන් කරන දේවල් ගැන හිතන එක, ඉලක්ක ගැන හිතන එක වගේ එදා දවසට අදාල Daily Goal එකක් එයාලා බොහෝ දෙනෙක් හදාගන්නවා. හොද උදේ ආහාරයක් (Morning Diet) ගන්න එකත් දවස නැවුම්ව පටන් ගන්න හොදම සාධකයක්.



    Not even true.. most successful and creative people dont wake up early in the morning. (that's only for the poor people who work for a salary).
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    ඇත්තටම අපි හිතන විදිය වෙනස් කරගන්න එකයි බන් වෙන්න ඕනෙ... ඒක නිසා තමයි ලෝකෙ 1%ක් 85%ක් සල්ලි පාවිච්චි කරන්නෙ,පොඩ්ඩක් හිතහන් අපි ඉගෙන ගන්නෙ ඇයි? රස්සාවක් කරන්න.රස්සාවක් කරන්නෙ ඇයි? සල්ලි හොයන්න.සල්ලි හොයන්න රස්සාවක් කරන්න අපි ඉගෙනගන්න කොච්චර කාලය වය කරලා ඇද්ද?සල්ලි යට කරලා ඇද්ද? එතකොට ඒ ගාන හොයන්න අපි අවුරුදු කීයක් වැඩට යන්න ඕනෙද?... ඒ එකක්....
    එතකොට අපේ දවස හිතහන්,අපි උදේ 6.30ට වැඩට යන්නෙ කියලා හිතපන්,8.30ට වැඩට ගිහින් 4.30 වෙනකල් වැඩ කරලා ගෙදර එනකොට 6.30යි.එතකොට අපිට ගිය පෙට්‍රල් වියදම,ඔෆිස් ඇඳුම් පැලඳුම්වල වියදම?පැය 4ක් පාරෙ නාස්ති කරපු කාලය?කවුරුවත් මේවට ගනන් හදන්නෙ නෑ,පඩිය කීයද කියලා ඇහුවම ලක්ෂයයි දෙකයි කියනවා.පැය 8යි වැඩ කරන්නෙ කියනවා.ඇත්තද?.....
    මේ තමයි වැදගත්ම කාරනය,උඹලා කවුරුහරි පන්තියෙ පලවෙනියා වෙලා තියෙනවද?වෙලා තියෙනවනම් උඹලා දන්නවා ගෙදර මිනිස්සු එදා උඹට කොච්චර සැලකුවද?සෙල්ලම් බඩු අරන් දුන්නද කියලා...ඒත් උඹ 7 වසරෙ පලවෙනියා වෙච්චි එක අද වැඩක් තියෙනවද උඹට?කැම්පස් එකේ පුක උඩ තියාගෙන පාඩම් කරලා බැච් ටොප් උනා කියලා,4.0 GPA එක දැම්මා කියලා රස්සාවට ගිහින් අවුරුදු 5කට පස්සෙ වැඩක් තියෙනවද?ඒ උනාට අපි ඒ වෙලාවෙ පට්ට ෆැන්ටසියක ජීවත් උනානෙ මචන්.යාලුවො උනත් බැච් ටොපාට වැඩි සැලකිලි.ඒත් අවුරුදු 5කින් උඹ කලින් බැච් ටොපා උනා කියලා කාටවත් වැඩක් නෑ...
    මම කියන්නෙ ඉගෙනගන්න එපා කියලා නෙවෙයි,අපි ඉගෙනගන්නෙ වැරදි දේ කියලා කියන එක.අපි ඉගෙනගන්නෙ,අපිට උගන්නන්නෙ වහල්ලු වෙන්න.උඹ පොඩි කාලෙ උඹෙන් ආසම කාර් එක ඇහුවොත් කියන්නෙ ෆෙරාරි එකක් නැත්තන් ලැම්බො එකක්.අද මරුටියක් ගන්න කටු කනවා...,ෆේස්බුක් එකේ කවදාහරි ෆෙරාරියක් ගන්නවා කියලා කී දෙනෙක් පෝස්ට් දානවද?ඒත් ඒ එකෙක්ටවත් ඕක කරන්න බැරි බව මම දන්නවා,උඹ දන්නවා කොටින්ම ඒ පෝස්ට් එක දාපු එකත් දන්නවා... ඇයි එහෙම කරන්න බැරි?ඒ මොකද අපි සිස්ටම් එකෙන් වෙන් වෙන්න කැමති නෑ,මේ අපි ෆලෝ කරන සිස්ටම් එක කවදාවත් අපිව ෆෙරාරියකට ගෙනියන්නෙ නෑ,මිනිස්සු වාසනාව කර්මය වගේ දේවල් වලට මුලු ජීවිතේම බාර දීලා උඩ බලාගෙන සිස්ටම් එක ෆලෝ කරනවා.උඹ පන්තියෙ පලවෙනියා වෙනකල් බැච් ටොපා වෙනකල් උඹ හිතන්නෙ උඹ සාර්ථකයි කියලා,වටේ ඉන්න 2.0 GPA එක දාන එකත් හිතන්නෙ උඹ සාර්ථකයි කියලා.ඒත් මචන් රියැලිටිය ඊට වඩා සෑහෙන්න වෙනස්.මම තවම සාර්ථක එකෙක් නෙවෙයි,ඒත් මම අද දන්නවා කරන්න ඕනෙ මොකක්ද කියලා.මම ඔය ෆීල්ඩ් එක ගැන සෑහෙන්න හැදෑරුවා බන්,තාමත් හදාරනවා....,ඒත් මම අනිත් උන්ට ඕක කියනකොට උන් බයයි

    up