වත්මන් ආරක්ෂක ඇමැතිගේ කාලයේ
පොලිස් අත්අඩංගුවේදී 91ක් මියගියා
ඇමැති දිනේෂ් ගුණවර්ධන
පොලිස් අත්අඩංගුවේදී 91ක් මියගියා
ඇමැති දිනේෂ් ගුණවර්ධන
අජිත් අලහකෝන් - අකිත පෙරේරා
වර්තමාන ආරක්ෂක ඇමැතිවරයාගේ ධුර කාලයේ පොලිස් අත්අඩංගුවේදී සැකරකැවන් අනූ එක් දෙනකු මියගොස් ඇතැයි ආණ්ඩු පක්ෂයේ සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (09 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
2005 නොවැම්බර් මස සිට පසුගිය අගෝස්තු 16 දා දක්වා කාලයේ මෙම පිරිස මරණයට පත්ව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා අසා තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.
2005 වසරේදී පුද්ගලයන් දෙදෙනෙක් 2006 දී එකොළොස් දෙනෙක්, 2007 දී විසි දෙනෙක්, 2008 දී විසි හය දෙනෙක් සහ 2009 දී තිස් දෙදෙනෙක් වශයෙන් පොලිස් අත්අඩංගුවේදී මරණයට පත්ව ඇතැයි කි ගුණවර්ධන මහතා ස්වාභාවික හේතූන් මත, සිය දිවි නසා ගැනීම නිසා අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වීමෙන් හා පොලිස් නිලධාරීන් ඝාතනය කිරීමට හෝ බරපතල තුවාල සිදු කිරීමට සැකකරුවන් ක්‍රියාත්මක වූ අවස්ථාවන්හිදී අවම බලය පොලිසිය විසින් භාවිත කරද්දී එල්. ටී. ටී. ඊ. ප්‍රහාර හා සිවිල් වැසියන් විසින් අත්අඩංගුවට ගෙන පොලිසියට භාරදීමේදී මෙම පිරිස මියගොස් ඇතැයිද දිනේෂ් ගුණවර්ධන මහතා කීය.
(aq q|vy|n)
1986 සිට 2000 දක්වා 2631 දෙනකු අතුරුදන්
ඇමැති දිනේෂ් ගුණවර්ධන
අජිත් අලහකෝන්, අකිත පෙරේරා
පුද්ගලයන් දෙදහස් හයසිය තිස් එක් දෙනකු එක්දහස් නවසිය අසූ හයේ සිට දෙදහස වසර දක්වා කාලය තුළදී අතුරුදන්ව ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (09 දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය. ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේ 1986 සිට 2000 දක්වා කාලය තුළ පුද්ගල අතුරුදන්වීම් සම්බන්ධයෙන් මහර දිස්ත්‍රික් මන්ත්‍රී (ජ.වි.පෙ.) ප්‍රේමසිරි මානගේ මහතා ඇසූ පැනයකට පිළිතුරු දෙමිනි.
පුද්ගල අතුරුදන්වීම් වලට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු 469 ක්, දිසා අධිකරණය හමුවේ නඩු 12 ක්ද පමණ ඇතැයි කී ගුණවර්ධන මහතා මහාධිකරණය විසින් තීන්දු 35 ක්ද දිසා අධිකරණයෙන් තීන්දු 11 ක්ද ලබාදී ඇතැයි හෙතෙම කීය.
Last edited: