පෝට් සිටියේ පර්චසය කෝටි දෙකයි..

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    පෝට් සිටියේ පර්චසය කෝටි දෙකයි..

    පෝට් සිටිය කේතුමතියත්.. පර්චසය කෝටි දෙකයි..- එදා ආලාපාලු කතා කී චම්පික අද කියන කතාව මෙන්න…


    ශ්රී ලංකා සිතියම වෙනස් කරමින් ඉදි කෙරෙන වරාය නගරය ශ්රී ලංකාවේ භූමියක් ලෙස නම් කෙරෙනු ඇති බව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්ය පාඨලී චම්පික රණවක පවසයි.
    එහි ගොඩ කිරීම් නිම වූ වහාම ජනාධිපති මෛත්රිපාල සිරිසේන විසින් ඒ බව ප්රකාශයට පත් කරනු ඇති බව කොළඹ වරාය නගර භූමියේ ඉඩම් ගොඩ කිරීමේ කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවකට එක් වූ ඇමතිවරයා කියා සිටියේය.
    වරාය නගරය සඳහා ගාලු මුවදොර මුහුදු තීරයේ හෙක්ටයාර 269ක මුහුදු ප්රදේශයක් ගොඩ කෙරෙන අතර එහි 50%ක කටයුතු දැන් අවසන්ව ඇති බවත් අමාත්යවරයා එහිදී සඳහන් කළේය.

    “2019 වෙනකොට මේකේ ඉඩම් ගොඩ කිරීම අවසන් වෙනවා. ඊට පෙර ලබන අවුරුද්දේ මැද වෙනකොට මෙහි මූල්ය නගරයේ කටයුතු අපි ආරම්භ කරනවා,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
    පසුගිය ආණ්ඩුව වරාය නගරය ලෙස නම් කළ පෝට් සිටි ව්යාපෘතිය වත්මන් ආණ්ඩුව නම් කර ඇත්තේ මූල්ය නගරය ලෙසය.

    ශ්රී ලංකාව ජාත්යන්තර මූල්ය සේවා සැපයුම් ක්රියාවලියේ ප්රමුඛයෙකු බවට පත් කිරීම එහි අපේක්ෂාව බව රජය පවසයි.

    “මේකට කලින් තිබුණේ ගොඩක් විනෝදාස්වාදය මුල් කරගත් අරමුණක්. කාර් රේස්, කැසිනෝ පවත්වාගෙන යන්න, අපි ඒ වෙනුවට ජාත්යන්තර මූල්ය ආයතන මෙහි කැඳවන්න තීරණය කර තිබෙනවා” යනුවෙන් අමාත්ය පාඨලී චම්පික රණවක පැවසීය.

    වරාය නගරයෙහි පර්චසයක් සඳහා ශ්රී ලංකා රුපියල් 285,000ක් වැය වන බව පැවසූ අමාත්යවරයා එය ලක්ෂ 200ක් පමණ මුදලකට විකිණිය හැකි වනු ඇති බවට විශ්වාසය පළ කළේය.

    චීනය විසින් ශ්රී ලංකාවේ සිදු කරනු ලබන ආයෝජන ගැන කලාපීය බලවතා වන ඉන්දියාව සිටින්නේ එතරම් කැමැත්තකින් නොවේ.

    ඒ ගැන විමසීමේදී ඇමතිවරයා පැවසුවේ ඉන්දියාව ඇතුළු විදේශ රටවල ආයෝජකයන්ට ද මෙම ඉඩම් ලබාගත හැකි බවය.

    “ඉන්දියාවේ අමරාවතිය පටන් ගත්තා මෝඩි අගමැතිතුමා. මේක තමයි ලංකාවේ කේතුමතිය”
    වරාය නගර ව්යාපෘතිය සඳහා මීගමුව මුහුදු තීරයෙන් වැලි ගැනීම හේතුවෙන් එම ප්රදේශවල ධීවර නිවාස රැසක් මුහුදුබත් වීමේ අවදානමක පවතින බව ප්රදේශයේ ජනතාව සහ ධීවර සංවිධාන චෝදනා කරති.

    කෙසේ නමුත් අමාත්යවරයා පැවසුවේ මීගමුව වැනි ප්රදේශවල මුහුදු ඛාදනය වරාය නගරයට පෙර පටන්ම තිබු බවය.
    “වෙරළ ඛාදනය නිසා අපිට සියවස් ගණනක් බිම අහිමි වුනා. ඒ අහිමි වෙච්ච බිම නැවත ලබාගැනීම සිදුවන පළමුවැනි ව්යාපෘතිය මේක”
    මෙම ව්යාපෘතියෙන් ලබාගන්නා අත්දැකීම් අනුව ඉදිරියේදී කොල්ලුපිටියේ සිට දෙහිවල දක්වා මුහුදු තිරයේ නව ව්යාපෘතියක් ආරම්භ කිරීමට අදහසක් ඇති බවත් අමාත්ය පාඨලී චම්පික රණවක වැඩිදුරටත් සඳහන් කළේය.

    2018 වසරේ පළමු කාර්තුවේ දී ඉඩම් වෙන්දේසි කිරීම ආරම්භ වන බව ද ඇමතිවරයා සඳහන් කළේය.
    – BBC
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    පච යා කියන දේවල් විශ්වාශ කරන්න එපා . ඕකා ට්‍රාන්ස්ෆොර්මෙර්ස් හොරා
     

    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0
    කැරි පාඨලි වේසිගෙ‍ පුතාගෙ කථාව කොහොමද