පෝද්දල ජයන්ත සහ ලක්ෂ්මීගේ පෝක් කරිය
සංහිදියාව ගැන කතා කරන උන්ගෙ අමු මස් කන බවට Wanshika Supumal Bandara (වංශික සපුමල් බණ්ඩාර) නැමැත්තෙක් මුහුණු පොතෙන් තර්ජනය කරයි.
ඊයෙ උදෑසන මගෙ මුහුණු පොතට ලැබී තිබුණු පිංතුරයක් පිළිබද විශේෂ අවධානය යොමු විය. පිංතූරය පොස්ට් කර තිබුණෙ කුරුණෑගල ලක්ෂ්මී එදිරිසිංහ (Lakshmi Edirisinghe) නැමැත්තියකි. පිංතූරය නම් පිසින ලද ඌරු මස් බදුනකි. එය දුටු විගස මම කෙමෙන්ටුවක් මගින් මෙ පිංතූරය පළ කිරීමෙ අදහස විමසා සිටියෙමි.
ඇය ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ එහි විශෙෂත්වයක් නැති බවත්, තමා සකස් කළ ඌරු මස් ව්‍යංජනයක් මිතුරන් හා බෙදාගත් බවයි. එහෙත් එවැනි පිංතූරයක් මෙම අවස්ථාවෙ විශෙෂ කොට පළ කිරීම යටි අදහසක් මට වැටහී ගිය හෙයින් මෙවන් සංවෙදී මොහොතක එවැනි පිංතූර පළ කිරීම නොකළ යුතු බවත් එය දකින යම් මුස්ලිම් මිතුරෙකුට හිත් රිදවීම් සිදුවිය හැකි බව නැවත කෙමෙන්ටුවක් මගින් අදහසක් පළ කළෙමි. ඊටද ඇය පිළිතුරු දෙමින් කියා සිටියේ තමන් වෙනත් ව්‍යංජනයක් හැදුවත් එයද මිතුරන් අතරේ බෙදා ගන්නා බවත් මුස්ලිම් මිතුරන් එය දුටුවත් ගැටලුවක් නොවන බවයි.
පිළිතුරෙන් සෑහීමකට පත්වී මා නිහඩ වූ අතර , ඇයගෙ තවත් මිතුරියක් (උදිතා සූරියආරච්චි) සමග මගෙ ප්‍රකාශය විහිළුවකට භාජනය කර අදහස් හුවමාරු කරගෙන තිබුණි. එම අදහස් ඌරු මස් බදුන පළ කිරීමෙ ඇත්ත අරමුණ හොදින් හෙළිදරව් විය.
ඒ අතරතුර සංවාදයට ප්‍රවිශ්ඨ වූ වංශික සපුමල් බණ්ඩාර නැමැත්තා යොජනා කර තිබුණෙ සංහිදියාව ද එක්කර තවත් ඌරුමස් එකක් සකස් කරන ලෙසයි. ලක්ෂ්මී එදිරිසිංහ ඊටද යහපත් ප්‍රතිචාර දක්වා තිබුණි.
ඉන්පසු සපුමල් බණ්ඩාර නමැත්තා තවත් කෙමෙන්ටුවක් තබමින් කියා ඇත්තේ ඉවසීම අවසන් වුවහොත් කන්නට සිදුවන්නේ ඌරු මස් නොව, මූන්ගෙ මස් බවත්, එයද අමුවෙන්ම බවත්ය. කොටින්ම මගෙ අමු මස් කන බවකි.
මෙ බරපතල වෛරී, තර්ජනාත්මක සහ බියකරු ප්‍රකාශ ඇතුළත් ලක්ෂ්මී එදිරිසිංහ නමැත්තිය ගෙ පිටුවෙ වර්ණ මුදිත පිටපත් මවිසින් ලබා ගත් අතර, හදිසි නීති රෙගුලාසි යටතේ සපුමල් බණ්ඩාර නමැත්තාට එරෙහිව නීතියාණූකූලව පියවර ගන්නා ලෙස ඉල්ලා පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නෙමි. සපුමපල් බණ්ඩාරගෙ සියලු බියකරු ප්‍රකාශවලට Like යොදා ඊට අනුබල දීම සම්බන්ධයෙන් ලක්ෂ්මී එදිරිසිංහ නමැත්තියද වගඋත්තරකාරීයක් ලෙස නම් කරමි.
ලක්ෂ්මී එදිරිසිංහ නැමැත්තිය මෙම වනවිට සිය පොස්ටුව පිටුවෙන් ඉවත් කරගෙන ඇතත් ඊට පෙර මවිසින් එහි වර්ණ පිටපත් ලබාගෙන තිබුණි.
ඉතා සංගමයෙන් කරන ලද අදහස් ප්‍රකාශයක් පදනම් කරගෙන මරා අමු මස් කන බවට තර්ජනය කරන්නේ නම් ඊට දඩුවම් ලැබිය යුතුය. පිටුවෙ වර්ණ පිටපත් ලබා ගැනීමෙන් පසු නීති උපදෙස් මත ඇය මගෙ මුහුණු පොතින් ඉවත් කළෙමි.
පොද්දල ජයන්ත.

me poddalaya wage pakku ussala marala dammath meeta passe kata arinne na. kalakanni hathikare okun bayanakai hamba wesawonta wada. 