පෝප් සහ කොන්ඩෝම | Pope and Condoms
“ක්රිස්තියානුවකුට කවදාවත් කට පියාගෙන ඉන්න බැහැ. HIV/AIDS කියන්නේ සල්ලි වලින් පමණක් විසඳිය හැකි ව්‍යසනයක් නෙවෙයි; කොන්ඩෝම බෙදා හැරීමෙන්ද ඒක විසඳන්න බැහැ; එයින් වෙන්නේ ප්රශ්නය වැඩිවෙන එක විතරයි.”
මේ කියන්නේ බෙනඩික්ට් XVI පෝප් ය. 2005 දී පදවිය භාර ගැනීමෙන් පසු පළමුවනවරට අප්‍රිකානු මහාද්වීපයට කරන පපාල චාරිකාවේදී ගිය මාසයේදීය. ඔහු මේ ආමන්ත්‍රණය කරන්නේ අප්‍රිකාවේ ශීඝ්‍රයෙන් වැඩිවන කතෝලික ජනගහණයට විය හැකිය. වාතිකානුව ගණන් බලා ඇති ආකාරයට 1978 දී 12% පමණක් වූ කතෝලික ප්‍රතිශතය 2006 වන විට 17% දක්වා වැඩිවී තිබේ.
HIV කෙනකුගෙන් තව කෙනකුට බෝවිය හැකි ක්‍රම ඇත්තේ සතරකි. එකක් නම් ලිංගික ඇසුරය. HIV වෛරසය සම්ප්‍රේශනය වීම සඳහා මිනිස් සෛල අත්‍යාවශ්‍යය. ලිංගික ඇසුරේදී එය සිදුවන්නේ රුධිර හෝ ශුක්‍රාණු සෛල එක සිරුරක සිට තවෙකකට ගමන් කිරීම මඟිනි. එය වැළක්විය හැකි කාර්යක්ෂ්මම ක්‍රමය සේ වෛද්‍ය විද්‍යාව හඳුනාගෙන ඇත්තේ ලිංගික ඇසුරේදී කොන්ඩෝම භාවිතාවය. ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් භාවිතා වන්නේ පිරිමින් සඳහා නිර්මාණය කළ කොන්ඩෝම පමණි. එහෙත් කාන්තාවන් සඳහා නිර්මිත කොන්ඩෝමද ඇත.
සරසවියේ පළමු වසර සිසුන්ද දන්නා මේ කාරණා පෝප් ට වහ කදුරුය. ඒ දේව ධර්මය ඔහු අර්ථදක්වන ආකාරය අනුව කොන්ඩෝම භාවිතය මහා පාප කර්මයක් වන නිසාය. එය බෙනඩික්ට් XVI පෝප් පමණක් කී දෙයක් නොවේ . ඔහුට කලින් සිටි පෝප් ලාත් සිතුවේ මේ විදියටමය. එකම වෙනස ලිංගිකව සම්ප්‍රේශනය වන රෝග වළක්වා ගැනීම සඳහා කොන්ඩෝම භාවිතාවට ඔවුන් බෙනඩික්ට් XVI පෝප් සේ ඍජු විරෝධයක් නොදැක්වීමය. බාල්දි පෙරළා ගැනීම ගැන චිර ප්‍රසිද්ධියක් දරණ බෙනඩික්ට් XVI පෝප් එතනින් පොඩ්ඩක් එපිටට යන්නට කල්පනා කර ඇත.
පෝප්ලාගේ කතෝලික පල්ලිය කොන්ඩෝම් භාවිතාවට විරුද්ධ වීමේ කථාව දීර්ඝය. ඔවුන් මුලින් එරෙහි වුයේ උපත් පාලනයටය. පෝප් ලා දන්නා දේව ධර්මය අනුව උප්පත්තිය සේම මරණයද සර්වබලධර දෙවියන් වහන්සේගේ පාලනය යටතේ සිදුවිය යුතු කාරණාය. ඒකට නර පණුවන්ට අත ගහන්නට අයිතියක් නැත. කවරාකාරයේ හෝ ‘කෘතිම’ උපත් පාලනයකට පෝප් ලා විරුද්ධ වන්නේ එහෙයිනි.
එහෙත් මෙහිදී ඔව්හු ඉතා සරල කාරණා දෙකක් ලෙහෙසියෙන් අමතක කරති.
එකක් නිසි වයසට පත් වූ ගැහැණුන් හා මිනිසුන් ලිංගික ඇසුරින් වැළකී සිටීම හෙවත් නිරතියද (abstinence) දෙවියන් වහන්සේ ගේ කැමැත්තට විරුද්ධ වීමක් බවය. ලෝකයේ සියල්ලන් ලිංගික ඇසුරින් වැළකී සිටියොත් දෙවියන් වහන්සේගේ කැමැත්ත පරිදි ඊළඟ පරම්පරාවක් හැදෙන්නේ නැත. පෝප් ලා කතෝලික ධර්මය අර්ථ දක්වන ආකාරයට අනුව මෙය සමරිසි විවාහ (gay marriages) තරමටම ‘භයානකය’. පුදුමයකට මෙන් කොන්ඩෝම් භාවිතාවටත් සමරිසි විවාහ වලටත් ලෝගුව උස්සගෙන කෑගසන පෝප් ලා මානවයන් ලිංගික ඇසුරින් ඉවත් වී සිටීම අනුමත කරනවා පමණක් නොව ඊට රුකුල් දීමද කරති.
දෙවැන්න, දෙවියන් වහන්සේ කොන්ඩෝම භාවිතාවට ඔය තරමට විරුද්ධ නම් කොන්ඩෝම නිර්මාණය කිරීම සඳහා කිරි ලබා ගන්නා රබර් ගස මැවුවේ ඇයිද යන්නයි. ඒක මැව්වේ නැතිනම් කිසි කරදරයක් නැත. එහෙත් මේ කතා කිව්වොත් පෝප් ලා අපට කියන්නේ දෙවියන් වහන්සේ මිනිසා ‘ටෙස්ට් කිරීම’ සඳහා මේ උගුල් අටවා ඇති බවය.
ඒ නම් පුදුම දෙවියන් වහන්සේ කෙනෙකි. ආදම් හා ඒව ඇපල් කා වරදේ බැඳෙනු දැක දැකත් දෙවියන් වහන්සේ එය නතර කළේ නැත. ඊට ටික කාලයකට පසු නෝවාත් ඔහුගේ පවුලත් හැරෙන්නට ලෝකයේ අනෙක් සියල්ලන් විනාශ කළේ උන් ‘පවු කාරයින්’ නිසාය. තමන්ගේම නිර්මාණ පව් කරන තුරු දෙවියන් වහන්සේ බකං නිලාගෙන සිට ඇත්තේ තම සර්වබලධාරිත්වය අවුන්සයක් හෝ එය වැළක්වීමට භාවිතා කිරීමෙන් තොරවය. ඔහු මැදිහත් වන්නේ සියල්ල සිදුවූ පසු මේ අවාසනාවන්තයින් විනාශකර දැමීමට විතරය.
දැන් අපට කොන්ඩෝම හදා ගන්නට රබර් ගස් මවා ඇත්තේද අප මේ උගුලෙහි වැටෙනවාදැයි බලා ගැනීමටය. බොරු වලවල් හාරා මිතුරන් එහි වැටෙනු දැක හිනාවෙන පොඩි එවුන්ගේ මානසිකත්වයක්ය මේ පෝප් ලාගේ දෙවියන් වහන්සේටත් ඇත්තේ.
බෙනඩික්ට් XVI පෝප් මිනිස් ජීවිත සමඟ සෙල්ලම් නොකරන්නේ නම් ඔහු හා අනුගාමිකයින් දෙවියන් වහන්සේ සමඟ කරන ගනුදෙනු අපට අනදාළය. නමුත් මේ කොන්ඩෝම් විරෝධය නිසා වන්නේ යම් කිසි පිරිසක් කොන්ඩෝම භාවිතය අත් හරින එකය; ස්වේච්ඡා සංවිධාන කොන්ඩෝම බෙදා හැරීම යම් ප්‍රමාණයකින් අඩු වෙන එකය. මේ දෙකේම ඉතා භයානක අනිටු ඵල ඇත.
බෞද්ධ රටක් කියා ලේබල් ගසා තිබුනද ශ්‍රී ලංකාවද කොන්ඩෝම සම්බන්ධයෙන් හැසිරෙන්නේ කතෝලික රටකටත් අන්ත ලෙසිනි. කොන්ඩෝම පැකට්ටු අනෙකුත් වෙළඳ භාණ්ඩ සේ රාක්ක වල තබන සිරිතක් අපේ සුපිරි වෙළඳ සල් වල නැත. වෙන රට වල නම් කොන්ඩෝම සමහරවිට විවේක කුටි වලින්ද, ස්වයංක්‍රීය යන්ත්‍ර වලින්ද පහසුවෙන් ලබා ගත හැකි බව ලේඛකයා අසා තිබේ. ශ්‍රී ලංකාවේ කිසිම සරසවියක කොන්ඩෝම පහසුවෙන් ලබා ගත හැකි ක්‍රමයක් තියා, සරසවියට කිට්ටුව ෆාමසියක්වත් නැත. පේරාදෙනිය සරසවියේ සිසුන් කොන්ඩෝම මිලට ගැනීමට නම් කිලෝමීටර් හතරක් ගෙවා මහනුවර යා යුතුය. ෆාමසි ඇරලා තියෙන්නත් දවල්ට විතරය. අවශ්‍යතාවය උපරිම වන රෑ කාලයට නොවේ. ඒවායින් කොන්ඩෝම මිලදී ගත හැක්කේත් කොල්ලන්ට විතරය. කෙල්ලන් එහිදීත් අසරණය. කැමතිවේවා හෝ නැතුවා ඔවුන් අවදානමට මුහුණ දිය යුතුය. උදාහරණයක් හැටියට ලිංගික ඇසුරේදී කොන්ඩෝමයක් පළඳින සේ තම සහකරුවාට බල කරන්නට ශ්‍රී ලාංකික යුවතියකට ඇති බලය අවමය. (“කොහෙන්ද මේ රෑ ඕවා හොයන්නේ? දැන් ෆාමසි වහලනේ. අනේ අදට විතරක් ඉමු”) මේ අපේ රටේ නාඹර මානව මානවිකාවක් ගැන අප කර ඇති අවතක්සේරුවක තරමය.
අපේ ජනාධිපතිතුමා මුණ ගැසුණු අවස්ථාවේ සමහරවිට බෙනඩික්ට් XVI පෝප් කියන්නට ඇත්තේ කොන්ඩෝම සම්බධයෙන් මේ හොඳ කතෝලික සිරිත් ඉදිරියට ගෙනයන ලෙස වන්නට පිළිවන. (අනෙක් අතට කතෝලික රටවල් පවා තහනම් නොකළ The Da Vinci Code තහනම් කොට අප පෝප් ට දුන්නේ සුළුපටු තල්ලුවක්ද?)
‘මේ බුදුන්ගේ දේශයයි’ කියා බස් රථවල ස්ටිකර් අලවා ගැනීමට කලින් අපේ බෞද්ධයින් යැයි කියා ගන්නා පිරිස් කළ යුත්තේ මේ කතෝලික සිරිත් අන්ධානුකරණයෙන් පිළිපැදීම අත් හිටුවීමය. (ගෞතම බුදුන් කිසිවිටක කොන්ඩෝම භාවිතාවට හෝ උපත් පාලනයට විරුද්ධ වී නැත.) විවෘතව සිතිය හැකි මිනිසුන් බිහි නොකොට නීති දමා එක ආගමකින් තව එකකට පැනීම වැළැක්වන්නට තැත්කරන හෙළ උරුම ජෝකරයන් බයිබලයේ විස්තර කෙරෙන ඉඳිකටු හිලෙන් ඔටුවකු තල්ලු කිරීමට වෙර දරන මෝඩයන්ට නොවෙනස් වන්නේ එහෙයිනි.
secularsrilanka