පෝය දිනය නිමිත්තෙනි

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    පෝය දිනය නිමිත්තෙනි

    පෝය දිනය නිමිත්තෙනි

    ඒකේන භෝගේ බුජ්ජෙයිය
    ද්වීහි කම්මං පයෝජයේ
    චතුත්තංච නිදාපෙයිය
    ආපදාසු භවිස්සති

    ආදායම කොටස් හතරකට බෙදා එයින් කොටසක් පාර්භෝජනයටද තවත් කොටසක් හදිසි කරදයකදී පුයෝජනයට ගැනීමටද, කොටස් දෙකක් ආයෝජනයටද යොදා ගත යුතු බව ඉහත සදහන් පරිදි දේශනා කර ඇත්තේ ඇඩම් ස්මිත් නොවේ. ඒ, අප මහා ගෞතම බුදුන් වහන්සේ ගේ දේශනාවකි.

    ඇතැමුන්ට අනුව, බුදු දහම යනු, වණ වැදී භාවනා කිරීමට දිරි දෙන ආගමකි. එය බුදු දහමේ වැරදි තැනින් අල්ලා ගැනීමකි.

    බුදුන් වහන්සේ පාරිභෝජනය, ආයෝජනය, රක්ෂණය පිළිබදව අදද ආර්ථික විද්‍යාවේ එන න්‍යායන් එසේ දේශනා කළේ ඇඩම් ස්මිත් උපදින්නටත් වසර 2250 කට පෙරය.

    සැමියාගෙන් බිරිදට ඉටු විය යුතු යුතුකම්, බිරිදගෙන් සැමියාට ඉටු විය යුතු යුතුකම්, උන් වහන්සේ දේශනා කර ඇත්තේ, හොදින් පවුල් කෑම ඉගැන්වීමටය. උන් වහන්සේ පවුල් ජීවිත ගත කරන ආකාරය කියා දුන්නේය. පවුල් ජීවිතය එපා වූ අයට නිවන් දකින්න බණ කිවේය.

    සේව්‍යයාගෙන් සේවකයාටත් සේවකයාගෙන් සේව්‍යයාටත් ඉටු විය යුතු යුතුකම් බුදුන් වහන්සේ දේශනා කරන ලද්දේ මිනිසුන් ව්‍යාපාර කිරිම උන් වහන්සේ අනුමත කළ නිසාය.

    මී කුණක් විකුණා කෝටිපතියෙකු වූ අයෙකු පිළිබදවද බුදු දහමේ අසන්නට ලැබේ. ඔහුගේ උත්සාහය බුදුන් වහන්සේ අගය කිරිම මිස, හෙළා දැක නැත.

    බුදු දහමේ වැඩිපුරම අසන්නට ලැබෙනුයේ රජවරුන්ය. සිටුවරුන්ය. නමුත් උන් වහන්සේ අන්ත අසරණ සුනීත සෝපාකලාටද පිහිට වූහ. රජවරුන්, සිටුවරුන්ට බුදුන් වහන්සේ ගිහි ගෙයි එපා කරවූයේ නැත. ව්‍යාපාර එපා කරවූයේ නැත. ඒවා තව තවත් සාර්ථක කර ගැනීමට අනුශාසනා කළහ.

    උන් වහන්සේ "ලද දෙයින් සතුටු වන්න" යනුවෙන් දේශනා කළ කරුණ අප අල්ලාගෙන ඇත්තේද වැරදි තැනින් ය. අනේපිඩු සිටු තුමාට වඩාත් සාර්ථකව ව්‍යාපාර කිරීමට උපදෙස් දුන් උන් වහන්සේ "ඔච්චර හම්බ කරන්නේ මැරුණාම අරන් යන්නද"? යනුවෙන් ඇසුවේ නැත.

    ලද දෙයින් සතුටු වන බණ නැවැත්වීමට ඇත්තේ එක් ආකාරයක් පමණි. හාමුදුරුවනේ මම චෛත්‍යය බදින්න පංසලට දෙන්න ඕන දායක මුදල රු. පන්දාහයි. මගේ ළග තියෙන්නේ රු. පන්සීයක් විතරයි. මේක තියාගෙන "ලද දෙයින් සතුටු වන්න" කියා කීම පමණි.

    ඕනෑම දාර්ශනිකයෙකුගේ දර්ශනයට පදනම් වන්නේ ඔහු ජීවත් වන පරිසරය වේ. ඔහුට එම දර්ශනය ගොඩනගා දෙන්නේ ඔහු ජීවත් වන පරිසරය විසින් ය. එකම එක හොහොතකට හිතන්න, බුදුන් වහන්සේ කාන්තාරබද රටක උපත ලබා, නබි තුමා ඉංදියාවේ උපත ලද බව !!

    එසේ නම් බුදුන් වහන්සේ ⁣ගේ දේශනා වල පානාතිපාතා ඇතුළත් වේද ? එය එසේ වූයේ නම්, නබි තුමා ගේ දේශනා වල පානාතිපාතා තිබෙන්නටද ඉඩ තිබුනි. මන්ද ඉන්දියාවේ වගා කරගෙන කෑමට හැකියාව ඇතත් කාන්තාරබද රටවල එසේ නොහැකි වීමය !!! දර්ශනය සෑම විටම ඒ අවට පරිසරයේ නිර්මිතයකි.

    ලංකාව මෙන්ම තෙරවාදී බෞද්ධ දර්ශනයෙන් පොහොසත් තායිලන්තයෙන් අපට උගත හැකි පාඩම් බොහෝ ය. අපරටේ බෞද්ධ ජනගහනය 70% ක් වන විට, තායිලන්තයේ එය 95% කි. තායිලන්තය ලොව 24 වන විශාලතම ආර්ථිකය වේ. ඒ, ආර්ථික කටයුතු වලදී ඔවුන්ගේ අත පය බැද දමන ආකාරයේ දේශනාවන් දක්නට නොමැති නිසා ය.

    ලංකාවේ ආර්ථිකය දියුණු කර ගන්නා ආකාරයේ බණ දේශනා කරන පින්වත් ස්වාමීන්වහන්සේලා අති විශාල සංඛ්‍යාවක් සිටිති. නමුත් එම සංඛ්‍යාව පුමාණවත් නැත.

    මා, උපතින්ම බෞද්ධයෙකි. මා, වෙනත් ආගමක දෙමාපියන්ට දාව ඉපදුනේ නම්, මට දැනුම් තේරුම් තිබෙන මොහොත වන විට මා, බුදු දහම වැළද ගනු ඇත. නමුත් කිසි දිනෙක මා, වැරදි තැනින් බුදු දහම අල්ලා නොගනු ඇත.

    බෞද්ධ, අබෞද්ධ සහෝරදවරු රාශියක් මෙම පේජයේ ඇතිවාට කිසිදු සැකයක් නැත. නමුත් සියල්ලන්ට ඇත්තේ එකම අවශ්‍යතාය. අප බෞද්ධකම රකින්න හදන්නේ කුමන දේ සිදු කරමින්දැයි මොහොතක් සිතන්න.

    බාර් අරින්න නොදීමෙන් ඇතැමුන් බෞද්ධ රට ආරක්ෂා කර ගැනීමට වළි කති. ඇතැම් දියුණු රටවල, ෆාමසි ද ඇතුළු ඕනෑම වෙළෙදසැලකින් අරක්කු හෝ බියර් ටින් එකක් මිලදී ගත හැක. තායිලන්තයේද එසේය. එහෙත්......හවස 6 න් පසුව බීලා පාරේ වැටිච්ච එකෙක් හොයා ගන්නට නැත. හිටියොත් බොහෝ විට ඒ ලාංකිකයෙකු විය හැක !!!

    ලංකාවේ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් ය. අරක්කු හෝ බියර් මිලදී ගත හැක්කේ නගරයේ තැනක හෝ දෙතැනක ඇති බාර් එකකින් පමණි. එය පෝයට වසා ඇත. නිදහස් දිනයට වසා ඇත. අමධ්‍යප දිනයට වසා ඇත. රෑ 9.00 න් පසුව වසා ඇත. නමුත් ....
    හවස 6 න් පසුව බීලා වැටිච්ච අය හැම තැනම ය !!! එසේ නම් ගැටළුව ඇත්තේ පාර් ගණනෙහි නොව, මිනිස් හැසිරීම් තුළ බව පැහැදිලි ය.

    නියම බෞද්ධයා මුදල් හම්බ කිරිමේ රුසියෙකි. බුදු දහමේ සිටි අනේපිඩු සිටු තුමා මෙනි. එබැවින් ඔබ බෞද්ධයෙකු බවට පත්වන අතතුර සිටුවරයෙකුද වීමට සිතට ගත යුතුය.

    Crishantha Dissanayake
    Copy Right Protected