පෝරුවක් උඩ උඩබලාගෙන

Alu kurulla

Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    පෝරුවක් උඩ උඩබලාගෙන

    පෝරුවක් උඩ උඩබලාගෙන
    පෝරුවක් උඩ
    හීනියට මං හිනාවෙන
    ඔහුත් හොරැුහින් බලා
    ආයෙම බිම බලාගෙන
    නෑසියන් පිරිවරාගෙන
    මොණරකොළ සුභපැතුම්
    ලියුම් කවරවල හංගන
    සුදු පිරුවටක ලේ ලකුණු
    හංගන්න ලිගුවක් මග බලාගෙන
    මැහුන් අතරින්
    කන්‍යාපටලෙටත් හිනායන
    ටටා කිව් සරසවි පේ‍්‍රමයට
    අපි ඇන්ද පෝස්ටරයක
    අකුරුවාගෙමයි අමුතුයි හැඩයි
    ඒ කාලෙ ආලය
    උපාධිය හිලව්වට
    උගත් රූමත්කම ප්‍රෙමෝෂන්
    පත්තරේ වචන ගාණට
    හැඩවුණු මංගල සීනු
    මොනවත් උනොත් වගකියාවිද
    පොරොන්දම් ගැළපුව ග‍්‍රහලෝක
    ප්ලෑන්කර ඇත හැමදේම
    අම්මට වදින්නෙත්
    මූණ හරවලා කැමරාවට
    යද්දි ටිකක් ඇඩුවොත්
    ලස්සනට තියේවි වීඩියෝ එක
    මධුසමයෙ සුව සොයාගෙන
    කදුනගිනකොට උඩරටට
    කාර් එකක
    රත්වෙලා මං
    කල්පනා කළා මග දිගට
    කොහෙදිද මගඇරුණෙ
    මට මාව........

    (රිවිහාර පින්නදුව)

    බුකියෙ තිබුනු , නිසදැසක්....