පෝලිමේ

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    එය ළමා කිරිපිටි හිඟයක් තදින් බල පැවැත්වූ කාලයකි. කොළඹින් බැහැර කුඩා නගරයක වූ විශාල සිල්ලර කඩයකට පෙර දින ළමා කිරිපිටි තොගයක් ලැබුණු බවට කටින් කට පැතිර ගිය ආරංචිය අනුව මිනිසුන් මේ කඩය ඉදිරිපිට පෝලිම් ගැහුණේ පාන්දර සිට ය. ඉර එළිය වැටෙද්දී මේ කඩය ඉදිරිපිට ඉතා දිගු පෝලිමක් සෑදී තිබුණි. :baffled::baffled:

    ඊට ටික වේලාවකට පසු පැමිණි පුරුෂයෙක් පෝලිමේ අගට එකතු නොවී, පෝලිමේ මුලට යනු දුටු මිනිස්සු කෝප වී ඔහු පෝලිමේ පසුපසට ඇද දැම්මේය. :rofl::rofl:
    ඊළඟ මොහොතේ ඔහු නැවතත් ඉදිරියට එනු දුටු හැඩිදැඩි තරුණයෙක් ඔහු නැවතත් පසුපසට ඇද දැම්මේ නොසරුප් වදනක් ද දොඩමිනි. :angry::angry::angry:

    තුන්වෙනි වරට ද ඔහු ඉදිරියට ම එනවා දුටු පෝලිමේ අයට යකා නැංගේය. පෝලිමේ මුල සිටි හැඩිදැඩි අයකු ඔහු ඉදිරියට පැන්නේ අතක් උළුක් කරමිනි. පෝලිමේ මුලට ආ තැනැත්තා නැවතී පෝලිමේ සිට තමන්ට විරෝධය පාන්නන් දෙස බැලුවේ කෝපයෙනි.
    :growl::growl:
    ‘තමුසෙල මට අද කඩේ අරින්න දෙන්නෙම නැද්ද?’ :angry::angry:
    :D:D:D :confused: