:: පෝළිමට නිවුන්නු ::

ftthushara

Well-known member
  • Mar 1, 2011
    5,656
    1,498
    113
    Right Place
    :: පෝළිමට නිවුන්නු ::

    ලොව පුරා නිවුන් දරු උපත් සිදුවීම සාමාන්‍ය දෙයකි. එහෙත් එක ම පවුලක පරම්පරා හතරක් නිවුන් දරුවන් වීම අතිශය දුර්ලභ හා අසාමාන්‍ය දෙයකි.
    පසුගියදා ජෙසිකා හා ක්ලාරා ග්වේන් උපන්නේ නිවුන් දරුවන්‍ ලෙසිනි. ඔවුන්ගේ මව මෙල් ග්වේන් ය. මෙල් හා ඇයගේ සොයුරිය වන ශෙරිල් ද නිවුන් සහෝදරියන් වේ. ජෙසිකා සහ ක්ලා‍රාගේ සීයා, එනම් මෙල්ගේ පියා කෙවින්ය. කෙවින් හා කේත් යනු නිවුන් සොයුරන් ය. කෙවින් හා කේත්ගේ මව වන ජෝස්ට ද මාග්‍රට් නම් වූ නිවුන් සොයුරියක් සිටියාය. මේ දෙදෙනා දැන් ජීවතුන් අතර නැත.
    ඒ අනුව ජෙසිකා සහ ක්ලාරා, මෙල් සහ ෆෙරිල්, කෙවින් සහ කේත්, ජෝස් සහ මාග්‍රට් යනු එකම පවුලක පරම්පරා හතරක නිවුන්නු ය‍. මේ පරපුර ඊසාන දිග එංගලන්තයේ බ්‍රිස්ටල් හි පදිංචිව සිටිති.


    14.jpg


    ජෙසිකා (වම් පස) සහ ක්ලාරා (දකුණු පස)


    24.jpg


    ළමයින්ගේ මව මෙල් (දකුණුපස) සහ ඇගේ සොයුරිය ශෙරිල් කුඩාකාලයේ දී


    33.jpg


    ළමයින්ගේ සීයා කෙවින් (දකුණු පස) සහ ඔහුගේ සොහොයුරු කේත් කුඩාකාලයේ


    43.jpg


    ළමයින්ගේ මී ආච්චි ජොස් ඇගේ සොයුරිය මාග්‍රට්ගේ ඡායාරූපයක් නැත.


    52.jpg


    කෙවින් (වම්පස) සහ කේත් ජෝස් සමග


    6.jpg


    මෙල් ක්ලාරා (වම්පස) සහ ජෙසිකා සමග


    7.jpg


    මෙල් (දකුණු පස) සහ ශෙරිල් ඔවුන්ගේ මිත්තනිය සමග


    8.jpg


    මෙල් සහ ශෙරිල් ඔවුන්ගේ මව හා පියා සමග


    Source :- lankadeepa.lk
     
    • Like
    Reactions: Shadow.Walker