පෞද්ගලික විශ්ව විද්‍යාල පටන් ගැනීමෙන්

Cronos

Banned
Mar 18, 2017
82
18
0
"Hell"
පෞද්ගලික විශ්ව විද්‍යාල පටන් ගැනීමෙන්

[FONT=&quot]පෞද්ගලික විශ්ව විද්‍යාල පටන් ගැනීමෙන්[/FONT] :rolleyes::rolleyes:
[FONT=&quot]

1) පෞද්ගලික විශ්ව විද්‍යාල පටන් ගැනීමෙන් රජයේ විශ්ව විද්‍යාල වල උපාධියට ඇති පිළිගැනීම නැතිවෙයිද? :rolleyes:
[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]මේ ප්‍රශ්නෙට උත්තර විදිහට මම මෙච්චරකල් දැක්කෙම අන්ත දෙකක උත්තර. කට්ටියක් කියනවා මේකෙන් රජයේ විශ්ව විද්‍යාල වල පල්ලට යනවයි කියලා. අනිත් කට්ටිය කියන්නේ එහෙම දෙයක් කිසිසේත්ම වෙන්නෙ නෑ කියලා. ඒත් මම හිතන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල දැම්මාට පස්සේ රජයේ විශ්ව විද්‍යාල වලට යන කලදසාව තීරණය වෙන්නේ රජය මගින් රාජ්‍ය විශ්ව විද්‍යාල වලට වෙන් කරන ප්‍රතිපාදන ප්‍රමාණය මත බව. ඒ අනුව රජය කරන්න ඕනේ පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කරන ගමන්ම රජයේ විශ්ව විද්‍යාලත් ඒ සමානව දියුණු කිරීමයි. කවදාහරි රජයේ විශ්ව විද්‍යාලවලට වඩා පෞද්ගලික විශ්ව විද්‍යාල හොඳ තත්ත්වයකට ආවොත් දැනට පවතින රජයේ විශ්ව විද්‍යාලවල පද්ධතිය කඩා වැටෙන්න පුලුවන්.[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]2) පෞද්ගලික විශ්ව විද්‍යාලවලින් අයකරන අධික මුදල් ප්‍රමාණය නිසා දුප්පත් ළමයින්ට ඒවයේ ඉගෙන ගන්න ලැබෙන්නේ නැහැ. :rolleyes:
[/FONT]

[FONT=&quot]මේ කතාව තරමක් ඇත්ත. ඒත් ඉතිං පෞද්ගලික විශ්ව විද්‍යාල පටන් ගන්නේ ලාබ ලැබීමේ අරමුණින් මිසක් දුප්පත් ළමයින්ට උගන්නන අරමුණෙන් නෙවෙයි. [/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]දැනට පවතින තත්ත්වය අනුව ගොඩක් සල්ලි තියෙන උදවිය ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල වලට යන්නෙ නැතිව උසස්පෙළ ඉවරවුණ ගමන් විදේශගත වෙනවා. ඉතිං පෞද්ගලික විශ්ව විද්‍යාල ලංකාවේ ඇතිකිරීමෙන් ඔවුන්ට පුලුවන් වෙනවා මේ රටේ ඉඳන්ම අධ්‍යාපනය ලබන්න. ඒ වගේම ඔය කියපු කට්ටියට වඩා ටිකක් අඩුවෙන් මුදල් හදල් තියෙන, ළමයි රට යවන්න අමාරු කට්ටියටත් එතකොට පුලුවන් වෙනවා තමන්ගෙ දරුවන්ව මේ රටේ තියාගෙන අධ්‍යාපනය ලබා දෙන්න. [/FONT]
[FONT=&quot]
[/FONT]
[FONT=&quot]ඒ වගේම කියන්න ඕනෙ දැනට මේ රටේ තියෙන ගොඩක් පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් අධ්‍යාපනය ලබන්න මුදල් කන්දරාවක් තියෙන්න ඕනෙ නෑ. ඒත් ලමයා දැනගන්න ඕන ඒ අරගන්න දෙමව්පියන්ගේ සල්ලි වලට සාධාරණය ඉශ්ඨ කරන්න.[/FONT]
[FONT=&quot]
[/FONT]
[FONT=&quot]එතකොට ගොඩක්ම දුප්පත් පවුල් වල ළමයි මොකද කරන්නෙ?[/FONT]

[FONT=&quot]
[/FONT]

[FONT=&quot]
මේ පවුල්වල ළමයින්ට තියෙන හොඳම විකල්පය තමයි උසස්පෙළ හොඳට සමත් වෙලා රජයේ විශ්ව විද්‍යාලයකට ඇතුල් වෙන එක. එහෙම බැරිවුණොත් ශිෂ්‍ය ණය මුදලක් හරි අරගෙන පෞද්ගලික විශ්ව විද්‍යාලයකට ඇතුලත් වෙන්න පුලුවන් (ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල ක්‍රමවත්ව ඇති කළොත්). සමහරු ඉන්නවා මේ ලැබෙන සල්ලි වලින් Private University වලට ගිහින් ආතල් ගන්න පටන් ගන්න හාල්පාරුවොත්. උන් ගැන නෙවෙයි මේ කියන්නේ නම්. :angry::angry: කොහොම වුණත් තමන්ගේ ආර්ථික තත්ත්වය අනුව තමන්ට අහිමි වෙච්ච ප්‍රතිලාභ ආර්ථික තත්ත්වය අතින් යහපත් තත්ත්වයක ඉන්න ළමයෙක්ටත් අහිමි වෙන්න ඕනෙයි කියලා විශ්වාස කරන එක අසාධාරණයි.
[/FONT]
[FONT=&quot]
[/FONT]


[FONT=&quot]3) පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් මුදල් තියෙන ඕනෙම කෙනෙකුට ලේසියෙන්ම උපාධිය ගන්න පුලුවන් (උපාධි කඩ)[/FONT]

[FONT=&quot]මේක සමාජයේ මුල් බැසගත්ත බොරු අදහසක්. ඕනෙම අධ්‍යාපන ආයතනයක පැවැත්ම රඳා පවතින්නේ එයින් ලැබෙන අධ්‍යාපනයේ ගුණාත්මකභාවය මත. ඒ නිසා මගේ අදහස රජයේ හෝ පෞද්ගලික විශ්ව විද්‍යාලවල අධ්‍යාපන ගුණාත්මකභාවයේ ලොකු වෙනසක් තියෙන එකක් නෑ කියලා. කොහොම වුණත් වෙනම ආයතනයක් පත් කිරීම තුලින් පෞද්ගලික විශ්ව විද්‍යාල වල විතරක් නෙවෙයි, දැනට රජයේ විශ්ව විද්‍යාල වල පවතින ගුණාත්මක බවත් ඉහළ නැංවීම රජයේ වගකීමක්.[/FONT]
[FONT=&quot]
[/FONT]


[FONT=&quot]4) රජයේ විශ්ව විද්‍යාල වල ඉන්නේ රටේ බුද්ධිමත්ම ළමයි. ඒවට යන්න බැරිවුණ අය මෝඩයෝ[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]මේකනම් කොහෙත්ම පිළිගන්න අමාරුයි. රටේ ඉන්න හොඳම මොළ ටික රජයේ විශ්ව විද්‍යාලවල ඉන්න බව ඇත්ත. ඒත් රජයේ විශ්ව විද්‍යාලවලට තේරෙන සමහර ළමයින්ට වඩා බුද්ධියෙන් වැඩි, ඒවාට තේරී පත්වෙන්න බැරිවෙච්ච ළමයි ඉන්නවා. මොකද පැය තුනක විභාග ප්‍රශ්න පත්තරේකින් ළමයෙක්ගේ බුද්ධිය හරියට මනින්න බැහැ. උදාහරණයක් විදිහට මම හදාරපු උපාධිය ගත්තොත්, බැච් එකේ මුල් ස්ථාන වලට පත්වුණ ළමයින්ගෙන් බහුතරයක් බෝට්ටු වලින් ආපු කට්ටිය. වැඩි ඉසෙඩ් අගයක් අරගෙන නැවෙන් ආපු ගොඩක් ළමයින්ගෙ ප්‍රථිපල අර ළමයින්ට වඩා අඩුයි.[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]5) රජයේ විශ්ව විද්‍යාල වල ඉන්නේ කරදරකාරයින්. මුන් ඉගෙන ගන්නෙත් නෑ, අනිත් ළමයින්ට ඉගෙනගන්න දෙන්නෙත් නෑ.[/FONT]

[FONT=&quot]
[/FONT]

[FONT=&quot]මේක තමයි ලොකුම මිත්‍යාව. රජයේ විශ්ව විද්‍යාලවල ශිෂ්‍යයෝ කියන්නේ ඔයාලා ටීවී එකෙන් උද්ඝෝෂණය කරනවා දකින සුලුතරය නෙවෙයි. රජයේ විශ්ව විද්‍යාලවල ඉන්න බහුතරයක් ශිෂ්‍යයෝ ඉගෙන ගන්න කැමති, ඉගෙන ගැනීම අවශ්‍ය, ඒ වෙනුවෙන් බොහෝ කැපවෙන පිරිසක්. ඒත් කවුරුහරි සුලු පිරිසක් කලබල කරපු ගමන් සමහර මාධ්‍ය ඒවා මාකට් කරන්න ලේසි නිසා උලුප්පලා පෙන්නනවා.[/FONT]

[FONT=&quot]අනික විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ හැසිරීම සහ ක්‍රියා කලාපය විශ්ව විද්‍යාලය සහ අධ්‍යාපන ක්ෂේත්‍රය අනුව වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට පේරාදෙණියේ සහ කොළඹ ශිෂ්‍යයන්ගේ ක්‍රියා කලාපය (බොහෝවිට) වෙනස් ස්වරූපයක් ගන්නවා. ඒ වගේම විද්‍යා පීඨයක් සහ ශාස්ත්‍ර පීඨයක් ගත්තොත් ඒ දෙකේ සිසුන්ගේ හැසිරීම් රටාව වෙනස්. ඒ හින්දා මේ ප්‍රශ්නයේදී සුලු පිරිසක් හඳුන්වන්න පුලුල් ක්ෂේත්‍රයක් ආවරණය වෙන “රජයේ විශ්ව විද්‍යාලවල ශිෂ්‍යයා“ යන ආමන්ත්‍රණය යෙදීමත් සුදුසු නැහැ (මම මේ යෙදීම භාවිතා කළේ නිතර දෙවේලේ යෙදෙන ආමන්ත්‍රණය නිසා). :angry:
[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]6) රජයේ විශ්ව විද්‍යාලවල ඉන්න ශිෂ්‍යයන්ට දේශපාලනය කරන්න හොඳ නැද්ද?[/FONT]

[FONT=&quot]රජයේ විතරක් නෙවෙයි, පෞද්ගලික විශ්ව විද්‍යාලවල ඉන්න ශිෂ්‍යයන් පවා වැඩිහිටියන් නිසා දේශපාලනයේ යෙදෙන්න ඔවුන්ට අයිතියක් තියෙනවා. ඒත් දේශපාලනය අධ්‍යාපනය එක්ක පටලවා නොගන්නා එක ශිෂ්‍යයන්ගේ වගකීමක්. :angry:
[/FONT]



[FONT=&quot]7) නිදහස් අධ්‍යාපනය ඕනෙ නැද්ද?[/FONT]

[FONT=&quot]නිදහස් අධ්‍යාපනය නිසා රටේ ජනතාවට ලැබී තියෙන අවස්ථා සහ ප්‍රතිලාභ අනුව බලද්දි නිදහස් අධ්‍යාපනය අනිවාර්යයෙන්ම තව දුරටත් තිබිය යුතුයි. ඒත් ඒ අවස්ථාව අහිමි වෙච්ච සිසුන්ට අධ්‍යාපනය තව දුරටත් ලබන්න පෞද්ගලික විශ්ව විද්‍යාලවලත් ඇති කළ යුතුයි. ඒත් ඒ නිදහස් අධ්‍යාපනය නැති කරලා නෙවෙයි. නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රතිලාභ ලබපු අය විදිහට රත්ගමයා ඇතුලු “පේරා“ කට්ටියට විතරක් නෙවෙයි, අනිත් අයටත් ඒ ගැන ආදරයක් තියෙනවා.[/FONT]
[FONT=&quot]

[/FONT]

[FONT=&quot]8) ඇත්තටම තියෙන ප්‍රශ්නය[/FONT] :rolleyes::rolleyes:
[FONT=&quot]
[/FONT]
[FONT=&quot]සුලුතරයක් වර්තමාන සිසුන්ට - ඇත්තටම නිදහස් අධ්‍යාපනය ගැන තියෙන කැක්කුම[/FONT]

[FONT=&quot]
බහුතරයක් වර්තමාන සිසුන්ට - තව පිරිසක් තමන්ට වඩා හොඳ අධ්‍යාපනයක් ලබයි, තමන්ට තරඟයක් වෙයි, තමන්ගේ රැකියා අවස්ථා ටික ඩැහැගනියි, ක්ෂේත්‍රෙය් තමන්ට ඇති ඒකමතික/ නිෂේධ බලය නැතිවෙයි, තමන්ගේ උපාධියට සමාජයේ දැනට තියෙන පිළිගැනීම අඩුවෙයි කියලා තියෙනකුහකකම සහ බය.​
[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]සිසුන් මෙහෙයවන අයට - කල දුටු කල වල ඉහගැනීමේ දේශපාලන අභිමතාර්ථ.[/FONT]
 
Last edited:

Cronos

Banned
Mar 18, 2017
82
18
0
"Hell"
minissu athare panthi bedaya hadanna thamai okun try karanne...

Respect for Your Opinion!
1.gif
 

reddit

Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    ane manda bn, koi peththata katha kalath ithin randu tamai :baffled:

    * mage yaluwo 2 k innawa me para NSBM damma, degree ekata 12+lks
    dennama part time job, freelance karala tamai fees gewanne :dull: gedarin salli denne ne un dennatama ( denna aththeth ne)
     

    Cronos

    Banned
    Mar 18, 2017
    82
    18
    0
    "Hell"
    ane manda bn, koi peththata katha kalath ithin randu tamai :baffled:

    * mage yaluwo 2 k innawa me para NSBM damma, degree ekata 12+lks
    dennama part time job, freelance karala tamai fees gewanne :dull: gedarin salli denne ne un dennatama ( denna aththeth ne)

    Respect!
    ඔය කියන ලමයින්ගේ GPA එක, Academic Side එක පොඩ්ඩක් හොයලා බලලා ඕන මචන් අදහසක් කියන්න. මොකද මමත් Dual Degree කරපු කෙනෙක්. ඕවා කරන කොට තියන කට්ට මමත් දන්නවා. :)