පෞද්. රෝහල් 4ක් තැරැව්කරුවන් යොදා වකුගඩු ජාවාරමේ…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    කොළඹ හා තදාසන්න ප්‍රදේශවල දිළිඳු පවුල් ඉලක්ක කර ගනිමින් සිදු කරන වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් හතරකින් වාර්තා කැඳවූ බව කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ කරුණු වාර්තා කළේය.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි හතරක් පිළිබඳ විමර්ශනය කර අධිකරණයට කරුණු වාර්තා කළ බවද කොළඹ අපරාධ කොට්ඨාසය දැනුම් දුන්නේය.

    අධිකරණයෙන් ලබාගත් නියෝග අනුව අදාළ වකුගඩු සැත්කම් සම්බන්ධයෙන් පෞද්ගලික රෝහල් හතරකින් වාර්තා කැඳවූ අතර, මේ වන විට එක් රෝහලකින් වාර්තා ලැබී ඇතැයිද කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.

    සිදු කරන ලද විමර්ශනයට අනුව කජිමාවත්ත, කොළඹ 15, පදිංචි මේරි රංජනී පෙරේරා (50) යන අයගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවත්, තැ‍රැව්කරුවෙකු විසින් වකුගඩුවක් ලබාගැනීම සඳහා ඇයව පෞද්ගලික රෝහලකට යොමු කරනු ලැබ ඇති බවත් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.


    වකුගඩුවක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ දහයක මුදලක් පොරොන්දු වී ඇතත්, වකුගඩුව ලබා ගැනීමෙන් පසු තැ‍රැව්කරු ලබා දී ඇත්තේ රුපියල් ලක්ෂ හයක මුදලක් පමණක් බවත් එම තැනැත්තිය ප්‍රකාශ කර ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

    එම තැරැව්කරු කවුරුන්ද යන්න මෙම තැනැත්තිය නොහඳුනන බවට ප්‍රකාශ කර ඇති අතර එම සැකකරුවන් සොයා මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.


    කොළඹ හා තදාසන්න ප්‍රදේශවල දිළිඳු පවුල් ඉලක්ක කර ගනිමින් මෙම සැකකරුවන් වකුගඩු ජාවාරම සිදු කර ඇති අතර වකුගඩු දායකයින්ට පොරොන්දු වූ මුදලට වඩා අඩු මුදලක් ලබාදෙමින් මොවුන් මෙම ජාවාරම සිදුකර ඇතැයි ද කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළේය.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,355
    113
    Ohio, USA
    Jangiyaa Ehalinma Dinuwe Ai Kiyala Peynawane...

    FNOM6zL.png
     
    • Angry
    Reactions: Naughtykolla48

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දෙකක් උපතින්ම පිහිටලා තියෙන්නෙ සල්ලි හදිස්සියකට විකුන ගන්න තමා බන්. එක හින්දා අවුලක් නෑ.
     
    • Like
    Reactions: Yastysan

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    අර වකුගඩු දෙකම ගලවපු ළමයාගේ වකුගඩු අතුරුදහන්.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    තොගේ වකුගඩු දෙකත් දීපියකෝ SLK_sri දෙමලෝ පිනක්නේ😂🤣
     

    Similar threads