කොළඹ හා තදාසන්න ප්‍රදේශවල දිළිඳු පවුල් ඉලක්ක කර ගනිමින් සිදු කරන වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් හතරකින් වාර්තා කැඳවූ බව කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ කරුණු වාර්තා කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි හතරක් පිළිබඳ විමර්ශනය කර අධිකරණයට කරුණු වාර්තා කළ බවද කොළඹ අපරාධ කොට්ඨාසය දැනුම් දුන්නේය.
අධිකරණයෙන් ලබාගත් නියෝග අනුව අදාළ වකුගඩු සැත්කම් සම්බන්ධයෙන් පෞද්ගලික රෝහල් හතරකින් වාර්තා කැඳවූ අතර, මේ වන විට එක් රෝහලකින් වාර්තා ලැබී ඇතැයිද කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.
සිදු කරන ලද විමර්ශනයට අනුව කජිමාවත්ත, කොළඹ 15, පදිංචි මේරි රංජනී පෙරේරා (50) යන අයගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවත්, තැරැව්කරුවෙකු විසින් වකුගඩුවක් ලබාගැනීම සඳහා ඇයව පෞද්ගලික රෝහලකට යොමු කරනු ලැබ ඇති බවත් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
වකුගඩුවක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ දහයක මුදලක් පොරොන්දු වී ඇතත්, වකුගඩුව ලබා ගැනීමෙන් පසු තැරැව්කරු ලබා දී ඇත්තේ රුපියල් ලක්ෂ හයක මුදලක් පමණක් බවත් එම තැනැත්තිය ප්‍රකාශ කර ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
එම තැරැව්කරු කවුරුන්ද යන්න මෙම තැනැත්තිය නොහඳුනන බවට ප්‍රකාශ කර ඇති අතර එම සැකකරුවන් සොයා මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.
කොළඹ හා තදාසන්න ප්‍රදේශවල දිළිඳු පවුල් ඉලක්ක කර ගනිමින් මෙම සැකකරුවන් වකුගඩු ජාවාරම සිදු කර ඇති අතර වකුගඩු දායකයින්ට පොරොන්දු වූ මුදලට වඩා අඩු මුදලක් ලබාදෙමින් මොවුන් මෙම ජාවාරම සිදුකර ඇතැයි ද කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළේය.