පෞර්ෂ වර්ධනයට නොවරදින මග(Personality Building)

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,978
    1
    61,049
    113
    Mother Earth

    අද ලෝකයේ බොහෝ දෙනෙක්ට ඇති විශාල උවමනාවක් නම් සිය පෞර්ෂය වර්ධනය කර ගැනීම (Personality Building) බව අපට පෙනෙන පැහැදිළි කරුණකි. මේ සඳහා උවමනාව ඇත්තවුන් නොකරන වියදමක් නැත. සම්මන්ත්‍රණ, වැඩමුළු, පාඨමාලා, සහතික ආදී, එකී, මෙකී, නොකී දහසකුත් එකක් දේ මේ වෙනුවෙන්ම නිර්මාණය වී ඇත්තේ එහි ඇති වෙළඳ වටිනාකම දකින්නෝද දිනෙන් දිනම වැඩි වන බැවිනි. අවාසනාවක මහත, මෙසේ වෙළඳපොළක් උපදවන, ඉගැන්වීම් කරන, සහතික ප්‍රධානය කරන කිසිවෙකුත්, එය තවෙකෙකුගේ ගොඩ නැගීමට පෙර, වෙනකක් තබා, 100% නිවැරදිව, කිසිවෙකුටත් අභියෝග කල නොහැකි ලෙස, පෞර්ෂත්වය යන්න අර්ථ නිරූපනයක් ඉදිරිපත් කිරීමටවත් සමත් වෙතැයි අපි නම් නොසිතමු. මන්ද?..එම ඉගැන්වීම් සියල්ල,..පැහැදිලිවම අඳුරේ අත පත ගෑම් විනා කිසිදු ගැඹුරක් නොමැති, බටහිරයන් විසින් හරි යයි සිතා ගත්, ගෙඩි පිටින් ආනයනය කර මෙරට වෙළඳ පොළට අත හරින අරුත් සුන්, ප්‍රථිඵල කිසිවක් නොලැබෙන ක්‍රමයන් පමණක් බැවිණි. පෞර්ෂ වර්ධනය යනු, ඒකාන්තයෙන්ම සෑම අයෙක්ම නොවැරදීම ලබා ගත යුතුම අතිශය වටිනා දෙයකි. පෞර්ෂත්වය යනු කුමක්දැයි, අපි අපගේ අර්ථ කථනය මෙසේ ඉදිරිපත් කරමු. මෙහි සියුම් හෝ දොසක් ඇතොත් එය පෙන්වා දෙන ලෙසද ඕනෑම අයෙක්ට අපි ආරාධනා කරමු. ඕනෑම පුද්ගලයෙකුගේ පෞර්ෂත්වය තුන් ආකාර වේ. එනම් එම පුද්ගලයාගේ මානසික පෞර්ෂත්වය, කායික පෞර්ෂත්වය හා වාචසික පෞර්ෂත්වයයි. පුද්ගලයෙක් එම තුන් ආකාරයෙන්ම ඉහලට යන්නේ නම් පමණක් පෞර්ෂ වර්ධනයක් වන බව මේ අනුව තේරුම් ගත යුතු වේ. මෙවායින් , කායික හා වාචසික යන පෞර්ෂත්ව කොටස් බාහිර ලෝකයාටද පෙනෙන දැනෙන දේවල් වන අතර, මානසික පෞර්ෂත්ව මුළින්ම දැනෙන්නේ තමාටම පමණි. ක්‍රමයෙන් එය තමාගේ සමීපතමයන්ටද, අනතුරුව ලෝකයාටද දැනෙන විට තමා ඉතා සතුටු දායක පෞර්ෂත්වයක හිමි කරුවෙක් බව තමාටම සතුටු විය හැකි තත්වයට පැමිණේ. මෙම තුන් ආකාරයේ පෞර්ෂත්ව වර්ධනය කර ගැනීම පිණිස කල යුත්ත ඉතාම පැහැදිළිය. එනම් එම තුන් ආකාරයෙන් එක එකක් හරහා සිදුවිය හැකි භයානක වැරදි වළකා ගැනීමයි. වළකා ගැනීමට නම් ඒවා මොනවාදැයි මුළින්ම හඳුනාගත යුතුය. මුලින්ම අපි වචනයෙන් යමෙක් අතින් සිදු විය හැකි භයානක වැරදි මොනවාදැයි බලමු. වාසනාවකට ඒවා ඇත්තේ 4 ක් පමණි. 1. බොරු කියන්නෝ මෙලොවම නින්දාවට භාජනය වෙති. අන්‍යයන් විසින් අවිශ්වාස කරනු ලබති. සමහර විට බොරු කීම නිසා දඬුවම් ද ලබති. එබැවින් උසස් පෞර්ෂත්වයක් උවමනා කවරෙක් වුවද, බොරු කීමෙන් උපරිම වැර යොදා වැළකිය යුතු බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඔබට වාචසික පෞර්ෂත්වය ගොඩ නගා ගැනීමට නම්, මතක තබා ගත යුතු පළමු වන නීතිය, හැකි උපරිමයෙන් බොරු කීමෙන් වලකින්න. 2. කේළාම් කීම යමෙක්ගේ වාචසික පෞර්ෂත්වයට දෙවනුව හානිදායකම වැරැද්දයි. සත්‍යයක් හෝ අසත්‍යයක්, හුදෙක් අනුන් බිඳවීමේ චේතනාවෙන්ම කීම වාචසික පෞර්ෂත්වය වනසා ගැනීමට හේතු වේ. මෙහිදී ප්‍රවේශමෙන් තේරුම් ගත යුත්ත නම්, යමෙකුට විය හැකි අන්තරාවකින් මුදවාගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යමෙක් සත්‍යක් ප්‍රකාශ කල විට, එයින් පුද්ගලයන් අතර බිඳීමක් ඇති වුවද, එයින් වාචසික පෞර්ෂයට හානියක් නොවන බවයි. ඔබට වාචසික පෞර්ෂත්වය ගොඩ නගා ගැනීමට නම්, මතක තබා ගත යුතු දෙවන නීතිය, අනුන් බිඳවීමේ චේතනාවෙන් කේළාම් නොකියන්න. 3. නපුරුවචන කීමෙන් අනුන්ගේ සිත් රිදවීමට ලක්වේ. කියන්නා කෙරේ අප්‍රසාදයක් මතු වීම වැලකිය නොහැක. එවිට එය කියූ තැනැත්තාගේ පෞර්ෂත්වයට කරන හානිය ද නොවැලැක්විය හැකිය. ඔබට වාචසික පෞර්ෂත්වය ගොඩ නගා ගැනීමට නම්, මතක තබා ගත යුතු තුන්වන නීතිය, හැකි උපරිමයෙන් නපුරු වචනයෙන් වලකින්න. 4. හිස් වචන හෙවත් සම්ඵප්‍රලාප යනු කියන්නාට හෝ අසන්නාට යන දෙදෙනාටම ප්‍රයෝජනයක් නොමැති කතා බැවින්, එයින් දෙදෙනාගේම වටිනා කාලය විනාශ කර දැමේ. මේ හේතුවෙන් වැදගත් වැඩ අතපසු වූ විට, හිස් වචන කියූ අය පිළිබඳ යහපත් ආකල්ප ගොඩ නොනැගේ. එය එම පුද්ගලයාගේ පෞර්ෂත්වයට විශාල හානියකි. එබැවින් ඔබට වාචසික පෞර්ෂත්වය ගොඩ නගා ගැනීමට නම්, මතක තබා ගත යුතු හතරවන හා අවසාන නීතිය, හැකි උපරිමයෙන් හිස් වචනයෙන් වලකින්න. දෙවනුව අපි කායික පෞර්ෂත්වය ගොඩ නගා ගැනීම කෙසේ කල හැකි දැයි බලමු. මෙහිදී ඔබ ප්‍රවේශම් විය යුතු කයින් සිදුවිය හැකි භයානක වැරදි තුනකින් අඩුම තරමින් වැලකීම ප්‍රමාණවත් වේ.1. සතුන් මැරීම, අද ලෝකයේ ඉතා සාමාන්‍ය දෙයක් වන තරමටම සුලභ වී තිබේ. මෙයට හේතු වී ඇත්තෙ, එහි විපාක එම මොහොතේම නොලැබීමයි. ආත්මාර්ථය හා මිත්‍යාදෘෂ්ඨිය උදෙසා මිනිසුන් මරා දමන්නවුන් ලෝකයා විසින් ඉතාම පිළිකුල් කරනු ලබයි.වෙනත් සතුන් මරන්නෙක් වුවද සමාජය විසින් කිසි විටකත් උසස් ලෙස පිළි නොගනී. මස් කඩ කාරයා, මස් මරන්නා, බිළී වැද්දා යනාදී වශයෙන් රැකියා නම පවා සමච්චල් ආකාරයටම ඔවුන්ට යෙදීම ස්වභාවිකවම සිදුවේ. එය කිසිසේත්, උසස් පෞර්ෂයක් අවැසි පුද්ගලයෙක් බාර ගැනීමට කැමති වන තත්වයක් නොවේ. ඔබට කායිකපෞර්ෂත්වය ගොඩ නගා ගැනීමට නම්, මතක තබා ගත යුතු පළමු වන නීතිය, හැකි උපරිමයෙන් සතුන් මැරීමෙන් වලකින්න. 2. සොරකම් කරන්නා බොහෝ නින්දා ලබන්නෙක් වේ. අත් පා ගල් පොලු ආදියෙන් පහර ලබයි. සමහර විට අනුන්ගේන් පහර කා තිරිසනුන් සේ තැන් තැන් වල මැරෙති. උසස් රැකියාවක් කරන්නෙක් වුවද, සිය බලතල භාවිත කරමින් සොරකම් කල විට එම පුද්ගලයා සමාජය විසින් ප්‍රතික්ෂේප කරනු ලබයි. මෙය පෞර්ෂය ගැන සැලකිලිමත් කිසිවෙකුත් විසින් මුහුණ දීමට කැමති දෙයක් නොවේ. ඔබට කායික පෞර්ෂත්වය ගොඩ නගා ගැනීමට නම්, මතක තබා ගත යුතු දෙවන නීතිය, කිසිවිට සොරකම් නොකරන්න. 3. අයථා ලිංගික සබඳතා පුද්ගලයන්ට කරන හානිය සුලු පටු නොවේ. මොවුන් නින්දාවට භාජනය වේ. ඉතා දරුණු ලෙස පහර කයි. මරණයට පවා පත් වෙයි. නීතියෙන් පවා දඬුවම් ලබයි. එවන් අයෙක් කිසිසේත් උසස් පෞර්ෂයකට හිමි කම් කියන්නෙක් නොවේ. එබැවින් ඔබට කායික පෞර්ෂත්වය ගොඩ නගා ගැනීමට නම්, මතක තබා ගත යුතු තුන්වන හා අවසාන නීතිය, අයථා ලිංගික සබඳතා වලින් වලකින්න. තෙවනුව කිසිවෙකුටත් නොපෙනෙන, ඔබ විසින් ගොඩ නගා ගත යුතු මානසික පෞර්ෂත්වය කුමක්දැයි බලමු. මෙහිදී ද ඔබ ප්‍රවේශම් විය යුතු මනසින් සිදුවිය හැකි භයානක වැරදි තුනකින් වැලකීම කල යුතුය 1. දැඩි සේ කෝප වීම, අනුන් නැසේවා යැයි සිතීම කරන්නා කිසිවිට ප්‍රසන්න මානසිකත්වයක් හෝ පෙනුමකට හිමිකම් කියන්නෙක් නොවේ. මුහුණ හදවතේ කැඩපත ලෙසද හැඳින්වෙන බැවින් එවන් පුද්ගලයන්ට හොඳ පෞර්ෂයක් යනු සිහිනයක් පමණි. ඔබට මානසික පෞර්ෂත්වය ගොඩ නගා ගැනීමට නම්, මතක තබා ගත යුතු පළමු වන නීතිය, හැකි උපරිමයෙන් කෝප ගැනීමෙන් වලකින්න. 2. අන් සතු වස්තුවට දැඩි සේ ඇලුම් කරන්නා අතින් නිවැරදි කල නොහැකි සේ දරුණු වැරදි සිදුවේ. වාචසික, කායික පෞර්ෂත්වයන් වනසන ක්‍රියාවලට අඩිතාලම මෙයින් යෙදෙන බැවින්, ගොදුරු වන්නා ගේ පෞර්ෂ වර්ධනයට එය දැඩි බාදාවකි. ඔබට මානසික පෞර්ෂත්වය ගොඩ නගා ගැනීමට නම්, මතක තබා ගත යුතු දෙවන නීතිය, හැකි උපරිමයෙන් අන් සතු වස්තුවට ඇලුම් කිරීමෙන් වලකින්න. 3. මිථ්‍යාදෘෂ්ටිය හෙවත් බුදු දහමේ පරම සත්‍ය පිළි නොගැනීම යම් පුද්ගලයෙකුගේ මානසික පෞර්ෂත්වය වනසා දමන තුන්වන කාරණයයි. මෙය ලබා ගැනීම නම් ඉතාම දුෂ්කර වූවකි. බෞද්ධයන් පවා විවිධ මිථ්‍යාදෘෂ්ටීන්ගේ ගොදුරු බවට පත් වීමේදී අනෙකුත් කලින් කාරණාද සමඟ මෙයින් ජය ගන්නා උත්තම පුද්ගල තත්වයටම පත් වන්නෙක් වේ. පෞර්ෂත්වය කෙතරම් බලගතු දැයි කීවොත්, කොටින්ම ලෝක පූජිත වේ. බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේලා මුළු ලෝකයේම පූජාවන්ට පාත්‍ර වන්නේ මෙම අසම සම පෞර්ෂත්වය නිසාම බව ඔබ තේරුම් ගත්තාද? ඔබට මානසික පෞර්ෂත්වය ගොඩ නගා ගැනීමට නම්, මතක තබා ගත යුතු තුන්වන හා අවසාන නීතිය, ලොව්තුරා බුදු පියාණන් වහන්සේ දෙසූ ලෙස මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහාණය කිරීමේ ප්‍රතිපදාවේ යෙදෙන්න. ඉහත පෞර්ෂ වර්ධනය, අපගේ සොයා ගැනීමක් නොව, අමා මෑණී, ලොව්තුරා බුදු පියාණන් වහන්සේ විසින් දේශිත බුදු දහමේ මූලික හරයයි.
    -උපුටා ගැනීමක්-
    dharmanidhaana.wordpress.com
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,978
    1
    61,049
    113
    Mother Earth
    128.jpg

    මේ හාමුදුරුවො ලියපු පොත් මම ටවුන් එකේ හෙවුවා. පොත් කඩවල් වල නෑ. මට පුදුම හිතුණා. ඒත් ඒ කඩේ සුජීව ප්‍රසන්න ආරච්චිගෙ ජාතක පොත් තමයි තිබුණෙ. මම ඒත් තවත් කඩේකින් පොත හොයා ගත්තා.
    bawddayage-athpotha.jpg
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    128.jpg

    මේ හාමුදුරුවො ලියපු පොත් මම ටවුන් එකේ හෙවුවා. පොත් කඩවල් වල නෑ. මට පුදුම හිතුණා. ඒත් ඒ කඩේ සුජීව ප්‍රසන්න ආරච්චිගෙ ජාතක පොත් තමයි තිබුණෙ. මම ඒත් තවත් කඩේකින් පොත හොයා ගත්තා.
    bawddayage-athpotha.jpg

    මෙයිට හාත් පසින්ම වෙනස් දෙයක් මන් දැක්ක නුවර ගුණසේන Book Shop එකේ.එකට ඇතුළු වෙන තැනම දකුණු පැත්තේ මුලින්ම තියෙන්නේ බෞද්ධ පොත්පත්. එතනිමුත් රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ හැම පොතක්ම වෙනම පිලිවෙලට අහුරලා තිබුනා
    :yes::yes::yes:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,374

    මේවගේ බන මේකේ දන්නා එපා බ්‍රෝ
    මේකේ ඉන්නේ ගෙදර අම්ම තාත්ත එක්කෙඅත් කුණුහරුපෙන් කතා කරන උන්
    උන්ට ඔය ඉදල හිටලා ඔය youtube බන ස්ටාර් කෙනෙක්ගේ බන කැල්ලක් දැම්මම ඇති
     
    • Like
    Reactions: Nee Ruu

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,978
    1
    61,049
    113
    Mother Earth
    මේවගේ බන මේකේ දන්නා එපා බ්‍රෝ
    මේකේ ඉන්නේ ගෙදර අම්ම තාත්ත එක්කෙඅත් කුණුහරුපෙන් කතා කරන උන්
    උන්ට ඔය ඉදල හිටලා ඔය youtube බන ස්ටාර් කෙනෙක්ගේ බන කැල්ලක් දැම්මම ඇති

    :yes: ඔව් බන් ඒක ඇත්ත. ඒත් අනික් කෙනා කියන නපුරු වචනෙට අපි කිපිලා(තරහ ගිහින්) අපිත් ඒකම කරන්නෙ මොකද. එතකොට අපිවත් කිළිටි වෙනවනේ. හොඳම දේ අපේ සිත අපිරිසිඳු නොකරගෙන ඒ වෙලාවට සුදුසු දේ කිරීමයි. :yes:
     
    • Like
    Reactions: S_M_S

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    :yes: ඔව් බන් ඒක ඇත්ත. ඒත් අනික් කෙනා කියන නපුරු වචනෙට අපි කිපිලා(තරහ ගිහින්) අපිත් ඒකම කරන්නෙ මොකද. එතකොට අපිවත් කිළිටි වෙනවනේ. හොඳම දේ අපේ සිත අපිරිසිඳු නොකරගෙන ඒ වෙලාවට සුදුසු දේ කිරීමයි. :yes:

    හප්පාහ්..
    හරි එකා කියන්නෙ :lol:
     
    praveendpa

    Active member
  • Jan 18, 2007
    827
    215
    43
    128.jpg

    මේ හාමුදුරුවො ලියපු පොත් මම ටවුන් එකේ හෙවුවා. පොත් කඩවල් වල නෑ. මට පුදුම හිතුණා. ඒත් ඒ කඩේ සුජීව ප්‍රසන්න ආරච්චිගෙ ජාතක පොත් තමයි තිබුණෙ. මම ඒත් තවත් කඩේකින් පොත හොයා ගත්තා.
    bawddayage-athpotha.jpg
    samayawardana, bauda sanskruthika madyasthanaya,.. eki meki noki hema thenama tiyenawane. elakiri eketh tibba, nomile download karanaganna link kekak
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඔක්කොම එකට තියෙන්නෙ. කරුණු විදිහට වෙන් කරලා ආපහු thread එකක දාපංකො.
     
    • Like
    Reactions: MBKESCM

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,245
    113
    🙏 🙏

    :yes: ඔව් බන් ඒක ඇත්ත. ඒත් අනික් කෙනා කියන නපුරු වචනෙට අපි කිපිලා(තරහ ගිහින්) අපිත් ඒකම කරන්නෙ මොකද. එතකොට අපිවත් කිළිටි වෙනවනේ. හොඳම දේ අපේ සිත අපිරිසිඳු නොකරගෙන ඒ වෙලාවට සුදුසු දේ කිරීමයි. :yes:
    ආ මම බොරුද කිව්වෙ. ඔය බලපන්කො උබට හොදට @hichchiputha ගෙ වැඩේ කරල දෙන්න පුලුවන්..
    ------ Post added on Sep 28, 2023 at 12:02 PM