ප්රභාකරන්ගේ උපන් දිනය දා ‘මහවිරු සැමරුම
උතුරේ ස්ථාන කිහිපයකදී සැමරෙන මහවිරු දිනයන් හා යාපනයේ පසුගිය දිනවල තියුණු ආයුධ වලින් පහර දීම් හා සමාජ විරෝධී ක්‍රියා වාර්ථාවීම හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි දින නියමයක් නොමැතිව උතුරේ සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට උතුරු පලාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රෝෂාන් ප්‍රනාන්දු මහතා නියෝග කොට ඇත.
මේ මස 26 වනදාට කොටි සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ උපන්දිනය හා 27 වනදාට එම සංවිධානයේ මහවිරු දින යොදී ඇති හෙයින් මේ වන විටත් උතුරේ ස්ථාන රැසක මහවිරු සැමරුම් සංවිධානය කොට ඇති හෙයින් නීතියට විරුද්ධව තහනම් සංවිධානයක් හෝ ත්‍රස්තනායකයෙක් සමරන්නේ නම් ඒ සඳහා යමෙක් ක්‍රියාකරන්නේ නම් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටද පොලිස් නිලධාරීන් යෙදවීමට පියවර ගෙන ඇත.
ඊට අමතරව පසුගිය දිනයන්හි යාපනය දිස්ත්‍රීක්කයේ තියුණු අයුධ ගත් පිරිස් විසින් ස්ථාන කිහිපයකදී සිදු කළ පහර දීම් හේතුවෙන් පුද්ගලයින් පිරිසක් තුවාල ලබා රෝහල් ගත කිරීමට සිදුවූ හෙයින් යාපනයේ විශේෂ ආරක්ෂක වැඩ පිළිවලක් ක්‍රියාත්මක කොට ඇති අතර යාපනය දිස්ත්‍රීක්කය සාමාන්‍ය තත්වයට පත්වන තුරු එම ආරක්ෂක වැඩ පිළිවල ක්‍රියාත්මක කිරීමට උතුරු පලාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයා පියවර ගෙන ඇති මෙම කරුණු සැලකිල්ලට ගනිමින් උතුරේ සියලුම පොලිස් ස්ථාන වෙතට දැනුම් දී ඇත්තේ නැවත දැනුම් දෙන තුරු නිවාඩු අවලංගු කකර ඇත බවටයි.
මේ අතර පසුගිය දිනවල යාපනයේ සිදුකර ඇති පහරදීම් සහ සමාජ විරෝධී ක්‍රියාවලට සම්බන්ධ ආවා කල්ලියේ බව කියන හයදෙනෙකු ඊයේ (16) වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවටද යාපනය පොලීසිය කියා සිටියේය. යාපනය මානිප්පායි සහ කෝපායි පොලිස් නිලධාරීන් එක්ව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉදිරියේදීද විශේෂ වැටලීම් හා මුර සංචාරයන් ක්‍රියාත්මක කිරීමටද පියවර ගෙන ඇත.
………………………….vigasapuwath24x7 ඇසුරෙනි……………………