ප්‍රභූ ආරක්ෂකයන්ට අධිවේගය නොමිලේ .
"මේක ආරම්භයක් විතරයි අපේ හාමුදුරුවනේ. ඊළඟට කැබිනට් ඇමතිවරුන්ට, ඊළඟට ඇමතිවරුන්ට නොමිලේ යන්න දෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, පලාත් සභා මන්ත්‍රීවරුන්ට අපි ඊළඟට චාන්ස් එකක් දෙනවා. නගර සභා, මහ නගර සභා මන්ත්‍රීවරු, ප්‍රාදේශීය මන්ත්‍රීවරු ගැන වුණත් මම නොසලකා ඉන්නේ නැහැ. මම එදා කීවා වගේ අදත් කියනවා මම ඔබේ පාලකයා නොව සේවකයායි. සේවකයෝ නොමිලේ අධිවේගයේ නොගිහින් මේ රට ආසියාවේ ආශ්චර්ය කරන්නේ කොහොද? මේ රටට සේවය කරන්න නේද සේවකයෝ දහදුක් විඳගෙන වැඩ කරන්නේ? එහෙම නේද අපේ හාමුදුරුවනේ ...
ඒ නිසා ඔබ තමුන්නාන්සෙලා මේ රට ආරක්ෂා කරන ජනතාව විදිහට පොඩ්ඩක් ඉවසලා ඉන්න ඕනෑ. අපි අපේ ජනතාවටත් නොමිලේ අධිවේගී මාර්ගය බලන්න දෙනවා මීටර් 100ක් ඈතින් ඉඳගෙන. ඒ වගේ ම නියමිත ගාස්තුව ගෙවන්න පුළුවන් හැම ශ්‍රී ලාංකිකයෙකුට ම කිසිම ජාති ආගම් භේදයකින් තොරව හිතේ බයක් හැකක් නැතිව මේ අධිවේගී මාර්ගයේ යන්න අවශ්‍ය සියලු ම පහසුකම් අපි රජයක් විදිහට ලබා දෙනවා කියලාත් මම අද ඉතාම අඩම්බරෙන් කියනවා. "
ඕං ඔහොම මේ හැම එකාගේ ම ගෙදර ඉන්න බල්ලොත් ඕකේ නිකං තමා යන්නේ ඉස්සරහට. අපිට කොයින්ද පූසෝ මාලු අපි යනවයැ මූදු. අපිට ඉතින් සල්ලිත් නෑ වාහනත් නෑ. පතාළේ යාළුවෙක්වත් හිටියා නම් ප්‍රභූ ආරක්ෂකයෙක් වෙන්න තිබ්බා. අපි ආශ්චර්යය බල බල සුපුරුදු ගාලු පාරේ යනවා. එක අතකින් ඕකුන් නොයන පාරක යන්න ලැබීමත් සතුටක්නේ. හැබැයි මගේ පොඩි ආසාවක් තියෙනවා හිතේ කොනක. එකම එක පාරක් හරි ඔය පාර දිගේ ගාල්ලට යන්න. ඒ මේ මගේ රට නිසා. අද ඉඳලා ම මං කැටේකට සත පනහ රුපියල දානවා. කැටේ පිරුණාම අධි වේගය දිගේ ගාලු යනවා. ඔව් වාතයේ වේගයෙන් ඉගිල්ලිලා යනවා, මිටෙන් හළ කුරුල්ලෙක් වගේ.