ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලැබෙන ආධාර ප

nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලැබෙන ආධාර ප

බද්දේගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලැබුණු ආධාර වෙනත් ප‍්‍රදේශවලට බෙදා හැරීමට රැගෙන ගිය බවට ගාල්ල දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩට චෝදනා එල්ල වනවා.

අවස්ථා දෙකක දී එම කාර්යාලය වෙත ලැබුණු බත් පාර්සල් මන්ත‍්‍රීවරයා විසින් රැගෙන ගිය බවටයි සිද්ධිය වන අවස්ථාවේ එහි සිටි අයෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ.

"කෑම පාර්සල් 2000 ක් හික්කඩුව පැත්තෙන් දෙන්නම් කියලා තිබුණා.. එතකොට අපිට තිබුණේ කෑම පාර්සල් 1000 ක පමණ අවශ්‍යතාවයක්. අනෙක් 1000 ට වෙනත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් සූදනම් කරලා දෙන්න අපි එකඟ වුණා. පස්සේ මේ පිරිස එන අතරමගදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩට හමුවෙලා තිබෙනවා. නමුත් මේ පිරිස අපිට පොරොන්දු වෙච්ච නිසා කෑම පාර්සල් බද්දේගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට රැගෙන ආවා. එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රිතුමා දුරකතනයෙන් කතා කරලා කෑම පාර්සල් 2000 ම ඔහු ළඟට ගෙන්න ගත්තා. දැන් කොහොමද අපි අපේ ළඟ ඉන්න පිරිසට කන්න දෙන්නේ."

ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලැබුණු වියළි සලාක ද මන්ත‍්‍රීවරයා පැමිණ බලහත්කාරයෙන් රැගෙන ගිය බව එම පුද්ගලයා නෙත් නිවුස් වෙත කියා සිටියා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමසීමට නෙත් නිවුස් පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ සම්බන්ධ කර ගත්තා.

එහිදී ඔහු සඳහන් කළේ "ජනතාවගෙන් ලැබෙන ආධාර විශාල ප්‍රමාණයක් බද්දේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නතර වී තිබෙනවා. ඉතින් අපි ඉල්ලීම් කළේ මේ ගොඩ ගහලා තියෙන භාණ්ඩ බෙදා දෙන්න කියලා. දැනටත් වතුර බෝතල් විශාල ප්‍රමාණයක් කාර්යාල භූමියේ එළිමහනේ ගොඩ ගහලා තියෙනවා. මේ ආධාර බද්දේගම කියලා සීමා මායිම් දාගෙන කටයුතු කරලා හරියන්නේ නැහැ. පීඩාවට පත් සියලු ජනතාවට බෙදා දෙන්න ඕනේ." යනුවෙනි.


http://nethnews.lk/article/42216
 
  • Like
Reactions: Qwertyone