බංකොලොත් වුණොත්

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    මේ වනවිට රට බංකොලොත් වීමේ අවදානමක් ගැන සමාජය තුළ කතිකාවතක් ගොඩනැගී ඇත. කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා සමග මේ ගැන කළ සංවාදයක් පහතින් පළවේ.

    බංකොලොත් වුණොත් වන දේ?

    "බංකොලොත් තත්වයට පත්වෙච්ච රටවල් ලෝකයේ තියෙනවා. මෑතකදී එවැනි තත්වයකට පත්වුණු රටක් තමයි වෙනිසියුලාව. වෙනිසියුලාව කියන්නේ තෙල් නිසා ටිකක් හොද ශක්තිමත් ආර්ථිකයක් තිබුණු රටක්. ඊට කලින් අපි ගැන කිව්වොත්, අපි බංකොලොත් වෙනවාද, නැද්ද කියන එක අපිට සාස්තරකාරයෙක් කියනවා වගේ කියන්න බැහැ, සාස්තරකාරයෙක් නම් කියයි අහවල් කාලයේ බංකොලොත් වෙනවා කියලා, නමුත් අපිට එහෙම කියන්න බැහැ. හේතුව තමයි. බංකොලොත් වෙන්න ගියොත්, ඒ කියන්නේ මනුස්සයෙක් ණය ගෙවාගන්න බැරිව සියදිවි නසාගන්න ගියොත් ඒ වෙලාවෙ කවුරුහරි කෙනෙක් ඇවිල්ලා, "මට ඔයාගෙ ගෙදර ලියා දෙන්න, මම ඔයාගෙ ණය ගෙවන්නම්” කියල කිව්වොත් ඒ මනුස්සයට ජීවත් වෙන්න පුළුවන් වෙනවා. අඩුම ගානේ පාරට බැහැල හිගාකන්න හරි පුළුවන් වෙනවා. ඉතිං ඒ වගේ දෙයක් රටකටත් වෙන්න පුළුවන්. යම් මට්ටමකින් ගැලවෙන්න පුළුවන්. මෙතනදී අපි බංකොලොත්ද, නැද්ද කියල ඔය කාරණා දෙක ගැන තර්ක කරන්න ගියොත් ඒක වරදින්න තියන ඉඩකඩ 50%ක් තියෙනවා. මොකද අපේ අය මේ දවස්වල ලෝකෙ වටේම යනවනේ සල්ලි හොයමින්. ඉතිං ඔය වගේ පොඩි දේවල් කරගෙන යන්න පුළුවන්. හැබැයි ඉතිං බංකොලොත් වුනොත් වෙන දේ මම සැකෙවින් පැහැදිලි කරන්නම්.

    බැද්දේගමට වූ දෙය අපටත් වෙයිද?

    ''බංකොලොත් වුනොත් වෙන ලෙනාඩ් වුල්ෆ් විසින් රචිත 'බැද්දේගම” ට වුනා වගේ දෙයක් තමයි. බැද්දේගම මිනිස්සුන්ට වෙච්ච දේ බැද්දේගම නවකතාව කියවපු නැති කෙනකුට ඒ තවකතාව කියවලා තේරුම් ගන්න පුළුවන්. දැන් අපීට වෙන්නෙ කියන දේ තමයි, රුපියලේ අගය, . එනම් අපේ මුදලේ අගය පිරිහෙනවා. ඒක තමයි ඉස්සෙල්ලාම වෙන්නෙ. රුපියල ජාත්‍යන්තරව පිරිහීම වේගවත් වෙනවා. ඒ වගේම, අපිට වෙලාවට ආය ගෙවාගන්න බැරි වුණොත් මේ වගේ දෙයක් වෙන්න පුළුවන්. මොකද දැනට තියෙන ණය සෑම අවුරුද්දකම ඇ.ඩො.බිලියන 4ක් -5ක් ගෙවන්න තියෙනවා. ඒ බිලියන 4-5 සැම අවුරුද්දකම ඉදිරි කාලය තුළ ගෙවන්න තියෙනවා. අපේ රට මේ වගේ ණය පටන් ගත්තේ වර්ෂ 2007දී මහ බැංකුව, ආණ්ඩුව බැඳුම්කර වෙළද පොළ විවෘත කරමිනුයි. ඊට පස්සෙ අපි ජාත්‍යන්තර ස්වෛරිත්ව බැදුම්කර විකුණන්න පටන් ගත්තා. 2007දී තමයි පළමුවැනි එක සිදුකළේ. එදා ඇ,ඩො. මිලියන 500ක බදුකරයක් විකිණුවා. දැන් 2019 වනවීට ඇ.ඩො.බිලියන 17,500ක් දක්වා එය වැඩි වෙලා. මේ ජාත්‍යන්තර වෙළද පොළ ණය ගැනීම් පමණයි. පටන්ගත්තේ මිලියන 500කින්. ඒ කිව්වේ බිලියන භාගයෙන්. ඔය ඔක්කොම ටික අවුරුදු 5න් 10ත් ගෙවන්න තියෙන ණය. ඒවායේ පරිණත වීමේ කාලය අවුරුදු 5යි, නැත්තම් 10යි. එතකොට අවුරුදු 5කින්, 10කින් පරිණත වුණාම අපි ඒ ණය ගෙවන්න ඕන.

    වාණිජ ණය අරගන රියල් පාටියක් දාමු?

    මෙවැනි වාණිජ ණය ගත්තායින් පස්සේ කොන්දේසි නැහැ. තමන්ට ඕනම දෙයක් වෙනුවෙන් වියදම් කරන්න පුළුවන්. කන්න බොන්නෙ පුළුවන්. පිටරට සවාරි යන්න පුළුවන්. ගුවන් ටිකට් ගන්න පුළුවන්. හොටෙල්වලට ගෙවත්ත පුළුවන්. ඉතින් මෙවැනි ණය ගත්තාම හොද "රියල් පාටියක් දාන්න පුළුවන්. ඒ නිසා තමයි අපි ණය ගත්ත කොන්දේසි තියෙන තැන්වලට යන්න කැමති නැත්තෙ. කොන්දේසි තියන තැන්වල ආධාර සහ ණය මොකවත්ම අපට ගන්න බැහැ. මොකද ඒ ණය ගත්තාම අර මා කලින් කිව්ව පාටි දාන්න බැහැ. එම්.සී.සී. එකට වුණත් ඒකමයි. ඒ ගිවිසුමෙන් අපට වෙන වැඩ කරන්න බැහැ. ප්‍රවාහනය දියුණු කරන්න ඕන. ඉඩම් ලියාපදිංචිය පරීගණකගත කරන්න ඕනෙ. ඔය කාරණා දෙක තමයි එම්.සී.සී. එකෙන් ආවේ. එතකොට ඒවගෙන් පිට මේකෙ සතයක්වත් වියදම් කරන්න බැහැ. ඉතිං ඒවා අපිට ඕන නෑ. ඒ වගේම තමයි ජාත්‍යත්තර මූල්‍ය අරමුදලට යන නැත්තෙත්. අපි පහුගිය අවස්ථා දෙක ගත්තොත්, 2009 සහ ඊට පස්සෙ 2016දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියා. ඒ අවස්ථා දන්දීම රටේ ප්‍රතිපත්ති, ප්‍රතිසංස්කරණවලට සහාය දීමට, ඒ සහාය දීම තුළින් මහ බැංකුවේ ඔය කියන විදේශ සංචිතය ගොඩනැගීමට සහ ආණ්ඩුවේ අයවැය පරතරය විසඳා ගැනීමට කොන්දේසි ඉදිරිපත් කළා. ඉතිං අපිට ඒවා ඕනෙ නෑ. අපිට ඕනෙ කොන්දේසි රහිත ය. අපි ඒ කොන්දේසි පිළිපැද්දෙත් නෑ. ඒ නිසා තමයි ඒ ණයවල අත්තිම වාරිකය අපිට නොදුන්නෙ. 2019 තමයි අපට ඒ අත්තිම වාරිකය ලැබෙන්න තිබුණ. නමුත් අපි ඒ කොන්දේසි අනුව කිසිම ප්‍රගතියක් පෙන්වා නොතිබූ නිසා ඒ ණය වාරිකය අපට ලැබු‍ණේ නෑ.

    කළු කඩ මිල විනිමය අනුපාතයක්

    මූලිකව විස්තර කළ ආකාරයට, රටක් බංකොලොත් වෙනවා කියන දේ තුළ සිදුවිය හැකි කාරණා දෙකක් ගැන අපට තවදුරටත් කතා කරත්ත පුළුවන්. ඒ පළමුවැනි කාරණය තමයි රුපියලේ විදේශ අගය අතිවිශාල වශයෙන් පිරිහෙනවා. ඒ කියන්නේ. දැන් ඩොලරයක් රු. 200ක් නම්, ඕක හෙට වෙද්දි රු.400ක්, රු.1,000ක් වෙන්න පුළුවන්. රු.10,000ක් වෙන්නත් පුළුවන්. ඒ විදියට වේගයෙන් පිරිහන්න ගන්නවා. දැන් එහෙම වුණා වෙනිසියුලාවෙ. මොකද වෙනිසියුලාවේ නිල විනිමය අනුපාතයක් තිබුණා. ඒ වගේම කළු කඩ මිල විනිමය අනුපාතය ඊට වඩා මිලියන ගණනක් වැඩියෙන් තමයි තිබුනේ. බැංකුවෙන් ඩොලර් ගන්න ගියොත්, හැමෝටම ගන්න බැහැ. මොකද ඔතන වංචා දූෂණ වැඩත් හරියට තියනවා. බැංකුවෙන් සමහර අයට ඩොලර් ගන්න පුළුවන්. අපෙත් එහෙම පුළුවන්. ඔවුන්ට බැංකුවෙන් ඩොලර් ගැනීමේ ප්‍රශ්නයක් නැහැ. ඩොලර් හමුවේ පුරවැසියෝ දෙවර්ගයක් ඉන්නවා. වෙනිසියුලාවෙත් හිටියා පුරවැසියා දෙවර්ගයක්. එක පුරවැසි කණ්ඩායමකට මේ අර්බුද කියන ඒවත් හොද ව්‍යාපාර අවස්ථා. ඒ කියන්නෙ, නිල අනුපාතයට බැංකුවෙන් ඩොලර් ගන්නවා. අරගෙන කළු කඩ මිලියන ගණනක වෙනසක් තියාගෙන විකුණනවා. උදාහරණයක් විදියට බැංකුවෙන් ගත්ත විට රු.200යි, එළිය රු.5,000යි. මෙතනදී සුළු පරතරයක් මම කිව්වේ. බැංකුවෙන් නිල අනුපාතයට ඩොලර් ගත්ත එක හැමෝටම කරන්න බැහැ. ඒ වැඩේ කරන්න කිසියම් පුද්ගලයෙකු ( වික්ෂිත) බවට ඔප්පු වෙන්න ඕන. එහෙම ඩොලර් අරගන වෙනිසියුලාවේ දේශපාලඥයෝ සහ ඒ හිතවතුන් එළිය මිලියන ගණනකට ඩොලර් විකුණනවා. ඉතිං ඇතැම් මිනිස්සු එක දවසක් තුළ කෝටිපතියන් බවට පත්වෙනවා. ඔවුන් ඒ සල්ලි දීල ආයෙමත් බැංකුවෙන් ඩොලර් ගන්නවා. ඔය විදියට විනිමය අනුපාතය පිරිහීමයි. ඒ සමග එකතු වුණු අනෙකුත් ප්‍රශ්නයි ආවා.

    රු.20ට ඕඩර් කළ ප්ලේන්ටිය බිල ගෙවද්දි 500යි

    දෙවනුවට වුණු දේ තමයි උද්ධමන ප්‍රශ්නයක් ඇති වෙනවා. රටේ භාණ්ඩ හා සේවාවල මිල ගණන් බලාගෙන ඉද්දි වැඩි වෙන්න ගන්නවා. ප්ලේන්ටියක් ඕඩර් කරදි රු.20යි, ප්ලේන්ටිය බීල ඉවර වෙලා බිල ගෙවන්න යද්දි ප්ලේන්ටියේ මිල රු.500ක් විතර වෙන්න පුළුන්. හාල් කිලෝවක් දැන් රු.125යි නම්, පහුවදා වෙනකොට රු.500ක් වෙන්න පුළුවන්. ඊට පහුවදා වෙනකොට රු.1,000ක් වෙන්න පුළුවන්. රු.2,000ක් වෙන්න පුළුවන්. ඔය විදියට සෑම භාණ්ඩයකම මිල ගණන් වැඩි වෙන්න ගන්නවා. මෙහෙම මිල ගණන් වැඩි වෙනකොට භාණ්ඩවලට වෙන දේ ඔබ දන්නවනෙ. ඒ භාණ්ඩ සඳහා කළු කඩ ඇති වෙනවා. තියෙන මිනිස්සු භාණ්ඩ සගවා ගන්නවා. ඉතිං ඕක තනිකරම අවුල් ජාලයක් බවට පත්වෙනවා.

    රට බංකොලොත් වෙයි කියා හිතන අය කළ දේ

    ඊළගට මේ තත්වයත් එක්ක මිනිස්සුන්ට සල්ලි තිබ්බට වැඩක් නැහැ. ඉතිං ඒ නිසා ඒ මිනිස්සු පුළුවන් තරම් පිටරටවලට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ රට බංකොලොත් වෙයි කියල හිතන අය පිටරටවලින් තමයි වත්කම් අරගෙන තියෙන්නේ. පිටරටවල තමයි තම දරු පවුල් තියාගෙන ඉන්නේ. පිටරටවල තමයි ගෙවල් දොරවල් තියෙන්නෙ. පිටවල තමයි බිස්නස් කරන්නේ. පුරවැසිකම අරගෙන ඉන්නෙත් පිටරටවලම තමයි. මේ රටේ හිටියත් එහා පැත්තට අඩිය තියාගෙන,ක්ෂණිකව යත්ත බලාගෙන තමයි ඉන්නෙ.ඔය කාරණය තව එකක්. අපේ පාර්ලිමේන්තුවේ නම් එහෙම පිටරට යන්න අඩිය තියාගෙන ඉන්න අය කීදෙනෙක් ඉන්නවද කියල මම නම් දන්නෙ නැහැ.

    දවසක් ජීවත් වෙනත් රු.100,000ක් ඕනෑ වේවි

    ඊළගට වෙනිසියුලාවේ ඇති වෙච්ච තව ප්‍රශ්නයක් තමයි මිනිස්සු රටින් පිටවෙන්න ගත්තා. විශාල වශයෙන් පිටවෙන්න ගත්තා. යමක්කමක් තිබුණු අය වාහනවලින්, ලොරිවලින්, බස්වලින්, කාර්වලින් පිට වුණා. මොකද වෙනිසියුලාව කියන අපි වගේ මුහුදින් වටවුණු රටක් නෙමෙයි. අසල්වැසි රාජ්‍යයන් තිබුණා. ඒ නිසා ගොඩබිම් වාහනවලින් යන්න පුළුවන්. සමහර ඇති හැකි අය යුරෝපා රටවලට ගුවන් යානාවලින් ගියා. හැබැයි බහුතරයකට ඒ හැකියාව නෑ. මොකද මේ වගේ තත්වයක් ඇති වන විට විශාල පිරිසක් දුප්පතුන් බවට පත්වෙනවා. මෙවැනි තත්වයකදී රු.100,000ක් පඩි ගත්තත්, රු.100,000කින් කරන්න දෙයක් නැති වෙනවා. සමහර විට දවසක්

    පිවත් වෙත්තත් රු.100,000ක් ඕන වෙනවා. ඉති රට අතඇරල යන්න ඒ සල්ලිවලින් බැහැ. 2015 සිට 2016 දක්වා කාලය තුළ මිලියන 3ක් ඒ රටින් මිනිස්සු පිටට ගියා. හැබැයි ඒකෙන් බහුතරයක් සූටිකේස් ඔළුව උඩ තියාගෙන පයින්ම තමයි ගියෙ. යුද්ධ තියෙන රටකින් පැනල යනව වගේ පයින්ම ගිය, සල්ලිවලින් වැඩක් නැති නිසයි. මොකද සල්ලිවලින් වාහනයක් ගන්නවත්, වාහනයකට ටිකට් එකක් ගත්නවත් බෑ. ඒ විදියට මිනිස්සු ගොඩක් රට හැරලා ගියා. ජනතාවගෙන් හතරෙන් තුනක් අනාථයි ඊළඟ කාරණය තමයි ගෙවන්න තියන ණය ගෙවාගන්න බැරි වෙනවා. මොකද අපිට හැම අවුරුද්දේම අ.ඩො.බිලියන 4ක - 5ක ණය වාරිකයක් ගෙවන්න තියෙනවා. මෙහෙම ණය ගෙවාගන්න බැරි වුනාම ඔය තත්වය ඇති වෙනවා. අවසානයේදී ඉතිරි වෙන්නේ ගහක ගඩියක් කඩාගෙන කාල ඉන්න පුළුවන් අසරණ වෙච්ච බහුතරයක් විතරයි. ඒ කිව්ව මිලියන 22න් අඩුම ගානේ මිලියන 15ක් විතරවත්, අපේ රටේ ගත්තොත් හතරෙන් තුනක්වත් ඉතිරි වෙලා බඩගින්නේ ඉන්න වෙයි. සියලුම කටයුතු කඩා වැටෙයි. ඕක තමයි කෙටියෙන්ම බංකොලොත් වීම කියන්නේ.

    බංකොලොත් වුණොත් ගොඩ එන්න පුළුවන්ද?

    මෙවැනි බංකොලොත් තත්වයක් යම් ලෙසකින් අපේ රටේ ඇති වුණා කියා උපකල්පනයක් කළොත්, අපිට ඒකෙන් ගොඩ එන්න නම් විශාල වශයෙන් දැඩි කැප කිරීමක් කරල අලුතින්ම පටන් ගන්න වෙනවා. බංකොලොත් වීම කියන මීට බොහෝ කාලයකට පෙර පැවති බැමිණිතියා සාය වගේ අවස්ථාවකට පත්වීම වගෙයි. මොකද රස්සාවල් නෑ. කන්න බොන්න නෑ. ව්‍යාපාර නෑ. මිනිස්සු තැන තැන වැටිලා. ව්‍යාපාරිකයන් රට හැර ගිහින්, ඩොලර් ඒමක් නෑ. ආනයන ඒමක් නෑ. තල් නම්. තෙල් නැත්නම් කිසිම දෙයක් දුවත්ත විදියක් නෑ. ඔය මට්ටමට රට්ටක් වැටුනොත් ඒ නැගිටීම, මුල ඉදලාම පටන් ගත්තොත් මේ දැනට ඉන්න පරම්පරාවල් තුළ ඒ නැගිටීම කරන්න අමාරු වේවි. අලුත්ම ක්‍රමයකට රට හැදිල එන්න වෙයි. අර බැද්දේගම අන්තිමට නැතිවෙලා ගියා වගේ දෙයක් තමයි රටට වෙන. නමුත් ඒ මට්ටමට එනකොට රට ආයෙත් නැගිටුවා ගැනීමට නම් බොහෝ කාලයක් ගතවේවි.”

    (ෂමිල පෙරේරා)
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    බංකොලොත් වෙනකන් තමා ටොයි ජෙප්පො කට අැරන් බලන් ඉන්නෙ වෙන මොකකටවත් නෙමෙයි බලේ අරන් තම්බි ඵක්ක ඵකතු වෙලා අායෙත් බෝම්බ පුපුරවන්න.රට කන්න.ඒත් ඒක උන්ගෙ හීනයක් විතරයි..

    ජනපතිගෙ ඊයේ කථාව අැහුවනම් ඒක තේරුම් ගන්න පුළුවන්..ඒ මනුස්සයට බයක් ගෑවිලාවත් නෑ.ඵන අවුරුදු 3නේ ගහයි සුපිරි ගේමක්.යුද්ධය කරපු කෙනෙක්ට රටේ මිනිස්සු රට බාර දුන්නෙ අන්න ඒ නිසයි.රටකට ඕන අන්න ඒ වගේ බය නැති නායකයෝ.ජහපාලුවොන්ගෙ ඵකෙක් අද ජනපති වෙලා හිටියනම් මේ වගේ කාලෙක සෙම හලාගෙන වැටිලා..කොරෝනා ඵකක් රට දියුණු කරගෙන ගෝඨා මාරම ගේමක් ගහනව කියල ටොයි ජෙප්පො හැර හැමෝම දන්නවා..අපි ඒකට උදව් කරන්න ඕන වල කපන්නෙ නැතුව..ටොයි ජෙප්පො නම් වල කපන ඵකමනේ කරන්නේ ගෝඨා බලයට අාපු දවසේ ඉඳන්..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,715
    1
    57,884
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රට බංකොලොත් වෙන්නම ඕනෙ අලුත් දේශපාලන සංස්කෘතියක් හැදෙන්න. ඒත් මට බය කොස්කොල ඔටුන්නක් දාගෙන මමයි රජා කරයිද කියල
     
    • Like
    Reactions: NRTG

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,560
    1,257
    113
    මෙන්න මෙතන
    බංකොලොත් වෙනකන් තමා ටොයි ජෙප්පො කට අැරන් බලන් ඉන්නෙ වෙන මොකකටවත් නෙමෙයි බලේ අරන් තම්බි ඵක්ක ඵකතු වෙලා අායෙත් බෝම්බ පුපුරවන්න.රට කන්න.ඒත් ඒක උන්ගෙ හීනයක් විතරයි..

    ජනපතිගෙ ඊයේ කථාව අැහුවනම් ඒක තේරුම් ගන්න පුළුවන්..ඒ මනුස්සයට බයක් ගෑවිලාවත් නෑ.ඵන අවුරුදු 3නේ ගහයි සුපිරි ගේමක්.යුද්ධය කරපු කෙනෙක්ට රටේ මිනිස්සු රට බාර දුන්නෙ අන්න ඒ නිසයි.රටකට ඕන අන්න ඒ වගේ බය නැති නායකයෝ.ජහපාලුවොන්ගෙ ඵකෙක් අද ජනපති වෙලා හිටියනම් මේ වගේ කාලෙක සෙම හලාගෙන වැටිලා..කොරෝනා ඵකක් රට දියුණු කරගෙන ගෝඨා මාරම ගේමක් ගහනව කියල ටොයි ජෙප්පො හැර හැමෝම දන්නවා..අපි ඒකට උදව් කරන්න ඕන වල කපන්නෙ නැතුව..ටොයි ජෙප්පො නම් වල කපන ඵකමනේ කරන්නේ ගෝඨා බලයට අාපු දවසේ ඉඳන්..
    තාම නිදිද
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    2007 පස්සේ කියන්නේ ඉතින් නාකි පර මහින්දයා තමා ඔක්කොම කරලා තියෙන්නේ. කාලකන්නියා.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,537
    14,702
    113
    ජනපතිගෙ ඊයේ කථාව අැහුවනම් ඒක තේරුම් ගන්න පුළුවන්..ඒ මනුස්සයට බයක් ගෑවිලාවත් නෑ.ඵන අවුරුදු 3නේ ගහයි සුපිරි ගේමක්.
    Awurudu 3kata passe bump wena post ekak.
     

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    යකෝ උඹලා වගේ මෝඩ ගොන් හරක්.
    රටේ මිනිස්සුන්ට කන්න නැහැ, බොන්න නැහැ, කිරිපිටි නැහැ, පාන් පිටි නැහැ, ගෑස් නැහැ, පෙට්‍රෝල් නැහැ, ඩීසල් නැහැ, තේ එකක් බොන්න හෝටලයක් ඇරලා නැහැ, බෙහෙත් නැහැ, ලාම්පු තෙල් නැහැ, ව්‍යාපාර කරන්න කිසිම බඩුවක් ආනයන කරන්නෙ නැහැ.රුපියලට අගයම් නැහැ.මේවාට විසන්ඳුම් දන්නෙත් නැහැ.

    (ජනපතිගෙ ඊයේ කථාව අහුවනම් ඒක තේරුම් ගන්න පුළුවන්..) ජනපතිගේ කතාව අහපු ගමන් දැනගන්න පුලුවන් ඒයකා මෝඩ හරකෙක් කියලා. රට්ටු මෙච්චර දුක් විඳිද්දි මේකා ජාතිය අමතනව කියලා මහ බැංකු අධිපතිගේ වාර්ථාවක් කියවනවා. මේ වගේ ජාතිය අමතලා බලා පොරොත්තුවන්නේ මොනවාද?

    (ඒ මනුස්සයට බයක් ගෑවිලාවත් නෑ.ඵන අවුරුදු 3නේ ගහයි සුපිරි ගේමක්)
    මොකට බයවෙන්නදා කිසිදෙයක් දන්නෙ නැතුව භාර අරන් අනාගත්තෙ මදිද.ප්‍රස්ණේ දුරදිග හියොත් ඕකා ඇමරිකාවට යයි මොකටද බයවෙන්නේ?)
    මුලු ලෝකෙම දන්නවා මෙකා දන්න මගුලක් නැහැ කියලා. ගොන් හරකෝ කොරෝනා ආවේ ලංකාවට විතරක් නෙමෙයි. හැම රටකටම ඒ හැම රටක්ම ඒකෙන් මිදිලා ඉස්සරහට හියා මේ යකා විතරයි නන්නත්තාර කරගත්තේ.

    (අපි ඒකට උදව් කරන්න ඕන වල කපන්නෙ නැතුව..ටොයි ජෙප්පො නම් වල කපන ඵකමනේ කරන්නේ ගෝඨා බලයට අාපු දවසේ ඉඳන්..)
    කොහොමද උදවු කරන්න ඔනේ?එයාගෙ නෝනවත් පාර්ලිමේන්තුවට ගේන්න 21ක් වෙනි සංසෝදනයකුත් ගේන්න ඕනෙද?

    බංකොලොත් වෙනකන් තමා ටොයි ජෙප්පො කට අැරන් බලන් ඉන්නෙ වෙන මොකකටවත් නෙමෙයි බලේ අරන් තම්බි ඵක්ක ඵකතු වෙලා අායෙත් බෝම්බ පුපුරවන්න.රට කන්න.ඒත් ඒක උන්ගෙ හීනයක් විතරයි..

    ජනපතිගෙ ඊයේ කථාව අැහුවනම් ඒක තේරුම් ගන්න පුළුවන්..ඒ මනුස්සයට බයක් ගෑවිලාවත් නෑ.ඵන අවුරුදු 3නේ ගහයි සුපිරි ගේමක්.යුද්ධය කරපු කෙනෙක්ට රටේ මිනිස්සු රට බාර දුන්නෙ අන්න ඒ නිසයි.රටකට ඕන අන්න ඒ වගේ බය නැති නායකයෝ.ජහපාලුවොන්ගෙ ඵකෙක් අද ජනපති වෙලා හිටියනම් මේ වගේ කාලෙක සෙම හලාගෙන වැටිලා..කොරෝනා ඵකක් රට දියුණු කරගෙන ගෝඨා මාරම ගේමක් ගහනව කියල ටොයි ජෙප්පො හැර හැමෝම දන්නවා..අපි ඒකට උදව් කරන්න ඕන වල කපන්නෙ නැතුව..ටොයි ජෙප්පො නම් වල කපන ඵකමනේ කරන්නේ ගෝඨා බලයට අාපු දවසේ ඉඳන්..