බංග්ලාදේශයේ පළමු ණයගැතියා වීමට ශ්රී ලංකාව වාසනාවන්ත වෙයි - ලබන සතියේ ඩොලර් මිලියන 50 ක්
ශ්රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 250 ක ණය මුදලක් ලබාදීමට බංග්ලාදේශ මහ බැංකුව එකඟ වී තිබෙනවා. අදියර තුනක් යටතේ මෙම ණය මුදල ලැබීමට නියමිත අතර ඩොලර් මිලියන 50 ක් ඉදිරි සතියේදී ලබාදීමට එකඟ වී තිබෙනවා. ඉතිරි අදියර දෙක යටතේ ඩොලර් මිලියන 100 බැගින් ලබාදීමටයි එකඟ වී තිබෙන්නේ.
බංග්ලාදේශය විදෙස් රටකට ලබාදෙන පළමු ණය මුදල මෙය වන අතර ඒ අනුව බංග්ලාදේශයේ පළමු ණයගැතිය වීමට ශ්රී ලංකාව වාසනාවන්ත වී තිබේ.
මෙම ණය මුදලට අදාල ගිවිසුම ශ්රී ලංකා මහ බැංකුව සහ බංග්ලාදේශ මහ බැංකුව අතර අත්සන් කර ඇති බවයි වාර්තා වන්නේ.
බංග්ලාදේශය මීට පෙර ශ්රී ලංකා රජයට ඇමරිකානු ඩොලර් මිලියන 200 ක මුදලක් ලබාදුන් අතර එය හිමිවූයේ ණය මුදලක් ලෙස නොවන තාවකාලික ඩොලර් හුවමාරුවක් ලෙස පමණි.
LNW