When Air cleaner gone under water , bus driver and passengers will have tears in their eyes.අරිසෙන් අහුබුදු වන්ට අනුව වාරියපොළ යනු, වා=වාතයෙන්, රිය=රථ, පොළ=තොටුපොළ හෙවත් වාතයෙන් යන රථ පොළ ලෙස හැඳින්වෙන දඬුමොණර ගුවන් යාත්රාංගනයක් බවත් ඔබට මතක ඇති. කොහුවල සිට වාරියපොළට ගමන් මාර්ගයක් ඇති නිසා අතීත හෙළයින්ගේ මහා මාර්ග ප්රවාහනය සහ ගුවන් ප්රවාහනය අතර තිබූ සම්බන්ධතාවය මැනැවින් පැහැදිළි වෙයි. හෙළ ගවේශකයින් පවසන පරිදි රාවනා ඇල්ල අසලින් හමුවූ උමගේ සිට රාවනා ඇල්ලට කිලෝමීටර් ගණනාවක් දිග මාර්ගයක් තිබෙන නිසා එම උමග රාවණා රජතුමාගේ බව තහවුරු වෙයි. එසේම, වාරියපොළ සිට කොහුවලටත් මාර්ගයක් තිබෙන නිසා කොහුවලත් රාවණ රජතුමාගේ බවට තවත් මූලාශ්රයකි. නුගේගොඩ ගුවන් පාලම හැදීමට මාර්ගය හාරද්දී එතැනින් හමුවූ ඉපැරණි සෙල් ලිපියක මෙසේ දැක්වෙයි. "කල හ බ නව ප ඉළ බකල යක ඣප ප නුග". එහි තේරුම මෙලෙස දැක්විය හැකියි. "කොහුවල හෙළ බස් නැවතුම් පොළ ඉදිකළ බට්ඨිකාලි යකිනිය ගේ දෙටු පුත් පැළ කළ නුග ගස". එම සෙල් ලිපි මූලාශ්රය අනුවද රාවණ රජ සමයේ තිබූ කොහුවල හෙළ බස් නැවතුම්පොළ ගැන පැහැදිළි වෙයි. එදා හෙළයින්ට තිබූ බස් තාක්ෂණය අද හෙළයින්ටත් තිබෙන හැටි පහත රූපයෙන් ඔබට දිස් වෙනු ඇත. පර සුද්දන්ගේ සම්බැරීන් දියේ පමණක් ගමන් කරද්දී, හෙළයින්ගේ බස් දිය ගොඩ දෙකේදීම ගමන් කරන උදාරත්වය දෙස බලන කල අපගේ තනි නෙතගට කඳුළක් එක්
![]()