බඩ අඩුකරන්න ඔබත් කැමතිද? එහෙනම් මෙන්න විස&#350

shruk khan

Banned
May 31, 2017
1,834
459
0
Fb
බඩ අඩුකරන්න ඔබත් කැමතිද? එහෙනම් මෙන්න විස&#350

FB-7-Day-Paleo-Natural-Weight-Loss-Meal-Plan.jpg


සමහර කාර්යාලවලදි, මග තොටදි ඔබේ යාළු මිත්‍රයන් ඔබට කියනවා ඇති ‘ආ දැන් බඩ එහෙම දාලා ඇවිත් තියෙන්නේ..කෑම හොඳයි වගේ’ කියලා. එහෙමත් නැත්නම් පොඩි දරුවෝ එහෙම ඔබට කියනවද ‘බඩා’ කියලා. මේ බඩ වැඩිවීම හෙවත් උදරය ඉදිරියට නෙරා ඒම කියන්නේ බොහෝ දෙනෙක් මුහුණදෙන ගැටළුවක්.

කාන්තා පිරිමි කියලා වෙනසක් නෑ උදරය ඉදිරියට නෙරා ඒමට. විශේෂයෙන්ම වයස අවුරුදු 25 ඉක්ම ගියාට පස්සේ බොහෝ දෙනෙක්ට මේ බඩ වැඩිවීමට මුහුණ දෙන්න වෙනවා. අපේ ආහාර රටාවේ ඇති ගැටළු නිසා මේදය අධික ආහාර ගැනීමෙන් උදරය අවට ලිහිල් මාංශ පේශී අතරේ මේදය තැන්පත්වීමෙන් තමයි මේ විදිහට උදරය ඉදිරියට නෙරා එන්නේ.

ඒ වගේම මේ මේදය දහනය කරන්න නිසි පරිදි ව්‍යායාම හෝ ආහාර පාලනය සිදු නොකරද්දි උදරය වැඩිවීම එන්න එන්න වැඩිවෙනවා මිසක් අඩුවක් නෑ. පිරිමි අයටත් වඩා මේ ගැටළුව ගොඩක්ම මානසික වදයක් වෙන්නේ කාන්තාවන්ට. මොකද කාන්තාවන්ගේ ශරීරයේ හැඩය එක්ක බඩ පොඩ්ඩක් මතුවුණත් බොහොම කැතට පේන්න ගන්නවා. ඒ වගේම කාන්තාව අඳින ඇඳුම් එක්ක බඩ වැඩි එක හොඳට පේනවා. බරපතලම ප්‍රශ්නය තමයි බඩ ටිකක් වැඩිවුණාම කාන්තාවන්ට අඳින කිසිම ඇඳුමක ලස්සනක් පෙන්නේ නැති එක.

අනිත් එක තමයි පෙනුමට කැතයි වගේම දිගින් දිගටම මේ විදිහට මේදය තැන්පත්වීම තුලින් කොලෙස්ටරෝල් තත්වය වැඩිවීම එක්ක එහිම දිගුවක් ලෙසට අධි රුධිර පීඩනය දක්වා යන්නත් පුළුවන්. ඒක භයානක තත්වයක්.

මෙන්න මේ අපි යෝජනා කරන දේවල් ටික කරලා බලන්න ඔබේ බඩ අඩුකරගන්න මේක සාර්ථක මාර්ගයක් වෙයි. මේ බොහේ දේවල් පර්යේෂණ මගින් සාර්ථකයි කියලා සනාථ කරපු දේවල් ඒ නිසා කාන්තා පිරිමි දෙපාර්ශවයටම මේවා අත්හදා බලන්න පුළුවන්.

මේදය අධික ආහාර අඩු කරන්න

ක්ෂණික ආහාර, මාගරින් වගේ දේවල් භාවිතය අඩු කරන්න. පිටි අධික ආහාරවල තිබෙන දේවල් වුනත් ඔබගේ උදරය වැඩිවෙන්න හේතුවක්.

මතට තිත

ඇල්කොහොල් වර්ග කියන්නෙත් උදරය වැඩිවෙන්න ප්‍රධාන හේතුවක්. ඇල්කොහොල්වල අඩංගු සංඝටක නිසා මේදය දහනය වීම ප්‍රමාද කරනවා. ඒ නිසා මත්පැන් පානයෙන් මිදෙන්න පුළුවන්නම් එය ඔබේ උදරය අඩුකරගන්න විශාල උදව්වක් වෙයි.

ප්‍රෝටීන් වැඩි ආහාර ගන්න

විශේෂයෙන්ම මස්, නැවුම් කිරි, මාළු, බිත්තර වගේම පලා වර්ගත් ප්‍රෝටීන් බෙහෙවින් අඩංගු ආහාර විදිහට සලකන්න පුළුවන්. එවැනි ආහාර වලට ඔබේ ශරීරයේ මේදය වර්ධනය වීම පාලනය කරන්න පුළුවන් වගේම ශරීරයේ නියම සුවදායී හැඩය පවත්වාගෙන යන්නත් උදව් කරනවා.

මානසික පීඩනය නැතිකරගන්න

ඔබ ඉන්නේ කාර්යබහුල ජීවිතයක නම් මානසික පීඩනය අනිවාර්යයෙන් ඔබට බලපානවා ඇති. ඒකේ ප්‍රතිඵලයක් විදිහට බඩ වැඩිවෙන එක සාමාන්‍ය දෙයක්. ඒ නිසා ඔබට බඩ අඩුකරගන්න නම් ඔබේ මානසික පිඩනයත් පාලනය කරගන්න වෙනවා. භාවනා කිරීම, සංගීතය, සංචාරය වගේ දේවල් ඒකට දිව ඔසුවක්.

පැණි රස කෑම අඩුකරන්න

සීනි වැඩි කෑම කොච්චර කටට රස වුණත් ඇඟටනම් එච්චර ගුණ නෑ. බඩ වැඩිවෙන්න සීනිත් එක හේතුවක්. ඒ නිසා සීනි පාලනය කරගන්න.ඒක දියවැඩියාව පාලනයටත් හොඳ පුරුද්දක් වේවි.

බඩට ව්‍යායාම වැඩි කරන්න

දුවන, ඇවිදින ව්‍යායාම කරන්න පුරුදු වෙන්න. ඒ වගේම ඒ ව්‍යායාම අතරේ ඩිප්ස් ගහන්න, මුණින් අතට ඉඳගෙන කකුල් දෙක නවලා හිසේ වද්දන එක, නිදන ඉරියව්වෙන් කකුල් සහ අත් ස්පර්ශ කිරීම වගේ ව්‍යායාම වලින් බඩට හොඳට දැනෙන්න ව්‍යායාම කරන්න.

බයිසිකල් පදින්න

ඔබට පුළුවන්නම් පාපැදියක් අරගෙන දවසකට කිලෝමීටර් කීපයක් හොඳින් පදින්න. ඒක බඩට හොඳ ව්‍යායාමයක්. ඔබ දැකලා නෑ නේද කවදාවත් නිතර පාපැදි භාවිතා කරන කෙනෙක්ගේ බඩ ඇවිත් තියනවා.

නින්ද වඩාත් වැදගත්

දවසකට අවම වශයෙන් පැය 6කවත් නින්දක් ඔබේ ශරීරයට අවශ්‍යයි. ඒ වගේම නිදාගන්න වෙලාව රාත්‍රී 10 සහ උදෑසන 6 අතරේ නම් වඩාත් හොඳයි.

වර්ණ රසායනික අඩංගු පානයන් අහිතකරයි

කෘත්‍රීම වර්ණ රසකාරක අඩංගු බීම වර්ග, පළතුරු කෝඩියල් වගේ දේවල් බඩ වැඩිවෙන එකට මූලිකවම බලපානවා. ඒ නිසා ඒ දේවල් අතහරින්න.

නිතර Green Tea බොන්න

Green Tea කියන්නේ ටිකක් බොන්න අමාරු වුණත් දවසකට අඩුම එක කෝප්පයක් වත් බොන්න පුළුවන්නම් ශරීරයේ මේදය දහනයට විශාලම දායකත්වයක් දෙන පානයක්. ඒ නිසා මේ පුරුද්ද තියාගන්න පුළුවන්නම් බඩ අඩුකරගන්න බොහොම පහසුයි.

මෙන්න මේ දේවල් ටික හොඳින් කරලා බලන්න ප්‍රතිඵල සහතිකයි
 

thanush000

Well-known member
  • Aug 22, 2018
    1,588
    717
    113
    38
    සුවසිලන්තය
    බයිසිකලුත් පදිනවා කොටින්ම කියනවනම් දැනුත් ග්‍රින්ටි එකක් ගහන ගමන් ඉන්නේ රෙද්ද බඩ අඩුවෙන්නැ ගිය ආත්මේ මොකෙක් හරි එකෙක්ට අම්බානෙට විහිලු කරලද කොහෙද බඩා කියකිය.:no::no:
     

    Mr.Sawyer

    Well-known member
  • Jan 18, 2017
    1,235
    343
    83
    Langley
    බයිසිකලුත් පදිනවා කොටින්ම කියනවනම් දැනුත් ග්‍රින්ටි එකක් ගහන ගමන් ඉන්නේ රෙද්ද බඩ අඩුවෙන්නැ ගිය ආත්මේ මොකෙක් හරි එකෙක්ට අම්බානෙට විහිලු කරලද කොහෙද බඩා කියකිය.:no::no:
    :lol: mageth ehemai bn reta noka indapan
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,421
    113
    Oya kiyana hema magaulama kara ban hema daama raata Wijeramaya Rajamaha viharaya wateta duwanwa paalu paaraka inna un innawanam set weyan :D:D
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    බයිසිකලුත් පදිනවා කොටින්ම කියනවනම් දැනුත් ග්‍රින්ටි එකක් ගහන ගමන් ඉන්නේ රෙද්ද බඩ අඩුවෙන්නැ ගිය ආත්මේ මොකෙක් හරි එකෙක්ට අම්බානෙට විහිලු කරලද කොහෙද බඩා කියකිය.:no::no:

    පොන්ස් හොද workout එකක් කරපන්.runtastic sixpack app eka download karaganini
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::lol:
    බයිසිකලුත් පදිනවා කොටින්ම කියනවනම් දැනුත් ග්‍රින්ටි එකක් ගහන ගමන් ඉන්නේ රෙද්ද බඩ අඩුවෙන්නැ ගිය ආත්මේ මොකෙක් හරි එකෙක්ට අම්බානෙට විහිලු කරලද කොහෙද බඩා කියකිය.:no::no:
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,588
    717
    113
    38
    සුවසිලන්තය
    පොන්ස් හොද workout එකක් කරපන්.runtastic sixpack app eka download karaganini

    karanna oona hama labbakma karanawa ban mehema hitiyata aurudu 15 kata withra kalin honda kriidakayek thamai man lankawe nemi pons man inne night shift ekata wada eekath indagena ohe wada karana ekkak ithin gedra awahma nidagnnawa ban ookane kammali kama thiyana nisane apita mona labbakwath hariyanne natthe balmu mokk hari game k gahanna mee aurudde anthima weddi wath kalagediya adukaraganna oone natthan samajeta muuuna denna baa :P:P:P:P:P