බණ්ඩාරවෙල ළැගුම්හලේදී සංජීවනී ඝාතනය වන්නේ දෙවන සැමියා අතින්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    Sanjeevani-is-killed-by-her-second-husband-at-the-Bandarawela-lodge

    බණ්ඩාරවෙල නගරයේ ලැගුම්හලක කාමරයක ඇඳක් මත තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනයවූ කාන්තාවකගේ සිරුරක් හමුවූයේ පෙරේදා සවසයි. බැලු බැල්මට මෙය අනියම් ඇසුරක් මත සිදුවූ ඝාතනයක් ලෙස සැක මතුවූයේ ඝාතනයෙන් පසු එහි සිටි පුරුෂයා පලායාම නිසාය. නමුත් මෙය පවුල් ආරවුලක් මතසිද්ධ වූ ඝාතනයක් බවට සැකකළ හැකි කරුණු දැන් අනාවරණයවී තිබේ.

    මෙලෙස මියගිය සංජීවනී තුෂාරිකා ද සිල්වා (40) තිදරු මවක වූ අතර ඇගේ දෙවන හා තුන්වන දරුවන්ගේ පියා හෙවත් දෙවන සැමියා මෙම ඝාතනය සිදුකළ සැකකරු බවට දැන් අනුමාන කෙරේ.විවාහක සැමියා ළැගුම් හලක සිටියදී බිරිය ඒ වෙත පැමිණීම සිදුවන්නේ සැමියා පැමිණ දිනකට පසුවයි. ඒ ඔහුගේ ‘හොරයක්‘ අල්ලන්නටදැයි සැකයක් මතුව තිබේ.

    ඇටම්පිටිය කැන්දගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි සංජීවනී තුෂාරිකා ද සිල්වා (40) නැමති තිදරු මවක් මෙසේ ඇයගේ දෙවන විවාහයේ සැමියා විසින් ඝාතනය කර ඇති බව පොලිසිය කීය.

    මේ කාන්තාව මීට පෙර විවාහ වී අවුරුදු 20ක දියණියක සිටින බවත්,
    පසුව එම විවාහයෙන් අනතුරුව මැය කැලණිය ගෝනමල්දෙණිය ප්‍රදේශයේ පුද්ගලයකු සමඟ විවාහ වී දරුවන් දෙදෙනකු සිටින බවත් පොලිසිය පැවසීය.

    ඇය එම දෙවන විවාහයෙන් පසුව සැමියා, දරුවන් දෙදෙනා සමඟ කැලණිය ප්‍රදේශයේ පදිංචිව සිට ඇති බවත්, පසුව එම නි‍වසේ සිටීමට නොහැකි බව පවසා මැය දරුවන් සමඟ ඇටම්පිටිය කැන්දගොල්ල නි‍වසට පැමිණ ඇති බව ද පොලිසිය සඳහන් කළේය.

    මේ ඝාතනය කළ බව කියන ඇගේ දෙවන විවාහයේ සැමියා පසුගියදා (23) දහවල් 12.00ට පමණ බණ්ඩාරවෙල නගරයේ පිහිටි මේ ලැගුම්හලට පැමිණ කාමරයක් කුලියට ගෙන නතර වී සිට ඇති අතර, පසුදින (24) උදෑසන 8.00ට පමණ මේ කාන්තාව එම ලැගුම්හලට පැමිණ ඇතැයි පොලිසිය පවසයි.

    සිය බිරිය පැමිණි බව මොහු ලැගුම්හලේ සේවකයන්ට පවසා ඇති බවත් කාමරයේ සිටි මේ යුවළ පසුව බණ්ඩාරවෙල නගරයට ගොස් යළි පෙරවරු 11.00ට පමණ කාමරයට පැමිණ සිට ඇති බවත් පොලිසිය පැවසීය. එසේ සිටියදී පෙරේදා (24) පස්වරු 4.00ට පමණ පමණ මොහු නෝනාට කෑම එකක් ගේන්න යන බව කියා ලැගුම්හලේ සේවකයන්ටත් කියා කලබලයෙන් ලැගුම්හලෙන් පිටවී ගොස් ඇති අතර, මත්පැන් පානය කර එම ගඳ වහනය වීම නිසාවෙන් ලැගුම්හලේ සේවකයකුට සැකසිතී ඔවුන් නැවතී සිටි කාමරයට ගොස් බැලීමේදී කාමරයේ දොර බාගෙට විවෘත කර කාමරයේ ඇඳ මත බෙඩ්ෂීට් එකකින් ඔතා දමා ලේ ගොඩක් මත තිබූ මළසිරුර දැක පොලිසියට දැනුම් දුන් බවද උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේය.

    කාමරයෙන් කෘමිනාශක ගඳක් වහනය වෙමින් තිබූ බවත්,
    වමනය ද තිබී ඇති අතර, සැමියා විසින් ලියා තිබූ බව කියන ලිපියක් කාන්තාවගේ මළ සිරුර තිබූ ඇඳ මත තිබිණැයි පොලිසිය පැවසීය .

    සැකකරු කාන්තාවගේ ගෙල ප්‍රදේශයට සහ උදරයට පිහියකින් ඇන කපා කොටා දමා තිබූ බවත්, ඝාතනයට යොදා ගත් පිහිය එම ලැගුම්හලේ කාමරයේ ඇඳ යට තිබියදී සොයාගත් බවත් පොලිසිය කීය.

    බණ්ඩාරවෙල පොලිසියේ නිලධාරීන් මේ සම්බන්ධයෙන් ‘ලයිගා‘ පොලිස් නිල සුනඛයාගේ සහාය මත පෙරේදා (24) පස්වරුවේ පරීක්ෂණ කළ අතර, සැකකරු ලැගුහලේ කාමරයේදී කාන්තාව ඝාතනය කර පසුව බණ්ඩාරවෙල නගරයේ බස්රථ නැවතුම්පොළ දෙසින් දුම්රිය ස්ථානය දෙසට ගොස් ඇති බවට පොලිස් නිල සුනඛ ‘ලයිගා‘ මාර්ගයෙන් අනාවරණය කර ගැනීමට හැකිවිණැයි පොලිසිය පවසයි.

    සැකකරු දුම්රියේ නැඟ පලායන්නට ඇතැයි පොලිසිය සැක කරයි.කැලණිය ගෝනවල ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි සැකකරු සොයන්නට පොලිසිය මේවනවිට මහජන සහය ඉල්ලා ඇති අතර ඡායාරූප ප්‍රසිද්ධ කර තිබේ.

    බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් කේ. ජීවරානි මහත්මිය විසින් මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළ සිරුර දියතලාව රෝහලට යවා ඇත.

    බණ්ඩාරවෙල පොලිස් නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
    ee.jpeg
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    කර්මය විපාක දෙන කාලය අනුව ආකාර 4 කි.

    (1)දිට්ඨ දම්ම වේදනිය කර්මය:-මෙලොවදීම විපාක දෙන කර්ම දිට්ඨ ධම්ම වේදනීය කර්ම නම් වේ.

    (2)උපපජ්ජ වේදනීය කර්මය:-දෙවන භවයේ විපාක දෙන කර්ම උපපජ්ජ වේදනීය කර්ම නම් වේ.

    (3)අපරාපරිය වේදනීය කර්මයතෙවන භවයේ සිට ඉඩ ලැබෙන අවස්ථාවන් වල විපාක දෙන කර්ම අපරාපරීය වේදනීය කර්ම නම් වේ.මේවා නිවන් දකින තුරු හා අවබෝධ කල පසුද පරිනිර්වාණය තෙක් විපාක දිය හැක.

    (4)අහෝසි කර්මය:-විපාක දීමට අවස්ථාවක් නොලැබෙන කර්ම අහෝසි කර්ම නම් වේ.

    විපාක දීමට ඉදිරිපත් වන ආකාරය අනුව කර්මය කොටස් 4 කි.

    (1)ගරුක කර්මය:-ප්රබල කුසල් හෝ අකුසල කර්ම. වේ.අෂ්ඨ සමාපත්ති ලබා ගැනීම ගරුක කුසල වේ.ගරුක අකුසල කර්ම වන්නේ පංචානන්තරීය පාප කර්ම වේ.උපත ලැබීමේදී ජනක කර්ම ලෙස ගරුක කර්ම බලපායි.

    (2)ආසන්න කර්ම:-මරණාසන්න මොහොතේ කරන ලද හෝ සිහිපත් කරන ලද කර්ම වේ.විපාක දීමට ගරුක කර්ම ඉදිරිපත් නොවන විට ජනක කර්ම ලෙස ඉදිරිපත් වේ.

    (3)ආචිණ්ණ කර්ම:-ජීවිතයේ නිතර පුරුදු පුහුණු කරන ලද කර්ම වේ.ගරුක,ආසන්න කර්ම ඉදිරිපත් නොවන විට ජනක කර්ම සදහා බලපායි.

    (4)කටත්තා කර්ම:-බලවත් චේතනා ශක්තියකින් තොරව කල කර්ම.ගරුක,ආසන්න,ආචිණ්ණ කර්ම නැති විට ජනක කර්ම ලෙස ඉදිරිපත් වේ.

    .
    .
    .
    විපාක දීමේදී ක්රියාත්මක වන ආකාරය අනුව කර්මය කොටස් 4 කි.

    (1)ජනක කර්මය:-කිසියම් භවයකට උපත ලබා දීමට ඉදිරිපත් වන කර්ම ශක්තිය වේ.කුසල් මෙන්ම අකුසල විය හැක.

    (2)උපත්ථම්භක කර්මය:-ජනක කර්මයෙන් උපන් කර්ම ශක්තියට උදව් කරයි.

    (3)උපපීළක කර්මය:-ජනක කර්මයෙන් උපන් සත්වයාගේ එකී භවය ඒ ආකාරයෙන් පවත්වා ගෙන යාමට බාධා කරයි.

    (4)උපඝාතක කර්මය:-ජනක කර්මයෙන් උපන් කර්ම ශක්තිය සම්පූර්ණයෙන් නැති කර දමයි.

    සමහර කර්ම අහෝසි කර ගත හැකි අතර සමහර කර්ම වල විපාක ශක්තිය අඩු කර ගත හැක.මේ බව ලෝණක ඵල සූත්‍රයෙහි විග්‍රහ කර ඇත.ආනන්තරිය පාප කර්ම හැරෙන්නට අනෙකුත් පාප කර්ම වල විපාක ශක්තිය අහෝසි කරගැනීමේ හැකියාව ඇත.ආනන්තරීය පාප කර්ම සම්පූර්ණයෙන් අහෝසි කල නොහැකි වුවත් විශාල පුන්ය කර්ම කර විපාක ශක්තිය අවම කල හැක.

    උදාහරණ:-අජාසත් රජතුමා

    උදාහරණ ලෙස අංගුලිමාල පැවිදි වී අරහත් ඵලය සාක්ෂාත් කර ගත් ආකාරය දැක්විය හැක.අරහත් භාවයට පත් වූ විට අවිද්‍යාව නැති නිසා නව කර්ම හට ගැනීම වැලක්විය හැක.