බණ්ඩාර පුතාට 'වතුර' වුණු Vodka වල ඉතිහාසය

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    බණ්ඩාර පුතාට 'වතුර' වුණු Vodka වල ඉතිහාසය

    වොඩ්කා කියන්නේ අද ලෝකයේ සුප්‍රසිද්ධම මධ්‍යසාර වර්ගයක්. වොඩ්කා නැති රටක් ලෝකයේ නැති තරම්. ඒ වගේම අද වෙනකොට එක් එක් රටවල් දේශීය වශයෙන් වොඩ්කා නිෂ්පාදනය ආරම්භ කරලා තියනවා. මේ දවස්වල ලංකාවෙත් Vodka වලට ලොකු ප්‍රසිද්ධයක් ලැබිලා තියන නිසා අපි හිතුවා වොඩ්කාවල ඉතිහාස කතාව පොඩ්ඩක් හොයලා බලන්න.

    තවමත් ඉතිහාස ගවේශකයන් අතරේ විවාදයකට ලක්වෙලා තිබෙනවා මේ වොඩ්කා උපන් රට පිළිබඳව. සමහරු තර්ක කරනවා වොඩ්කා උපදින්නේ පෝලන්තයේ කියලා, තවත් සමහරුන් එහි ගෞරවය රුසියාවට දෙනවා. කොහොම වුනත් මධ්‍යතන යුගයේ මේ රටවල් දෙකෙන් එකක, නැතිනම් දෙකේම වොඩ්කා නිපදවෙන්න ඇති කියලා හිතන්න පුළුවන්.

    මේ Vodka කියන නම හැදිලා තියෙන්නේ voda කියන රුසියානු වචනයෙන්. රුසියානු බසින් voda කියන්නේ ‘වතුර’ වලටයි. ඒ නිසා ලංකාවේදි වොඩ්කා ‘වතුර’ කියලා මාධ්‍යයට පහුගිය දවසේ කියපු කතාවේ වරදකුත් නෑ කියලා කියන්න පුළුවන්. නමුත් පෝලන්තයේ දී මෙය Wo’dka නැතිනම් gorzala ‘මිහිරි පානය’ ලෙසයි නිර්මාණය වී තියෙන්නේ.

    මධ්‍යතන යුගයේ මේ වොඩ්කා නිෂ්පාදනය වීම ආරම්භවී තියෙන්නේ ආගමික පූජකවරුන් අතින් කියලා තමයි විශ්වාසකරන්නේ. වතුර සහ එතනෝල් භාවිතා කරගෙන ඉතා පිරිසිදුව සකස්කරපු වොඩ්කා දාහය නිවාලන්නට සහ විශේෂ අවස්ථාවලදී භාවිතා කල බව කියවෙනවා. වයින් වලටත් වඩා වොඩ්කා වලට සාමාන්‍ය ජනතාව ප්‍රිය කරන්න පටන්ගන්නේ මේ වගේ වාතාවරණයකදීයි. ඒත් 1917 රුසියානු විප්ලවය සිද්ධවෙන කාලය දක්වාම මෙය වැඩිපුර ප්‍රචලිත වෙලා තිබුණේ නෑ.

    ඊට පසුකාලේ රුසියානු ජනතාවගෙන් කොටසක් යුරෝපය දෙසට පලායාමේදී ඔවුන් එක්ක මේ වොඩ්කා පානයත් යුරෝපය දෙසට ගිහින් තියනවා. එහෙමත් නැතිනම් පෝලන්තයේ සිට මධ්‍යම යුරෝපය දෙසට වොඩ්කා පැමිණෙන් ඇති. සමහරු කියන විදිහට පෝලන්තයේ වොඩ්කා සහ රුසියාවේ වොඩ්කා යුරෝපයට පැමිණ ඇත්තේ දෙවිදියකට සහ වෙනස් රසයන්ගෙන්.
    දෙවනි ලෝක යුද්ධ සමයේ සොල්දාදුවන් අතරේ වොඩ්කා ප්‍රසිද්ධම මධ්‍යසාරයක් බවට පත්වුණා. ඒකත් එක්කම රුසියාව සහ යුරෝපයට පමණක් සීමාවෙලා තිබුණු වොඩ්කා රසය ලොව පුරාම රවුම් ගහන්නට පටන්ගත්තා.

    අද වනවිට වොඩ්කා නිෂ්පාදනය ඉතා ඉහළ මට්ටමින් සිදුවෙනවා වගේම විවිධ රසයන්ගෙන් සහ විවිධ සන්නම් නාමයන්ගෙන් වොඩ්කා ලොව පුරාම අලෙවිවෙනවා. පැරණි පෝලන්ත වොඩ්කා වලට වැඩි ඉල්ලුමක් අද ලෝකය පුරා තිබෙනවා. රුසියාවත් ඊට නොදෙවෙනිම පැරණි වොඩ්කා සන්නම් හරහා නිෂ්පාදනයේ නිරත වෙනවා.

    13-14 වැනි සියවස්වල රුසියාවේ සහ පෝලන්තයේ නිෂ්පාදනය ආරම්භවුනු වොඩ්කා 18 වැනි සියවසේ අග භාගයේ ස්වීඩනයේත් නිෂ්පාදනය ආරම්භ වෙනවා. ඒ නිසා අද වෙද්දි ලෝකයේ පිළිගත් වොඩ්කා නාමයන් අතරේ රුසියානු, පෝලන්ත සහ ස්වීඩන් වොඩ්කා ඉදිරියෙන්ම ඉන්නවා. අද ලොව පුරා ප්‍රචලිත Absolute Vodka නාමයේ හිමිකාරිත්වය ඇත්තේත් ස්වීඩනයටයි.

    වැඩි වශයෙන්ම වොඩ්කා අලෙවි වන්නේ කිසිඳු රසගැන්වීමක් නොකර සාමාන්‍ය වොඩ්කා ලෙසින්. ඒ වගේම වැඩිම ඉල්ලුමක් ඇත්තේද එ් ලෙසින්. ඒත් රතු ගම්මිරිස්, කුරුඳු, ඇපල්, දොඩම් වැනි රසයන්ගෙන්ද අද නිෂ්පාදනය වෙනවා. ලෝකය පුරා අද වෙද්දි වොඩ්කා පානය එක්ක බැඳුණු වෙනම සංස්කෘතියක් නිර්මාණය වෙලා තිබෙනවා. එහි විවිදි පුරුදු සහ චාරිත්‍ර පවා එක්වී තිබීම විශේෂයි.

    හැබැයි ලෝකේ කොහේවත් වොඩ්කා බෝතලයක් බීලා කඩු පොලු අරගෙන කාටවත් පහර දෙන්න ගිහින් අනතුරට පත්වෙන එකවත්, අමු අමුවේ වොඩ්කා බෝතලයක් අතේ තියාගෙන ඒකේ තියෙන්නේ සාමාන්‍ය වතුර කියලා කියන සම්ප්‍රදායක්වත් නැතිව ඇති.

    උපුටා ගැනීම - www.her.lk
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    උපුටා ගැනීම -www.her.lk

    967425.gif