බණ අහන්ඩ හොඳ හාමුදුරු නමක්

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    මොන වගේ බණද බලාපොරොත්තු වෙන්නෙ?

    එදිනෙදා ජීවිතය කරගෙන යන හැටි බණ?
    අභිධර්මය වැනි ගැඹුරු ස්කොලර් මාතෘකා?
    විපස්සනා භාවනාව කරන හැටි කියලා දෙන බණ?
     
    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    :love2::love2::love2::love2:

    කෝරලයාගම සරණතිස්ස,

    ගලිගමුවේ ඥාණදීප,
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    I wish my grandma was alive so I could play all of the videos for her, she will probably fall asleep halfway, but she will definetely be extremely happy

    මේක දැක්කම මට මගේ ආච්චි අම්ම මතක් උනා. මට පුදුම ආදරයක් තිබ්බෙ. කොච්චර ආදරෙයි ද කියනවානම් මම ලෙඩ උනාම කන්න හොඳ නැති කෑම පවා "චූචූට්ටක්" අම්මට හොරෙන් මට දෙනවා, නින්දයනකම් ඔලුව අතගගා කවි කතා කියලා දෙනවා :love2: හැමදාම රැට නින්දත් නොනින්දත් අතර ඇහුන නිසා අදටත් මට "පත්තිනි හෑල්ලෙ" මුල් ටික කටපාඩම්.

    උන්දෑ තමා මගෙ ජීවිතේට ඉස්සෙල්ලාම බුදුහාමුදුරුවො හඳුන්වලා දුන්නෙ. එදා මට කියලා දුන්නෙ, "දැන් අපේ ගෞතම බුද්ධ ශාසනයයි යන්නෙ, ඒ කියන්නෙ අපේ බුදුහාමුදුරුවො බුදුවෙලා නිවන් දොරකඩට වෙලා ලෝකය දිහා බලාගෙන ආරාක්ෂා කරගෙන ඉන්නවා මෛත්‍රී බුදුහාමුදුරුවො පහල වෙනකන්, මෛත්‍රී බුදුහාමුදුරුවො බුදුවුනාම නිවනට යනවා " කියල.

    ඉතින් ඒ පුංචි මට බුදුහාමුදුරුවො මැවිලා පෙනුනෙ ඇත හිස් අභ්‍යාවකාශෙ ලීකනු විතරක් තියෙන උළුවස්සක් ලඟ ඕලන්ද පුටුවක වාඩිවෙලා පෘතුවිය දිහා බලන් ඉන්න හාමාදුරුවො කෙනෙක් විදිහට. ඕලන්ද පුටුවක වාඩිවෙලා ඉන්නවා පෙනුණෙ අපේ ගෙදර වැඩිමනක් තිබ්බෙ ඕලන්ද පුටු නිසා:ROFLMAO::ROFLMAO:

    ආච්චිඅම්මලා කියන්නෙ හරිම සුන්දර මතකයක්. මටත් අනේ උන්දෑ හිටියනම් කියලා හිතුනා:-(
     
    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83
    වල්පොල ගෝතම හිමි
    ගලිගමුවේ ඥානදිප හිමි
    Balangoda Raadha Swameenwahanse

    Neth FM eke bana kiyana godak hamudhuruwaru hondai machan.

    Uthum niwana awbodha kireemata maga salasewaa...!!!!!

    එක්කෙනෙක්ව තෝරාගෙන ඇහුවොත් හරි .
    නැත්නම් confuse වෙයි 😛 😛
    meka hari..hamduru namawal keepadenekge bana mulin ahala thamanta wadiyenma hithata wadina, paya gaanak unath ahan inna puluwan kenek thoragena bana ahanna digatama in passe...Habai wal pal kiyana, gatena kenek nemei..Hariyata budhdha deshana, thripitakaya, gatha suthra wage dewal pahadili karala dena kenekwa thoraganna...
    ------ Post added on May 3, 2022 at 9:45 AM
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මේක දැක්කම මට මගේ ආච්චි අම්ම මතක් උනා. මට පුදුම ආදරයක් තිබ්බෙ. කොච්චර ආදරෙයි ද කියනවානම් මම ලෙඩ උනාම කන්න හොඳ නැති කෑම පවා "චූචූට්ටක්" අම්මට හොරෙන් මට දෙනවා, නින්දයනකම් ඔලුව අතගගා කවි කතා කියලා දෙනවා :love2: හැමදාම රැට නින්දත් නොනින්දත් අතර ඇහුන නිසා අදටත් මට "පත්තිනි හෑල්ලෙ" මුල් ටික කටපාඩම්.

    උන්දෑ තමා මගෙ ජීවිතේට ඉස්සෙල්ලාම බුදුහාමුදුරුවො හඳුන්වලා දුන්නෙ. එදා මට කියලා දුන්නෙ, "දැන් අපේ ගෞතම බුද්ධ ශාසනයයි යන්නෙ, ඒ කියන්නෙ අපේ බුදුහාමුදුරුවො බුදුවෙලා නිවන් දොරකඩට වෙලා ලෝකය දිහා බලාගෙන ආරාක්ෂා කරගෙන ඉන්නවා මෛත්‍රී බුදුහාමුදුරුවො පහල වෙනකන්, මෛත්‍රී බුදුහාමුදුරුවො බුදුවුනාම නිවනට යනවා " කියල.

    ඉතින් ඒ පුංචි මට බුදුහාමුදුරුවො මැවිලා පෙනුනෙ ඇත හිස් අභ්‍යාවකාශෙ ලීකනු විතරක් තියෙන උළුවස්සක් ලඟ ඕලන්ද පුටුවක වාඩිවෙලා පෘතුවිය දිහා බලන් ඉන්න හාමාදුරුවො කෙනෙක් විදිහට. ඕලන්ද පුටුවක වාඩිවෙලා ඉන්නවා පෙනුණෙ අපේ ගෙදර වැඩිමනක් තිබ්බෙ ඕලන්ද පුටු නිසා:ROFLMAO::ROFLMAO:

    ආච්චිඅම්මලා කියන්නෙ හරිම සුන්දර මතකයක්. මටත් අනේ උන්දෑ හිටියනම් කියලා හිතුනා:-(
    ඒකට අපේ ආච්චි.. ගෙදර ආපු මුල් දවස් තුන සේප්.. ඊටපස්සේ යකා වගේ.. ආච්චියි මායි වලි හැමදාම 😅හැබැයි ඉතින් සේරම වැඩ කරනවා කියලත් නෙවේ.. පාඩුවේ ඉන්න කිව්වත් පාන්දරම නැගිටගෙන උයනවා අස් කරනවා දර පලනවා දවසෙම වැඩ (වැඩ නැත්නම් පිස්සු වගේ ).. ආච්චි නැතිවුණා 2014... මන් al කරද්දී.. ස්වභාවික මරණයක්.. 🥲
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මොන වගේ බණද බලාපොරොත්තු වෙන්නෙ?

    එදිනෙදා ජීවිතය කරගෙන යන හැටි බණ?
    අභිධර්මය වැනි ගැඹුරු ස්කොලර් මාතෘකා?
    විපස්සනා භාවනාව කරන හැටි කියලා දෙන බණ?
    අභිධර්මෙ ඉගෙනගන්නව මේ දවස් වල, විපස්සනාවත් හොඳයි..
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    අභිධර්මෙ ඉගෙනගන්නව මේ දවස් වල, විපස්සනාවත් හොඳයි..

    ඒ දෙකම කරනවානම්, රේරුකානෙ චන්දවිමල මහනායක හාමුදුරුවන්ගෙ පොත පත පරිශීලනය කරන්න පුලුවන්නම් හොඳයි. විපස්සනාවටම බරවෙන්න නම් උඩුඊරියගම ධම්මජීව ස්වාමීන්වහන්සේ හොඳයි.

    තව ඉලුකේගම අත්තදස්සී කියලා ස්වාමීන්වහන්සේ කෙනෙක්ගෙ බණත් හොඳයි කියලා මට තවත් කෙනෙක් කීවා. අභිධර්මයට බරයි. ඒ පැත්තෙන් විග්‍රහ කරනවා කියලා. ඒකත් ටිකක් අහලා බලන්න. මම නම් තවම අහලා නැහැ.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    http://www.trekmentor.org/si/bhikkhus
    මේ වෙබ් සයිට් එකේ හාමුදුරුවරු 500+ කගෙ විතර බණ තියෙනව(යූ ටියුබ් ලින්ක් ) දැනට මන්, කෝරලයාගම සරණතිස්ස, ගලිගමුවේ ඥාණදීප, නාඋයනේ අරියධම්ම , මාතර මහින්ද හාමුදුරුවරුන්ගෙ බණ ඇහුව, තව හොඳ බණ තියෙන්නෙ කොයි හාමුදුරුවන්ගෙද කියල බලල කියන්ඩකො..
    (තව ප්‍රස්නයක් තියෙනව මේ වෙබ් සයිට් එකට කොහොමද ධර්ම දේශනා ඇඩ් වෙන්නෙ, මේක මැනුවල් කරන වැඩක් නෙමේ වගෙ, දවසින් දවස යූටියුබ් එකට ඇඩ්වෙන බණ මේකෙ අප්ඩේට් වෙනව හාමුදුරුවන්ගෙ නමට අදාලව, ධර්ම දේශනා ලක්ෂයක් විතර තියෙනව මේකෙ, මැනුවල් කරන්ඩ අමාරුයිනෙ.. )
    ඇයි බණ අහන්න හිතුනෙ.

    අරමුණ මොකක්ද ?