බත් එක්ක මී කිරි

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    5,400
    7,828
    113
    බත් එක්ක මීකිරි, පැණි දාල කෑව දෙපාරක් විතර. එකත් FB එකේ දැකල ට්‍රයි කරේ. පට්ට රසයි හැබැයි.
     
    • Like
    Reactions: Inigo Montoya

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,757
    9,200
    113
    Galaha
    බිත්තට 10ක් ගෙනාවම අපේ ගෙදර සතියක් යනකොටත් කවුරුවත් බිත්තර කන්නෙ නෑ ගෙඩි 5ක්වත් ඉතුරුවෙලා තියෙනව. 🥴
     
    • Haha
    Reactions: Inigo Montoya

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,882
    2,409
    113
    Nugegoda
    බත් එක්ක කිරි සෙට් වෙන්නෙ කිතුල් පැණි වලට තමයි. සීනි හරියන්නෙ නෑ. දකුණු පළාතෙ මේ විදියට කනව
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,400
    7,828
    113
    බත් එක්ක කිරි සෙට් වෙන්නෙ කිතුල් පැණි වලට තමයි. සීනි හරියන්නෙ නෑ. දකුණු පළාතෙ මේ විදියට කනව
    මමත් ඔහොම එකක් දැකල තමයි කෑවේ. සිනි දාල නෙවෙයි පැණි දාල. පට්ට රසයි බන්.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,171
    4,046
    113
    මේ කතා කරන මෑන් කොහෙන් හරි අහල මිසක් කිරි යි බතුයි කාල නං නෑ මට හොඳට ම ෂුවර්. :lol:
    කිරියි බතුයි කන්නේ කිරි එක ට බත් දාල නෙවෙයි, බත් වලට කිරි දාල. කිතුල් පැණි ටිකක් හරි සීනි ටිකක් හරි දාල කන්න පුළුවන්.
    ඒත් දකුණෙ මිනිස්සු ප්‍රසිද්ධ ඒකට නෙවෙයි. දකුණේ මිනිස්සු බත් පිඟාන බෙදාගෙන ඒකට කිරි ටිකක් බෙදාගන්නවා වෑන්ජන බෙදා ගන්නවා වගේ.
    මම පොඩි කාලේ දිනපතා රතු බත් එක්ක මී කිරි කාපු කෙනෙක්. බත් එක බෙදාගෙන, කිරි හැන්දක් දෙකක්, පොල් සම්බල්, වෙල් මාළු එක්ක කාපු කෙනෙක්. අමතර ව රතු ළූණු ගෙඩි ටිකකුත් සුද්ද කරල දෙනවා ආත්තම්මා.
     

    kanakaJ

    Well-known member
  • Oct 16, 2025
    347
    263
    63
    දැන් කාලෙ මීකිරි හොයා ගන්න තියනවද? හැම තැනකම තියෙන්නෙ එලකිරි වලින් හදපු මුදවපු කිරි
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,380
    1
    52,816
    113
    ප*යාගල
    sorry.com
    හිතනකොටත් අප්පිරියයි
    වෙන කෙනෙක් හැදුවම අප්පිරියයි සමහරුන්ට. තමන්ම හදලා කටක් දෙකක් කාල බලන්න.ගොඩක් පරන බත් දාන්නෙ නෑ. උයල නිවුනු බත් තමා සෙට්
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,877
    48,714
    113
    වන්නකු මී කිරි බිස්නස් එකක් කරනවද දන්නේ නෑ..මැරවින් සිල්වත් මී කිරි වික්කලු නේ ..
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,777
    9,153
    113
    kandy
    වෙන කෙනෙක් හැදුවම අප්පිරියයි සමහරුන්ට. තමන්ම හදලා කටක් දෙකක් කාල බලන්න.ගොඩක් පරන බත් දාන්නෙ නෑ. උයල නිවුනු බත් තමා සෙට්
    ඔව් එක වෙන්න පුළුවන් බන් . දිය බත් වලටත් මම හිතාගෙන හිටියේ මෙහෙමම තමයි . ගැස්ට්‍රයටිස් වැඩි වෙලා එක කන්න උනාම තේරුණා හිතුව තරම් අව්ලක් නෑ කියලා .
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,223
    18,060
    113
    35
    Spain
    මන් පොඩි කාලේ ගමේ නෑදෑ ගෙවල් වලට ගියාම කන්න දෙනවා මේක. බත් වලට කිරි දාල දෙනවා. සමහරු බත් වලට පැණි දාල දෙනවා. කලාතුරෙකින් සීනිත් දාල දෙනවා. මේ ඔක්කොම රසයි. මේ කාලේ අපේ ගමේ මී හරක් පට්ටි කීපයක් තිබුන. තවම මී හරක් හදන වැඩේ කරන අය ඉන්නවා.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,171
    4,046
    113
    ඔව් එක වෙන්න පුළුවන් බන් . දිය බත් වලටත් මම හිතාගෙන හිටියේ මෙහෙමම තමයි . ගැස්ට්‍රයටිස් වැඩි වෙලා එක කන්න උනාම තේරුණා හිතුව තරම් අව්ලක් නෑ කියලා .
    දියබත් අප්පිරිය වෙන්නේ මොකෝ? හදන විදිහ ද ? අපි නං හදන්නෙ හීල් බත් වලට පොල් කිරි , අමු මිරිස් කරලක් ලියල දාල, වේලිච්ච මිරිස් කරලක් පුච්චලා කඩලා දාල , රතු ළූණු එහෙම දාල.
    හැබැයි කාලෙකට කලින් මට දෙයක් වුනා. යාලුවෙකුගේ ගෙදර උදේ ට කමු කිව්වා. දියබත් තියෙන්නේ කියල. කන්න ගියහම බත් ඔක්කොම මුට්ටියක දාල කිරි දාල හදල තිබුන. හැබැයි ගෙදර මිනිස්සු අත දාල අරන් ඒකට ම බත් ටික මිරිකලා තමයි පිඟාන ට දාගත්තේ. හරියට දියබත් කන්නෙ එහෙමයි කිව්වා. ආච්චිලා සීයලගෙ කාල ඉඳන් එහෙමයි ගම් වල දියබත් කෑවෙ, ඕව පුරුදු වෙන්න ඕන හරි විදිහ, අරවයි මේවයි කිව්වා. මම බත් එක දිහා බලල අනේ මම මිරිස් දාල කන්නෙ නෑනෙ, අපි නං මිරිස් නැතුව හදන්නෙ කියල ශේප් වුනා. හැබැයි ඒගොල්ලො කාල ඉවර වෙනකං "හරියට දියබත් හදන හැටි" ගැන අහගෙන ඉන්න වුනා.
     
    • Like
    Reactions: waca

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,567
    35,467
    113
    අප්පිරියයි.
    බත් කාලා ඉවර වෙලා නම් මී කිරි කතහැකි.