Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බත් වර්ග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

``බත් වර්ග 20 ක් !

අන්නාසි බත්

අන්නාසි 400g

බාස්මති හාල් 600g

කජු අහුරක් 50g

වියලි මිදී අහුරක් 50g

ගාගත් පොල් මේස හැදී 3 පමණ

රතු වියලි මිරිස් කරල් 6

බටර් මේස හැදී 3 හෝ ඔලිව් තෙල්

ලොකු ළුණු ගෙඩි 1 , සුදු ළුණු බික් 2, කරපිංචා කොල ටිකක්

රස අනුව ලුණු, ගම්මිරිස් කුඩු තේ හැදී 1/2

කහ කුඩු තේ හැදී 1/4

බතට කුරුදු පොතු 1, එනසහල් 2, කරාබු නැටි 2, අවශ්‍ය පමණට ලුණු

~ මුලින්ම පුරුදු විදියට බත උයාගන්න..

~ කුරුදු පොත්තක් එනසහල් කරලක් කරාබු නැටි 2 විතර දාලා බත තැම්බෙන්න හරින්න එතකොට සුවදයි..

~ අන්නාසි පොත්ත හොදින් අයින්කර මැද ගනකම් දාරයත් අයින් කර පුංචි කොටස් වලට කපන්න..

~ ඉඩ තිබෙන සුදුසු බාජනයක් ලිප තබා බටර් හෝ ඔලිව් ඔයිල් එක් කරන්න..

~ තෙල් රත්වීගෙන එද්දී පුංචියටම කපාගත් සුදු ළුණු, ළුණු එකතු කරන්න..

~ එයටම කරපිංචා, කොටස් වලට කඩාගත් මිරිස් කරල් එකතු කරන්න..

~ ටික වෙලාවක් බැදෙන්න හැරලා කජු වියලි මිදී එක් කරන්න..

~ දැන් කපාගත් අන්නාසි එකතු කරන්න..ගින්දර අඩු කරන්නත් එපා වැඩි කරන්නත් එපා..

~ දැන් එයට පොල් එකතු කරන්න..රස අනුව ලුණු, ගම්මිරිස් ටිකත්, කහ කුඩුත් එකතු කරන්න..

~ හොදින් කලවම් කර ටික වෙලාවක් පිසගත් පසු බත් එකතු කරන්න..

~ ගින්දර අඩු නොකරම හොදින් කලවම් කරන්න..

~ ලස්සන තව පාට ගන්න ඕනේ නම් පොල්කිරි හෝ ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප 1/4 කට කහ තේ හැදී 1/4 එකතු කර දියකර බතට කලවම් කරන්න..

~ ඔන්න දැන් බත හරි සුවදම සුවදයි...

ඉස්සෝ බිරියානි

හාල් 500g, වතුර ගානට තියල ඒකට ඔලිව් තෙල් හැන්දක් , බේ කොළ 1, කරාබු නැටි 2, එනසහල් 3, කුරුදු පොත්තක් එකතු කරලා බත රයිස් කුකර් එකේ හදාගන්න

ඒ අතරේ

ඉස්සෝ 300g

රස අනුව ලුණු,

මිරිස් කුඩු තේ හැදි 1

තුනපහ කුඩු තේ හැදී 1

තලාගත් සුදු ළුණු සහ අමු ඉඟුරු මේස හැදී 2 පමණ

ඔලිව් තෙල් මේස හැදී 3

යෝගට් මේස හැදී 4

ලොකු මිරිස් කරල් 2

කොත්තමල්ලි කොළ අහුරක්

සිහින්ව ලියා බැදගත් ලොකු ළුණු ගෙඩි 2

ගරම් මසාලා පැකට් එකේ තිබෙන අඩු වැඩියෙන් පොඩ්ඩක් (සාදික්කා පොඩි කොටසක් , කොත්තමල්ලි ඇට කිහිපයක්, සුදුරු ඇට කිහිපයක්,ගම්මිරිස් ඇට කිහිපයක් , කරදමුංගු 3 , කරාබු නැටි 3, කුරුදු පොතු කැබැල්ලක් )

බිරියානි මසාලා මේස හැදි 1

~ මුලින්ම ඉස්සෝ (ඉස්සෝ ග්‍රෑම් 300) පිරිසිදු කරලා පොත්ත ඇරලා (මෙතනදි පොත්ත ඇරලා හැදුවම රසයි) ලුණු,මිරිස් , තුනපහ, සුදු ළුණු අමු ඉඟුරු පේස්ට් එකෙන් හැන්දක ප්‍රමාණයක් එකතුකරලා අතගාලා තියන්න..

~ දැන් ලොකු පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් එකතු කරන්න

~ එයට ගරම් මසාලා පැකට් එකේ තියෙන අඩු වැඩිය සහ සුදු ළුණු අමු ඉඟුරු පේස්ට් එකේ ඉතුරු ටිකත් එකතු කරලා ඉස්සෝ ටික එකතුකරමින් පොඩ්ඩක් උයාගන්න..විනාඩි 3 විතර...

~ දැන් ඉස්සෝ ටික විතරක් වෙනත් බාජනයකට අයින් කරන්න...අර තෙල් ටික තියෙන්න හැරලා..දැන් ඒ තෙල් එකට යෝගට් ,කපාගත් මිරිස්, කොත්තමල්ලි කොළ ,බිරියානි මසාලා ,රස අනුව ලුණු, බැදගත් ළුණු පිලිවෙලින් එකතු කරන්න..

~ පොඩි වෙලාවකින් ඉස්සෝ එකතුකරන්න..කලවම් කරන්න...

~ දැන් එයට උයාගත් බත් එකතු කරන්න..ඊට උඩින් කපාගත් කොත්තමල්ලි කොළ, බැදගත් ළුණු සහ කිරි පොඩ්ඩක දියකරගත් ෆුඩ් කලර් ටිකක් එකතු කරලා විනාඩි කිහිපයක් වහල තියන්න මද ගින්දරේ...

කලවම් කරද්දී උඩින් යටට වෙන්න අරන් කලවම් කරන්න නැත්නම් කෙලින්ම පිගානට බෙදන්න

රස පිරුණු cranberiies බත

බාස්මති හාල් 600g

රතු බෙල් පෙපර් 1

කොල බෙල් පෙපර් 1

වියලි cranberries 100g

වියලි apricot 50g

ලොකු ළුණු ගෙඩි 1

සුදු ළුණු බික් 2

රස අනුව ලුණු

බටර් මේස හැදී 4

ගම්මිරිස් තේ හැදී 1/2

~ සුදුසු භාජනයක් ලිප තබා එයට බටර් මේස හැදී 2 එක් කරන්න

~ බටර් රත්විගෙන එද්දී පුංචියට කපාගත් සුදු ළුණු, සිහින්ව කපාගත් ළුණු එකතු කරන්න

~ රන්වන් පාට වීගෙන එද්දී සෝදා ගත් හාල් එකතු කරන්න

~ දැන් බත තම්බිමට අවශ්‍ය පමණට වතුර එකතුකරන්න

~ රස අනුව ලුණු එකතුකර බත තැම්බෙන්න හරින්න

~ ඒ අතරේ කොල සහ රතු බෙල් පෙපර් පොඩියට කපාගන්න

~ වියලි අප්රිකොට් ද සිහින්ව කපාගන්න

~ ඉතුරු බටර් මේස හැදී 2 රත්කර වියලි cranberries, apricot සහ බෙල් පෙපර් ටික වෙලාවක් පිසාගන්න, මේ එළවලු සහ වියලි පලතුරු වල පාට රැදෙන සේ ටික වෙලාවක් විතරක් පිස ගන්න

~ බත තැම්බුණු පසු නිවෙන්න හැර එළවලු සහ වියලි පලතුරු එක් කර හදින් කූරු ගාගන්න..

** cranberries සහ apricot වෙනුවට වියලි මිදී, වියලි චෙරි පාවිච්චි කරන්නත් පුළුවන් **

දොඩම් රසැති සුවද පිරුණු බත

හාල් කෝප්ප 6 (ග්‍රෑම් 600 විතර)

දොඩම් ගෙඩි 1 ක පොත්ත ග්‍රේට් කරගන්න

දොඩම් ගෙඩි බාගෙක යුෂ

රස අනුව ලුණු

පොල්කිරි කෝප්ප 1/4

කහ කුඩු තේ හැදී 1/4

බත තම්බිමට අවශ්‍ය වතුර

~ හාල් හොදින් සෝදා එයට රස අනුව ලුණු, දොඩම් යුෂ , ග්‍රේට් කරගත් දොඩම් පොත්ත එකතු කරන්න..

~ දැන් මදි පාඩුවට වතුර එක් කරන්න බත තැම්බෙන්න ඕනේ ප්‍රමාණය අනුව..

~ බත ඉදෙන්න හරින්න..

~ ඔබට පෙනේවි දොඩම් පොතු ඉදුණු බත මත රැදී තිබෙනවා..

~ බත හොදින් ඉදුණු පසු..පොල්කිරි සමග කහ දියකර උඩින් එකතු කරන්න..

~ හොදින් කූරු ගා බත වසා තබන්න

බිත්තර බිරියානි

බාස්මති හාල් 500g

බේ කොළ 1

එනසහල් 3

කුරුදු පොත්තක්

ඔලිව් තෙල් මේස හැදී 1

රස අනුව ලුණු...

බත තම්බිමට අවශ්‍ය පමණට වතුර

~ හාල් සෝදා ඉහත සදහන් සියලුම දේ එක්ක් කර බත තැම්බෙන්න තියන්න..

ඒ අතරේ ,

බිත්තර 4 තම්බා ගන්න

පාන් පිටි මේස හැදී 2

මිරිස් කුඩු තේ හැදී 1

කහ කුඩු තේ හැදී 1/4

තුනපහ තේ හැදී 1/2

ලුණු තේ හැදී 1/4 , වතුර පොඩ්ඩක් එකතු කරලා බැටර් එකක් සාදා ගන්න

~ සාදාගත්එ බැටර් එකේ තම්බාගත් බිත්තර දවටා පාන් කුඩු දවටා බිත්තර යන්තම් තෙලේ එහාට මෙහාට කරමින් බැදගන්න

දැන් අපි බිර්යානි එක හදමු..

ඔලිව් තෙල් මේස හැදී 2

කුරුදු පොත්තක්

එනසහල් 3, කරාබු නැටි 3

සූදුරු තේ හැදී 1/2

ගරම් මසාලා තේ හැදී 2

යෝගට් මේස හැදී 4

ලොකු ළුණු ගෙඩි එකක් සිහින්ව කපා බැදගන්න

කහ කුඩු තේ හැදී 1/4

මිරිස් කුඩු තේ හැදී 1/2

කපාගත් රතු සහ කොල බෙල් පෙපර් කොටසක්

සුදු ළුණු බික් 2

අමු ඉඟුරු පොඩි කොටසක්

කජු 100g

රස අනුව ලුණු

කොත්තමල්ලි කොල ටිකක්

~මුලින්ම ලොකු පෑන් එකක් ලිපේ තියල ඔලිව්තෙ තෙල්ල් මේස හැදී 2 එක් කරන්න

~ දැන් ඒ තෙලට කුරුදු, එනසහල් කරාබු නැටි සූදුරු .ඒත් එක්කම කජු එකතු කරන්න බැදෙන්න ඇරලා තලාගත් සුදුලුනු, අමු ඉගුරු පේස්ට් එකක් විදියට මේස හැදී 2 වෙන්න එකතු කරන්න..

~දැන් කපාගත් රතු කොළ බෙල් පෙපර්, කොත්තමල්ලි කොළ එකතු කරන්න...

~ඊළගට බැදගත් ළුණු, යෝගට් , ගරම් මසාලා, කහ , ලුණු, මිරිස් කුඩු එකතු කරන්න...

~ දැන් මේක සෝස් එකක් වගේ හැදෙනවා...ඒ උඩට උයාගත් බත් එකතු කරන්න...කලවම් කරන්න එපා..

~ ඊට උඩින් බැදගත් ළුණු, කොත්තමල්ලි කොළ එකතු කරන්න..

~ කිරි ටිකක කහ ටිකක් දිය කර බත උඩින් එක් කරන්න

~ දැන් විනාඩි කිහිපයක් බත් එකට අර සෝස් එක උරාගන්න වහලා තියන්න මද ගින්දරේ...

~ නැවත බිත්තර එකතු කර පොඩි වෙලාවක් පියනෙන් වසා තබා

කෑමට ගන්න

පොල්කිරි යොදා හදපු රස සුවද පිරුණු කහ බත

බාස්මති හාල් කිලෝ 1,

පොල්කිරි කෝප්ප 2,

සිහින්ව ලියා ගත් ලොකු ළුණු ගෙඩි 2

කුරුදු පොත්තක්,

සුදු ළුණු, අමු ඉඟුරු දෙකෙන්ම මේස හැන්දක් වෙන්න ගන්න...

රම්පෙ කරපිංචා

රස අනුව ලුණු, කහ කුඩු තේ හැදී 1/2

කරාබු නැටි 3 , එනසහල් 3

කැමතිනම් ගම්මිරිස් ඇට කිහිපයක්

එළගිතෙල් , බටර් හෝ මාගරින්...මේස හැදී 4

~ මුලින්ම රයිස් කුකර් එකේ හෝ සුදුසු බාජනයක බටර් එකතු කර එයට ළුණු, සුදු ළුණු, අමු ඉඟුරු, කුරුදු එනසහල, කරාබු නැටි, රම්පෙ කරපිංචා එකතු කරමින් බැදෙන්න හරින්න...

~ එයටම කහ, ලුණු එකතු කරන්න...දැන් සෝදා වතුර පෙරාගත් හාල් ද එකතුකරන්න...බටර් වලින් පොඩ්ඩක් තැම්බෙන්න හැරලා කිරි එකතු කරන්න...

~ දැන් බත තැම්බෙන්න අවශ්‍ය තරමට වතුර එකතු කරන්න...කිරි කෝප්ප 2 දාපු නිසා මදි පාඩුවට වතුර බලල එකතු කරන්න...

~ බත හැදුනම බෙදද්දී කුරුදු පොත්ත, කරාබු නැටි, එනසහල් අයින් කරන්න..

~ පිලිගන්වද්දී, බැදගත් ළුණු, කජු, වියලි මිදී වලින් සරසාගන්න...

එග් සේවරි රයිස්

හාල් 500g

බිත්තර 3

ලොකු ළුණු 1

සුප් කැට 2

තලාගත් සුදු ළුණු බික් 2

තලාගත් ඉඟුරු කැබැල්ලක්

එනසහල්, කරාබු නැටි

බටර් 50g

වියලි මිදී 50g

කජු 75g

ග්‍රීන් පිස් 75g

කුරුදු පොත්තක්

රම්පෙ කරපිංචා

~ බත උයන්න සුදුසු භාජනයක් ලිප තබා එයට බටර් එක් කරන්න..

~ බටර් රත්වීගෙන එද්දී කපාගත් ළුණු , තලාගත් සුදු ළුණු, ඉඟුරු, කුරුදු පොත්ත,එනසහල් ,කරාබු නැටි, පොඩි කරගත් සුප් කැට, රම්පෙ, කරපිංචා එකතුකරන්න ..

~ ටික වේලාවක් ඒ සියල්ල බටර් වලින් බැදුණු පසු, සෝදා වතුර පෙරාගත් හාල් එක් කරන්න

~ දැන් බත තැමිබිමට අවශ්‍ය පමණට වතුර එක් කර රස අනුව ලුණු ද එක් කර බත උයාගන්න

~ බත හැදෙන අතරේ වියලි මිදී , කජු ,ග්‍රීන් පීස් බටර් වලින් බැදගන්න

~ බිත්තර ලුණු තේ හැදී 1/4 , ගම්මිරිස් තේ හැදී 1/4 එක් කර හොදින් ගසා ඔම්ලට් එකක් සාදාගන්න..එය පොඩි තීරු වලට කපන්න

~ බත හැදුනම හොදින් කූරු ගා කජු,වියලි මිදී, ග්‍රීන් පිස් , බිත්තර එකතුකර කලවම් කර කෑමට ගන්න

දුන්තෙල් බත්

හාල් 600g

දුන්තෙල් මේස හැදී 2

(දුන්තෙල්, ගිතෙල් හෝ බටර් )

සිහින්ව කපාගත් ලොකු ළුණු 1

සුදු ළුණු බික් 2

එනසහල් 2

කුරුදු පොතු කැබැල්ලක්

කරාබු නැටි 2

වැඩි රසට කජු 75g , වියලි මිදී 50g

බැදගත් ළුණු

~ හාල් සෝදා බත තැම්බීමට අවශ්‍ය පමණට වතුර සහ ලුණු එකතුකරන්න

~ වෙනම පෑන් එකකට දුන්තෙල් එකතුකර එයට පොඩියට කපාගත් ලොකු ළුණු හා සුදු ළුණු එනසහල් , කුරුදු , කරාබු නැටි එකතු කර බැදෙන්න හැර ඒ සියල්ල හාල් සමග එකතු කර බත හදාගන්න

~ බත තැම්බෙන අතරේ දුන්තෙල් වලින්ම කජු, වියලි මිදී, කපාගත් ළුණු බැදගන්න..

~ බත තැම්බුුනාට පස්සේ කුරුදු පොත්ත සහ එනසහල් කරාබු නැටි ඉවත්කර බත උඩින් බැදගත් සියල්ල එකතු කර පිලිගන්වන්න..

Clementine මිශ්‍ර බත

හාල් 500g

clementine හෝ mandarin 1

ලොකු ළුණු ගෙඩි 1

සුදු ළුණු බික් 2

කුරුදු පොතු කැබැල්ලක්

එනසහල් 3

කරාබු නැටි 3

තැඹිලි පාට ෆුඩ් කලර් බින්දු 2

කජු 50g

වියලි මිදී 50g

කොත්තමල්ලි කොළ හෝ පාස්ලි කොල ටිකක්

රස අනුව ලුණු

බටර් 50g

~ හාල් සෝදා ලුණු සහ බත තැම්බීමට අවශ්‍ය වතුර එකතුකරන්න

~ එයට සිහින්ව ලියා බටර් වලින් බැදගත් ළුණු, සුදු ළුණු සහ කුරුදු, එනසහල්, කරාබු නැටි, clementine ගෙඩියේ යුෂ සහ පොත්ත සූරා එකතු කරන්න

~ දැන් බත තැම්බෙන්න තියන්න

~ ඒ අතරේ කජු, වියලි මිදී බටර් ස්වල්පයක් එකතුකර බැදෙන්න හරින්න

~ බත තම්බුනු පසු හැදී මිටේ ෆුඩ් කලර් බින්දු කිහිපය ගා බතේ තැනින් තැනට එක් කරන්න..

~ බත නිවුණු පසු හැදී මිටෙන් කූරු ගා බැදගත් කජු, වියලි මිදී සහ පාස්ලි කොළ එකතුකර සරසා ගන්න

රස ගුණ ලස්සන පිරුණු බත් එකක්

හාල් 600g

ලොකු ළුණු ගෙඩි 2

සුදු ළුණු බික් 2

අමු ඉඟුරු පොඩි කොටසක්

කොළ පාට බෙල් පෙපර් 1

තක්කාලි ගෙඩි 1

ලොකු අල 2

බටර් 50g

ගරම් මසාලා පව්ඩර් තේ හැදී 2

කුරුදු කුඩු තේ හැදී 1/4

රස අනුව ලුණු

ග්‍රීන් පීස් 100g

කොත්තමල්ලි කොල ටිකක්

~ හාල් සෝදා අවශ්‍ය පමණට වතුර සහ රස අනුව ලුණු එකතුකර තැම්බෙන්න තියන්න

~ අල තම්බා පොඩි කොටස් වලට කපාගන්න

~ ඉඩ ඇති සුදුසු භාජනයක් ලිප තබා එයට බටර් එකතුකරන්න

රත්විගෙන එද්දී සිහින්ව කපාගත් ළුණු, තලාගත් සුදුලුනු අමු ඉගුරු එකතු කරන්න...

~ එයටම කපාගත් කොත්තමල්ලි කොළ සහ කොලපාට බෙල් පෙපර් එකතු කරන්න

~ ඉන්පසු පොඩියට කපාගත් තක්කාලි, ගරම් මසාලා පව්ඩර් සහ රස අනුව ලුණු, කුරුදු කුඩු එකතු කරන්න, දැන් හොදින් පිසගන්න වතුර මේස හැන්දක් වගේ එකතු කරලා...සෝස් එකක් වගේ වෙන්න

දැන් එයට ග්‍රීන් පීස් එකතු කරමින් පිසගන්න...

~ තම්බපු ලොකු අල ගෙඩි එකතු කරන්න...

දැන් තව කොත්තමල්ලි කොළ එකතු කරන්න...

~ එයට පිසගත් බත් එකතු කරමින් කලවම් කරන්න බත් පොඩි නොවෙන්න...

ගෙදරට එන අමුත්තන් පිළිගන්න රසම රස බත් එකක්

බත සෑදීමට ප්‍රථම අපි චිකන් එක හදාගෙන ඉමු -

කුකුල් මස් කිලෝ 2 1/2

කුරුදු කැබලි 3

එනසහල් 5 හෝ 6

කරාබු නැටි 6

ගම්මිරිස් ඇට කිහිපයක්

කොත්තමල්ලි ඇට ටිකක්

සූදුරු තේ හැදී 1

අවශ්‍ය පමණට ලුණු

වතුර කෝප්ප 1 1/2

~ කුකුල් මස් හොදින් සෝදා කොටස් වලට කපාගන්න..

~ ගැඹුරු බාජනයකට ඒ සියල්ල දමා ඉහත සදහන් අඩු වැඩිය එකතුකර වතුරද එකතු කර හොදින් තම්බා ගන්න..

~ ගින්දර වැඩි කරන්න එපා අපිට ඕනේ මස් තම්බගන්න විතරයි..

~ මස්වල තිබෙන වතුරයි එකතු කරපු වතුරයි එක්ක අපිට බත තම්බන්න අවශ්‍ය පමණට වතුර ලබාගන්න ඕනේ නිසා ගින්දර වැඩි නොකර තම්බගන්න..

~ දැන් ලිපෙන් ගෙන මස් කොටස් තැටියක් මත අතුරන්න..

~ මස් තම්බා ගත් වතුර බත හදන්න ගන්න පසෙකින් තබන්න

**දැන් මෙන්න මේ දේවල් එකතු කර සෝස් එකක් හදාගන්න..

ඔලිව් තෙල් මේස හැදී 3

ලෙමන් ගෙඩියක යුෂ

මිරිස් කුඩු තේ හැදී 1

ගම්මිරිස් කුඩු තේ හැදී 1/2

මී පැණි මේස හැදී 1

ලුණු තේ හැදී 1/4

කහ කුඩු තේ හැදී 1/4

කුරුදු කුඩු තේ හැදී 1/4

වතුර කෝප්ප 1/4

~ මේ සියල්ල එකට එකතු කර කලවම් කරන්න

~ දැන් බ්‍රෂ් එකකින් සාදාගත් සෝස් එක කුකුල් මස් කොටස් මත තවරන්න..

~ 200c උෂ්ණත්වයෙන් යුතු අවන් එකේ කුකුල් මස් කොටස් හොදින් රන්වන් පාට වෙනකම් තබන්න.

දැන් අපි බත හදමු

හාල් කිලෝ 1 1/2

ලොකු තක්කාලි ගෙඩි 1 1/2 (300g විතර)

ලොකු ළුණු 1 (200g)

සුදු ළුණු බික් 3 , අමු ඉඟුරු පොඩි කොටසක්

ලොකු මිරිස් එකක් හෝ අමු මිරිස් කරල් 2

කරපිංචා ඉති 4 ක කොල

බටර් මේස හැදී 3

ගම්මිරිස් තේ හැදී 1

මිරිස් කුඩු තේ හැදී 2

කහ කුඩු තේ හැදී 1/2

කුකුල් මස් තම්බා පෙරාගත් වතුර

රස අනුව ලුණු

පොල්කිරි කෝප්ප 1/2 + කහ කුඩු තේ හැදී 1/2

බත තැම්බීමට මදි පාඩුවට වතුර

ලොකු රතු ළුණු ගෙඩි 2 (350g පමණ)

~ ලොකු රතු ළුණු සිහින්ව කපා රන්වන් පාට වනතුරු බැදගන්න..එය පසෙකින් තබන්න ..

~ වෙනම පෑන් එකක් ලිප තබා බටර් එක් කරන්න

~ රත්විගෙන එනවිට එයට ඉඟුරු, සුදු ළුණු එක් කරන්න..

~ පොඩි වේලාවකින් ළුණු සහ කරපිංචා එක් කරන්න..

~ දැන් මේ සියල්ල හොදින් රන්වන් පාටට බැදෙන්න දෙන්න, දිගෙන එනවිටදී තක්කාලි, අමු මිරිස් එක් කරන්න

~ රස අනුව ලුණු, ගම්මිරිස්, මිරිස් කුඩු, කහ කුඩුද එක් කරන්න

~ දැන් තෙලෙන් තැම්බුණු පසු වතුර කෝප්ප එකක් එකතුකර මද ගින්දරේ හොදින් තක්කාලි තැම්බෙනකම් උයාගන්න..

~ හාල් හොදින් සෝදා එයට තම්බා පෙරාගත් කුකුල් මස් වතුර එකතු කරන්න..

~ දැන් මදි පාඩුවට වතුර එකතු කරන්න..

~ එයටම සාදාගත් ළුණු තක්කාලි මිශ්‍රණය එක් කරන්න..

~ හොදින් කලවම් කර ලුණු මදි වගේ හැගෙනම් තව ලුණු ටිකක් එකතු කරන්න..

~ දැන් බත තැම්බෙන්න තියන්න..

~ බත ඉදුණු පසු කොටසක් අයින් කරන්න..දැන් ඒ මතට කුකුල් මස් කොටස් තබන්න, බැදගත් ලුණුත් තබන්න ඊට උඩින් අයින් කරගත් බත් එකතු කරන්න නැවත ඒ මතට බැදගත් ළුණු තබා පොල්කිරි සමග කහ කලවම් කර වක්කරන්න..

~ දැන් නැවත විනාඩි දෙක තුනක් පිසගන්න..ලිපේ නම් මද ගින්දරේ පිසගන්න..ලිප නිවා රස්නේ වදින්න විනාඩි 10 පමණ තියලා බත හැදී මිටෙන් කූරු ගාන්න..

~ එහෙම කලාම අර බැදපු ළුණු, කිරි එහෙම හොදට බතට උරා ගන්නවා..දැන් බත හරි..

සෝස් රහිත නාසිගොරෙන් (ඉන්දුනීසියානු එළවලු බත)

ඉන්දුනීසියාවේ හදන ෆ්‍රයිඩ් රයිස් නාසි ගොරෙන් නමින් තමයි හදුන්වන්නේ, මේකේ විශේෂත්වය පිළිගන්වන්නේ බිත්තරයක් සමගින් වීමයි

හාල් 500g

ලොකු ළුණු ගෙඩි 1,

සුදු ළුණු බික් 2,

කැරට් අල 1,

කොළ පාට රතු පාට බෙල් පෙපර් 2

බේකන් 200g

තෙල් මේස හැදී 2

කුරුදු පොතු කැබැල්ලක්, එනසහල් 2

කෑලි මිරිස් තේ හැදී 1

සිනි තේ හැදී 1/2

රස අනුව ලුණු

~ හාල් සෝදා වතුර රස අනුව ලුණු එක්කර බත හදාගන්න

~ ඉඩ ඇති සුදුසු භාජනයක් ගෙන එයට තෙල් එක්කර රත්වෙන්න හැරලා පුංචියට කපාගත් සුදු ළුණු, ළුණු, කුරුදු පොතු , එනසහල් එක්ක බැදෙන්න හරින්න...

~ දැන් එයට පුංචියට කපාගත් බේකන් එකතු කරන්න ඒ ටිකත් බැදෙන්න හරින්න

~ඔයාලට පුළුවන් බේකන් වෙනුවට කුකුල්මස්, ඉස්සෝ, මාළු, බිත්තර මේ ඕනෙම දෙයක් යොදාගෙන මේ බත හදන්න

~ දැන් එයට ලුණු එකතු කරන්න එයටම කෑලි මිරිස්, සිනි එකතු කරලා හොදින් බැදෙන්න හරින්න..

~ සිනි එකතු කරලා බදිද්දී හොද රන්වන් පැහැයක් එනවා

~ හොදට බැදුණු පසු රස දැනෙන්නේ සෝස් එකක් එකතු කළා වගේ..වෙන කිසිම දෙයක් එකතු කරන්න ඕනේ නැහැ...

~ දැන් පිළිවෙලට කැරට් සහ මිරිස් පාට දෙක එකතු කරන්න..ටික වෙලාවකින් බත් එකතු කරලා හොදින් කලවම් කරන්න මේ වෙලාවේදී ගින්දර පොඩ්ඩක් වැඩි කරලා කලවම් කරන්න...නාසි ගොරෙන් බතේ විශේෂයක් තමයි චිලි පේස්ට් එහෙම නැත්නම් සම්බල් කියන දේ එකතු කරනවා..මම මිරිස් කෑලි එකතු කල නිසා ආයෙත් චිලි පේස්ට් එකතු කලේ නැහැ

~ බත් එක පිලිගන්වද්දී බිත්තරයක් හදලා බත් එක සමග පිළිගන්වන්න !

Copy BY Cooking made simple පහසුයි රසයි

[QUOTE="බෙන් 10, post: 23034368, member: 512836"] [b]``බත් වර්ග 20 ක් ![/b] [SIZE="4"]අන්නාසි බත් --------------- [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/29683200_2073255269622234_5756030874539078239_n.jpg?_nc_cat=0&oh=3a9a377fe133bc4ad389b752fe000925&oe=5B39A6B0[/IMG] අන්නාසි 400g බාස්මති හාල් 600g කජු අහුරක් 50g වියලි මිදී අහුරක් 50g ගාගත් පොල් මේස හැදී 3 පමණ රතු වියලි මිරිස් කරල් 6 බටර් මේස හැදී 3 හෝ ඔලිව් තෙල් ලොකු ළුණු ගෙඩි 1 , සුදු ළුණු බික් 2, කරපිංචා කොල ටිකක් රස අනුව ලුණු, ගම්මිරිස් කුඩු තේ හැදී 1/2 කහ කුඩු තේ හැදී 1/4 බතට කුරුදු පොතු 1, එනසහල් 2, කරාබු නැටි 2, අවශ්‍ය පමණට ලුණු ~ මුලින්ම පුරුදු විදියට බත උයාගන්න.. ~ කුරුදු පොත්තක් එනසහල් කරලක් කරාබු නැටි 2 විතර දාලා බත තැම්බෙන්න හරින්න එතකොට සුවදයි.. ~ අන්නාසි පොත්ත හොදින් අයින්කර මැද ගනකම් දාරයත් අයින් කර පුංචි කොටස් වලට කපන්න.. ~ ඉඩ තිබෙන සුදුසු බාජනයක් ලිප තබා බටර් හෝ ඔලිව් ඔයිල් එක් කරන්න.. ~ තෙල් රත්වීගෙන එද්දී පුංචියටම කපාගත් සුදු ළුණු, ළුණු එකතු කරන්න.. ~ එයටම කරපිංචා, කොටස් වලට කඩාගත් මිරිස් කරල් එකතු කරන්න.. ~ ටික වෙලාවක් බැදෙන්න හැරලා කජු වියලි මිදී එක් කරන්න.. ~ දැන් කපාගත් අන්නාසි එකතු කරන්න..ගින්දර අඩු කරන්නත් එපා වැඩි කරන්නත් එපා.. ~ දැන් එයට පොල් එකතු කරන්න..රස අනුව ලුණු, ගම්මිරිස් ටිකත්, කහ කුඩුත් එකතු කරන්න.. ~ හොදින් කලවම් කර ටික වෙලාවක් පිසගත් පසු බත් එකතු කරන්න.. ~ ගින්දර අඩු නොකරම හොදින් කලවම් කරන්න.. ~ ලස්සන තව පාට ගන්න ඕනේ නම් පොල්කිරි හෝ ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප 1/4 කට කහ තේ හැදී 1/4 එකතු කර දියකර බතට කලවම් කරන්න.. ~ ඔන්න දැන් බත හරි සුවදම සුවදයි... ඉස්සෝ බිරියානි ------------------- [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/29790548_2073255476288880_4732797585810665087_n.jpg?_nc_cat=0&oh=28df5f8d325e5385fcda0bcecf073b9f&oe=5B667A5C[/IMG] හාල් 500g, වතුර ගානට තියල ඒකට ඔලිව් තෙල් හැන්දක් , බේ කොළ 1, කරාබු නැටි 2, එනසහල් 3, කුරුදු පොත්තක් එකතු කරලා බත රයිස් කුකර් එකේ හදාගන්න ඒ අතරේ ඉස්සෝ 300g රස අනුව ලුණු, මිරිස් කුඩු තේ හැදි 1 තුනපහ කුඩු තේ හැදී 1 තලාගත් සුදු ළුණු සහ අමු ඉඟුරු මේස හැදී 2 පමණ ඔලිව් තෙල් මේස හැදී 3 යෝගට් මේස හැදී 4 ලොකු මිරිස් කරල් 2 කොත්තමල්ලි කොළ අහුරක් සිහින්ව ලියා බැදගත් ලොකු ළුණු ගෙඩි 2 ගරම් මසාලා පැකට් එකේ තිබෙන අඩු වැඩියෙන් පොඩ්ඩක් (සාදික්කා පොඩි කොටසක් , කොත්තමල්ලි ඇට කිහිපයක්, සුදුරු ඇට කිහිපයක්,ගම්මිරිස් ඇට කිහිපයක් , කරදමුංගු 3 , කරාබු නැටි 3, කුරුදු පොතු කැබැල්ලක් ) බිරියානි මසාලා මේස හැදි 1 ~ මුලින්ම ඉස්සෝ (ඉස්සෝ ග්‍රෑම් 300) පිරිසිදු කරලා පොත්ත ඇරලා (මෙතනදි පොත්ත ඇරලා හැදුවම රසයි) ලුණු,මිරිස් , තුනපහ, සුදු ළුණු අමු ඉඟුරු පේස්ට් එකෙන් හැන්දක ප්‍රමාණයක් එකතුකරලා අතගාලා තියන්න.. ~ දැන් ලොකු පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් එකතු කරන්න ~ එයට ගරම් මසාලා පැකට් එකේ තියෙන අඩු වැඩිය සහ සුදු ළුණු අමු ඉඟුරු පේස්ට් එකේ ඉතුරු ටිකත් එකතු කරලා ඉස්සෝ ටික එකතුකරමින් පොඩ්ඩක් උයාගන්න..විනාඩි 3 විතර... ~ දැන් ඉස්සෝ ටික විතරක් වෙනත් බාජනයකට අයින් කරන්න...අර තෙල් ටික තියෙන්න හැරලා..දැන් ඒ තෙල් එකට යෝගට් ,කපාගත් මිරිස්, කොත්තමල්ලි කොළ ,බිරියානි මසාලා ,රස අනුව ලුණු, බැදගත් ළුණු පිලිවෙලින් එකතු කරන්න.. ~ පොඩි වෙලාවකින් ඉස්සෝ එකතුකරන්න..කලවම් කරන්න... ~ දැන් එයට උයාගත් බත් එකතු කරන්න..ඊට උඩින් කපාගත් කොත්තමල්ලි කොළ, බැදගත් ළුණු සහ කිරි පොඩ්ඩක දියකරගත් ෆුඩ් කලර් ටිකක් එකතු කරලා විනාඩි කිහිපයක් වහල තියන්න මද ගින්දරේ... කලවම් කරද්දී උඩින් යටට වෙන්න අරන් කලවම් කරන්න නැත්නම් කෙලින්ම පිගානට බෙදන්න රස පිරුණු cranberiies බත [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/29595147_2073255696288858_4047631494915377643_n.jpg?_nc_cat=0&oh=be919b72be5092175773803c1631284e&oe=5B35BF3F[/IMG] බාස්මති හාල් 600g රතු බෙල් පෙපර් 1 කොල බෙල් පෙපර් 1 වියලි cranberries 100g වියලි apricot 50g ලොකු ළුණු ගෙඩි 1 සුදු ළුණු බික් 2 රස අනුව ලුණු බටර් මේස හැදී 4 ගම්මිරිස් තේ හැදී 1/2 ~ සුදුසු භාජනයක් ලිප තබා එයට බටර් මේස හැදී 2 එක් කරන්න ~ බටර් රත්විගෙන එද්දී පුංචියට කපාගත් සුදු ළුණු, සිහින්ව කපාගත් ළුණු එකතු කරන්න ~ රන්වන් පාට වීගෙන එද්දී සෝදා ගත් හාල් එකතු කරන්න ~ දැන් බත තම්බිමට අවශ්‍ය පමණට වතුර එකතුකරන්න ~ රස අනුව ලුණු එකතුකර බත තැම්බෙන්න හරින්න ~ ඒ අතරේ කොල සහ රතු බෙල් පෙපර් පොඩියට කපාගන්න ~ වියලි අප්රිකොට් ද සිහින්ව කපාගන්න ~ ඉතුරු බටර් මේස හැදී 2 රත්කර වියලි cranberries, apricot සහ බෙල් පෙපර් ටික වෙලාවක් පිසාගන්න, මේ එළවලු සහ වියලි පලතුරු වල පාට රැදෙන සේ ටික වෙලාවක් විතරක් පිස ගන්න ~ බත තැම්බුණු පසු නිවෙන්න හැර එළවලු සහ වියලි පලතුරු එක් කර හදින් කූරු ගාගන්න.. ** cranberries සහ apricot වෙනුවට වියලි මිදී, වියලි චෙරි පාවිච්චි කරන්නත් පුළුවන් ** දොඩම් රසැති සුවද පිරුණු බත [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/29595294_2073255536288874_1022520691354810447_n.jpg?_nc_cat=0&oh=02e2ab018c19f83c6536939f2bbde1ca&oe=5B27514B[/IMG] හාල් කෝප්ප 6 (ග්‍රෑම් 600 විතර) දොඩම් ගෙඩි 1 ක පොත්ත ග්‍රේට් කරගන්න දොඩම් ගෙඩි බාගෙක යුෂ රස අනුව ලුණු පොල්කිරි කෝප්ප 1/4 කහ කුඩු තේ හැදී 1/4 බත තම්බිමට අවශ්‍ය වතුර ~ හාල් හොදින් සෝදා එයට රස අනුව ලුණු, දොඩම් යුෂ , ග්‍රේට් කරගත් දොඩම් පොත්ත එකතු කරන්න.. ~ දැන් මදි පාඩුවට වතුර එක් කරන්න බත තැම්බෙන්න ඕනේ ප්‍රමාණය අනුව.. ~ බත ඉදෙන්න හරින්න.. ~ ඔබට පෙනේවි දොඩම් පොතු ඉදුණු බත මත රැදී තිබෙනවා.. ~ බත හොදින් ඉදුණු පසු..පොල්කිරි සමග කහ දියකර උඩින් එකතු කරන්න.. ~ හොදින් කූරු ගා බත වසා තබන්න බිත්තර බිරියානි [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/29793656_2073255889622172_6503540641496992222_n.jpg?_nc_cat=0&oh=1065cc01dc5f516380ed5e5805412971&oe=5B27C5C5[/IMG] බාස්මති හාල් 500g බේ කොළ 1 එනසහල් 3 කුරුදු පොත්තක් ඔලිව් තෙල් මේස හැදී 1 රස අනුව ලුණු... බත තම්බිමට අවශ්‍ය පමණට වතුර ~ හාල් සෝදා ඉහත සදහන් සියලුම දේ එක්ක් කර බත තැම්බෙන්න තියන්න.. ඒ අතරේ , බිත්තර 4 තම්බා ගන්න පාන් පිටි මේස හැදී 2 මිරිස් කුඩු තේ හැදී 1 කහ කුඩු තේ හැදී 1/4 තුනපහ තේ හැදී 1/2 ලුණු තේ හැදී 1/4 , වතුර පොඩ්ඩක් එකතු කරලා බැටර් එකක් සාදා ගන්න ~ සාදාගත්එ බැටර් එකේ තම්බාගත් බිත්තර දවටා පාන් කුඩු දවටා බිත්තර යන්තම් තෙලේ එහාට මෙහාට කරමින් බැදගන්න දැන් අපි බිර්යානි එක හදමු.. ඔලිව් තෙල් මේස හැදී 2 කුරුදු පොත්තක් එනසහල් 3, කරාබු නැටි 3 සූදුරු තේ හැදී 1/2 ගරම් මසාලා තේ හැදී 2 යෝගට් මේස හැදී 4 ලොකු ළුණු ගෙඩි එකක් සිහින්ව කපා බැදගන්න කහ කුඩු තේ හැදී 1/4 මිරිස් කුඩු තේ හැදී 1/2 කපාගත් රතු සහ කොල බෙල් පෙපර් කොටසක් සුදු ළුණු බික් 2 අමු ඉඟුරු පොඩි කොටසක් කජු 100g රස අනුව ලුණු කොත්තමල්ලි කොල ටිකක් ~මුලින්ම ලොකු පෑන් එකක් ලිපේ තියල ඔලිව්තෙ තෙල්ල් මේස හැදී 2 එක් කරන්න ~ දැන් ඒ තෙලට කුරුදු, එනසහල් කරාබු නැටි සූදුරු .ඒත් එක්කම කජු එකතු කරන්න බැදෙන්න ඇරලා තලාගත් සුදුලුනු, අමු ඉගුරු පේස්ට් එකක් විදියට මේස හැදී 2 වෙන්න එකතු කරන්න.. ~දැන් කපාගත් රතු කොළ බෙල් පෙපර්, කොත්තමල්ලි කොළ එකතු කරන්න... ~ඊළගට බැදගත් ළුණු, යෝගට් , ගරම් මසාලා, කහ , ලුණු, මිරිස් කුඩු එකතු කරන්න... ~ දැන් මේක සෝස් එකක් වගේ හැදෙනවා...ඒ උඩට උයාගත් බත් එකතු කරන්න...කලවම් කරන්න එපා.. ~ ඊට උඩින් බැදගත් ළුණු, කොත්තමල්ලි කොළ එකතු කරන්න.. ~ කිරි ටිකක කහ ටිකක් දිය කර බත උඩින් එක් කරන්න ~ දැන් විනාඩි කිහිපයක් බත් එකට අර සෝස් එක උරාගන්න වහලා තියන්න මද ගින්දරේ... ~ නැවත බිත්තර එකතු කර පොඩි වෙලාවක් පියනෙන් වසා තබා කෑමට ගන්න පොල්කිරි යොදා හදපු රස සුවද පිරුණු කහ බත ------------------------------------------------------ [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/29598093_2073255929622168_3430513203630092098_n.jpg?_nc_cat=0&oh=40af9a0271b7d5e14348e97a03c3dde4&oe=5B363319[/IMG] බාස්මති හාල් කිලෝ 1, පොල්කිරි කෝප්ප 2, සිහින්ව ලියා ගත් ලොකු ළුණු ගෙඩි 2 කුරුදු පොත්තක්, සුදු ළුණු, අමු ඉඟුරු දෙකෙන්ම මේස හැන්දක් වෙන්න ගන්න... රම්පෙ කරපිංචා රස අනුව ලුණු, කහ කුඩු තේ හැදී 1/2 කරාබු නැටි 3 , එනසහල් 3 කැමතිනම් ගම්මිරිස් ඇට කිහිපයක් එළගිතෙල් , බටර් හෝ මාගරින්...මේස හැදී 4 ~ මුලින්ම රයිස් කුකර් එකේ හෝ සුදුසු බාජනයක බටර් එකතු කර එයට ළුණු, සුදු ළුණු, අමු ඉඟුරු, කුරුදු එනසහල, කරාබු නැටි, රම්පෙ කරපිංචා එකතු කරමින් බැදෙන්න හරින්න... ~ එයටම කහ, ලුණු එකතු කරන්න...දැන් සෝදා වතුර පෙරාගත් හාල් ද එකතුකරන්න...බටර් වලින් පොඩ්ඩක් තැම්බෙන්න හැරලා කිරි එකතු කරන්න... ~ දැන් බත තැම්බෙන්න අවශ්‍ය තරමට වතුර එකතු කරන්න...කිරි කෝප්ප 2 දාපු නිසා මදි පාඩුවට වතුර බලල එකතු කරන්න... ~ බත හැදුනම බෙදද්දී කුරුදු පොත්ත, කරාබු නැටි, එනසහල් අයින් කරන්න.. ~ පිලිගන්වද්දී, බැදගත් ළුණු, කජු, වියලි මිදී වලින් සරසාගන්න... එග් සේවරි රයිස් ----------------- [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/29695027_2073255562955538_4744812596066626703_n.jpg?_nc_cat=0&oh=e7ddf87169241d511a02dbb27ad899a3&oe=5B32D806[/IMG] හාල් 500g බිත්තර 3 ලොකු ළුණු 1 සුප් කැට 2 තලාගත් සුදු ළුණු බික් 2 තලාගත් ඉඟුරු කැබැල්ලක් එනසහල්, කරාබු නැටි බටර් 50g වියලි මිදී 50g කජු 75g ග්‍රීන් පිස් 75g කුරුදු පොත්තක් රම්පෙ කරපිංචා ~ බත උයන්න සුදුසු භාජනයක් ලිප තබා එයට බටර් එක් කරන්න.. ~ බටර් රත්වීගෙන එද්දී කපාගත් ළුණු , තලාගත් සුදු ළුණු, ඉඟුරු, කුරුදු පොත්ත,එනසහල් ,කරාබු නැටි, පොඩි කරගත් සුප් කැට, රම්පෙ, කරපිංචා එකතුකරන්න .. ~ ටික වේලාවක් ඒ සියල්ල බටර් වලින් බැදුණු පසු, සෝදා වතුර පෙරාගත් හාල් එක් කරන්න ~ දැන් බත තැමිබිමට අවශ්‍ය පමණට වතුර එක් කර රස අනුව ලුණු ද එක් කර බත උයාගන්න ~ බත හැදෙන අතරේ වියලි මිදී , කජු ,ග්‍රීන් පීස් බටර් වලින් බැදගන්න ~ බිත්තර ලුණු තේ හැදී 1/4 , ගම්මිරිස් තේ හැදී 1/4 එක් කර හොදින් ගසා ඔම්ලට් එකක් සාදාගන්න..එය පොඩි තීරු වලට කපන්න ~ බත හැදුනම හොදින් කූරු ගා කජු,වියලි මිදී, ග්‍රීන් පිස් , බිත්තර එකතුකර කලවම් කර කෑමට ගන්න දුන්තෙල් බත් [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/29683907_2073256029622158_1515435323607468069_n.jpg?_nc_cat=0&oh=2e04aae87045687b2c81cc78aede1256&oe=5B694FD5[/IMG] හාල් 600g දුන්තෙල් මේස හැදී 2 (දුන්තෙල්, ගිතෙල් හෝ බටර් ) සිහින්ව කපාගත් ලොකු ළුණු 1 සුදු ළුණු බික් 2 එනසහල් 2 කුරුදු පොතු කැබැල්ලක් කරාබු නැටි 2 වැඩි රසට කජු 75g , වියලි මිදී 50g බැදගත් ළුණු ~ හාල් සෝදා බත තැම්බීමට අවශ්‍ය පමණට වතුර සහ ලුණු එකතුකරන්න ~ වෙනම පෑන් එකකට දුන්තෙල් එකතුකර එයට පොඩියට කපාගත් ලොකු ළුණු හා සුදු ළුණු එනසහල් , කුරුදු , කරාබු නැටි එකතු කර බැදෙන්න හැර ඒ සියල්ල හාල් සමග එකතු කර බත හදාගන්න ~ බත තැම්බෙන අතරේ දුන්තෙල් වලින්ම කජු, වියලි මිදී, කපාගත් ළුණු බැදගන්න.. ~ බත තැම්බුුනාට පස්සේ කුරුදු පොත්ත සහ එනසහල් කරාබු නැටි ඉවත්කර බත උඩින් බැදගත් සියල්ල එකතු කර පිලිගන්වන්න.. Clementine මිශ්‍ර බත [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/29572715_2073256086288819_2938941158906684762_n.jpg?_nc_cat=0&oh=8527e10073cc87aa0dca5c220d45943f&oe=5B31E407[/IMG] හාල් 500g clementine හෝ mandarin 1 ලොකු ළුණු ගෙඩි 1 සුදු ළුණු බික් 2 කුරුදු පොතු කැබැල්ලක් එනසහල් 3 කරාබු නැටි 3 තැඹිලි පාට ෆුඩ් කලර් බින්දු 2 කජු 50g වියලි මිදී 50g කොත්තමල්ලි කොළ හෝ පාස්ලි කොල ටිකක් රස අනුව ලුණු බටර් 50g ~ හාල් සෝදා ලුණු සහ බත තැම්බීමට අවශ්‍ය වතුර එකතුකරන්න ~ එයට සිහින්ව ලියා බටර් වලින් බැදගත් ළුණු, සුදු ළුණු සහ කුරුදු, එනසහල්, කරාබු නැටි, clementine ගෙඩියේ යුෂ සහ පොත්ත සූරා එකතු කරන්න ~ දැන් බත තැම්බෙන්න තියන්න ~ ඒ අතරේ කජු, වියලි මිදී බටර් ස්වල්පයක් එකතුකර බැදෙන්න හරින්න ~ බත තම්බුනු පසු හැදී මිටේ ෆුඩ් කලර් බින්දු කිහිපය ගා බතේ තැනින් තැනට එක් කරන්න.. ~ බත නිවුණු පසු හැදී මිටෙන් කූරු ගා බැදගත් කජු, වියලි මිදී සහ පාස්ලි කොළ එකතුකර සරසා ගන්න රස ගුණ ලස්සන පිරුණු බත් එකක් [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/29791986_2073256109622150_441510141324430867_n.jpg?_nc_cat=0&oh=b783969a790d8cb49a1c9661f1a96dd0&oe=5B680D98[/IMG] හාල් 600g ලොකු ළුණු ගෙඩි 2 සුදු ළුණු බික් 2 අමු ඉඟුරු පොඩි කොටසක් කොළ පාට බෙල් පෙපර් 1 තක්කාලි ගෙඩි 1 ලොකු අල 2 බටර් 50g ගරම් මසාලා පව්ඩර් තේ හැදී 2 කුරුදු කුඩු තේ හැදී 1/4 රස අනුව ලුණු ග්‍රීන් පීස් 100g කොත්තමල්ලි කොල ටිකක් ~ හාල් සෝදා අවශ්‍ය පමණට වතුර සහ රස අනුව ලුණු එකතුකර තැම්බෙන්න තියන්න ~ අල තම්බා පොඩි කොටස් වලට කපාගන්න ~ ඉඩ ඇති සුදුසු භාජනයක් ලිප තබා එයට බටර් එකතුකරන්න රත්විගෙන එද්දී සිහින්ව කපාගත් ළුණු, තලාගත් සුදුලුනු අමු ඉගුරු එකතු කරන්න... ~ එයටම කපාගත් කොත්තමල්ලි කොළ සහ කොලපාට බෙල් පෙපර් එකතු කරන්න ~ ඉන්පසු පොඩියට කපාගත් තක්කාලි, ගරම් මසාලා පව්ඩර් සහ රස අනුව ලුණු, කුරුදු කුඩු එකතු කරන්න, දැන් හොදින් පිසගන්න වතුර මේස හැන්දක් වගේ එකතු කරලා...සෝස් එකක් වගේ වෙන්න දැන් එයට ග්‍රීන් පීස් එකතු කරමින් පිසගන්න... ~ තම්බපු ලොකු අල ගෙඩි එකතු කරන්න... දැන් තව කොත්තමල්ලි කොළ එකතු කරන්න... ~ එයට පිසගත් බත් එකතු කරමින් කලවම් කරන්න බත් පොඩි නොවෙන්න... ගෙදරට එන අමුත්තන් පිළිගන්න රසම රස බත් එකක් [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/29694681_2073256166288811_8384899629236977795_n.jpg?_nc_cat=0&oh=7f2827af7675b706aefed492be32deab&oe=5B37D809[/IMG] බත සෑදීමට ප්‍රථම අපි චිකන් එක හදාගෙන ඉමු - කුකුල් මස් කිලෝ 2 1/2 කුරුදු කැබලි 3 එනසහල් 5 හෝ 6 කරාබු නැටි 6 ගම්මිරිස් ඇට කිහිපයක් කොත්තමල්ලි ඇට ටිකක් සූදුරු තේ හැදී 1 අවශ්‍ය පමණට ලුණු වතුර කෝප්ප 1 1/2 ~ කුකුල් මස් හොදින් සෝදා කොටස් වලට කපාගන්න.. ~ ගැඹුරු බාජනයකට ඒ සියල්ල දමා ඉහත සදහන් අඩු වැඩිය එකතුකර වතුරද එකතු කර හොදින් තම්බා ගන්න.. ~ ගින්දර වැඩි කරන්න එපා අපිට ඕනේ මස් තම්බගන්න විතරයි.. ~ මස්වල තිබෙන වතුරයි එකතු කරපු වතුරයි එක්ක අපිට බත තම්බන්න අවශ්‍ය පමණට වතුර ලබාගන්න ඕනේ නිසා ගින්දර වැඩි නොකර තම්බගන්න.. ~ දැන් ලිපෙන් ගෙන මස් කොටස් තැටියක් මත අතුරන්න.. ~ මස් තම්බා ගත් වතුර බත හදන්න ගන්න පසෙකින් තබන්න **දැන් මෙන්න මේ දේවල් එකතු කර සෝස් එකක් හදාගන්න.. ඔලිව් තෙල් මේස හැදී 3 ලෙමන් ගෙඩියක යුෂ මිරිස් කුඩු තේ හැදී 1 ගම්මිරිස් කුඩු තේ හැදී 1/2 මී පැණි මේස හැදී 1 ලුණු තේ හැදී 1/4 කහ කුඩු තේ හැදී 1/4 කුරුදු කුඩු තේ හැදී 1/4 වතුර කෝප්ප 1/4 ~ මේ සියල්ල එකට එකතු කර කලවම් කරන්න ~ දැන් බ්‍රෂ් එකකින් සාදාගත් සෝස් එක කුකුල් මස් කොටස් මත තවරන්න.. ~ 200c උෂ්ණත්වයෙන් යුතු අවන් එකේ කුකුල් මස් කොටස් හොදින් රන්වන් පාට වෙනකම් තබන්න. දැන් අපි බත හදමු -------------------------- හාල් කිලෝ 1 1/2 ලොකු තක්කාලි ගෙඩි 1 1/2 (300g විතර) ලොකු ළුණු 1 (200g) සුදු ළුණු බික් 3 , අමු ඉඟුරු පොඩි කොටසක් ලොකු මිරිස් එකක් හෝ අමු මිරිස් කරල් 2 කරපිංචා ඉති 4 ක කොල බටර් මේස හැදී 3 ගම්මිරිස් තේ හැදී 1 මිරිස් කුඩු තේ හැදී 2 කහ කුඩු තේ හැදී 1/2 කුකුල් මස් තම්බා පෙරාගත් වතුර රස අනුව ලුණු පොල්කිරි කෝප්ප 1/2 + කහ කුඩු තේ හැදී 1/2 බත තැම්බීමට මදි පාඩුවට වතුර ලොකු රතු ළුණු ගෙඩි 2 (350g පමණ) ~ ලොකු රතු ළුණු සිහින්ව කපා රන්වන් පාට වනතුරු බැදගන්න..එය පසෙකින් තබන්න .. ~ වෙනම පෑන් එකක් ලිප තබා බටර් එක් කරන්න ~ රත්විගෙන එනවිට එයට ඉඟුරු, සුදු ළුණු එක් කරන්න.. ~ පොඩි වේලාවකින් ළුණු සහ කරපිංචා එක් කරන්න.. ~ දැන් මේ සියල්ල හොදින් රන්වන් පාටට බැදෙන්න දෙන්න, දිගෙන එනවිටදී තක්කාලි, අමු මිරිස් එක් කරන්න ~ රස අනුව ලුණු, ගම්මිරිස්, මිරිස් කුඩු, කහ කුඩුද එක් කරන්න ~ දැන් තෙලෙන් තැම්බුණු පසු වතුර කෝප්ප එකක් එකතුකර මද ගින්දරේ හොදින් තක්කාලි තැම්බෙනකම් උයාගන්න.. ~ හාල් හොදින් සෝදා එයට තම්බා පෙරාගත් කුකුල් මස් වතුර එකතු කරන්න.. ~ දැන් මදි පාඩුවට වතුර එකතු කරන්න.. ~ එයටම සාදාගත් ළුණු තක්කාලි මිශ්‍රණය එක් කරන්න.. ~ හොදින් කලවම් කර ලුණු මදි වගේ හැගෙනම් තව ලුණු ටිකක් එකතු කරන්න.. ~ දැන් බත තැම්බෙන්න තියන්න.. ~ බත ඉදුණු පසු කොටසක් අයින් කරන්න..දැන් ඒ මතට කුකුල් මස් කොටස් තබන්න, බැදගත් ලුණුත් තබන්න ඊට උඩින් අයින් කරගත් බත් එකතු කරන්න නැවත ඒ මතට බැදගත් ළුණු තබා පොල්කිරි සමග කහ කලවම් කර වක්කරන්න.. ~ දැන් නැවත විනාඩි දෙක තුනක් පිසගන්න..ලිපේ නම් මද ගින්දරේ පිසගන්න..ලිප නිවා රස්නේ වදින්න විනාඩි 10 පමණ තියලා බත හැදී මිටෙන් කූරු ගාන්න.. ~ එහෙම කලාම අර බැදපු ළුණු, කිරි එහෙම හොදට බතට උරා ගන්නවා..දැන් බත හරි.. සෝස් රහිත නාසිගොරෙන් (ඉන්දුනීසියානු එළවලු බත) [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/29695269_2073256186288809_3055995251442322623_n.jpg?_nc_cat=0&oh=a106e48928533b258a8aa2993d007716&oe=5B6F9515[/IMG] ඉන්දුනීසියාවේ හදන ෆ්‍රයිඩ් රයිස් නාසි ගොරෙන් නමින් තමයි හදුන්වන්නේ, මේකේ විශේෂත්වය පිළිගන්වන්නේ බිත්තරයක් සමගින් වීමයි හාල් 500g ලොකු ළුණු ගෙඩි 1, සුදු ළුණු බික් 2, කැරට් අල 1, කොළ පාට රතු පාට බෙල් පෙපර් 2 බේකන් 200g තෙල් මේස හැදී 2 කුරුදු පොතු කැබැල්ලක්, එනසහල් 2 කෑලි මිරිස් තේ හැදී 1 සිනි තේ හැදී 1/2 රස අනුව ලුණු ~ හාල් සෝදා වතුර රස අනුව ලුණු එක්කර බත හදාගන්න ~ ඉඩ ඇති සුදුසු භාජනයක් ගෙන එයට තෙල් එක්කර රත්වෙන්න හැරලා පුංචියට කපාගත් සුදු ළුණු, ළුණු, කුරුදු පොතු , එනසහල් එක්ක බැදෙන්න හරින්න... ~ දැන් එයට පුංචියට කපාගත් බේකන් එකතු කරන්න ඒ ටිකත් බැදෙන්න හරින්න ~ඔයාලට පුළුවන් බේකන් වෙනුවට කුකුල්මස්, ඉස්සෝ, මාළු, බිත්තර මේ ඕනෙම දෙයක් යොදාගෙන මේ බත හදන්න ~ දැන් එයට ලුණු එකතු කරන්න එයටම කෑලි මිරිස්, සිනි එකතු කරලා හොදින් බැදෙන්න හරින්න.. ~ සිනි එකතු කරලා බදිද්දී හොද රන්වන් පැහැයක් එනවා ~ හොදට බැදුණු පසු රස දැනෙන්නේ සෝස් එකක් එකතු කළා වගේ..වෙන කිසිම දෙයක් එකතු කරන්න ඕනේ නැහැ... ~ දැන් පිළිවෙලට කැරට් සහ මිරිස් පාට දෙක එකතු කරන්න..ටික වෙලාවකින් බත් එකතු කරලා හොදින් කලවම් කරන්න මේ වෙලාවේදී ගින්දර පොඩ්ඩක් වැඩි කරලා කලවම් කරන්න...නාසි ගොරෙන් බතේ විශේෂයක් තමයි චිලි පේස්ට් එහෙම නැත්නම් සම්බල් කියන දේ එකතු කරනවා..මම මිරිස් කෑලි එකතු කල නිසා ආයෙත් චිලි පේස්ට් එකතු කලේ නැහැ ~ බත් එක පිලිගන්වද්දී බිත්තරයක් හදලා බත් එක සමග පිළිගන්වන්න ! [B][RIGHT]Copy BY Cooking made simple පහසුයි රසයි[/RIGHT][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom