බදියුදීන් සොහොයුරා රිමාන්ඩ්

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    බදියුදීන් සොහොයුරා රිමාන්ඩ්

    aembo4h.jpg

    රහස් පොලීසිය මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරෙකු වන හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී රිෆ්කාන් බද්යුදීන් නමැත්තා ලබන 06 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් නියෝග කළාය.

    තලෙයිමන්නාරම ප්‍රදේශයේ පිහිටි වෙනත් පුද්ගලයෙකුට අයත් රුපියල් මිලියන විසි හතරක් පමණ වටිනාකමකින් යුත් ඉඩම් අක්කර 40 ක් ව්‍යාජ ඔප්පු සකස් කර අත්පත් කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිෆ්කාන් බදියුදීන් නැමැත්තා රහස් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කළ බව අද දෙරණ වාර්තාකරු පවසයි.

    සැකකාර රිෆ්කාන් බදියුදීන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා අධිකරණයේ ඉල්ලීමක් කරමින් තම සේවාදායකයා මෙම අපරාධයට සම්බන්ධ බවට නිශ්චිත කරුණු කිසිවක් නොමැති හෙයින් ඔහු ඇප මත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.

    එහෙත් රහස් පොලීසිය සඳහන් කර සිටියේ සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරන බවයි.

    සැකකරු විමර්ශන අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    මෙම අවස්ථාවේ සැකකරු ඇප මත මුදා හරිනු ලැබූවොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි බව ප්‍රකාශ කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඒ අනුව සැකකරු ලබන 06 තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළාය.

    මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නොතාරිස්වරයෙකු බව කියන පුද්ගලයෙකු ඇප මත මුදා හැරීමට ද අධිකරණය විසින් අද නියෝග කර තිබුණි.



    Ada derana