Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
බදුල්ල නයිට්මේල් එකෙන් ඇල්ලට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලකලෑස්ති වෙලා බත්තරමුල්ල හන්දියෙන් කොට්ට පොල් වගේ සෙනග පටවපු 190 බස් එකකට නැගල වවුලෙක් වගේ එල්ලිලා ඇවිත් කොටුවේ ස්ටේෂන් එක ළඟින් බහිද්දි හැන්දෑවෙ හතට විතර ඇති. මේ බ්‍රහස්පතින්ද දවසක්. පහුවදා සිකුරාද පාළොස්වක පෝය. දිග සති අන්තයක්. ඒකයි එච්චර සෙනග. බස් එකෙන් බැහැපු හැටියෙ, ස්ටේෂන් එකට යන මහ සෙනග මැද්දෙන් මම පණුවෙක් වගේ ඇඹරි ඇඹරි, ඇඳුම් පුරෝපු කලුයි නිලුයි බැක්පැක් එකත් පිටේ එල්ලගෙන, ස්ටේෂන් එකේ ලේක් හවුස් එක පැත්තෙ මායිමෙ තිබ්බ ඇඳුම් කඩේකට ගියෙ ජර්සි එකක් ගන්න. පිටකොටුවෙ වැඩිපුර ඉන්නෙ කාක්කො හින්ද මම සාමාන්‍යයෙන් ඔය කඩවලින් ගෙදරට අඳින්නා ෂෝටක්වත් ගන්නෙ නෑ. හැබැයි ජර්සියක් ඕනෙමයි. මම එදා හවස තලවතුගොඩින් බැලුවම ඒ කඩේටම තිබ්බ එකම ජර්සි එක රුපියල් හාරදාස් ගාණක්. මම හෙව්වෙ දාහකට එක්දාස් පන්සීයකට එකක්. ඒ හින්ද අයිස් කැප් එකක් විතරක් අරගෙන වෙලාවත් තිබ්බ හින්ද ජර්සි එකක් පිට්කොටුවෙන් ගන්න හිතුව.

නිල්පාට ඩෙනිම් කලිසමට උඩින් කහපාටට හුරු මැද්දෙන් සුදුපාට ඉරි දෙකකුයි දුඹුරු පාට ඉරකුයි එක්ක දුඹුරු පාට බොත්තම් අල්ලල තිබ්බ අත්කොට කමිසයක් ඇඳලදුඹුරු පාට කැන්වස් සපත්තු දෙකක් දාල හිටපු හිනි උඩු රැවුලක් තිබුණ කඩේ මුදලාලි මට කාලෙකින් දැක්ක ප්‍රියතම නෑයෙකුට වගේ හරි ලෙන්ගතුව හිනාවෙලා ඇහුව "මහත්තෙයට මොනවද ඕනේ?' "ජර්සියක්" මුදලාලිට උත්තර දෙන අතරෙම මගේ ඇස් දෙක කඩේ පුරාම දුවලත් ඉවරයි. ජර්සි පේන්න නෑ. "මේ පැත්තෙන් එන්න මහත්තය" මමත් මුදලාලි පස්සෙන් ගිහින් නතර වුණේ බිම දාල තිබ්බ ජර්සි මිටියක් ළඟ. මම තෝරගත්තෙ දුඹුරු පාට හුඩී එකක් එහෙම තිබ්බ එකක්. ගාණ එක්දාස් අටසීයයි. ටිකක් අඩු කරල දෙන්න බැරිද කියල ඇහුවාම ජර්සි එකේ කොලිටි එක ගැන හෙන වරුණාවක් එහෙම දීල ගලෙන් පට්ටයක් ගහනව වගේ රුපියල් දෙසීයක් අඩු කලා. ඒක වැඩිම වුණොත් නමසීයක් වටී. ඒත් කේවල් කර කර ඉන්න වෙලාවක් තිබ්බෙ නැති හින්ද, ඒකත් අරගෙන කඩෙන් එළියට බැහැල මම මේන්ලයින් එකේ ටිකට් කවුන්ටරේ ගාවට ගියා. ගිහින් බදුල්ලට සෙකන්ඩ් ක්ලාස් ටිකට් එකක් ගත්ත. මම කඩේට යද්දිම වගේ කෝච්චි ස්ට්‍රයික් එකක කතාවකුත් ලාවට ඇහිල තිබුණ. හාවෙක් වගේ කණ් දික්කරල ඇහුවත් සම්පූර්ණ විස්තරේ අහගන්න බැරිවුණා.

ටිකට් කවුන්ටරේ ළඟ ඉඳන් එහෙමම කෙලින්ම ඇවිදගෙන ගිහින් තුන්වෙනි වේදිකාවට ඇතුල් වෙන තැනින් වමට හැරිල කලබලෙන් එහෙටයි මෙහෙටයි ඇවිදින මිනිස්සු ගංගාව මැද්දෙන් පිපිඤ්ඤ ගෙඩියක් වගේ කූල් එකේ හිමින් හිමින් ඇවිදගෙන ගිහින් පළවෙනි වේදිකාවට වැටිල එතනින් ටිකක් ඉස්සරහට ගිහින් වොෂ් රූම් එකටත් ගිහින් ආපහු හිමින් හිමින් තුන්වෙනි වේදිකාවටම ආවා. තව වෙලා තියෙනව. කකුල් දෙකට මාරුවෙන් මාරුවට ඇඟෙ බර මාරු කර කර කෝච්චිය එනකල් ඩෙරික් එකක් වගේ මරදාන පැත්තට බෙල්ල දික්කරගෙන හිටිය. රිදෙන්න ගත්තම බෙල්ල කෙලින් කරගන්නව. ආයෙ ටිකකින් ඒ පැත්තට හරවනව. ඉඳගත්තෙ නෑ කෝච්චිය ආව ගමන් නැගල ඒකෙම ඉඳගන්න හිතාගෙන. ඔහොම ඉද්දි හතයි හතළිස් පහ වගේ වෙද්දි මරදාන යාඩ් එකේ ඉඳන් හූ කියාගෙන කෝච්චිය ආව. දෙය්යො සාක්කි! ජනෙල් ළඟ හැම සීට් එකේම කවුරුහරි වාඩි වෙලා. මම ඉස්සරහින් පාස් වුණු හැම පෙට්ටියෙම එහෙමයි. පන්ති භේදයක් නැතුවම.

සීට් තුන හතරක් හරි ඇති කියන විශ්වාසෙට මාත් ඉතින් කෝච්චිය නවත්තපු සැණින් දුවල ගිහින් නැග්ග. වෙනදට හිමින් සීරුවෙ බයෙන් බයෙන් නගින පඩි තුනේ ඉණිමගේ විදුලි වේගෙන් නැගල සෙකන්ඩ් ක්ලාස් පෙට්ටියකට ඇතුල් වුණා. සීට් නම් තිබුණ. හැබැයි හැම සීට් එකේම කවුරුහරි ඉඳගෙන. තාක්ෂණික වශයෙන් කොළඹ කොටුව ස්ටේෂන් එකෙන් පටන් ගන්න කෝච්චිය මරදානෙ යාඩ් එකේ ඉඳන් කොටුව ස්ටේෂන් එකට එද්දිම සෙනග පිරිල. ඒක හරි අසාධාරණයි. ඒත් කිලෝමීටර් 292ක් දුර පැය 10කට වඩා දිග ගමනක් හිටගෙන යන්න පුළුවන් කාටද? ඒ හින්ද මේ ගැන දන්න අය වැඩේ නීතිවිරෝධි වුණත් (මම දන්න තරමින්) හොරෙන්ම මරදාන යාඩ් එකෙන්ම කෝච්චියට නැගල සීට් එකක් අල්ලගෙන එනව. මම කෝච්චියෙ ටිකට් බුක් කරල නැතුවයි යන්න හදන්නෙ කියල දැනගත්තම මටත් අපේ ඔෆිස් එකේ කවුරුහරි ඔය යෝජනාව කළා. ඒත් මම ඒක එච්චර බරපතලෙට ගත්තෙ නෑ.

බැක්පැක් එක ගලවල උඩ රාක්කෙන් දාලා මම දැන සීට් එකක හෙඩ් රෙස්ට් එකක් අල්ලගෙන හිටිය. දැන් සෙනග පිරෙනව. සමහරවිට අනිත් පෙට්ටිවල හිස් සීටුත් ඇති කියල හිතිල මම බැක්පැක් එකත් අරගෙන සෙනග පීරගෙන ඉස්සරහට ගියා. ඒකෙ කෝච්චියෙ කැන්ටින් එක තිබ්බෙ. ඒකෙත් සෙනග පිරිල. එතනත් ටිකක් ඉඳල මම අමාරුවෙන් බැහැගෙන දෙපැත්තටම ඇවිදල බැලුව. සෙකන්ඩ් ක්ලාස් තර්ඩ් ක්ලාස් පෙට්ටි හැම එකේම කට කපල සෙනග ෆුට්බෝඩ් වල ඉඳන්. මම ආපහු බැස්ස දොරෙන්ම කෝච්චියට නැග්ග. බස් එකේ යන්න ගියත් ඒ වෙලාවෙ යන බස් පාන්දර තුන විතර වෙද්දි බදුල්ලෙ. එච්චර පාන්දර ගිහින් බස් ස්ටෑන්ඩ් එකේ තපින්නයි වෙන්නෙ. අනික එහෙම කලොත් කෝච්චියට ටිකට් එකට වියදම් කල සල්ලිත් අපරාදෙ. ඇරත් මම බදුල්ලට යන්නෙ පළවෙනි වතාවට. මේ සෙනග හැමෝම බදුල්ලට යනව වෙන්න බෑනෙ. යන්න ගත්තට පස්සෙ ටික ටික අඩුවෙයි. ඊට පස්සෙ ජනේලයක් ළඟ සීට් එකක ඉඳගෙන සීත සුළං වැදි වැදී යන්න පුළුවන්. ඔහොම හිත හිතා දොර ලඟින් පොඩ්ඩක් ඇතුලට වෙන්න කෝච්චි පෙට්ටි දෙකක් ජොයින් වෙන තැනට පොඩ්ඩක් මෙහා පැත්තෙ කෝච්චි පෙට්ටියෙ ඇතුලෙ අකුලපු දොරේ අයිනක් අල්ලගෙන බැක්පැක් එක බර හින්ද ගලවල බිමින් තියාගත්ත. ටිකකින් විසිල් ගහල හූ කියාගෙන පැද්දි පැද්දි හිමින් හිමින් කෝච්චිය යන්න පටන් ගත්ත. මම සාමාන්‍යයෙන් ඉඳගෙන යද්දි තියෙන ප්‍රශ්න - ඒ කියන්නේ කෝච්චිය ඉස්සරහට යනවද පස්සට යනවද? කොයි පැත්තෙද පාර ලස්සනටම පේන්නෙ?- මොනවත් දැන් මට නෑ. සීට් එකක් ඕනෙත් නෑ. අත පය දිග ඇරල එතන හිටගෙන ඉන්න පුළුවන් වුණා නම් හොඳටම ඇති.

අකුලපු දොරේ රබර් තීරුවක් අලවපු දාරෙ මම අත් දෙකෙන්ම අල්ලගෙන හිටිය කූඩැල්ලෙක් වගේ. ඒ හරියේ හිටපු අනිත් හැමෝමත් මං වගේම දොරක් හරි කණුවක් හරි තදට අල්ලගෙන හිටිය. කෝච්චිය ටික ටික වේගෙ වැඩි කරද්දි, පැද්දිල්ලයි නැළවිල්ලයි වැඩිවුණා. මගේ කකුල් තිබ්බ තැනට අඩි භාගයක්වත් තිබ්බේ නෑ අමුණල තිබ්බ කෝච්චි පෙට්ටි දෙකේ තට්ටු දෙකේ තල දෙක එකට වදින තැනට. එතන සර්ජන්ගේ පිහියට වඩා තියුණුයි.

හැම අඟලකම සෙනග. කකුලක් ඉස්සුවොත් ආයේ ඒක තියාගන්න වෙන්නෙ එක්කො අනිත් කකුල උඩ නැත්නම් වෙන කාගෙ හරි කකුලක් උඩ. කෝච්චිය වැල් පාලම වගේ පැද්දෙද්දි වැනෙද්දි මාවත් පැද්දෙනව වැනෙනව මට දැණුන.

කට්ටිය කතා වෙච්චි හැටියට එදා හවස කෝච්චි ඩ්‍රයිවර්ලගේ ස්ට්‍රයික් එකක් තිබිල පස්සෙ ඒක අත ඇරල. හැබැයි කොහොම හරි තලෙයිමන්නාරමට යන කෝච්චිය කැන්සල් වෙලා. ඒ සෙනගත් නැගල මේ කෝච්චියට මගින් බහින්න. ගම්පහට ආවම වගේ සෙනග අඩුවෙයි කියල මට එහා පැත්තෙ හිටපු ආණ්ඩුවෙ කන්තෝරුවක ලොක්කෙක් වගේ පෙනුමක් තිබ්බ කෙනෙක් තිබ්බ කෙනෙක් කිව්ව. ගම්පහට ආවම කට්ටියක් බැහැගත්ත. හැබැයි ගම්පහිනුත් කට්ටියක් නැග ගත්ත. කෝච්චියෙ සෙනග වැඩිවුණාද කොහෙද.

වේයන්ගොඩ, රඹුක්කන, ඉහලකෝට්ටෙ කඩුගන්නාව ස්ටේෂන් එහෙමත් පහුකරගෙන කෝච්චිය කන්ද නැගගෙන තැන් තැන් වල හිට හිට පේරාදෙණිය හන්දියටත් ආව. එතකොට මහ රෑ දොළහත් පහුවෙලා. දැන් කොටුවෙන් පිටත්වෙද්දි හිටියටත් වැඩිය සෙනග පිරිල කෝච්චිය. කකුල් දෙකත් රිදිල රිදිල දැන් පදම් වෙලා. මම ඉන්න තැනට එලිය හොඳට පෙවුණා. වට පිටාව හොඳටම කළුවර හින්ද ඈත කඳුවල තිබ්බ සමහර ගෙවල්වල හරි හෝටල් වල හරි පත්තු කරල තිබ්බ ලයිට් අහසෙ තරු වගේ දිස්නෙට මට පෙනුණ.

කළුවර ගැන කතාකරද්දි මට මතක් වෙනව මට හම්බෙලා තියෙන අපූරු කියවීම් දෙකක්. 2020 නොබෙල් සාහිත්‍ය සම්මානය දිනපු Louise Gluck කියන ඇමෙරිකානු කිවිඳිය එයාගේ Departure කියන කවිය මෙහෙම පටන් ගන්නව: “The night isn't dark; the world is dark.” ඒක මට කවදාවත් හිතිල තිබ්බ නැති වෙනස් අළුත් අදහසක්. මගේ කැමතිම ඇමෙරිකානු කතුවරියක් වෙන Toni Morrison එයාගේ Song of Soloman කියන නවකතාවෙ මෙහෙම ලියනව: "You think dark is just one color, but it ain’t. There’re five or six kinds of black. Some silky, some woolly. Some just empty. Some like fingers. And it don’t stay still. It moves and changes from one kind of black to another. Saying something is pitch black is like saying something is green. What kind of green? Green like my bottles? Green like a grasshopper? Green like a cucumber, lettuce, or green like the sky is just before it breaks loose to storm? Well, night black is the same way. May as well be a rainbow - ඔබ හිතන්නෙ කළු කියන්නෙ එක පාටක් කියලද? නෑ ඒක එහෙම නෙමෙයි. කළු පාට ජාති පහක් හයක් තියෙනව. සමහර එව්ව සිල්ක් වගේ. සමහර ඒව වූල් වගෙ. සමහර ඒව හිස්. සමහර ඒව ඇඟිලි වගේ. ඒ කළු පාට නිශ්චලව හිටින්නෙත් නෑ. ඒක සෙලවෙනව වෙනස් වෙනව එක කළු පාටකින් තවත් කළු පාටකට. මොකක් හරි දෙයක් තාර වගේ කළුයි ( pitch black) කියන එක හරියට ඒක කොළ පාටයි කියනව වගේ. මොන වගේ කොළ පාටක්ද? මගේ (වයින්) බෝතල් වගේ කොළ පාටද? තණකොලපෙත්තෙක් වගේ කොළ පාටද? පිපිඤ්ඤ ගෙඩියක් වගේ කොළ පාටද? සලාද කොළ වගේ කොළ පාටද? එහෙම නැත්නම් කුණාටුව එන්න කලින් මොහොතකට කලින් අහස වගේ කොළ පාටද? රෑ කළුවරත් ගැනත් කියන්න තියෙන්නෙ ඔය කතාවම තමයි. දේදුන්නක් වෙන්නත් පුළුවන්.” එහෙම හිතුවොත් රෑ ගැන, කළු පාට ගැන, කොළ පාට ගැන හිතන්න, කතාකරන්න, ලියන්න තව කොච්චර දේවල් තියෙනවද?

දැන් අහසේ මුදුනට නැගල පහළ බැලුවොත් කඳු මැද්දෙන් එලපු මේන්ලයින් රේල්පාර යෝධ සර්පිලාකාර පඩිපෙලක්. අපේ කෝච්චිය ඒක දිගේ පහළ ඉඳන් හිමින් හිමින් පරිස්සමින් උඩට නගින පොඩි රෑ බදුල්ලෙක්. කීපදෙනෙක් ඇරුණාම අපි ඔක්කොම වගේ ඉන්නෙ ඒ රෑ බදුල්ලගේ ලයිට් දාපු ජනෙල් තියෙන බඩ ඇතුළේ. මේ කෝච්චියෙ වැඩිපුරම ඉන්නෙ කොළඹ හරි ඒ කිට්ටුව හරි නැවතිලා වැඩකරන දිග සති අන්තෙට උඩ පළාත්වල තියෙන ගම් ගෙවල්වලට යන කට්ටියයි, මං වගේ ට්‍රිප් එකක් යන කට්ටියයි. වැඩිපුරම ට්‍රිප් යන්නෙ එක්කො නානුඔයෙන් බැහැල නුවර එළිය පැත්තෙ. එහෙම නැත්නම් පට්ටිපොලින් හරි ඔහියෙන් හරි බැහැල හෝර්ටන් තැන්නට හරි බඹරකන්ද යකාගේ පඩිපෙළ පැත්තෙ හරි. එහෙමත් නැත්නම් දියතලාව හපුතලේ, බණ්ඩාරවෙල, ඇල්ල පැත්තට. රැල්ල යන්නෙ විශේෂයෙන්ම ඇල්ලට.

[QUOTE="Jayashantha84, post: 27051101, member: 578721"] ලකලෑස්ති වෙලා බත්තරමුල්ල හන්දියෙන් කොට්ට පොල් වගේ සෙනග පටවපු 190 බස් එකකට නැගල වවුලෙක් වගේ එල්ලිලා ඇවිත් කොටුවේ ස්ටේෂන් එක ළඟින් බහිද්දි හැන්දෑවෙ හතට විතර ඇති. මේ බ්‍රහස්පතින්ද දවසක්. පහුවදා සිකුරාද පාළොස්වක පෝය. දිග සති අන්තයක්. ඒකයි එච්චර සෙනග. බස් එකෙන් බැහැපු හැටියෙ, ස්ටේෂන් එකට යන මහ සෙනග මැද්දෙන් මම පණුවෙක් වගේ ඇඹරි ඇඹරි, ඇඳුම් පුරෝපු කලුයි නිලුයි බැක්පැක් එකත් පිටේ එල්ලගෙන, ස්ටේෂන් එකේ ලේක් හවුස් එක පැත්තෙ මායිමෙ තිබ්බ ඇඳුම් කඩේකට ගියෙ ජර්සි එකක් ගන්න. පිටකොටුවෙ වැඩිපුර ඉන්නෙ කාක්කො හින්ද මම සාමාන්‍යයෙන් ඔය කඩවලින් ගෙදරට අඳින්නා ෂෝටක්වත් ගන්නෙ නෑ. හැබැයි ජර්සියක් ඕනෙමයි. මම එදා හවස තලවතුගොඩින් බැලුවම ඒ කඩේටම තිබ්බ එකම ජර්සි එක රුපියල් හාරදාස් ගාණක්. මම හෙව්වෙ දාහකට එක්දාස් පන්සීයකට එකක්. ඒ හින්ද අයිස් කැප් එකක් විතරක් අරගෙන වෙලාවත් තිබ්බ හින්ද ජර්සි එකක් පිට්කොටුවෙන් ගන්න හිතුව. නිල්පාට ඩෙනිම් කලිසමට උඩින් කහපාටට හුරු මැද්දෙන් සුදුපාට ඉරි දෙකකුයි දුඹුරු පාට ඉරකුයි එක්ක දුඹුරු පාට බොත්තම් අල්ලල තිබ්බ අත්කොට කමිසයක් ඇඳලදුඹුරු පාට කැන්වස් සපත්තු දෙකක් දාල හිටපු හිනි උඩු රැවුලක් තිබුණ කඩේ මුදලාලි මට කාලෙකින් දැක්ක ප්‍රියතම නෑයෙකුට වගේ හරි ලෙන්ගතුව හිනාවෙලා ඇහුව "මහත්තෙයට මොනවද ඕනේ?' "ජර්සියක්" මුදලාලිට උත්තර දෙන අතරෙම මගේ ඇස් දෙක කඩේ පුරාම දුවලත් ඉවරයි. ජර්සි පේන්න නෑ. "මේ පැත්තෙන් එන්න මහත්තය" මමත් මුදලාලි පස්සෙන් ගිහින් නතර වුණේ බිම දාල තිබ්බ ජර්සි මිටියක් ළඟ. මම තෝරගත්තෙ දුඹුරු පාට හුඩී එකක් එහෙම තිබ්බ එකක්. ගාණ එක්දාස් අටසීයයි. ටිකක් අඩු කරල දෙන්න බැරිද කියල ඇහුවාම ජර්සි එකේ කොලිටි එක ගැන හෙන වරුණාවක් එහෙම දීල ගලෙන් පට්ටයක් ගහනව වගේ රුපියල් දෙසීයක් අඩු කලා. ඒක වැඩිම වුණොත් නමසීයක් වටී. ඒත් කේවල් කර කර ඉන්න වෙලාවක් තිබ්බෙ නැති හින්ද, ඒකත් අරගෙන කඩෙන් එළියට බැහැල මම මේන්ලයින් එකේ ටිකට් කවුන්ටරේ ගාවට ගියා. ගිහින් බදුල්ලට සෙකන්ඩ් ක්ලාස් ටිකට් එකක් ගත්ත. මම කඩේට යද්දිම වගේ කෝච්චි ස්ට්‍රයික් එකක කතාවකුත් ලාවට ඇහිල තිබුණ. හාවෙක් වගේ කණ් දික්කරල ඇහුවත් සම්පූර්ණ විස්තරේ අහගන්න බැරිවුණා. ටිකට් කවුන්ටරේ ළඟ ඉඳන් එහෙමම කෙලින්ම ඇවිදගෙන ගිහින් තුන්වෙනි වේදිකාවට ඇතුල් වෙන තැනින් වමට හැරිල කලබලෙන් එහෙටයි මෙහෙටයි ඇවිදින මිනිස්සු ගංගාව මැද්දෙන් පිපිඤ්ඤ ගෙඩියක් වගේ කූල් එකේ හිමින් හිමින් ඇවිදගෙන ගිහින් පළවෙනි වේදිකාවට වැටිල එතනින් ටිකක් ඉස්සරහට ගිහින් වොෂ් රූම් එකටත් ගිහින් ආපහු හිමින් හිමින් තුන්වෙනි වේදිකාවටම ආවා. තව වෙලා තියෙනව. කකුල් දෙකට මාරුවෙන් මාරුවට ඇඟෙ බර මාරු කර කර කෝච්චිය එනකල් ඩෙරික් එකක් වගේ මරදාන පැත්තට බෙල්ල දික්කරගෙන හිටිය. රිදෙන්න ගත්තම බෙල්ල කෙලින් කරගන්නව. ආයෙ ටිකකින් ඒ පැත්තට හරවනව. ඉඳගත්තෙ නෑ කෝච්චිය ආව ගමන් නැගල ඒකෙම ඉඳගන්න හිතාගෙන. ඔහොම ඉද්දි හතයි හතළිස් පහ වගේ වෙද්දි මරදාන යාඩ් එකේ ඉඳන් හූ කියාගෙන කෝච්චිය ආව. දෙය්යො සාක්කි! ජනෙල් ළඟ හැම සීට් එකේම කවුරුහරි වාඩි වෙලා. මම ඉස්සරහින් පාස් වුණු හැම පෙට්ටියෙම එහෙමයි. පන්ති භේදයක් නැතුවම. සීට් තුන හතරක් හරි ඇති කියන විශ්වාසෙට මාත් ඉතින් කෝච්චිය නවත්තපු සැණින් දුවල ගිහින් නැග්ග. වෙනදට හිමින් සීරුවෙ බයෙන් බයෙන් නගින පඩි තුනේ ඉණිමගේ විදුලි වේගෙන් නැගල සෙකන්ඩ් ක්ලාස් පෙට්ටියකට ඇතුල් වුණා. සීට් නම් තිබුණ. හැබැයි හැම සීට් එකේම කවුරුහරි ඉඳගෙන. තාක්ෂණික වශයෙන් කොළඹ කොටුව ස්ටේෂන් එකෙන් පටන් ගන්න කෝච්චිය මරදානෙ යාඩ් එකේ ඉඳන් කොටුව ස්ටේෂන් එකට එද්දිම සෙනග පිරිල. ඒක හරි අසාධාරණයි. ඒත් කිලෝමීටර් 292ක් දුර පැය 10කට වඩා දිග ගමනක් හිටගෙන යන්න පුළුවන් කාටද? ඒ හින්ද මේ ගැන දන්න අය වැඩේ නීතිවිරෝධි වුණත් (මම දන්න තරමින්) හොරෙන්ම මරදාන යාඩ් එකෙන්ම කෝච්චියට නැගල සීට් එකක් අල්ලගෙන එනව. මම කෝච්චියෙ ටිකට් බුක් කරල නැතුවයි යන්න හදන්නෙ කියල දැනගත්තම මටත් අපේ ඔෆිස් එකේ කවුරුහරි ඔය යෝජනාව කළා. ඒත් මම ඒක එච්චර බරපතලෙට ගත්තෙ නෑ. බැක්පැක් එක ගලවල උඩ රාක්කෙන් දාලා මම දැන සීට් එකක හෙඩ් රෙස්ට් එකක් අල්ලගෙන හිටිය. දැන් සෙනග පිරෙනව. සමහරවිට අනිත් පෙට්ටිවල හිස් සීටුත් ඇති කියල හිතිල මම බැක්පැක් එකත් අරගෙන සෙනග පීරගෙන ඉස්සරහට ගියා. ඒකෙ කෝච්චියෙ කැන්ටින් එක තිබ්බෙ. ඒකෙත් සෙනග පිරිල. එතනත් ටිකක් ඉඳල මම අමාරුවෙන් බැහැගෙන දෙපැත්තටම ඇවිදල බැලුව. සෙකන්ඩ් ක්ලාස් තර්ඩ් ක්ලාස් පෙට්ටි හැම එකේම කට කපල සෙනග ෆුට්බෝඩ් වල ඉඳන්. මම ආපහු බැස්ස දොරෙන්ම කෝච්චියට නැග්ග. බස් එකේ යන්න ගියත් ඒ වෙලාවෙ යන බස් පාන්දර තුන විතර වෙද්දි බදුල්ලෙ. එච්චර පාන්දර ගිහින් බස් ස්ටෑන්ඩ් එකේ තපින්නයි වෙන්නෙ. අනික එහෙම කලොත් කෝච්චියට ටිකට් එකට වියදම් කල සල්ලිත් අපරාදෙ. ඇරත් මම බදුල්ලට යන්නෙ පළවෙනි වතාවට. මේ සෙනග හැමෝම බදුල්ලට යනව වෙන්න බෑනෙ. යන්න ගත්තට පස්සෙ ටික ටික අඩුවෙයි. ඊට පස්සෙ ජනේලයක් ළඟ සීට් එකක ඉඳගෙන සීත සුළං වැදි වැදී යන්න පුළුවන්. ඔහොම හිත හිතා දොර ලඟින් පොඩ්ඩක් ඇතුලට වෙන්න කෝච්චි පෙට්ටි දෙකක් ජොයින් වෙන තැනට පොඩ්ඩක් මෙහා පැත්තෙ කෝච්චි පෙට්ටියෙ ඇතුලෙ අකුලපු දොරේ අයිනක් අල්ලගෙන බැක්පැක් එක බර හින්ද ගලවල බිමින් තියාගත්ත. ටිකකින් විසිල් ගහල හූ කියාගෙන පැද්දි පැද්දි හිමින් හිමින් කෝච්චිය යන්න පටන් ගත්ත. මම සාමාන්‍යයෙන් ඉඳගෙන යද්දි තියෙන ප්‍රශ්න - ඒ කියන්නේ කෝච්චිය ඉස්සරහට යනවද පස්සට යනවද? කොයි පැත්තෙද පාර ලස්සනටම පේන්නෙ?- මොනවත් දැන් මට නෑ. සීට් එකක් ඕනෙත් නෑ. අත පය දිග ඇරල එතන හිටගෙන ඉන්න පුළුවන් වුණා නම් හොඳටම ඇති. අකුලපු දොරේ රබර් තීරුවක් අලවපු දාරෙ මම අත් දෙකෙන්ම අල්ලගෙන හිටිය කූඩැල්ලෙක් වගේ. ඒ හරියේ හිටපු අනිත් හැමෝමත් මං වගේම දොරක් හරි කණුවක් හරි තදට අල්ලගෙන හිටිය. කෝච්චිය ටික ටික වේගෙ වැඩි කරද්දි, පැද්දිල්ලයි නැළවිල්ලයි වැඩිවුණා. මගේ කකුල් තිබ්බ තැනට අඩි භාගයක්වත් තිබ්බේ නෑ අමුණල තිබ්බ කෝච්චි පෙට්ටි දෙකේ තට්ටු දෙකේ තල දෙක එකට වදින තැනට. එතන සර්ජන්ගේ පිහියට වඩා තියුණුයි. හැම අඟලකම සෙනග. කකුලක් ඉස්සුවොත් ආයේ ඒක තියාගන්න වෙන්නෙ එක්කො අනිත් කකුල උඩ නැත්නම් වෙන කාගෙ හරි කකුලක් උඩ. කෝච්චිය වැල් පාලම වගේ පැද්දෙද්දි වැනෙද්දි මාවත් පැද්දෙනව වැනෙනව මට දැණුන. කට්ටිය කතා වෙච්චි හැටියට එදා හවස කෝච්චි ඩ්‍රයිවර්ලගේ ස්ට්‍රයික් එකක් තිබිල පස්සෙ ඒක අත ඇරල. හැබැයි කොහොම හරි තලෙයිමන්නාරමට යන කෝච්චිය කැන්සල් වෙලා. ඒ සෙනගත් නැගල මේ කෝච්චියට මගින් බහින්න. ගම්පහට ආවම වගේ සෙනග අඩුවෙයි කියල මට එහා පැත්තෙ හිටපු ආණ්ඩුවෙ කන්තෝරුවක ලොක්කෙක් වගේ පෙනුමක් තිබ්බ කෙනෙක් තිබ්බ කෙනෙක් කිව්ව. ගම්පහට ආවම කට්ටියක් බැහැගත්ත. හැබැයි ගම්පහිනුත් කට්ටියක් නැග ගත්ත. කෝච්චියෙ සෙනග වැඩිවුණාද කොහෙද. වේයන්ගොඩ, රඹුක්කන, ඉහලකෝට්ටෙ කඩුගන්නාව ස්ටේෂන් එහෙමත් පහුකරගෙන කෝච්චිය කන්ද නැගගෙන තැන් තැන් වල හිට හිට පේරාදෙණිය හන්දියටත් ආව. එතකොට මහ රෑ දොළහත් පහුවෙලා. දැන් කොටුවෙන් පිටත්වෙද්දි හිටියටත් වැඩිය සෙනග පිරිල කෝච්චිය. කකුල් දෙකත් රිදිල රිදිල දැන් පදම් වෙලා. මම ඉන්න තැනට එලිය හොඳට පෙවුණා. වට පිටාව හොඳටම කළුවර හින්ද ඈත කඳුවල තිබ්බ සමහර ගෙවල්වල හරි හෝටල් වල හරි පත්තු කරල තිබ්බ ලයිට් අහසෙ තරු වගේ දිස්නෙට මට පෙනුණ. කළුවර ගැන කතාකරද්දි මට මතක් වෙනව මට හම්බෙලා තියෙන අපූරු කියවීම් දෙකක්. 2020 නොබෙල් සාහිත්‍ය සම්මානය දිනපු Louise Gluck කියන ඇමෙරිකානු කිවිඳිය එයාගේ Departure කියන කවිය මෙහෙම පටන් ගන්නව: “The night isn't dark; the world is dark.” ඒක මට කවදාවත් හිතිල තිබ්බ නැති වෙනස් අළුත් අදහසක්. මගේ කැමතිම ඇමෙරිකානු කතුවරියක් වෙන Toni Morrison එයාගේ Song of Soloman කියන නවකතාවෙ මෙහෙම ලියනව: "You think dark is just one color, but it ain’t. There’re five or six kinds of black. Some silky, some woolly. Some just empty. Some like fingers. And it don’t stay still. It moves and changes from one kind of black to another. Saying something is pitch black is like saying something is green. What kind of green? Green like my bottles? Green like a grasshopper? Green like a cucumber, lettuce, or green like the sky is just before it breaks loose to storm? Well, night black is the same way. May as well be a rainbow - ඔබ හිතන්නෙ කළු කියන්නෙ එක පාටක් කියලද? නෑ ඒක එහෙම නෙමෙයි. කළු පාට ජාති පහක් හයක් තියෙනව. සමහර එව්ව සිල්ක් වගේ. සමහර ඒව වූල් වගෙ. සමහර ඒව හිස්. සමහර ඒව ඇඟිලි වගේ. ඒ කළු පාට නිශ්චලව හිටින්නෙත් නෑ. ඒක සෙලවෙනව වෙනස් වෙනව එක කළු පාටකින් තවත් කළු පාටකට. මොකක් හරි දෙයක් තාර වගේ කළුයි ( pitch black) කියන එක හරියට ඒක කොළ පාටයි කියනව වගේ. මොන වගේ කොළ පාටක්ද? මගේ (වයින්) බෝතල් වගේ කොළ පාටද? තණකොලපෙත්තෙක් වගේ කොළ පාටද? පිපිඤ්ඤ ගෙඩියක් වගේ කොළ පාටද? සලාද කොළ වගේ කොළ පාටද? එහෙම නැත්නම් කුණාටුව එන්න කලින් මොහොතකට කලින් අහස වගේ කොළ පාටද? රෑ කළුවරත් ගැනත් කියන්න තියෙන්නෙ ඔය කතාවම තමයි. දේදුන්නක් වෙන්නත් පුළුවන්.” එහෙම හිතුවොත් රෑ ගැන, කළු පාට ගැන, කොළ පාට ගැන හිතන්න, කතාකරන්න, ලියන්න තව කොච්චර දේවල් තියෙනවද? දැන් අහසේ මුදුනට නැගල පහළ බැලුවොත් කඳු මැද්දෙන් එලපු මේන්ලයින් රේල්පාර යෝධ සර්පිලාකාර පඩිපෙලක්. අපේ කෝච්චිය ඒක දිගේ පහළ ඉඳන් හිමින් හිමින් පරිස්සමින් උඩට නගින පොඩි රෑ බදුල්ලෙක්. කීපදෙනෙක් ඇරුණාම අපි ඔක්කොම වගේ ඉන්නෙ ඒ රෑ බදුල්ලගේ ලයිට් දාපු ජනෙල් තියෙන බඩ ඇතුළේ. මේ කෝච්චියෙ වැඩිපුරම ඉන්නෙ කොළඹ හරි ඒ කිට්ටුව හරි නැවතිලා වැඩකරන දිග සති අන්තෙට උඩ පළාත්වල තියෙන ගම් ගෙවල්වලට යන කට්ටියයි, මං වගේ ට්‍රිප් එකක් යන කට්ටියයි. වැඩිපුරම ට්‍රිප් යන්නෙ එක්කො නානුඔයෙන් බැහැල නුවර එළිය පැත්තෙ. එහෙම නැත්නම් පට්ටිපොලින් හරි ඔහියෙන් හරි බැහැල හෝර්ටන් තැන්නට හරි බඹරකන්ද යකාගේ පඩිපෙළ පැත්තෙ හරි. එහෙමත් නැත්නම් දියතලාව හපුතලේ, බණ්ඩාරවෙල, ඇල්ල පැත්තට. රැල්ල යන්නෙ විශේෂයෙන්ම ඇල්ලට. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom