Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
බදුල්ල නයිට්මේල් එකෙන් ඇල්ලට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෝච්චිය ගම්පොළ ස්ටේෂන් එක පහුකරද්දි පාන්දර එකට එක හමාරට වගේ ඇති. කෝච්චියෙ සමහරු හිටගෙනම නිදි. මේ සද්දන්ත යකඩ යකා එක්ක වුණත් හැප්පෙන්න බය නැති හිතුවක්කාර බලපුළුවන්කාර හුළඟ පුළුවන් හැම තැනකින්ම ඇතුළට එනව. සීතලම සීතලයි දැන් නම්. ඒ මදිවට සිග්නල් නැතුව කෝච්චිය හැම තැනම නවත්තනව. දෙතුන් තැනක පැය භාගෙකට වඩා නවත්තගෙන හිටිය. ආයෙ ඒ ට්රැක් එකේ තව කෝච්චියක් හරි දෙකක් හරි යනකන් අනිත් ට්රැක් එකට දාලා නවත්තල තිබ්බ. කෝච්චිය පැද්දි පැද්දි නවතින්න යද්දි ෆුට්බෝඩ් එකේ හිටපු මුස්ලිම් කොල්ලො කෑගහනව "හෝව්! හෝව්! ඇති ඇති!' කියල, ආයේ යන්න පටන් ගත්තම උන් කෑගහනව "හරි යන්! ඔහොම යන්! කියල. උන් කැගහන හැම පාරටම මට හිකිස් ගාලා හිනා යනව. අනිත් මිනිස්සුන්ටත් හිනා. සීතල කැපිල යන්නත් එක්ක මම සෙනග මැද්දෙන් පීරගෙන කැන්ටිමට ගිහින් පැය කාලකට වැඩිය පෝලිමෙ ඉඳල කිරිකෝපි එකක් බිව්ව. ඒ වෙලාවෙ ඒක මට අමෘතය වගේ.

කෝච්චිය උලපනේ නාවලපිටිය ඉඟුරුඔය ස්ටේෂන් පහුකරගෙන වටවලට එද්දි තුන හමාරට හතරට විතර ඇති. ඒ වෙලාවෙම වගේ මම මගෙ ආඩම්බරකම පැත්තකින් තියල කකුල් දෙකත් හොඳටම රිදෙන හින්ද බිමින් ඉඳගෙන ජර්සියත් ඇඳගෙන අයිස්කැප් එකත් දාගත්ත. සීතල ජර්සිය පසාරු කරගෙන ඇඟට වැදුනත් කලින්ට වඩා හොඳයි දැන්. මම එතනින් නැගිට්ටේ වටෙන් ගොඩෙන් එළිය වැටීගෙන එද්දි. මහ රෑට වඩා පාන්දර සීතලයි. හැටන් තලවකැලේ, ග්රේට් වෙස්ටන් ස්ටේෂන් පහුකරගෙන අපි නානුඔය ස්ටේෂන් එකට එද්දි උදේ හයට විතර ඇති. නානු ඔයෙන් කට්ටියක් බැස්ස. දැන් කෝච්චියෙ තදබදය අඩුයි මිනිස්සු ගොඩක් හිටගෙන හිටියට. මම ෆුට්බෝඩ් එක ගාවට ආවා.

ඔයිට මාස දෙක තුනකට කලින් දවසක් බදුලු කෝච්චියෙ යන්න තියෙන ආසාවටම සති මැද්දෙ පෝය නිවාඩුවක් වැටුණු දවසක උදේ පහයි පනස්පහට තියෙන පොඩි මැණිකෙ කෝච්චියෙ නැගල නානු ඔයට ඇවිදින් නානු ඔය ස්ටේෂන් එකේ පැයක් විතර ඉඳල බදුල්ලෙ ඉඳන් කොළඹට යන කෝච්චියෙ ආපහු ආව. ඒ හින්ද මම නානුඔයට එනකම් පාර දෙපැත්තම දැකල තිබුණ. හැබැයි නානුඔය ස්ටේෂන් එකෙන් එහාට මට පාර අළුත්ම එකක් මට. ඒ හින්දම සීතල හුළඟ අමතක කරල ෆුට්බෝඩ් එක ළඟම තිබ්බ කණුවක් අල්ලගෙන එලිය බලාගෙන ආවා.

අයිස් වගේ හුළඟ ඇවිත් මගෙ මූණෙ හයියෙන් හැප්පෙනව. රේල්පාර දිගට කන්ද උඩට උඩට තේ වතු විහිදෙනව.ඒ ගොඩක් තේ පඳුරුවල මුල් දැක්කම, ඒව දළු කඩලයි පිළිවෙලට කප්පාදු කරලයි හින්ද මිටියට තිබ්බට, මෝරපු පරණ ගස් කියල පේනව. අතරින් පතර කැරට්, ලීක්ස්, ගෝවා පාත්තිත් තියෙනව. අතරින් පතර ඇස්බැස්ටො ගහපු පොඩි ගෙවල් තියෙනව.තැන් තැන් වල දිය පාරවල් තියෙනව. පොඩි පොඩි දිය ඇලිත් තියෙනව. බිංගෙවල් අස්සෙන් යන හැම වෙලාවෙම කෝච්චියෙ හෝන් එකටත් වැඩිය සද්දෙන් කොල්ලො හූ කියනව. සමහර තැන්වල කන්ද මතුවෙනව. තව තැනකින් හෙළ මතුවෙනව. තවත් තැනකින් කොළම කොළ පාටට කැලේ මතුවෙනව. නානුඔයයි අඹේවෙලයි ස්ටේෂන් අතර කෝච්චිය යද්දි ඈතින් කැලේ මැද්දෙන් පින්තූර පෝස්ට්කාඩ් එකක වගේ ලස්සන දියඇල්ලක් වැටෙනව. ඒ එල්ජින් ඇල්ල. මීදුම නැත්නම් එල්ජින් ඇල්ල කෝච්චියට පේනව. මේ ස්ටේෂන් දෙක අතරෙ පැරකුම්පුර කියල වැඩිය කවුරුත් දන්නෙ නැති පොඩි ස්ටේෂන් එකක් තියෙනව. පට්ටිපොලදි කෝච්චිය නවත්තල, පිටිපස්සෙන් තල්ලු කරපු එන්ජිම ගලවල ඉස්සරහින් අමුණනව.දැන් කෝච්චියෙ ඉස්සරහින් ඇන්ජින් දෙකයි. පට්ටිපොල සමිට් එකට පස්සෙ කෝච්චිය පල්ලම් බහින්න පටන්ගන්න හින්ද පිටිපස්සෙන් තල්ලු කරන්න ඇන්ජිමක් ඕනෙ නෑ.

පට්ටිපොල ස්ටේෂන් එක පහුවුණාට පස්සෙ හම්බෙන ඔහිය ස්ටේෂන් එක මල් එහෙම වවල හරිම ලස්සනයි. ඔහියට පස්සෙ ඉදල්ගස් හින්න. ඒකත් හරිම අයස්කාන්තයි. ඉදල්ගස් හින්න කිට්ටුවදි ෆුට්බෝඩ් එකේ තනි අයිතිය මට හම්බුණා. දැන් සීට් ඕනෙ නෑ. සීට් වලට මෙච්චර් ලස්සනට පාර පේන්නෙත් නෑ. ඉදල්ගස් හින්නට පස්සෙ කෝච්චිය නවත්තන්නෙ හපුතලේ. තවත් හරිම ලස්සන ස්ටේෂන් එකක්. ඊළඟට දියතලාව. ඊටපස්සෙ බණ්ඩාරවෙල. අපි පොඩි කාලෙ බදුලු බණ්ඩාරවෙල යනව කියලනෙ කිව්වෙ මේ පැත්තට විනෝදගමන් හරි නෑදෑ ගමන් හරි එන එකට. ඇල්ල ගැන මම නම් දැනගත්තෙ බොහොම මෑතකදි.

බණ්ඩාරවෙල ඉඳන් ඇල්ල ස්ටේෂන් එකට එන්න කලින් පොඩි ස්ටේෂන් තුනක් හම්බෙනව: කීනිගම, හීල් ඔය, කිතල ඇල්ල. මම ඇල්ලෙන් බහින්නෙ නැතුව කෝච්චියෙ ඉඳන්ම දෙමෝදර පාලම බලන්න හිතාගෙන බදුල්ලටම ගියා. ඒත් කෝච්චියෙ ඉඳන් දෙමෝදර පාලමෙ ලස්සන බලන්න බෑ. දෙමෝදරට පස්සෙ උඩුවර හාලි ඇල පහු කරල කෝච්චිය බදුල්ල ස්ටේෂන් එකේ නැවැත්තුවා. වෙලාව හරියටම උදේ දහයයි. දෙයියෝ සාක්කි! පැය 14ක් කෝච්චියෙ. බදුල්ලෙන් උදේ එකොළහට කොළඹ එන කෝච්චියෙ නැගල ආයෙත් සැරයක් කෝච්චියෙ ඉඳන්ම දෙමෝදර පාලමත් බලාගෙන මම ඇල්ල ස්ටේෂන් එකෙන් බැහැගත්තා.

[QUOTE="Jayashantha84, post: 27051104, member: 578721"] කෝච්චිය ගම්පොළ ස්ටේෂන් එක පහුකරද්දි පාන්දර එකට එක හමාරට වගේ ඇති. කෝච්චියෙ සමහරු හිටගෙනම නිදි. මේ සද්දන්ත යකඩ යකා එක්ක වුණත් හැප්පෙන්න බය නැති හිතුවක්කාර බලපුළුවන්කාර හුළඟ පුළුවන් හැම තැනකින්ම ඇතුළට එනව. සීතලම සීතලයි දැන් නම්. ඒ මදිවට සිග්නල් නැතුව කෝච්චිය හැම තැනම නවත්තනව. දෙතුන් තැනක පැය භාගෙකට වඩා නවත්තගෙන හිටිය. ආයෙ ඒ ට්රැක් එකේ තව කෝච්චියක් හරි දෙකක් හරි යනකන් අනිත් ට්රැක් එකට දාලා නවත්තල තිබ්බ. කෝච්චිය පැද්දි පැද්දි නවතින්න යද්දි ෆුට්බෝඩ් එකේ හිටපු මුස්ලිම් කොල්ලො කෑගහනව "හෝව්! හෝව්! ඇති ඇති!' කියල, ආයේ යන්න පටන් ගත්තම උන් කෑගහනව "හරි යන්! ඔහොම යන්! කියල. උන් කැගහන හැම පාරටම මට හිකිස් ගාලා හිනා යනව. අනිත් මිනිස්සුන්ටත් හිනා. සීතල කැපිල යන්නත් එක්ක මම සෙනග මැද්දෙන් පීරගෙන කැන්ටිමට ගිහින් පැය කාලකට වැඩිය පෝලිමෙ ඉඳල කිරිකෝපි එකක් බිව්ව. ඒ වෙලාවෙ ඒක මට අමෘතය වගේ. කෝච්චිය උලපනේ නාවලපිටිය ඉඟුරුඔය ස්ටේෂන් පහුකරගෙන වටවලට එද්දි තුන හමාරට හතරට විතර ඇති. ඒ වෙලාවෙම වගේ මම මගෙ ආඩම්බරකම පැත්තකින් තියල කකුල් දෙකත් හොඳටම රිදෙන හින්ද බිමින් ඉඳගෙන ජර්සියත් ඇඳගෙන අයිස්කැප් එකත් දාගත්ත. සීතල ජර්සිය පසාරු කරගෙන ඇඟට වැදුනත් කලින්ට වඩා හොඳයි දැන්. මම එතනින් නැගිට්ටේ වටෙන් ගොඩෙන් එළිය වැටීගෙන එද්දි. මහ රෑට වඩා පාන්දර සීතලයි. හැටන් තලවකැලේ, ග්රේට් වෙස්ටන් ස්ටේෂන් පහුකරගෙන අපි නානුඔය ස්ටේෂන් එකට එද්දි උදේ හයට විතර ඇති. නානු ඔයෙන් කට්ටියක් බැස්ස. දැන් කෝච්චියෙ තදබදය අඩුයි මිනිස්සු ගොඩක් හිටගෙන හිටියට. මම ෆුට්බෝඩ් එක ගාවට ආවා. ඔයිට මාස දෙක තුනකට කලින් දවසක් බදුලු කෝච්චියෙ යන්න තියෙන ආසාවටම සති මැද්දෙ පෝය නිවාඩුවක් වැටුණු දවසක උදේ පහයි පනස්පහට තියෙන පොඩි මැණිකෙ කෝච්චියෙ නැගල නානු ඔයට ඇවිදින් නානු ඔය ස්ටේෂන් එකේ පැයක් විතර ඉඳල බදුල්ලෙ ඉඳන් කොළඹට යන කෝච්චියෙ ආපහු ආව. ඒ හින්ද මම නානුඔයට එනකම් පාර දෙපැත්තම දැකල තිබුණ. හැබැයි නානුඔය ස්ටේෂන් එකෙන් එහාට මට පාර අළුත්ම එකක් මට. ඒ හින්දම සීතල හුළඟ අමතක කරල ෆුට්බෝඩ් එක ළඟම තිබ්බ කණුවක් අල්ලගෙන එලිය බලාගෙන ආවා. අයිස් වගේ හුළඟ ඇවිත් මගෙ මූණෙ හයියෙන් හැප්පෙනව. රේල්පාර දිගට කන්ද උඩට උඩට තේ වතු විහිදෙනව.ඒ ගොඩක් තේ පඳුරුවල මුල් දැක්කම, ඒව දළු කඩලයි පිළිවෙලට කප්පාදු කරලයි හින්ද මිටියට තිබ්බට, මෝරපු පරණ ගස් කියල පේනව. අතරින් පතර කැරට්, ලීක්ස්, ගෝවා පාත්තිත් තියෙනව. අතරින් පතර ඇස්බැස්ටො ගහපු පොඩි ගෙවල් තියෙනව.තැන් තැන් වල දිය පාරවල් තියෙනව. පොඩි පොඩි දිය ඇලිත් තියෙනව. බිංගෙවල් අස්සෙන් යන හැම වෙලාවෙම කෝච්චියෙ හෝන් එකටත් වැඩිය සද්දෙන් කොල්ලො හූ කියනව. සමහර තැන්වල කන්ද මතුවෙනව. තව තැනකින් හෙළ මතුවෙනව. තවත් තැනකින් කොළම කොළ පාටට කැලේ මතුවෙනව. නානුඔයයි අඹේවෙලයි ස්ටේෂන් අතර කෝච්චිය යද්දි ඈතින් කැලේ මැද්දෙන් පින්තූර පෝස්ට්කාඩ් එකක වගේ ලස්සන දියඇල්ලක් වැටෙනව. ඒ එල්ජින් ඇල්ල. මීදුම නැත්නම් එල්ජින් ඇල්ල කෝච්චියට පේනව. මේ ස්ටේෂන් දෙක අතරෙ පැරකුම්පුර කියල වැඩිය කවුරුත් දන්නෙ නැති පොඩි ස්ටේෂන් එකක් තියෙනව. පට්ටිපොලදි කෝච්චිය නවත්තල, පිටිපස්සෙන් තල්ලු කරපු එන්ජිම ගලවල ඉස්සරහින් අමුණනව.දැන් කෝච්චියෙ ඉස්සරහින් ඇන්ජින් දෙකයි. පට්ටිපොල සමිට් එකට පස්සෙ කෝච්චිය පල්ලම් බහින්න පටන්ගන්න හින්ද පිටිපස්සෙන් තල්ලු කරන්න ඇන්ජිමක් ඕනෙ නෑ. පට්ටිපොල ස්ටේෂන් එක පහුවුණාට පස්සෙ හම්බෙන ඔහිය ස්ටේෂන් එක මල් එහෙම වවල හරිම ලස්සනයි. ඔහියට පස්සෙ ඉදල්ගස් හින්න. ඒකත් හරිම අයස්කාන්තයි. ඉදල්ගස් හින්න කිට්ටුවදි ෆුට්බෝඩ් එකේ තනි අයිතිය මට හම්බුණා. දැන් සීට් ඕනෙ නෑ. සීට් වලට මෙච්චර් ලස්සනට පාර පේන්නෙත් නෑ. ඉදල්ගස් හින්නට පස්සෙ කෝච්චිය නවත්තන්නෙ හපුතලේ. තවත් හරිම ලස්සන ස්ටේෂන් එකක්. ඊළඟට දියතලාව. ඊටපස්සෙ බණ්ඩාරවෙල. අපි පොඩි කාලෙ බදුලු බණ්ඩාරවෙල යනව කියලනෙ කිව්වෙ මේ පැත්තට විනෝදගමන් හරි නෑදෑ ගමන් හරි එන එකට. ඇල්ල ගැන මම නම් දැනගත්තෙ බොහොම මෑතකදි. බණ්ඩාරවෙල ඉඳන් ඇල්ල ස්ටේෂන් එකට එන්න කලින් පොඩි ස්ටේෂන් තුනක් හම්බෙනව: කීනිගම, හීල් ඔය, කිතල ඇල්ල. මම ඇල්ලෙන් බහින්නෙ නැතුව කෝච්චියෙ ඉඳන්ම දෙමෝදර පාලම බලන්න හිතාගෙන බදුල්ලටම ගියා. ඒත් කෝච්චියෙ ඉඳන් දෙමෝදර පාලමෙ ලස්සන බලන්න බෑ. දෙමෝදරට පස්සෙ උඩුවර හාලි ඇල පහු කරල කෝච්චිය බදුල්ල ස්ටේෂන් එකේ නැවැත්තුවා. වෙලාව හරියටම උදේ දහයයි. දෙයියෝ සාක්කි! පැය 14ක් කෝච්චියෙ. බදුල්ලෙන් උදේ එකොළහට කොළඹ එන කෝච්චියෙ නැගල ආයෙත් සැරයක් කෝච්චියෙ ඉඳන්ම දෙමෝදර පාලමත් බලාගෙන මම ඇල්ල ස්ටේෂන් එකෙන් බැහැගත්තා. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom