පහු ගිය කාලේ ජවිපෙ සහ එකල විපක්ෂයේ විරෝධතා නිසා අකුලා ගන්න සිද්ද උන, හැම පුරවැසියෙකුටම Tax File Number එකක් දීලා , Tax File එකක් විවෘත කිරීමේ ව්‍යාපෘතිය කෙරුනා නම් මෙහෙම දේවල් වලක්වා ගන්න ඉඩක් ලැබෙනවා..
රටේ සියළුම දෙනාව "ටැක්ස් උගුලක හිර කිරීම" වශයෙන් මෙය හැඳින් වුවාට, සැබෑවටම ආදායම අඩු, එහෙම නැතිනම් ආදායමක් නැති කෙනෙකුට මෙයින් යහපතක් මිසක් අයහපතක් වෙන්නේ නැහැ. ඒ උනාට විශාල ආදායමක් ලබා ගන්නා, ඒ නමුත් සතයක්වත් ටැක්ස් නොගෙවන, එහෙම නැතිනම් අඩු ආදායමක් පෙන්වා, අඩුවෙන් ටැක්ස් ගෙවන අයව මේකෙන් අල්ලා ගන්න හැකියාව ලැබෙනවා.
ඒ කාලයේ ජවිපෙ සහ විපක්ෂය මේ ගැන ලෝකයේ වත් නැති බොරු හදලා , හිඟන්නන් ටත් ටැක්ස් ෆයිල් හදනවා කියලා වැඩේ හබක් කළා. ඇත්තටම කියනවානම්, හිඟන්නන්ටත් ටැක්ස් ෆයිල් එකක් තිබීමෙන් ඔවුන්ට රජයේ සමුර්ධි සහනාධාර වගේ දේවල් ලබාගැනීමේ පහසුව ඇතිවෙන බව (ඒ කියන්නේ කොතරම් දුප්පත් උනත්, ආදායමක් නැති කෙනෙකු උනත්, ගමේ ග්‍රාම සේවකයා එක්ක හෝ සමුර්ධි කාරයා එක්ක හිත හොඳ නැත්නම් ඒ ආධාර නොලැබෙන බව ප්‍රසිද්ධ කාරණයක් නේ.) මේ ගොල්ලෝ හැංගුවා.
ඉතාම මෑත කාලයේ කොරෝනා ආධාර බෙදද්දී, මෙහෙම ටැක්ස් ෆයිල් එකක් තිබුනා නම් ග්‍රාම සේවකයාගේ හිතවතුන්ට හිතුමතේට මුදල් ගෙවන්න හැකියාවක් ලැබෙන්නේත් නැහැ.
මේ ගැන තව දුරටත් කියනවානම්, සාලාව හමුදා කඳවුර පිපිරීමේදී එක පුද්ගලයෙකු තම ව්‍යාපාරය මගින් දිනකට ලක්ෂ තුනක පමණ ආදායමක් ලැබුන බව ප්‍රකාශ කර, ඒ සඳහා රජයෙන් ගෙවූ වන්දි මුදල ප්‍රමාණවත් නොවන බව කියා තිබුනා. මාධ්‍ය මගින් ඒ ව්‍යාපාරිකයාගේ කතාවට ප්‍රමුඛ තැනක් දී තිබුනත්, ඒ ව්‍යාපාරිකයා දිනකට ඒ ආදායම ඉපැයූ බවට තිබිය යුතු ප්‍රධානම සාක්කිය වන ඒ මුදල රජයට declare කර, ඒ සඳහා බදු ගෙවීමක් කර තිබුනේ නැහැ. ඇත්තටම නම්, සතයක්වත් බදු ගෙවා තිබුනේ නැහැ. මිනිස්සු තමන්ගේ යුතුකම ඉෂ්ඨ කරන්න මැළි උනාට රජයෙන් තමන්ට ඉටු විය යුතු යුතුකම් 100% ම ඉටු විය යුතු යැයි බලාපොරොත්තු වෙනවා.
මේ කියන චන්දිමාල් කියන්නේ මොකෙක්ද කියාවත් මම දන්නේ නැහැ. නමුත් එයා මිලියන විස්සක හෝටල් බිලක් ගෙව්වා නම්, ඒ මුදල ලැබුනේ කොහෙන්ද? ඒවා නීති විරෝධී ඉපයීම්ද? නීත්‍යානුකුලව උපයා ඇතිනම් ඒවා රජයට declare කර බදු ගෙවා තියනවාද කියන ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන ලෙස ඉල්ලා සිටීමට (ටැක්ස් ෆයිල් එකක් තිබුනා නම් අහන්න දෙයක් නැහැ, ෆයිල් එක බැලුවා, ආදායම සහ වියදම බැලුවා, වැරදි නම් දඩ ගැහුවා)දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බලය තියනවා. මේක තෝසේ කඩේකින් කාලා එකයි පනහක් (1983 කළු ජූලිය වෙනතුරු මම ගෙව්වේ 1.30 යි) ගෙවලා යනවා වගේ දෙයක් නොවෙයි නේ.
රජයේ සහ පෞද්ගලික ආයතන වලින් පඩි ලබා ගන්නන් හැර "සියලුම" ව්‍යාපාරිකයන් ටැක්ස් වංචා කරනවා. එහෙම නොකරන එක්කෙනෙක් දෙන්නෙක් පමණ ඉන්නවා ඇති.
රජය මහජනතාවගේ බදු මුදල් අවභාවිතා කරනවා, මැති ඇමතින්ට සුඛෝපභෝගී වාහන ගේනවා වැනි කියමන් කියන බොහොම දෙනෙක් ටැක්ස් මුදල් නියම ආකාරයෙන් ගෙවනවාද කියලත් තමාගෙන්ම ඇසිය යුතුයි.
ටැක්ස් ගෙවන්න කව්රුවත් කැමති නැති නිසා මේ පිළිතුරට මට යහපත් ප්‍රතිචාර බලාපොරොත්තුවකුත් නැහැ.නමුත්, ලංකාව යම් තරමට හෝ ඉදිරියට යන්න නම් හැමෝටම ටැක්ස් ෆයිල් එක බැගින් තිබිය යුතු බව නම් කිව යුතුයි.