බදු වැඩි කර විදේශ ණය ගෙවිය නොහැකිද?

SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    බදු වැඩි කර විදේශ ණය ගෙවිය නොහැකිද?

    http://economatta.blogspot.com/2016/11/blog-post_29.html?spref=fb

    ආර්ථික විද්‍යාව තරමක් තරමක් දුරට හැදෑරු අයෙකුට සරල කරුණක් ලෙස පෙනෙන ඉහත ප්‍රශ්නය බොහෝ දෙනෙකුට එතරම්ම සරල නැති, 'කොමන් සෙන්ස් එකෙන්' පමණක් තේරුම් ගත නොහැකි කරුණක් බව පෙනේ. මෙය ඔවුන්ගේ වරදක් නොවේ. අප ලබන අධ්‍යාපනයේ ප්‍රශ්නයකි. රජයට සල්ලි අච්චු ගසා පඩි වැඩි කරන්නට බැරි ඇයිද යන්න වුවද නිවැරදිව තේරුම් නොගත් අය සාපේක්ෂ උගත් කමක් ඇති සමාජ ස්ථර වල පවා අඩු නැත. ලංකාවේ වැඩි දෙනෙකුට මූලික ආර්ථික විද්‍යා දැනුමක් ලබා ගැනීමට වුවද කවර හෝ අවස්ථාවක් නොලැබෙන පසුබිමක එය එසේ වීමේ කිසිදු පුදුමයක් නැත.

    අප බොහෝ දෙනෙක් දන්නා පරිදි රජයේ ණය කොටස් දෙකකි. ඒ දේශීය ණය හා විදේශීය ණයයි. පසුගිය 2015 වසර අවසාන වන විට රජයේ මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 8,503ක් විය. එයින් රුපියල් බිලියන 4,959ක් හෙවත් 58%ක් දේශීය ණයයි. ඉතිරිය වන රුපියල් බිලියන 3,544ක් හෙවත් 42%ක් විදේශීය ණයයි.

    ණය යනු ආපසු ගෙවිය යුතු මුදලකි. ණය ලබාගන්නා අවස්ථාවේදී, ණය දෙන්නා සහ ණය ලබාගන්නා අතර මේ ණය මුදල ආපසු ගෙවන ආකාරය ගැන එකඟතාවයක් ඇතිවේ. එම එකඟතාවය ණය මුදල කිසියම් කාලයකින් පසුව එකවර ආපසු ගෙවීමක් හෝ කාලයක් තිස්සේ වාරික ලෙස ගෙවීමක් විය හැකිය. ආපසු ගෙවීමේදී, ලබාගත් මුල් මුදලට අමතරව එකඟ වූ පොලී මුදලක්ද ගෙවිය යුතුය. මේ පොලී මුදලද එක වර හෝ වරින් වර ගෙවන්නක් විය හැකිය.

    ඉහත ණය මුදල් ප්‍රමාණ සංසන්දනය කිරීමේ පහසුව තකා රුපියල් වලින් පෙන්වූවත් රජයේ ණය සියල්ලම රුපියල් ණය නොවේ. මේ ණය වලින් කොටසක් ලබාගෙන ඇත්තේ ඩොලර්, යෙන් වැනි විදේශ ව්‍යවහාර මුදලකිනි. එසේ වෙනත් ව්‍යවහාර මුදලකින් ලබාගත් ණය ආපසු ගෙවිය යුත්තේද අදාළ මුදල් වර්ගයෙනි. එමෙන්ම, එවැනි ණය මුදලක් සඳහා ගෙවිය යුතු පොලිය ද අදාළ ව්‍යවහාර මුලින්ම ගෙවිය යුතුය. වෙනත් අයුරකින් කිවහොත් රුපියල් වලින් ණය ගත් විට ණය හා පොලිය රුපියල් වලින්ම ගෙවිය හැකි වුවත්, ඩොලර් වලින් ණය ගත් විට ණය හා පොලිය ගෙවිය යුත්තේ ඩොලර් වලිනි. යෙන් වලින් ගත් ණය පොලිය සමඟ ආපසු ගෙවිය යුත්තේ යෙන් වලිනි.

    රජයේ දේශීය ණය බොහෝ දුරට රුපියල් ණය වන අතර විදේශීය ණය බොහෝ දුරට වෙනත් විදේශීය ව්‍යවහාර මුදලකින් ලබාගත් ණයයි. මෙහිදී 'බොහෝ දුරට' කියා කියන්නේ එය හැම විටම එසේම නොවන බැවිනි.

    රජයේ විදේශ ණය ප්‍රමාණයෙන් රුපියල් ණය ප්‍රමාණය 8.6%ක් පමණි. ඉතිරි 91.4%ම ලබාගෙන ඇත්තේ කිසියම් විදේශ ව්‍යවහාර මුදලකිනි. එයින් වැඩිම ප්‍රමාණය එනම් 48.9%ක් හෙවත් රුපියල් බිලියන 1,734ක් (එක්සත් ජනපද) ඩොලර් වලින් ලබාගත් ණයයි. තවත්, රුපියල් බිලියන 470ක් (13.2%) යෙන් වලින්ද, රුපියල් බිලියන 181ක් (5.1%) යුරෝ වලින්ද, රුපියල් බිලියන 735ක් (20.7%) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මුදල් ඒකකය වන එස්ඩීආර් වලින්ද, ඉතිරි 3.5% වෙනත් විවිධ ව්‍යවහාර මුදල් ඒකක වලින්ද ලබාගෙන තිබේ. අනෙක් අතට, රජයේ දේශීය ණය වලින් රුපියල් බිලියන 690ක් හෙවත් 13.9%ක් ද ලබාගෙන ඇත්තේ කිසියම් විදේශ ව්‍යවහාර මුදලකිනි. මේ අනුව, පසුගිය වසර අවසානය වන විට රජය විසින් ගෙවිය යුතුව තිබුණු මුළු දේශීය හා විදේශීය ණය ප්‍රමාණයෙන් රුපියල් ණය ප්‍රමාණය 54% පමණ වන අතර ඉතිරි 46% කිසියම් විදේශ ව්‍යවහාර මුදලකින් ගෙවිය යුතු ණයයි. මෙහිදී, රුපියල් බිලියන වලින් සියළු ණය මුදල් දක්වා ඇත්තේ 2015 අවසානයේදී පැවති විණිමය අනුපාතික උපයෝගී කරගෙන විදේශ ව්‍යවහාර මුදලින් ගෙවිය යුතු ණය රුපියල් වලට හරවමිනි. ඒ නිසා, විණිමය අනුපාතික වෙනස් වන විට මෙම ණය ප්‍රමාණද (රුපියල් වලින් ගණන) වෙනස් වේ. උදාහරණයක් ලෙස රුපියල ඩොලරයට සාපේක්ෂව 10%කින් අවප්‍රමාණය වන විට රුපියල් ණය වෙනස් නොවුණත්, ඩොලර් ණය 10%කින් වැඩි වේ. ඒ ඩොලර් වලින් එම ණය ප්‍රමාණය නොවෙනස්ව තිබියදීමය.

    දේශීය වුවද, විදේශීය වුවද ණය ආපසු ගෙවන්නටනම් රජය ආදායම් ඉපදවිය යුතුය. බදු හරහා එකතු කරන මුදල් රජයේ ප්‍රධාන ආදායම් මාර්ගයයි. බදු වැඩි කළ විට සාමාන්‍යයෙන් රජයේ ආදායම වැඩි වේ. රජයේ වියදම් වෙනුවෙන් මුදල් වෙන් කිරීමෙන් අනතුරුව කිසියම් අතිරික්තයක් ඇත්නම් මේ ආදායම කලින් ලබාගත් ණය ආපසු ගෙවීම සඳහා යොදාගත හැකිය.

    රජයේ බදු ආදායම් ඇතුළු අනෙකුත් ආදායම් බොහොමයක්ම ලැබෙන්නේ රුපියල් වලිනි. ඒ නිසා, අතිරික්ත ආදායමක් ඇත්නම් රජයේ රුපියල් ණය ආපසු ගෙවීම සාපේක්ෂව සරල කටයුත්තකි. එහෙත්, විදේශ ව්‍යවහාර මුදලින් ගත් ණය ආපසු ගෙවීමටනම් මේ රුපියල් ආදායම ඩොලර්, යෙන්, යුරෝ වැනි වෙනත් ව්‍යවහාර මුදලකට පරිවර්තනය කිරීමට සිදුවේ. මේ සඳහා මෙවැනි විදේශ ව්‍යවහාර මුදල් අතේ ඇති, රුපියල් අවශ්‍ය අය සොයාගත යුතුය.

    රටට විදේශ ව්‍යවහාර මුදල් රැගෙන එන ප්‍රධාන කණ්ඩායම් වන්නේ අපනයනකරුවන් හා විදෙස් ශ්‍රමිකයින්ය. සංචාරකයින් වැනි වෙනත් පිරිස්ද සිටිති. අපනයනකරුවන්ට ආදායම් ලැබෙන්නේ ඩොලර්, යුරෝ වැනි විදේශ ව්‍යවහාර මුදලකින් වුවත් ඔවුන්ට සේවක පඩිනඩි ආදිය වෙනුවෙන් රට තුළ වැය කරන්නට රුපියල් අවශ්‍යය. එමෙන්ම, විදෙස් ශ්‍රමිකයින් විසින් විදෙස් ව්‍යවහාර මුදලින් රටට එවන අරමුදල් රට තුළ වියදම් කිරීම සඳහා ඔවුන්ගේ පවුල්වල අයට රුපියල් අවශ්‍යය. මෙවැනි අය විදෙස් ව්‍යවහාර මුදල් රුපියල් වලට මාරු කරන විට රටේ බැංකු පද්ධතිය තුළ එම ව්‍යවහාර මුදල් එකතු වේ. රජයට තමන් සතු රුපියල් බැංකුවකට දී මේ විදෙස් ව්‍යවහාර මුදල් ලබාගෙන විදේශ ණය ගෙවා දැමිය හැකිය.

    කෙසේ වුවද, රටේ බැංකු වලට රුපියල් ලබාදී විදෙස් ව්‍යවහාර මුදල් ඉල්ලා සිටින්නේ රජය පමණක් නොවේ. විදෙස් ව්‍යවහාර මුදල් ඉල්ලා සිටින වෙනත් කණ්ඩායම් බොහොමයකි. ආනයනකරුවන් ඒ අතර ප්‍රධානම කණ්ඩායමයි. ආනයනකරුවන්, රජය ඇතුළු විදෙස් ව්‍යවහාර මුදල් සොයන පිරිස් වලට රට තුළට ආනයනකරුවන් හා විදෙස් ශ්‍රමිකයින් වැනි කණ්ඩායම් විසින් රැගෙන එන සීමිත විදෙස් ව්‍යවහාර මුදල් ප්‍රමාණය සඳහා තරඟ වදින්නට සිදුවේ. මෙහිදී ඉල්ලුම හා සැපයුම අතර අසමතුලිත තාවයක් ඇතිවී විදෙස් ව්‍යවහාර මුදල් වල මිල හෙවත් විණිමය අනුපාතිකය ඉහළ යයයි. රුපියල අවප්‍රමාණ වෙයි. එවිට, රජය විසින් නිශ්චිත විදෙස් ව්‍යවහාර මුදල් ප්‍රමාණයක් ලබා ගැනීම සඳහා ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය වැඩි වන නිසා බදු වැඩි කර ආදායම් වැඩිකර ගැනීමේ වාසියෙන් සැලකිය යුතු කොටසක් නැතිව යයි. ඒ සමඟම, විදෙස් ව්‍යවහාර මුදලින් රැගෙන ඇති ණය තොගයේ රුපියල් අගය ඉහළ යාම නිසා ණය බරද තවත් වැඩිවේ.

    මේ තත්ත්වය මඟ හරවා ගැනීමට 'ගොඩ වෙදකමක්' ලෙස මහ බැංකුව මැදිහත් වී විණිමය අනුපාතිකය කෘතීම ලෙස පහතින් තබා ගැනීම ලංකාව විසින් වරින් වර කරන දෙයකි. එසේ කිරීමෙන් විදෙස් විණිමය වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම සමතුලිතවීමට ඇති ඉඩකඩ ඇහිරෙන නිසා රටට වරින් වර ගෙවුම් ශේෂ අර්බුද වලට මුහුණ දෙන්නට සිදුවේ. පසුගිය කාලයේ රුපියල අවප්‍රමාණ වීමට ඉඩ හැර තිබුණත් මේ වන විට මහ බැංකුව විසින් (එක්සත් ජනපද ඩොලර්) විණිමය අනුපාතිකය රුපියල් 150 මට්ටමේ රඳවා ගැනීමට උත්සාහයක් දරන බවක් පෙනෙන්නට තිබේ. එසේ රැවුලත් කැඳත් බේරා ගැනීමට දරන උත්සාහයේ කොටසක් ලෙස ආනයන සීමා කිරීම සඳහා රජය යම් යම් පියවර ගනු පෙනේ.

    ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදයේ ප්‍රධාන මුහුණත් දෙකකි. එකක් රජයේ අයවැය හිඟයි. දෙවැන්න ගෙවුම් ශේෂ හිඟයි. දීර්ඝකාලීනව ආර්ථික ස්ථාවරත්වය කරා ළඟා වීමටනම් මේ අර්බුද දෙකටම පිළියම් යෙදිය යුතුය. බදු වැඩි කිරීම වැනි ක්‍රමවලින් රජයේ ආදායම වැඩි කරගැනීම රටේ විදේශ ණය පියවීමට ප්‍රමාණවත් අවශ්‍යතාවයක් නොවේ. ඒ සඳහා ගෙවුම් ශේෂ ප්‍රශ්නයද විසඳිය යුතුය. කෙසේවුවද, මෙසේ රජයේ ආදායම වැඩි කරගැනීම රටේ විදේශ ණය පියවීමට ප්‍රමාණවත් අවශ්‍යතාවයක් නොවූවත්, අනිවාර්ය අවශ්‍යතාවයකි. දේශීය වුවද, විදේශීය වුවද ණය ගෙවා දැමීම සඳහා රජය සතුව සම්පත් අතිරික්තයක් තිබිය යුතුය. ඒ නිසා, දේශීය ණය ගෙවීමට මෙන්ම විදේශීය ණය ගෙවීම සඳහාද බදු වැඩි කිරීම උදවුවකි.

    (Image: http://www.ibtimes.co.in/sri-lanka-...uity-china-do-away-part-8-billion-debt-673970)


    ලිවුවේ ඉකොනොමැට්ටා Economatta එතකොට වෙලාව 2:10 PM





    Labels: ප්ලේන් ඉකොනොමික්ස්
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    15203331_2165911776968345_211061959270361694_n.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒ මේ නොදන්න කමට අහන්නෙ,මහ බැoකුව හොරා කාල බිලියන් 15 පිල්ලි ගහපු එකත්,දේශීය ණය ගෙවීමට මෙන්ම විදේශීය ණය ගෙවීම සඳහා උදවුවක්ද??? :rolleyes::rolleyes:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    money thiyena tourist la Lankavata genna ganna methods hadanna ona. A sadaha Horses races, casino clubs [forigners lata pamani], vage eva patan ganna ona. Poddak hithanna poor people lage badata gahala badhu ganna vata vada money thiyena ayage money laba ganna method ekak thama Horse races, Casino vage eva. Meva danavata virudda ayatata meya vataheva.
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඒ මේ නොදන්න කමට අහන්නෙ,මහ බැoකුව හොරා කාල බිලියන් 15 පිල්ලි ගහපු එකත්,දේශීය ණය ගෙවීමට මෙන්ම විදේශීය ණය ගෙවීම සඳහා උදවුවක්ද??? :rolleyes::rolleyes:

    මේක දේශපාලන කතාවක් නෙමේ ඇත්තට වෙන ආර්ථික විද්‍යාව පිලිබඳ ලිපියක්
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අපනයනය -4.1%, කොටස්වෙළෙඳපොළ තුල තිබු විදේශ ආයෝජන -407% ,සෘජු විදේශීය ආයෝජන FDI -37% කින් අඩුවී ඇත- ඊයේ පලකරන ලද මහ බැංකුවේ අලුත්ම පුවත් පත් නිවේදනය
    දෙන්නා මාරුවෙන් මාරුවට රට ගිහින් අරන් ආපු ප්‍රතිලාභ වෙන්ටැ..
    මේ ටිකට මොන තරම් නම් ආර්ථික සමුළු වලට නම් ගියාද..
    උපරිම වෙනසක් කියල කියන්නේ මෙන්න මේවට..මොළ නෙවේ බොලව් මේවා පට්ට මොළ...
     

    Similar threads