බන්ධනාගාරයට යන්නට පුලුවන් නීතිය මෙන්න

obama2

Member
Apr 18, 2012
424
30
0
බන්ධනාගාරයට යන්නට පුලුවන් නීතිය මෙන්න

බන්ධනාගාරයට යන්නට පුලුවන් නීතිය මෙන්න

Posted on 13 November 2012.


පසුගිය දා වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ ගැටුමින් පසු විවිධ කතා අපට අසන්නට ලැබුනි. බන්ධනාගාරගතව සිටින සිරකරුවන් සම්බන්ධයෙන් කටයුතු කළයුතු ආකාරය දක්වා තිබෙන්නේ 1977 අංක 16 දරණ සිරකරු පනතේයි. එම පනත අනුව යම් පුද්ගලයෙකු බන්ධනාගාරගත වන ආකාර දෙකක් ඇත.


01-යම් වරදක් සම්බන්ධයෙන් සැකපිට නිසි අධිකරණයක විනිශ්චයකාරවරයෙකු හමුවට ඉදිරිපත් කරනු ලැබීමෙන් පසුව රිමාන්ඩ් බලපත්‍රයක් යටතේ බන්ධනාගාර ගත කරණු ලබන සිරකරුවන්



02- යම් වරදක් සම්බන්ධයෙන් නිසි අධිකරණයක් විසින් පවත්වනු ලබන සාධාරණ නඩු විභාගයකින් අනතුරුව යම් අයෙකු වරදකරු යැයි තීරණය කරණු ලැබීමෙන් පසුව දඩුවම් බලපත්‍රයක් යටතේ බන්ධනාගරගත කරණු ලබන සිරකරුවන්
මෙම පළමු වර්ගයේ රැදවියන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී යම් නිශ්චිත දිනයක් දක්වා එම රැදවියා රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ බලපත්‍රයක් යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ පසු බන්ධනාගාර නිළධාරීන් විසින් අධිකරණය නියම කරනු ලබන දිනයේ දී එකී තැනැත්තා අධ්රිණයට ඉදිරිපත් කළ යුතුය. එතෙක් එම රැදවියාගේ පූර්ණ ආරක්ෂාව සලසමින් රැකබලා ගැනීම බන්ධනාගාර නිළධාරීන්ගේ වගකීමයි. මෙලෙස බන්ධනාගාර පිස්කල් භාරයට පත් කරණු ලබන සැකැරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ ක්‍රියා පටිපාටියක් ඇත. මෙවන් සැකකරුවන් හමුවීමට බන්ධනාගාර අධිකාරීවරයාගේ පූර්ණ අවසරය මත නීතිඥවරයෙකුට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට, රැදවියාගේ ඥාතීන්ට අවස්ථාව ලැබේ. යම් රැදවියෙකු පරීක්ෂා කිරීම හෝ ඔහුගෙන් කටඋත්තර ලබා ගැනීම පොලීසියට හෝ හමුදාවට අවශ්‍ය නම් එය කළ නොහැක. යම් පොලිස් පරීක්ෂණයකට අදාලව යම් රැදවියෙකුගෙන් කට උත්තර ලබා ගැනීමට අවශ්‍ය නම් එය කල හැක්කේ අධිකරණ නියෝගයක් සහ බන්ධනාගාර අධිකාරිවරයාගේ පූර්ණ අනුමැතිය යටතේ පමණි.



මේ වන විටත් අධිකරණයෙන් දඩුවම් නියම කළ සිරකරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම මීටත් වඩා තරමක් සංකීර්ණය. මෙවන් රැදවියන් බාහිර පුද්ගලයන්ට හමුවන්නට හැක්කේ සීමිත අවස්ථා කිහිපයකදී පමණි. ඕනැම අවස්ථාවක නීතීඥවරයෙකුට මෙවන් අය හමුවන්නට හැකිය. වෙනත් ඕනෑම නිළධාරියෙකුට එවන් රැදවියන් මුණ ගැසිය හැක්කේ අධිකරණ නියෝගයක් ඇත්නම් පමණි.



එවන් රැදවියන් යම් අවස්ථාවක පරීක්ෂා කිරීමට අවශ්‍ය නම් එය කළ හැක්කේ බන්ධණාගාර නිළාරීන්ට පමණි. එවන් අවස්ථාවක පවා පූර්ණව ආයුධ සන්නද්ධව එය කළ නොහැක. මේ නිසා බන්ධනාගාරය තුළට ඉහත පනත යටතේ කිසිම සන්නද්ධ අංශයක සාමාජිකයෙකුට ඇතුලු වන්නට ලංකාවේ නීතිය අනුව අවසර නැත.




ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය,
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    oka api dannava machan. karapude varadi thamai. eth eken horu marichcha ekata nam man varadak kiyannae naha. kohomath kudu gahana un maralaa vadak na kudu gena un maranne nathuwa.