2010 වගේ කාලේ ලාංකාවේ සිනමාව ගැන පොඩ්ඩක් මතක් කර ගමුද? ඒ කාලේ ලංකීය සිනමාවට තිබ්බ ලොකුම ප්‍රශ්නේ මං හිතන්නේ මුල, මැද, අග ගැලපෙන කතාවක් එක්ක චිත්‍රපටක් නිර්මාණය කර ගන්නට අපෝසත් වීම. ලෝ බජට් ප්‍රහසන, සම්භාව්‍ය මට්ටමේ නිර්මාණ, ඔහේ හදනවට පෙන්නන්න ක්ෂණික මෝචන ෆිල්ම් වලින් හෙම්බත් වෙලා තිබ්බ ප්‍රේක්ෂකාගාරයට පොඩි හරි සැනසීමක් ගෙනාපු චිත්‍රපට නිර්මාණ වුණේ ඉතාම අතලොස්සක්.
ලාංකේය සිනමා ඉතිහාසයේ 1142 වැන්න ලෙස
තිරගත වූ "බඹර වළල්ල" කියන්නෙත් අන්න ඒ වගේ නිර්මාණයක්.
බඹර වළල්ල හැදෙන්නේ විශිෂ්ඨයන් රැසකගේ එකතුවෙන්. මෙහි කතාව,තිර රචනය, අධ්‍යක්ෂනය වගේම ප්‍රධාන රංගනයත් අතුල ලියනගේ තමයි සිදු කරන්නේ.මේ ඔහුගේ ප්‍රථම චිත්‍රපට අධ්‍යක්ෂනයයි.අතුල ලියනගේ ට අමතරව දමිතා අබේරත්න, නීටා ප්‍රනාන්දු, මහේන්ද්‍ර පෙරේරා, ශ්‍රියාන්ත මෙන්ඩිස්, ජයලත් මනෝරත්න, සරත් කොතලාවල වැනි ප්‍රවීන හා දක්ෂ නළු නිළි කැලක් මෙහි රංගනයේ නියැලෙනවා.සංගීත අධ්‍යක්ෂනය කසුන් කල්හාරයන්ගෙන්.සිනමාරූපකරණය තිසුල දීප තඹවිටගෙන්.
බඹර වළල්ල විශේෂ හා විශිෂ්ඨ නිර්මාණයක් ලෙස සලකන්න පුලුවන් හේතු කීපයක්ම තියනවා.
විශේෂම දේ තමා දෙබස්. ඔහේ කාලේ ගෙවන්න දාපු දියාරු දෙබස් වෙනුවට හොඳ Punching dialogues වලින් ෆිල්ම් එක පුරවලා තිබුණා. ඒ හැම එකක්ම එකින් එකට, වෙන වෙනම අරගෙන සාකච්ඡා කරන්න පුලුවන් තරමේ අර්ථයක් ගැබ් වුණ, සංකේතාත්මක වචන.
කුඹුරේ පැවැත්වෙන ධාවන තරඟය, මැල්ගේ පුතාගේ කකුල් දෙක කපා දැමීම, මිනී පෙට්ටි සාප්පුවේ ගින්න, forth wall breaking අවසාන දර්ශනය වගේ දේවල් මං ඒ කාලේ සිංහල ෆිල්ම් එකකින් ඉතා අඩුවෙන් දැකපු දේවල්.
විශේශයෙන්ම "පෙට්ටියක් තෝර ගත්තද...." කියන ඒ අවසානම දෙබස් ඛාණ්ඩයත් එක්ක එන forth wall breaking scene එක සිංහල චිත්‍රපටයක දැක්ක මයිල් කෙලින් වෙලා යන අමතක නොවෙනම ඒවා අතරින් එකක්.
තමන්ගේ ප්‍රථම චිත්‍රපටය විදියට මේ වගේ විශිෂ්ඨ නිර්මාණයක් කරපු අතුල ලියනගේ මහත්මයා ඉන් පසුව සිනමාවේන් අතුරුදන් වුණා. මං හිතන්නේ මේ ඒ වගේ සිනමාවේදීන් ගේ සක්‍රීයත්ව ඉතාම වටිනා වෙලාවක් මේ.
නොබලපු අය කොහෙන් හරි හොයාගෙන බලන්න. බලපු අය කියගේන යන්න ෆිල්ම් එකේ ඔයාලගේ ආසම දෙබස මොකද්ද කියලත්.
The Cinema People
