*** බඹර වළල්ල : අමුඩයෙන් ඩෙනිමට ***

reuse

Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    IMG_6887.jpeg


    2010 වගේ කාලේ ලාංකාවේ සිනමාව ගැන පොඩ්ඩක් මතක් කර ගමුද? ඒ කාලේ ලංකීය සිනමාවට තිබ්බ ලොකුම ප්‍රශ්නේ මං හිතන්නේ මුල, මැද, අග ගැලපෙන කතාවක් එක්ක චිත්‍රපටක් නිර්මාණය කර ගන්නට අපෝසත් වීම. ලෝ බජට් ප්‍රහසන, සම්භාව්‍ය මට්ටමේ නිර්මාණ, ඔහේ හදනවට පෙන්නන්න ක්ෂණික මෝචන ෆිල්ම් වලින් හෙම්බත් වෙලා තිබ්බ ප්‍රේක්ෂකාගාරයට පොඩි හරි සැනසීමක් ගෙනාපු චිත්‍රපට නිර්මාණ වුණේ ඉතාම අතලොස්සක්.

    ලාංකේය සිනමා ඉතිහාසයේ 1142 වැන්න ලෙස
    තිරගත වූ "බඹර වළල්ල" කියන්නෙත් අන්න ඒ වගේ නිර්මාණයක්.

    බඹර වළල්ල හැදෙන්නේ විශිෂ්ඨයන් රැසකගේ එකතුවෙන්. මෙහි කතාව,තිර රචනය, අධ්‍යක්ෂනය වගේම ප්‍රධාන රංගනයත් අතුල ලියනගේ තමයි සිදු කරන්නේ.මේ ඔහුගේ ප්‍රථම චිත්‍රපට අධ්‍යක්ෂනයයි.අතුල ලියනගේ ට අමතරව දමිතා අබේරත්න, නීටා ප්‍රනාන්දු, මහේන්ද්‍ර පෙරේරා, ශ්‍රියාන්ත මෙන්ඩිස්, ජයලත් මනෝරත්න, සරත් කොතලාවල වැනි ප්‍රවීන හා දක්ෂ නළු නිළි කැලක් මෙහි රංගනයේ නියැලෙනවා.සංගීත අධ්‍යක්ෂනය කසුන් කල්හාරයන්ගෙන්.සිනමාරූපකරණය තිසුල දීප තඹවිටගෙන්.

    බඹර වළල්ල විශේෂ හා විශිෂ්ඨ නිර්මාණයක් ලෙස සලකන්න පුලුවන් හේතු කීපයක්ම තියනවා.

    📌️එකක් තමා විශිෂ්ඨ චරිත ගොඩනැංවීම."ගෝනමඩිත්තේ පොඩි එකා" ගේ චරිතය සෑබෑවටම පොඩි එකා කාලයේ සිට මිනී පෙට්ටි සාප්පුවක හිමිකරු වීම දක්වාම අතිශය ශක්තිමත් ලෙස ගොඩනැංවීමට නිර්මාණකරු සමත්. අනෙක් චරිතය මැල් මහත්තයා. චිත්‍රපටයේ තැනින් තැන මතු කරන සිද්දි ඔස්සේ මැල්ගේ චරිත විස්තරයේ අඩංගු කළු-සුදු ගුප්ත බව එක්ක ඒ චරිතය ප්‍රේක්ෂකාගාරය හමුවේ අණාවරනය කරන ආකාරය නම් අති විශිෂ්ඨයි. මේ තරම් නොවුණත්,මීට තරමක ආසන්න හෝ චරිත ගොඩනැංවීමක් මෑත කාලයේදී දැක්කා නම් ඒ According to Mathew හී මැතිව් පියතුමාගේ චරිත විස්තරය තමා. ලාංකීය සිනමාවේ වැඩිපුර දකින්න නොලැබෙන මෙන්න මේ දේ සාර්ථකව පෙන්වීමේ සම්පූර්ණ ගෞරවය අධ්‍යක්ෂකවරයා සතුයී. එලෙසම චිත්‍රපටයේ හිටිය අනෙක් සහය චරිතත් වෙන වෙනම කියවන්න පුලුවන් විදියේ චරිත.

    📌️ රංගනය ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නෑ. සියළු නළු නිළියන් තමන්ගේ කොටස උපරිමයෙන් ඉටු කරලා තියනවා. මහේන්ද්‍ර පෙරාරා නැවත වරක් සිංහල සිනමාවේ මැණිකක් බව පෙන්වා දුන් සියුම් නමුත් ශක්තිමත් රංගනයක නියැලෙනවා. අතුලගේ රංගනය ඇතැම් තැන් වල පමණ ඉක්මවූ ගතියක් දිස් වුණත් ඒ හැම දෙයක්ම කුඩු පට්ටම් කරලා දාන්න මුලු චිත්‍රපටයම වහගෙන කෙරෙන ඔහුගේ සමස්ත රංගනය සමත්.

    📌️ අනික් කරුණ තමා චිත්‍රපටය තුල තියන ඒ thriller ගතිය. මැල්ගේ සැබෑ කළු ස්වරූපය ප්‍රේක්ෂක මනසට කාවැදුන මොහොතේ සිටම, ඊලඟට මේ යකා මොනවා කරයිද, අනිත් උන්ට මොනා වෙයිද කියන දේවල් එක්ක ප්‍රේක්ෂකයා සියුම් සංත්‍රාසයකට පත් කරන්න චිත්‍රපටයට පුළුවන් වුණා. කළුම කළු දුෂ්ඨයෙක් වෙනුවට වරින් වර වෙනස් වෙන දුෂ්ඨයෙක් දක්නට ලැබීමත් එක්තරා විදියකට වෙනස්ම සිනමා අත්දැකීමක්. සිංහල චිත්‍රපටයක ඒ වගේ දුෂ්ඨ චරිත ඇත්නම් ඒ ඉතාම අතලොස්සක් වෙන්න ඇති.

    📌️ විශේෂම දේ තමා මේ චිත්‍රපටයේ කතාව, තිර රචනය හා අධ්‍යක්ෂණ. මුල මැද අග ගැලපෙන, එක දිගට බලාගෙන ඉන්න පුළුවන්, ශක්තිමත් කතාවක් ඉතා සාර්ථක චරිත විස්තරයන් එක්ක චිත්‍රපටය තුළින් දැක ගන්න පුළුවන්. ඒක ඒ තරම්ම විශේෂයක් වෙන්නේ ඇයි කියන ඒ කාලේ ආපු සිංහල චිත්‍රපටත් එක්ක ඔබම සංසන්දනය කරලා බලන්නකෝ.
    විශේෂම දේ තමා දෙබස්. ඔහේ කාලේ ගෙවන්න දාපු දියාරු දෙබස් වෙනුවට හොඳ Punching dialogues වලින් ෆිල්ම් එක පුරවලා තිබුණා. ඒ හැම එකක්ම එකින් එකට, වෙන වෙනම අරගෙන සාකච්ඡා කරන්න පුලුවන් තරමේ අර්ථයක් ගැබ් වුණ, සංකේතාත්මක වචන.

    කුඹුරේ පැවැත්වෙන ධාවන තරඟය, මැල්ගේ පුතාගේ කකුල් දෙක කපා දැමීම, මිනී පෙට්ටි සාප්පුවේ ගින්න, forth wall breaking අවසාන දර්ශනය වගේ දේවල් මං ඒ කාලේ සිංහල ෆිල්ම් එකකින් ඉතා අඩුවෙන් දැකපු දේවල්.

    විශේශයෙන්ම "පෙට්ටියක් තෝර ගත්තද...." කියන ඒ අවසානම දෙබස් ඛාණ්ඩයත් එක්ක එන forth wall breaking scene එක සිංහල චිත්‍රපටයක දැක්ක මයිල් කෙලින් වෙලා යන අමතක නොවෙනම ඒවා අතරින් එකක්.

    තමන්ගේ ප්‍රථම චිත්‍රපටය විදියට මේ වගේ විශිෂ්ඨ නිර්මාණයක් කරපු අතුල ලියනගේ මහත්මයා ඉන් පසුව සිනමාවේන් අතුරුදන් වුණා. මං හිතන්නේ මේ ඒ වගේ සිනමාවේදීන් ගේ සක්‍රීයත්ව ඉතාම වටිනා වෙලාවක් මේ.

    නොබලපු අය කොහෙන් හරි හොයාගෙන බලන්න. බලපු අය කියගේන යන්න ෆිල්ම් එකේ ඔයාලගේ ආසම දෙබස මොකද්ද කියලත්.
    The Cinema People
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    මැල්ව සොහොනෙ ගින්නට දාන කොට කියපු ටික. මතක නෑ දැන්
     
    • Like
    Reactions: reuse

    airazor

    Well-known member
  • Jun 12, 2023
    240
    278
    63
    විශේශයෙන්ම "පෙට්ටියක් තෝර ගත්තද...." කියන ඒ අවසානම දෙබස් ඛාණ්ඩයත් එක්ක එන forth wall breaking scene එක සිංහල චිත්‍රපටයක දැක්ක මයිල් කෙලින් වෙලා යන අමතක නොවෙනම ඒවා අතරින් එකක්.
    ඒ පෙට්ටියක් තෝර ගත්තද දෙබසේ විශේෂත්වේ මොකක්ද. මට එහෙම විශේෂත්වයක් තේරුනේ නෑ😐
     
    • Like
    Reactions: reuse