මොකද්ද මේ මනස ලෙඩ කරන බයිපෝල අක්‍රමිකතාව?
බයිපෝල අක්‍රමිකතාව යනු පුද්ගලයකුගේ මනෝභාවයේ සහ ක්‍රියාකාරීත්වයේ වෙනස්කම් ඇති කරන මොළයේ ආබාධයකි. මෙය 'මේනියා අවපාතය' ලෙස ද හඳුන්ව යි. මෙහිදී උමතුවේ ඉහළ (Mania) අවස්ථාව මෙන් ම මානසික අවපීඩනය (Depression) ද ඇති වේ. මෙම අක්‍රමිකතාව කාලානුරූප ව නැවත නැවත පුනරාවර්තනය වන සිදුවීම් මාලාවක එකතුවකි.
මෙම අක්‍රමිකතා ඇති පුද්ගලයන්ට අධික සතුටක් සහ ජවයක් දැනෙන කාල පරිච්ඡේද ඇති විය හැකි අතර එම අවස්ථාව උමතුවේ ඉහළ ම අවස්ථාව ලෙසත් අනෙකුත් කාල පරිච්ඡේද ඉතා කනගාටුදායක, බලාපොරොත්තු රහිත සහ මන්දගාමී බවකින් යුක්ත වන අතර එම අවස්ථාව මානසික අවපීඩනය ලෙසත් හඳුන්වයි. මෙම කාල පරිච්ඡේද සාමාන්‍යයෙන් ඉතා දිගු වේලාවක් පවතින අතර ඉතා ඉක්මනින් වෙනස් වේ. ඇතම් විට මෙම මනෝභාව දෙක ම එකවර ඇති වනු ද දැකිය හැකි ය.
පුදුම ගවේෂක