බයිබලය පිළිබඳ ප්‍රශ්න

mpamadu

Junior member
  • Jan 21, 2010
    72
    26
    18
    බයිබලය පිළිබඳ ප්‍රශ්න

    මම මීට දින කීපයකට උඩදි යේසුස් ක්‍රිස්තුස්ගේ මරණය සිහිකිරීම ගැන ලිපියක් ඵල කලා "මාව සිහිකිරීමට මේ දෙය නොකඩවා කරන්න"යන නමින්. එම ලිපියට Reply හැටියට බයිබලය හා සම්බන්ධව නොයෙක් ප්‍රශ්න ඇසීම් තමයි ලැබුනෙ. ඒකෙන් මට තේරුනා ගොඩක් දෙනෙක්ට බයිබලය පිළිබඳව එක් එක් විදියේ ප්‍රශ්න තිබෙනව නමුත් එක්කෝ අහන්න ලජ්ජයි නැත්නම් අහගන්න කෙනෙක් නෑ එහෙමත් නැත්නම් දැනට කොහෙන් හෝ දැනුමක් ලබාගෙන තිබෙනවනම් බොහෝදුරට ඒ හරිහමන් දැනුම ලබාගැනීමක් නෙවෙයි බාගෙට හෝ වැරදි දැනුම ලබාගැනීමක් කියල. එම නිසා මම තීරණය කලා 'බයිබලය පිළිබඳ ප්‍රශ්න' කියන මෙම Thread එක පටන්ගන්න.
    මෙතනට ඕනෙම කෙනෙක්ට බයිබලය හා සම්බන්ධ ප්‍රශ්න ඉදිරිපත් කරන්න අවස්ථාව තිබෙනව. ඒ වගේම බයිබලය පිළිබඳව දැනුමක් තිබෙන ඕනෙම කෙනෙක්ට උත්තර සපයන්නත් පුළුවන්. මොකද මම බයිබලය පිළිබඳ විශාරදයෙක් නෙවෙයි. ඒ නිසා මම නොදන්න කරුණුත් ඕනෙ තරම් තිබෙනව.
    එක් කාරණයක්නම් මම කාරුණිකව නමුත් අවධාරණයෙන් ඉල්ලා සිටින්න කැමතියි. අසභ්‍ය වචන බාවිතය, ආගම් වාදය ඇතිකිරීම, තමුන්ගෙ පහත් ආවේගශීලී හැඟීම් පිට කිරීමට වැනි අශෝභනකාරී දේවල් දමන්නෙ නැතුව ඉන්න කියන එක.
    මෙම Thread එක හුදෙක් බයිබලය පිළිබඳව දැනුම හුවමාරු කරගන්නා Thread එකක් පමණක් බව මතකයේ තබාගෙන ඉදිරියට යමු.

    :D
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බයිබලයේ සදහන් පරිදි ලාදුරැ ර‍ෝගය සදහා පවසා ඇති ප්රතිකර්මය කුමක්ද?
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    බයිබලය යනු මිනිසුන් සම්පූර්ණයෙන් වරදවා වටහා ගත් ශුද්ධ ග්‍රන්ථයකි. විශේෂයෙන් නව තෙස්තමේන්තුව. ක්‍රිස්තු ආගමෙහි "මැදිහත් කරැවෝ" හොවත් පූජකයින් (පාප් වහන්සේ ගේ සිට ගම්මානයක පූජකයෙකු දක්වා), එක්කෝ නොදැනුවත් කම නිසා හෝ තම වරප්‍රසාද අහිමිව යන හෙයින් බයිබලයේ සදහන් සැබෑ පණිවුඩය වසන් කරති. එක් උදාහරණයක් පමණක් කියන්නම්: ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියූ පුසිද්ධ වාක්‍යක් වන්නේ "මා දෙවියන්ගේ (පියානන්ගේ) පුත්‍රයා යි" යනුයි. එහෙත් ඇත්තෙන්ම උන්වහන්සේ පවසන්නේ ආකාශයේ වසන දෙවියෙකු ගැන නොවේ. තමන් තුලම ඔහු සොය‍ාගත්, අප සෑම දෙනෙකු තුලමද ඇති, දේවත්වයක් ගැනය. ජේසූන් තමා තුල ඇති ඒ දේවත්වය (සත්‍යාවබෝධය) සොයාගත්තා. එනිසා ඔහු ව්‍යංගයෙන් පැවසුවා "මා දෙයිවින්ගේ පුත්‍රයා" යැයි කියා. අවසානයේදී "මා මේ රාජ්‍යයේ රජු වෙමි" යන කියමනත් සමග ඔහු මරණයට කැප වුනා. එහෙත් ජේසූන් අදහස් කලේ තමා රටෙහි රජ වන බව නොවේ. ඔහු ව්‍යංගයෙන් කීවේ, තමා තමා සමග මුළුමනින්ම ඒකාත්මික වූ බවත්, තමා (එමෙන්ම අප සැමදෙනා -- අපම එය නොදැන සිටියත්) "දෙවියන්" වන බවත්ය. මා මේ කියූ දෙය වටහා ගැනීමට ඇතැම්විට අපහසු ඇති. ඔබ හින්දු (විශේෂයෙන් වේද ග්‍රන්ථ) සහ බුද්ධ දර්ශණය ගතානුගතික නොවන ලෙස හැදෑරැවහොත්, ඔබට මා කියූ දෙය වැටහෙන ඇති. මේ සියළු ආගම් පවසන්නේ එකම පණිවුඩයයි. එනම්, දෙවියන් ඇත්තේ ආකාශයෙන් ඇති පුහු දිව්‍යලෝකයක නොව, ඔබ අප සියළු දෙනා තුල බවය. මිනිසුන්ට මේ පණිවිඩය නොවැටහෙන හෙයින් ඔවුන් පසුව මේ ආගම් වලට භාහිරින් විවිධ පුද පූජා ක්‍රම ආදිය ඈදා ගන්නා ලදී (පවු සමා කිරීම සදහා හෝ පින් රැස් කිරීම සදහා හෝ කවර හේතුවක් සදහා). ගතානුගතික බවින් මිදුනු මනසකට පමණය, බයිබලය සහ අනෙකුත් ආගම් වල පවසන නියම සත්‍යය අවබෝධ වන්නේ.
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    බයිබලය ඇත්තේ නුවණැත්තන් සඳහාද, අනුවණයින් සඳහාද නැත්නම් නුවණැත්තන් හා අනුවණයින් යන දෙවර්ගයම සඳහාද?

    පසුව එකතු කිරීම: පහත (postcount #10) මෙම ප්‍රශ්ණය වඩාත් නිවැරදිව මමම අසා ඇත. එම ප්‍රශ්ණයට පිළිතුරක් ලබා දෙන්න.
     
    Last edited:

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    බයිබලය ඇත්තේ නුවණැත්තන් සඳහාද, අනුවණයින් සඳහාද නැත්නම් නුවණැත්තන් හා අනුවණයින් යන දෙවර්ගයම සඳහාද?

    "ණුවනැත්තන්ට" බයිබලය එහි නියම අර්ථයෙන් පරිහරනය කල හැක. "අණුවනයින්ට" එය සාම්ප්‍රධායික ලෙස, මෙතෙක් පැවති අනුවන ක්‍රමයට පරිහරනය කරමින්, නොපෙනෙන දෙවියෙකු වෙත වන්දනා කරමින්, හැකි තරම් තිරස්චීන වැඩ කොට ඒවාට එම පුහු දෙවියන්ගෙන් සමාව අයදමින් සිටිය හැක.
     
    • Like
    Reactions: Dishta Didin

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    @mpamadu

    පින්වත් mpamadu,

    බයිබලය ඇත්තේ නුවණැත්තන් සඳහාද, අනුවණයින් සඳහාද, නුවණැත්තන් හා අනුවණයින් යන දෙපිරිසම සඳහාද නැත්නම් නුවණැත්තන් හා අනුවණයින් යන මේ කවර පිරිසක් සඳහාවත් නොවෙයිද?

    Skylark
     
    Last edited:

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    අත්තික්කා ගසට සාපය
    (මතෙව් 21:18-19)

    12 පසු දා ඔවුන් බෙතානියෙන් නික්ම ගිය කල උන් වහන්සේට බඩගිනි විය. 13 උන් වහන්සේ කොළ ඇති අත්තික්කා ගසක් දුර දී දැක, ඉන් යමක් ලැබේ දෝ යි සිතමින් එහි වැඩිය සේක. ගස ළඟට පැමිණි කල, කොළ මිස අන් කිසිවක් සම්බ නො වී ය. ඒ අත්තික්කා වාරය නුවූ බැවිනි. 14 උන් වහන්සේ, ''මෙවක් පටන් සදහට ම කිසිවෙක් කිසි කලෙක තාගෙන් පල අනුභව නොකරත්වා''යි ගසට වදාළ සේක. එය උන් වහන්සේගේ ශ්‍රාවකයන්ට ඇසිණි.


    ඇයි බන් මෙහෙම ගහකට පවා සාප කලේ ?
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    dan uba charles darwin theory of evolution wishwasa karanne nedda?
    ubala piliganne minisa mini adam gen pawatinawa kiyalada?
    deyya miniha mawwa kiyalada?
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    අත්තික්කා ගසට සාපය
    (මතෙව් 21:18-19)

    12 පසු දා ඔවුන් බෙතානියෙන් නික්ම ගිය කල උන් වහන්සේට බඩගිනි විය. 13 උන් වහන්සේ කොළ ඇති අත්තික්කා ගසක් දුර දී දැක, ඉන් යමක් ලැබේ දෝ යි සිතමින් එහි වැඩිය සේක. ගස ළඟට පැමිණි කල, කොළ මිස අන් කිසිවක් සම්බ නො වී ය. ඒ අත්තික්කා වාරය නුවූ බැවිනි. 14 උන් වහන්සේ, ''මෙවක් පටන් සදහට ම කිසිවෙක් කිසි කලෙක තාගෙන් පල අනුභව නොකරත්වා''යි ගසට වදාළ සේක. එය උන් වහන්සේගේ ශ්‍රාවකයන්ට ඇසිණි.


    ඇයි බන් මෙහෙම ගහකට පවා සාප කලේ ?


    බයිබලයේ ඇත්තේ ව්‍යංගාර්ථයන්ය. මගේ මතය අනුව මෙහි අත්තික්කා ගස යනු ගසක් නොවේ. ගස යනු අනුන් හට කිසිවක් නොදෙන්නා වූ මිනිසෙකි. නැතිනම් මුග්ධයෙකි. කිසිවෙකුට කිසිම දෙයක් නොදෙන්නා හට කල දන්ඩනයකි මේ. ක්‍රිස්තුස් පවසන්නේ, "ඔබ කිසිවෙකුටත් නොසලකන්නේ නම්, ඔබටද කිසිවෙකු නොසලකනු ඇති" යන්නයි. මේ මගේ අදහසයි. එය වැරදි වීමට ඉඩ ඇති බව මම පිලිගනිමි
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    dan uba charles darwin theory of evolution wishwasa karanne nedda?
    ubala piliganne minisa mini adam gen pawatinawa kiyalada?
    deyya miniha mawwa kiyalada?

    මිත්‍රය, ඩාර්වින්ගේ මතයත් විවාධයට ලක් වී ඇත. එමෙන්ම, දෙවියන් මිනිසා මැවුවාය යන කියමනත් අමූලික අසත්‍යක් බවට පත්වී ඇත. මෙයට වෙනත් විකල්පයක් තිබේ. මා මෙහි එය නොදක්වන්නේ, ඔබ සියළු දෙනා එය විසිළුවකට ගන්නා හෙයිනි. මානවකල්ප වානරයා සිට දියුනු හෝමෝ-සේපියන් දක්වා මිනිසාගේ සම්භවය ස්වාභාවිකව සිදුවූවා යැයි පිලිගැනීම කල නොහැක්කකි. මන්දයත් මානව සම්භවයට අවශ්‍ය කාලය මෙන් කිහිප ගුණයක් කලින් අප (හෝමෝ සේපියන්) සම්භවය ලද හෙයිනි. මෙයට ඉංගිරිසියෙන් කියන්නේ Missing link of evolution කියාය. මීට වඩා දෙයක් මා නොකියන්නේ, මාගේ මව සිහි කර මෙහි කමෙන්ට් කරන "බුද්ධිමතුන්" සිටින නිසාවෙනි
     

    mpamadu

    Junior member
  • Jan 21, 2010
    72
    26
    18
    Reply to Skylark

    @mpamadu

    පින්වත් mpamadu,

    බයිබලය ඇත්තේ නුවණැත්තන් සඳහාද, අනුවණයින් සඳහාද, නුවණැත්තන් හා අනුවණයින් යන දෙපිරිසම සඳහාද නැත්නම් නුවණැත්තන් හා අනුවණයින් යන මේ කවර පිරිසක් සඳහාවත් නොවෙයිද?

    Skylark


    මුලින්ම මම Skylark ගෙ ප්‍රශ්නෙට උත්තර දීල ඉන්නම්කො අනිත් ඒව ගැන අදහස් පළ කරන්න කලින්. මොකද එයා මගෙ කලින් thread එකේදිත් හමු වුන කෙනෙක් නිසා.

    බයිබලය කා සඳහා දීපු පොතක්ද කියන දෙය බලන්න කලින් අපි ටිකකට බලමු ඇයි බයිබලය කියන පොත මේ ලෝකෙට දීල තියෙන්නෙ කියන කරුන. ඒක ගැන මුලින් සොයා බැලීම, කා සඳහාද බයිබලය දුන්නෙ කියන කරුණ සොයාබලන්න පහසුවක් ඇති කරයි. ඒ නිසා එතන ඉඳන් අපි මෙම ප්‍රශ්ණයේ ඉදිරියට යමු.

    අතීතයේදී දෙවියන් මිනිසුන් සමග කටයුතු කල ආකාරය තිබෙන නිසා බයිබලය ඉතිහාස පොතක් කිය සමහරු හිතනව. අතීතයේදී ඊශ්‍රායෙල් ජාතියට දීපු සදාචාරමය නීති, පවුලක් තුල තිබිය යුතු නීති, නමස්කාර කටයුතු සම්බන්ධ නීති වැනි නීති 600ක් පමණ තිබෙන නිසා මෙය හොඳ නරක කියාදෙන පොතක් ලෙසත් සමහරු හඳුන්වනවා. ඒ වගේම බයිබලය ජීවිතයට උපදෙස් ලබාදෙන පොතක් කියාද සමහරු හඳුන්වනව.
    ඒ කාරණා සියල්ල නිවැරදියි. මොකද බයිබලයේ 2 තිමොති 3:16,17 හි "මුළු ශුද්ධ ලියවිල්ලම දේවානුභවයෙන්ය. එය ඉගැන්වීමටත්, අවවාද කිරීමටත්, කාරණා හරිගැස්සවීමටත්, ධර්මිෂ්ඨකමින් හික්මවීමටත් ප්‍රයෝජනවත්ය. එමගින් දෙවිගේ මිනිසා පූර්ණ සමර්ථකමක් ඇතිව, සෑම යහපත් ක්‍රියාවක් ඉඳහම අවශ්ය සියලු දෙයින් පූර්ණව සිටිනු ඇත."

    කෙසේ වෙතත් බයිබලය කියන්නෙ නිකම්ම තොරතුරු සපයන පොතක් නෙවෙයි. එමගි
    න් දෙවි එයාගේ අදහස් හෙළිකරල තියෙන නිසා එය වෙනත් කිසිම පොතකට වඩා අද්විතීය පොතක්. මෙමගින් එදිනෙදා ජීවිතයට අවශ්‍ය ප්‍රායෝගික මගපෙන්වීම් සපයනව. කොහොම වෙතත් බයිබලය එකම තෙමවක් යටතෙ දිව යනව. එනම් මනුෂ්‍ය වර්ගයාව පාලනය කිරීමට දෙවියන්ට තිබෙන අයිතිය නිදොස් කිරීමත් ඔහුගේ රාජ්‍යය (දේව රාජ්‍යය) මගින් තම ප්‍රේමණීය අරමුණ ඉෂ්ඨ කිරීමට නියමිතව තිබෙනවා කියන තේමාවත්ය. එනම් මිනිසා(අප) මේ පොළොවට ආවෙ ඇයි, මේ පොළොවෙදි අපට තිබෙන බලාපොරොත්තුව සහ ඒ සඳහා අප කළයුතු දේ, මේ පොළොවේ ජීවිතයෙන් මතුවට අපට තිබෙන බලාපොරොත්තුව කුමක්ද කියාත් විස්තර කරනවා. එනම්, මිනිසුන් ජීවත් වන්න ඕනෙ විදිය, මිනිසුන්ට දෙවිට ලන්වන්න පුළුවන් විදිය සහ මිනිසුන් දුක් විඳින්නේ ඇයි සහ මෙම දුක් වේදනාවලට නිමාවක් ගෙනෙන හැටි ගැන. ඉතින් මේව හරහා දෙවිගේ සතුරා වන සාතන් දෙවිට කරල තිබෙන චෝදනාවත් එමගින් දෙවිගේ නාමයට ඇති වෙලා තිබෙන කැලළ ඉවත් කරන්නේ කෙසේද කියාත් බයිබලයේ විස්තර කර තිබෙනව.

    බයිබලය කියන්නෙ තනි පොතක් නෙවෙයි. ඒක පොත් 66ක එකතුවක්. ඒක ලියන්න පටන් අරන් තියෙන්නෙ මීට වසර 3500කට එහෙමත් නැත්නම් බුදු දහම ඇතිවෙන්නත් අවුරුදු 1000කට කොටින්ම ක්‍රිස්තු පූර්ව 1513 දි මැදපෙරදිග රටවල් වල. ඒ වගෙම ඒක ලියල අවසන් කරන්න අවුරුදු 1610ක කාළයක් ගතවෙලා තියෙනව. ඒ කියන්නෙ ක්‍රිසිතු වර්ෂ 98 දි. නමුත් මෙහි ඇති විශේෂත්වය තමයි, මෙම පොත ලියපු ලේඛකයො එක් එක් කාලවල්වල හිටපු එක් එක් තරාතිරම් වල හිටපු අයයි. සමහරු රජවරු, සමහරු එඬේරුන්, සමහරු ධීවරයො, සමහරු වෛද්‍ය වරු බදු එකතු කරන්නො, නීතීඥයො. ඒ වගේ 40 දෙනෙක් තමයි මේ පොත ලිවීමට දායක වෙලා තියෙන්නෙ. විවිද පසුබිම් වල විවිද කාලවල් වල අය අවුරුදු 1600ක තරම් කාලපරසායක් පුරා මෙම පොත ලිව්වත් පදවල කිසිම ගැටීමක් නැතිව එකම තේමාවක් යටතේ ආර
    ම්භයේ සිට අවසානය දක්වාම දිවයනව. එය එක් සාදකයක් බයිබලය දෙවියන්ගේ මගපෙන්වීම තුළින් ලැබුන පොතක් කියන්න.

    දැන් කියපු විදියට බයිබලය දෙවිගෙන් ලැබුණු පොතක්නම් ඇයි මිනිස් ලේඛකයො යොදාගත්තෙ කියල ප්‍රශ්නයක් එනවනෙ. ඒකට හේතුව තමයි, දෙවිට අවශ්‍ය සෑම තරාතිරමක මනුෂ්‍යයෙක්ම දෙවි පිළිබඳ දැනුම ලබාගෙන ගැලවීම ලබාගැනීමත්ය. ඒ ගැන බයිබලයේ 1 තිමෝති 2:3,4 හි "එය අපට ගැලවීම සලසා දෙන දෙවි ඉදිරියෙහි යහපත් මෙන්ම ප්‍රසන්න දෙයකි. ඔහුගේ කැමැත්ත නම් සෑම තරාතිරමකම සිටින මිනිසුන් ගැලවීම ලැබීමත් ස්ත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගැනීමත්ය", 2 පේතෘස් 3:9 "සමහරුන් සිතන්නේ යෙහෝවා දෙවි තම පොරොන්දු ඉටු කිරීමට ප්‍රමාද වන බවය. නමුත් ඔහු එසේ ප්‍රමාද වන්නේ නැත. කිසි කෙනෙකු විනාශ වෙනවාට ඔහු කැමති නොවන අතර ඔහුගේ ආශාව වන්නේ පසුතැවිලි වීමේ ප්‍රස්ථාව සියලුදෙනාටම ලබා දීමටය" කියා දක්වා ඇත.
    බයිබලය ලිවීමේ කාර්යය දිව්‍යය ප්‍රඥාව මගින් මිනිස් ලේඛකයන්ට ලබාදෙනවා වෙනුවට දේව දූතයන්ට භාර දුන්නානම්? දෙවියන්ගේ ගුණාන්ග හා කටයුතු මිනිසකුගේ දෘෂ්ඨිකෝණයෙන් දකිනවා වෙනුවට දේවදූතයන්ගේ දෘෂ්ඨිකෝණයෙන් දැකගන්න ලැබෙන්නේ. එසේ වූවානම් මිනිසුන් දෙවි කෙරෙහි සැබෑ විශ්වාසයකින් සහ කරුණු හොඳින් සොයාබලා කටයුතු කරනවා වෙනුවට අන්ධ විශ්වාසයකින් කටයුතු කරන්න ඉඩකඩ ගොඩක් වැඩියි.

    එය එසේ වුවත් පසුකාලවල බයිබලය මුල් හීබෘ, ඇරමයික සය ග්‍රීක භාශා වලින් අනෙකුත් භාශාවලට පරිවර්ථනය කිරීමේදී යොදාගෙන තිබෙන භාශා ශෛලයන්, පල්ලිවල සහ සමහර පූජකයන්ගේ බලපෑම් සහ එවකට සිටි ආණ්ඩුවල බලපෑම් (විශේෂයෙන්ම රෝම ආණ්ඩුවෙ පසුව බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙ සහ යුරෝපයේ) නිසා මිනිසුන්ට තේරුම්ගන්න අපහසු කියවන්නත් එපා කරවා විදියෙ පොතක් වුනා. ඒ වගේම ක්‍රිස්තියනියි කයාගන්න ප්‍රධානම පෙලේ සිටින ආගම් වල පවා කරන බයිබලයට පටහැනි ක්‍රියා නිසාත් එම පටහැනි ක්‍රියා මිනිසුන්ගෙන් වසන් කිරීමට සඳහා ඔවුන් යොදාගන්න බයිබල් පරිවර්ථනවලට ඔවුන්ට අවශ්‍ය කරුණු අඩු කර නැත්නම් අවශ්‍ය විදියට වෙනස් කර හෝ අලුතින් එකතු කර යොදාගැනීමත් ඒ වගේම දෙවියන් අභිරහසක්, බයිබලය පූජ්‍යත්වයෙන් සලකන්න ඕනෙ පොතක් සාමන්ය සෙනගට කියවල තේරුම්ගන්න බෑ වගේ දේවල් මිනිසුන්ගේ ඔලුවලට දැමීම තුළින් කියවල තේරුම්ගන්න උත්සාහ කරන එක තවත් එපා කරවන වැඩක් වුනා වගේම දෙවියන් කෙරෙහි අන්ධ විශ්වාසයකින් කටයුතු කරන්නන් ඇතිවෙන්න පටන්ගත්තා. මේකට උදාහරණයක් ලෙස එක් කරුණක් ඉදිරිපත් කරන්නම් දැනට. යේසුස් දෙවියන්ය කියා ඉගැන්වීම සහ දෙවියන් ත්‍රිත්වයක්ය කියන බොරු ඉගැන්වීම් වලට පහර වදින නිසා ගොඩක් ක්‍රිස්තියානි කියාගන්නා අගම් වල දෙවියන්ගේ නම ලෙස ප්‍රකාශ කරන යෙහෝවා කියන නම ඉවත්කර ඒ වෙනුවට ස්වාමින්වහන්සේ වැනි පදවි නාම ලබාදී තිබෙනවා සහ එසේ ඉවත් කිරීමට නොයෙක් නිදහසට කාරණාත් ඉදිරිපත් කරනව.

    කොහොම නමුත්, මේ අනුව පෙනීයන්නේ නුවනැත්තන් හෝ නුවන නැත්තන් ලෙස වර්ගකිරීමක් ලෙස නොව නමුත් බයිබලය, දෙවියන් කෙරෙහි සැබෑ විශ්වාසයක් ඇතිකරගෙන ඔහුගේ මාර්ගයේ ගමන් කිරීම මගින් ගැලවීම ලබාගැනීම සඳහා සියළුම ජනයාට දීල තිබෙන පොතක් බවයි.
    :)

    [/B]
    [/COLOR][/SIZE]
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මිත්‍රය, ඩාර්වින්ගේ මතයත් විවාධයට ලක් වී ඇත. එමෙන්ම, දෙවියන් මිනිසා මැවුවාය යන කියමනත් අමූලික අසත්‍යක් බවට පත්වී ඇත. මෙයට වෙනත් විකල්පයක් තිබේ. මා මෙහි එය නොදක්වන්නේ, ඔබ සියළු දෙනා එය විසිළුවකට ගන්නා හෙයිනි. මානවකල්ප වානරයා සිට දියුනු හෝමෝ-සේපියන් දක්වා මිනිසාගේ සම්භවය ස්වාභාවිකව සිදුවූවා යැයි පිලිගැනීම කල නොහැක්කකි. මන්දයත් මානව සම්භවයට අවශ්‍ය කාලය මෙන් කිහිප ගුණයක් කලින් අප (හෝමෝ සේපියන්) සම්භවය ලද හෙයිනි. මෙයට ඉංගිරිසියෙන් කියන්නේ Missing link of evolution කියාය. මීට වඩා දෙයක් මා නොකියන්නේ, මාගේ මව සිහි කර මෙහි කමෙන්ට් කරන "බුද්ධිමතුන්" සිටින නිසාවෙනි

    e kiyanne mama ahapu prashna thunatama ube uttara "naha" kiyana ekada?
     

    mpamadu

    Junior member
  • Jan 21, 2010
    72
    26
    18
    Reply to GuneBhai

    බයිබලයේ සදහන් පරිදි ලාදුරැ ර‍ෝගය සදහා පවසා ඇති ප්රතිකර්මය කුමක්ද?


    බයිබලය කියන්නේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ පොතක් නම් නෙවෙයි.

    කොහොම වෙතත් ලාදුරු පමණක් නොව මේ ලෝකයේ නොයෙකුත් වසංගත දුක් කරදර වැනි දේවලට යෙහෝවා දෙවියන් දැනට ස්ථිර විසඳුමක් නොදෙන්නේ ඇයි කියා සහ අතීතයේදී ඊශ්‍රායෙල් ජාතිකයන්ට ලාදුරු වැනි බෝවන රෝග බෝවුනාම එම පුද්ගලයන් වෙන් කර තැබුවේ ඇයි කියන කරුණට සඳහනක් කරන්නම්.

    'ආදම්' සහ 'ඒව' ගෙ නමස්කාරය ලබාගැනීම සඳහා සාතන් විසින් ඇතිකරන ලද කැරැල්ල මගින් දෙවියන්ට කළ චෝදනාව කුමක්ද කියා මදකට බලමු.
    චෝදනාව තමයි - යෙහෝවා දෙවි පාලනය කරන ආකරය වැරදි බව. එමෙන්ම දෙවි නපුරු පාලකයෙක් බවත්, බොරු කියන්නෙක් බවත්, හැකියාව තිබුනත් ඔහු යටතේ සිටින අයට හොඳ දේවල් නොදෙන බවත් ඇඟෙව්වා. ඒ වගෙම සාතන් කියා සිටියේ මිනිසුන්ට දෙවිගේ පාලනයක් අවශ්‍ය නැති බවයි. හරි වැරැද්ද තීරණය කිරීමට මිනිසුන්ට හැකි බවයි. සාතන් පැවසූ දේ කළොත් මීට වඩා හොඳ ජීවිතයක් ගතකළ හැකි බවයි (උත්පත්ති 3:1-6). යෙහෝවා දෙවි යුක්තිසහගතව ක්‍රියා කරන කෙනෙක්. ඒ නිසා එයා ඒ මොහොතෙම කැරලි කරුවන්ව විනාශ කළේ නෑ. ඒ වෙනුවට දෙවි තීරණය කළා සාතන් කරපු චෝදනාවට පිළිතුරක් ප්‍රායෝගිකවම ලබාදීමෙන් සාතන් බොරු කාරයෙක් කියා ඔප්පු කිරීමට. එම නිසා යෙහෝවා දෙවි යම් කාලයකට මිනිසුන්ට මිනිසුන්ව පාලනය කිරීමට ඉඩහැරියා.

    එම නිසා මෙම මිනිස් සමාජය දැන් පාලනය කරන්නෙ යෙහෝවා දෙවි නෙවෙයි, සාතන්. එම නිසයි යේසුස් මේ පොලොවෙ ඉද්දි එක් අවස්තාවක ලෝකයේ සියලු රාජ්‍යයන් සහ ඒවයේ තෙජස පෙන්නල කිව්වෙ "ඔබ් වැඳ වැටී මට එක් වරක් නමස්කාර කළොත් මම මේ සියල්ල ඔබට දෙනවා" කියා. මේ පොළොවේ පාලකයා සාතන් නෙවෙයි නම්, සාතන් කොහොමද එහෙම යෝජනාවක් යේසුස්ට කරන්නෙ. ඒ විතරක් නෙවෙයි යේසුස්ම පොළොවේ ඉන්නැද්දි කීපසැරයක්ම මේ පොළොව සාතන්ගෙ යටතෙ තියෙන්නෙ කියන එක කියල තියෙනව.(යොහන් 12:31; 14:30, 16:11; 2 කොරින්ති 4:3,4; 1යෙහන් 5:19)
    සාතන්ගේ පාලනයක් නම් තිබෙන්නේ ඒ පාලනයේ දුර්වල තැන් වලට යෙහෝවා දෙවියන් විසින් විසඳුම් ලබාදෙන්න ගියොත් මේ පාලන ක්‍රමය දුෂ්ඨ සහ අක්‍රමික තාවලින් පිරුනු අසම්පූර්ණ පාලනයක් ලෙස නොව යහපත් සාධාරණ පාලනයක් ලෙස පෙනී යනවා වගේම සාතන් කළ චෝදනාව නිසා මිනිසාට මිනිසාව පාලනය කිරීමට ඉඩ දීම මගින් දෙවියන් ඔප්පුකර පෙන්වන්න හැදූ දෙය සාර්ථක වනවාද? කොටින්ම සාතන් දෙවියන්ට කළ චෝදනාවට නිවැරදි පිළිතුරක් දීමට හැකි වෙනවාද? නැහැ නේද?
    එම කාරණාව නිසයි යෙහෝවා දෙවි මේ ලෝකයේ දුක් කරදර ලෙඩ රෝග පවතින්න ඉඩ ඇරල තිබෙන්නෙ.

    බයිබලයේ පවසන්නේ දෙවියන් ප්‍රේමයේ උල්පත ලෙසයි (1 යොහන 4:8) . එමෙන්ම යෙසායා 55: 10,11 හි සඳහන් වන්නේ දෙවි තම අරමුණු සැමවිටම ඉටුකරන දෙවි කෙනෙක් ලෙසයි. එම නිසා 'දෙවි යක්ෂයාගේ ක්‍රියා සහමුලින්ම නැතිකර දමනවා' (1 යොහන් 3:8). එහෙමනම් ඒ දෙය කරන්න දෙවියන් මෙච්චර ප්‍රමාද ඇයි කියල හිතෙන්න පුළුවන්නෙ. ඒ කට හේතුව තමයි දෙවි අපිට අසීමිතව ප්‍රේම කිරීම. ඒ ගැන 2 පේතෘස් 3: 9,10 හි සඳහන් වන්නේ "සමහරුන් සිතන්නේ යෙහෝවා දෙවි තම පොරොන්දු ඉටුකිරීමට ප්‍රමාද වන බවය. නමුත් ඔහු එසේ ප්‍රමාද වන්නේ නැත. කිසි කෙනෙකු විනාශ වනවාට ඔහු කැමති නොවන අතර ඔහුගේ ආශාව වන්නේ පසුතැවිලි වීමේ ප්‍රස්තාව සියළුදෙනාටම ලබා දීමය. එහෙයින් ඔහු ඉවසන්නේය. නමුත් යෙහෝවා දෙවිගේ මහත් දවාස සොරකු මෙන් පැමිණෙන්නේය...."

    මීලඟට බලමු ඊශ්‍රායෙල් ජාතියට ටිකක් තදයි වගේ පෙනෙන නීති සහ ප්‍රමිතීන් දුන්නේ ඇයි කියල.

    ඒ සඳහා අපි මුලින්ම යෙහෝවා දෙවි බයිබලය හරහා දීපු මුල්ම අනාවැකිය සලකා බලමු. "ඔබ [සාතන්] සහ ස්ත්‍රිය අතරද ඔබෙන් පැවත එන්නන් සහ ඇගෙන් පැවත එන තැනැත්තා අතරද මම සතුරුකම තබන්නෙමි. ඔහු [ස්ත්‍රියගෙන් පැවතෙන තැනැත්තා] ඔබේ [සාතන්ගේ] හිස පොඩි කරන්නේය. ඔබ ඔහුගේ විලුඹ පොඩිකරන්නෙහිය"_(උත්පත්ති 3:15). (මෙහි ස්ත්‍රිය සහ ඇගේ වංශය ලෙස බොහෝ දෙනා යේසුස් සහ ඔහුගෙ මේ පොළොවේදී මව වූ මරියාට යොමු දක්වයි. නමුතු එය වැරදි යොමු දැක්වීමකි. කරුණු ගැඹුරින් සොයාබැලීමෙදී පෙනීයන ලෙසට මින් කියැවෙන්නේ යේසුස් සහ යෙහෝවා දෙවිගේ මගේ යන සෙනගගෙන් යුත් මහත් ජාතියයි)
    මෙම වංශය (ජාතිය) පටන්ගන්නේ ආබ්‍රහම්ගෙන් පැවත එන්නන්ගෙන්ය."සැබැවින්ම ආබ්‍රහම්ගෙන් බලවත් ජාතියක් බිහිවන්නේය. "ඔබ බොහෝ ජාතීන්ගේ පියා වන්නෙහිය. එම නිසා මෙතැන් පටන් ඔබේ නම ආබ්‍රම් නොව ආබ්‍රහම්ය. මන්ද මම ඔබව බොහෝ ජාතීන්ගේ පියා වීමට සලස්වන්නෙමි. මම ඔබට ආශීර්වාද කර ඔබ මාර්ගයෙන් බොහෝ දරුවන් බිහි වන්න සලස්වන්නෙමි. ඔබෙන් ජාතීහුද රජ වරුද බිහි වනු ඇත. මම ඔබ සමගත් පරම්පරාවට පැවතෙන ඔබේ දරුවන් සමගත් මගේ ගිවිසුම පවත්වන්නෙමි. ඔබටත් ඔබෙන් පැවතෙන තැනැත්තාටත් මම දෙවි බව පෙන්වන පිණිස එම ගිවිසුම දිගු කාලයක් පුරා පවත්වන්නෙමි."_(උත්පත්ති 17:4-7)
    මේ කාලයේ පොළොව පුරාම මෝලෙක්, අශ්ටොරෙත්, බාල් වැනි බොරු දෙවිවරුන්ට කරන සමලිංගික සේවනය සහ නොයෙකුත් දුරාචාරමය දේවල්, බිළිඳුන් බිලි දීම, සූර්ය දිව්‍ය නමස්කාරය, සඳු දෙවියන් වන්දනාව සහ එවැනි නොයෙකුත් විකුර්ති නමස්කාර ක්‍රම පැතිරිලයි තිබුනේ.
    යෙහෝවා දෙවියන් ආබ්‍රහම්ට බොහෝසෙයින් ප්‍රේම කළ නිසා ඔහුගෙන් පැවත එන ජාතියටත් බොහෝසෙයින් ප්‍රේම කළා. යෙහෝවා දෙවි ශුද්ධ දෙවි කෙනෙක් නිසා ඔහුගේ ජාතියත් ශුද්ධව සිටීම අවශ්‍ය වුනා. "එසේ කළ යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවා ඉදිරියේ ඔබ ශුද්ධ සෙනඟක් වන නිසයි. මේ පොළොවේ සිටින සියලුම ජාතීන් අතරින් තමාට විශේෂ සෙනගක් ලෙස යෙහෝවා දෙවි තෝරාගෙන තිබෙන්නේ ඔබව පමණක් බව නිතරම මතක තබාගන්න."_(ද්වීතීය කතාව 7:6) මෙම පෙළපත පසුකලෙක දාවිත්ගේ වංශය (දාවිත් යනු මෙම පෙළපතින් බිහිවූ ධර්මිෂ්ඨ රජ කෙනෙක්) කියාද හඳුන්වනවා. කලිනුත් සඳහන් කළා 'ඔබෙන් පැවතෙන තැනැත්තා' කියල කෙනෙක් ගැන (උත්පත්ති 17:7). ඔහු මාර්ගයෙන් සාතන්ව විනාශ කරන බව උතිපත්ති 3:15 හි සඳහන් කළා. ඉතින් මෙම දෙවිගන් අභිශේක ලත් තැනැත්තා නැතහොත් දෙවිගෙන් අභිශේක ලත් තැනැත්තා යන අරුත ඇති මෙසියස් (ම්ෂියා) දාවිත්ගේ පෙළපතින් පැමිණෙන බවට බොහෝමයක් අනාවැකි බයිබලයේ පැරණි ගිවිසුම ලෙස නම් කර ඇති කොටස පුරාවටම සොයාගත හැක (උත්පත්ති 22:18; යෙසායා 7:14යෙසායා 53:4,5; දානියෙල් 9:25; සෙකරියා 9:9; 11:12, මීකා 5:2) මෂිය (මෙසියස්) යනු යේසුස් ක්‍රිස්තුස් බව යොහන් 1:40,41 න් පැහැදිළි වේ. * ක්‍රිස්තුස් යන වචනය පැමිණ තිබෙන්නේ ක්‍රිස්ටෝස් යන වචනයෙනි. එම වචනය භාවිතා කරනු ලැබුවේ මෂිය (මෙසියස්) යන හෙබ්‍රෙව්(හීබෲ) වචනය පරිවර්තනය කිරීමටය. ඉතින් යේසුස් ක්‍රිස්තුස්ගේ පැමිණීම සිදුවන්නේත් දාවිත්ගේ පෙළපත/ ආබ්‍රහම්ගෙන් පැවතෙන වංශය එසේත් නැත්නම් ඊශ්‍රායෙල් ජාතිය හරහායි. මෙයත් ප්‍රධානම කරුණක් ඊශ්‍රායෙල් ජාතිය ශුද්ධ ජාතියක් ලෙස තබාගැනීමට.
    මෙම ඊශ්‍රායෙල් ජාතිය මුරණ්ඩු ජාතියක් බවට පත් වුනා. නමුත් දෙවි ආබ්‍රහම්ට දුන් පොරොන්දුව නිසා ඔහුගෙන් පැවත එන්නන්ව ඊශ්‍රායෙල් ජාතිය විදියට සංවිධානහ කරගෙන ඔවුන් සමග ගිවිසුමක් ඇති කරගත්තා. ඒ ගිවිසුමේ මැදිහත්කරු මෝසෙස්. එය ක්‍රි.පූ 1513 වලංගු වුණා. මෙසේ නීතිය මාර්ගයේන් ඇති කරගත් ගිවිසුම නිසා වෙනත් දෙවි වරුන්ට වන්දනා කිරීම, වෙනත් ජාතින්වල අයව විවාහ කරගැනීම, පිරිසිදුකම පවත්වගෙන යාම වැනි කරුණු රැසකට යටත් වන්න සිද්ද වුනා. මෙහිදී ලාදුරු වැනි රෝග වැලඳුන අයව අනෙකුත් සෙනග ගැවසෙන ස්ථානවලින් වෙන් කර තබාගැනීම සිදුවුන අතර එම ක්‍රමය මගින් රෝගය අන් මනුෂ්‍යයන්ට වැළඳීම වැලැක්වුනා. මම නීති පැනවූවේ ආබ්‍රහම්ගෙන් පැවත ආ පෙළපත ආරක්ෂා කරගන්න වගේම ඒක වෙනත් අපවිත්‍ර ජාතීන් එක්ක කලවම් නොවී තබාගන්නයි.

    බයිබලයේ ලාදුරු රෝගයට ප්‍රතිකාරයක් දක්වා නැතත් යේසුස්ට අමතරව එලීෂා නම් අනාගත වක්තෘවරයා සිරියාවේ හමුදාපතිව සිටි නාමන්ව ලාදුරු රෝගයෙන් සුව කළ බව 2 රාජාවලිය 5:1-14 හි සඳහන් වෙනවා.
    කොහොම නමුත් යේසුස් සහ බයිබලයේ එන, දෙවිගේ බලය උපකාරයෙන් ආස්චර්යන් ලෙස සුවකිරීම් කළ සියලුදෙනාම ඒ දෙවල් කලේ යෙහෝවා දෙවිට මරණය ඇතුළු සියළුම ලෙඩරෝග නැති කිරීමට හැකිකම පෙන්වීමටත් දෙවියන්ගේ පාලනයක් නැවත පැමිණෙන කාලයක ඒ දේවල් සහමුලින්ම තුරන් කරනවා කියා පෙන්වීමට නිදසුන් ලෙසටයි. මන්දයත් මම මුලින් සඳහන් කල ආකාරයට දැන් පවතින සාතන්ගේ පාලනය යටතේ දෙවියන් විසින් සුවකිරීම් හෝ කිසිම ආකාරයකින් සාතන්ගේ පාලන ක්‍රමයේ ඇති නරක කම නුසුදුසු කම ආවරණය වන කිසි දෙයක් සිදු නොකරයි.


    :yes: