බයියන්ගේ දුක්ක දෝමනස්ස

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    බයියන්ගේ දුක්ක දෝමනස්ස

    16195612_1731496727070978_4668143007874594985_n.jpg


    බයියෝ සිටින්නේ මහත් දුකකිනි. පලවෙනු නුගේගොඩත් ෆේල්, රත්නපුරෙත් ෆේල්, පාද යාත්‍රාවත් ෆේල්, මැයි දිනෙත් ෆේල්....නුගේගොඩ Part II හැරවුමක ඇරඹුමත් ෆේල්

    එන්න එන්නම ෆේල්. කිසිම ගෝ එකක් නැත.

    නාකි කටහැකර බයි දත් දොස්තරයා මහින්ද හොරකම් කල බව ප්‍රසිද්ධියේ පිලිගත්තේ "හොරකම් කලත් රටපාවා දුන්නේ නෑනෙ යකෝ.." යනුවෙන් මාද්දිය කාරයෙකුට බණිමිනි. දැන් වැඩේ සීල් වී ඇත.

    බයියන්ගේ අලුත්ම සිංදුව "හොරකම් කරත් රට වෙනුවෙන් මයි, රිදවන්නේ පලි ගන්නේ ඇයි..?" යන්නය.

    බයියෝ තමුන්ගේ සූටි මොලවලට තේරෙන ආකාරයට සිතාගෙන සිටින්නේ රැලියකට පස්සේ ආණ්ඩුව පෙරලෙනු ඇති කියායි. බයියන්ට බයි ලීඩර්ලා කියා ඇත්තේ ඒ විධියටයි.

    කොස් කොළ, ක්‍රෝටන් කොළ කකා එළුවෝ, බැටළුවෝ, මී ගවයෝ වගේ පාරවල් වල ගාටන්නට ඕනෑම වෙලාවක සූදානම් ඒ නිසාය. උන්ගේ අංහිසක බලා පොරොත්තුව මහින්ද මහත්තයා ආයෙත් රජවී උන්ට කීයක් හරි හොරකම් කරන්නට, අනුන්ගෙන් කඩාවඩාගන්නට අවස්ථාව ලබාදෙනු ඇති කියලායි.

    හැබැයි බයි ලීඩර්ලා ඇත්ත දනී. එක බයි ලීඩර් කෙනෙක් නුගේගොඩදීදි, මේ විකාර ආණ්ඩුව පෙරලන්ඩ ඔලුගෙඩි දෙක තුනක් එහා මෙහා කරහම හරි කිව්වේ බාගෙට හරි ඇත්ත කියන්න ඕනෑ නිසාය.

    බයියන්ගේ කරුමෙට තාම හරිහමන් එකෙක් වත් බාගන්නට බැරිය. බැසිලා ඇමරිකාවට පැන්නේ ඒ නිසා වන්නට පුලුවන.

    ආණ්ඩුවේ ඇමතියෙක් දෙන්නෙක් ගෙනල්ලා නුගේගොඩ Part II එකේ පට්ට සීන් එකක් කරන්න මහ බයියා බලාගෙන සිටි අතර එකෙක් වත් එන්නේ නැති බව හොඳටම තහවුරු වුනාට පස්සේ "ආණ්ඩුවේ ඇමතිලාට මන් එන්න එපා කිව්වා...... එයාලව මරයි කියලා බයයි" කියලා මෝඩ ගොන් පාර්ට් එකක් දැම්මේ රටම හිනස්සමිනි.

    ඒ ගොන් පාට් එක සෙකන්ඩ් වෙන්නේ පැරදිලා පැනලා ගිහින්, මැද මූලන ජනෙල්ලේ එල්ලිලා ශර්ට් එකකුත් නැතුව වවුලෙක් වගේ ජනතාව අමතීමට විතරය. ඒතරම්ම පට්ට ආතල් කතාවකි.

    බයියන්ගේ මණ්ඩල් කචල්

    ඒ අතරේ බයියන්ගේ මන්ඩලේ හැමදෑම රැස්වීමකට පස්සේ කචල් යනවාය. කචල් ඇදගන්නේ ෆේස් බුකියෙනි. ගියසැරේත් පාද යාත්‍රාවේදී, පාදයාත්‍රාවට පුක ඉරාගෙන වැඩකල බයියෙකුට නාමල කුමාරයාගේ බවුන්සර් පොරක් හොඳට නෙළලා තිබුණේ ඌ නාමල එක්ක සෙල්ෆියක් ගැනීමේ අහිංසක බලාපොරොත්තුවෙන් නාමලට ඕනෑවට වැඩිය ලංවීමේ වැරැද්දටය.

    ඒත් උන් ගුටිකකා තාමත් පව් ගෙවන්නේ සෙනසුරු ඒරාෂ්ඨකේ ලැබුණාම පව් ගෙව ගෙවා පාරවල්වල යන්ඩ හිතෙන කාලයක් උදාවෙන නිසාය. 2020න් පසුව වත් උන්ගේ සෙනසුරු ඒරාෂ්ඨකේ අවසන්වේ යයි ප්‍රාර්ථනා කරමු.

    16299231_10154780437696259_52898425359128312_n.png



    දකුණු පැත්තේ ෆොටෝ එකේ ඉන්න එකා බයි ඕගනයිසර් කෙනෙකි. Facebook Activist කෙනෙකි. Grass-root Supporter කෙනෙකි.

    ඌ, ඌවම හඳුන්වාගන්නේ දකුණේ සිංහයා :lol: :lol: කියායි. ඌ දිහා බැලුවම පේන්නේ සිංහයෙක් වගේ නොව ට්‍රම්පට් ගේ ඇමරිකාවේ චිකාගෝ මුඩුක්කුවේ කුඩු විකුණන ගැංස්ටර් පොරක් වගේය.

    ඔලුවට සීතලට අඳින fake NIKE බීනියක් දාලා, ගෑණුන්ගේ සන් ග්ලාස් කුට්ටමක් දාලා :D , පරණ මණිබඩු කඩයකින් හොරකම් කරපු මාල ගොඩක් කරේ දාගෙන :lol: ඉන්න මූ වගේ උන් දැක්කම "මහින්දට දෙයියන්ගේ පිහිටයි" කියලා හිතෙන්නේ, මහින්දට කෙලවුනේම මුන්වගේ උන් මහින්දගේ කැම්පේන්වල පොරවල් වුන නිසා බව මතක්වෙන කොටය.

    අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරය, බයියන්ගේ සෙනසුරු ඒරාෂ්ඨකේ තාම පටන්ගත්තා විතරයි කියන එකය. තව සෑහෙන කාළයක් පයින් ගෑටුවත් ඔය කියන පෙරළිය ඇරබුම බයිස්කෝප් එකේ "Opening Scene" එකවත් බලන්න බයියන්ට ලැබෙන්නේ නැත.