ane bayiyange athal kadanna epa ban
namal ge twitter page eke comments balanna
https://twitter.com/RajapaksaNamal/status/629256409423593473

ane bayiyange athal kadanna epa ban

දැන් ටොයියොයි බයියොයි කෙල ගන්නෙ නැතුව කතාකරමුකෝ
දැන් බයියන්ගෙ ලොකුම තර්කය සහ කරුණ ගෙන හැර දැක්වීමට අනුව
වගේ දේවල මතු කරනවානේ
- කොටි යලි නැගිටිනවා
- විජයකාලා ඊලම අත්හැරලා නෑ සිංහ කොඩිය උස්සනන් බෑ කියලා
- ඩයස්පෝරාව අයෙත් යුද්දයක් පටන්ගන්න හදන්නේ
අපිට 100% මේවා බැහැරකරන්නත් බෑහැබැයි 100% ක් පිලිගන්නත් බැහැ
බයියන්ට අනුව මේ දේවල්වලට එකම විසදුම මහින්ද අගමැති කිරීම නේ..
මම අහන්නේ
මහින්ද අගමැති කිරීමෙන් මේ ගැටලු විසදෙනවද ?
දෙමල ඩයස්පෝරාව ඊලාම් සිහිනය අතහරීවිද ?
දෙමල සංධානය තමන්ගෙ මතවාදය යටපත් කර ගනීද ?
විජයකලා සුදු වෑන් එක්ක දමල ඉස්සුවෙත් ගැටලුව හරිද ?
මහින්ද රාජපක්ෂ ජාතික ගැටලුව විසදන්නෙ කොහොමද ?
දෙමල ජාතිවාදයට එකම විසදමු මහින්ද මහත්මයා නම් රාංජපක්ෂ මහත්තයා හැමදාම ජීවත් කරවාගන්න පුලුවන්ද බයියො එහෙම මුකුත් අමරණිය පෙත්තක් හොයාගෙන තියේද ?
Tax salli walin hambayo free of charge makkama yeweema thamai bayyonge sihinaya![]()

umba me thread 1 dalama tiyenne mokada kiyala umbe last question eken penawa.
toyyo/bayyo kiyala wen karagena bayyongen oya prasna ahana umbata, ranil awoth oya prasna walata mokada wenne kiyala kiyanna puluwan da? mokada umba kiyanawane 100% බැහැරකරන්නත් බෑ kiyala.
මම අහන්නේ
රනිල් අගමැති කිරීමෙන් මේ ගැටලු විසදෙනවද ?
දෙමල ඩයස්පෝරාව ඊලාම් සිහිනය අතහරීවිද ?
දෙමල සංධානය තමන්ගෙ මතවාදය යටපත් කර ගනීද ?
රනිල් අගමැති කිරීමෙන් විජයකලා ජාතික කොඩිය උස්සයි ද ?
රනිල් ජාතික ගැටලුව විසදන්නෙ කොහොමද ?
දෙමල ජාතිවාදයට එකම විසදමු රනිල් මහත්මයා නම් රනිල් මහත්තයා හැමදාම ජීවත් කරවාගන්න පුලුවන්ද ටොයියො එහෙම මුකුත් අමරණිය පෙත්තක් හොයාගෙන තියේද ?
oba depalage අදහස් වලින් පෙනීයන්නේ....දකුණේ මොකා දිනුවත් උතුරේ ඕක නවතින්නේ නැති බව නොවේද ...
මහින්දල තරන් KP / කරුණා / පිල්ලෙයාන් 2009 පස්සෙ බෙදුම්වාදය වපුරන්න උත්සහා කලාද ලන්කාවේ? නෑනේ? උන් 2009 පස්සෙ හිටපු ටිකේ කලෙත් ලන්කාව බේරගන්න කතා කරපු එක. එහෙම උනුුුයි තාමත් රට බෙදන්න කතා කරන දෙමළ සන්ධානයෙි සමාන කරනනෙ කොහොමද උඹලා?
උන්ව කොන් කරන්න කරන්න ජාතිවාදය වැඩි වෙනවා.
මහින්ද එහෙ මිනිස්සුන් ට යමක් කලා නං දිනා ගන්න තිබ්බ. අවුරුදු 6ක් කොලබ නේ ලස්සන කලේ.
උන්ටත් හිත ගන්න බෑ මොනවැයි උනේ කියලා. ඌ කියන කතා තමයි කතා. අනතුර වැරදියට පෙනිලද බං අවුරුදු දෙකක් කලින් දොට්ට ගියේ.එහෙම කරන්න හැකිද බං ජනවාරි 9 මැදමුලනෙදි කොටි චන්ද නිසා පැරදුන කිවම ?
මුල් දවස්වල කිව්වෙ කොළඹ ඉන්න පණ්ඩිතයො ටිකක් පැරැද්දුවා කියලා පස්සෙ දවසෙ කිව්වා ඊළම හින්දා පැරදුනා කියලා දවස් දෙක තුනකින් ඇමරිකාවෙ සීඅයි ඒ එකෙන් පැරැද්දුවළු සතියකින් විතර රෝ එකෙන් පැරැද්දුවා කිව්වා ඊ යේ පෙරේදා හිරු එකට ඇවිත් කිව්වා දැන් නම් මුකුත් ඒ ගැන කියන්නෙ නෑ කියලා![]()


හොද ආටිකල් එකක්. කියෙව්වොත් උබලට
යුද්ධයේදී මහින්ද හා සාමයේදී රනිල්
ඇත්ත ය. මහින්ද යුද්ධය අවසන් කළේ ය. කොටි සංවිධානය මුලිනුපුටා දැමුවේ ය. නිල නො වන අන්දමින් බෙදී තිබුණු රට යළි එක් සේසත් කළේ ය. සංචලනයේ නිදහස ඇති කළේ ය. උතුරු නැගෙනහිර පසුගාමී ආර්ථික කලාප කොළඹ කේන්ද්‍රීය ප්‍රාග්ධනයත් සමග ගැටගැසුවේ ය. ලංකාවේ සමාජ-ආර්ථික-දේශපාලන සංදර්භයේ සුසමාදර්ශීය වෙනසක් සිදු කළේ ය.
යුද්ධය යුද්ධයෙන් අවසන් කිරීම මහින්දගේ උපායමාර්ගය විය. එහෙත්, ජාතික වශයෙන් මෙන් ම ජාත්‍යන්තර වශයෙන් ද යුද්ධය සම්බන්ධයෙන් මත දෙකක් පැවතිණි. ලංකාවේ සිවිල් යුද්ධයට හේතුභූත වූ ජාතීන්ගේ ප්‍රශ්නයට සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් ලබා දී යුද්ධය අවසන් කළ යුතු ය යන්න වඩා ප්රබුද්ධ මතය විය. රනිල් වික්‍රමසිංහ ප්රමුඛ එක්සත් ජාතික පක්ෂ රජය 2005 වන විට සිටියේ එම ස්ථාවරයේ ය. එයට ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය හා ජපානය වැනි රටවල සහාය ලැබිණි.
එහෙත්, කොටි සංවිධානය යනු දැඩි ජාතිවාදී, වෙනම රාජ්‍යයක් හැර වෙනත් විසඳුමක් පිළිගැනීමට කැමැත්තක් නො තිබුණු, අනම්‍ය සංවිධානයකි. එවන් සංවිධානයක් සමග සාකච්ඡා ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යාම පහසු වූයේ නැත. රනිල් වික්‍රමසිංහ රජයේ හා ජාත්‍යන්තර බලවේගවල උපායමාර්ගය වූයේ කොටි සංවිධානය සාම ක්‍රියාවලිය තුළ සිර කර, දුබල කර, බලය බෙදා ගැනීමේ සාකච්ඡාමය විසඳුමක් වෙත තල්ලු කිරීමයි. එය කිසියම් දුරකට සාර්ථක විය. කොටි සංවිධානය සිය මාධ්‍ය ඒජන්තවරයකු වූ සිවරාම්ගේ ලේඛන හරහා මෙම උපායමාර්ගය හෙළිදරව් කළ අතර එය හඳුනා ගනිමින් යුදමය වශයෙන් එයට මුහුණ දීමට කටයුතු කරන බව ද පැවසුවේ ය. සිවරාම් පැවසුවේ කොටි සංවිධානය මිලිටරි වශයෙන් ශක්තිමත් වීම සඳහා නව බඳවාගැනීම්, පුහුණුවීම් හා ප්‍රසම්පාදන කටයුතු කරමින් සිටින බවයි. එය සත්‍යයකි.
එහෙත්, රනිල් වික්‍රමසිංහ රජයේ උපායමාර්ගයේ ප්‍රතිඵල වැඩි කලක් යන්නට පෙර ලැබිණි. සාම ක්‍රියාවලිය අතරතුර කොටි සංවිධානයේ අභ්‍යන්තරයේ තිබුණු ගැටුම් පුපුරා යමින් සංවිධානය දෙකඩ විය. නැගෙනහිර පළාතේ කොටි සංවිධානය දුබල වූ අතර, යුද්ධය ආරම්භ වීමෙන් පසු එම පළාතේ කොටි පාලන ප්‍රදේශ පහසුවෙන් අත්පත් කර ගැනීමට ආණ්ඩුවට හැකි විය.
රනිල් වික්‍රමසිංහ රජයේ උපායමාර්ගය සාර්ථක වෙමින් පවතිද්දීත්, ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමය හා ශ්රීලනිපය බලලෝභිත්වය නිසා රනිල් කොටි සංවිධානයට පක්ෂව රට බෙදීමට කටයුතු කරමින් සිටින්නේ ය යන ප්‍රලාපය නිර්මානය කළේ ය. මෙය කොටි සංවිධානය ද සාකච්ඡා මාර්ගයෙන් පිට පැනීමේ උවමනාව ඉෂ්ට කර ගැනීම සඳහා මාර්ගයක් කර ගත්තේ ය. කොටි සංවිධානය විසින් ගන්නා ලද සටන් විරාම උල්ලංඝන ක්‍රියාමාර්ග හැමෙකක් ම දකුණේ සිංහල ජාතිවාදයට තල්ලුව දුන්නේ ය. ඩග්ලස් දේවානන්දා ඝාතනය කිරීමට කොළඹදී බෝම්බ ඇටවීම, බුද්ධි අංශ නිලධාරීන් ඝාතනය කිරීම වැනි සිද්ධි සමග සටන් විරාමය මෙන් ම සටන් විරාමයට මුල් වූ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ද දැඩි අර්බුදයකට තල්ලු විය. අවසාන ප්‍රතිඵලය වූයේ රනිල් වික්‍රමසිංහ හා එක්සත් ජාතික පක්ෂය 2004 මහ මැතිවරණයෙන් හා 2005 ජනාධිපතිවරණයෙන් පරාජය වීමයි. 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ දිනවීමට වැඩි ම දායකත්වයක් සැපයුවේ සිංහල ජාතිවාදයේ සරණ ගොස් සිටි ජනතා විමුක්ති පෙරමුණයි. රනිල් වික්‍රමසිංහ පරාජය කිරීමට වැඩි ම දායකත්වයක් දුන්නේ දෙමළ ජාතිවාදී කොටි සංවිධානයයි. ඒ උතුරු - නැගෙනහිර පළාත්වල ජනයා ඡන්දය දීම වර්ජනය කිරීමට පෙළඹවීමෙනි. මහින්ද රාජපක්ෂ ටිරාන් අලස් සභාපතිත්වය දැරූ රාඩා සංවිධානය හරහා කොටි සංවිධානයට මුදල් ලබා දෙන්නේ ඒ වෙනුවෙන් කෘතගුණ සැලකීම පිණිස ය.
මහින්ද සාකච්ඡා ක්‍රියාමාර්ගය හා එයට සහයෝගය දැක්වූ ජාත්‍යන්තර බලවේග අතහැර දැමුවේ ය. සිංහල ජාතිවාදී බලවේගවල බලපෑමට නතු වෙමින් යුද්ධයක් ආරම්භ කළ අතර එය කොටි සංවිධානය විසින් ද අපේක්ෂා කරන ලද දෙය ම විය. එහෙත්, ඒ වන විට කොටි සංවිධානය දුර්වල වී තිබිණි. ඔවුන් අවි ආයුධ විශාල ප්‍රමාණයෙන් රැස් කරගෙන තිබුණත්, පිරිස් බලය, පුහුණුව හා පිරිස්වල ආත්ම ශක්තිය පැවතියේ දුර්වල මට්ටමකයි. කරුණාගේ කැඩී යාම නිසා ඇති වූ අභ්‍යන්තර බිඳ වැටීම මෙන් ම, සටන් විරාම සමයේ දකුණ සමග ඇති වූ සම්බන්ධතා නිසා ජීවිතවල සිදු වූ වෙනස්කම් ද එයට හේතු විය.
මහින්ද ක්‍රම, ක්‍රමයෙන් යුද්ධය පිළිබඳ අධිෂ්ඨානශීලී විය. සිංහල ජාතිවාදී බලවේග ඔහු යුද්ධයට තල්ලු කළේ ය. එය සත්තකින් ම දෙමළ විරෝධී යුද්ධයක් විය. යුද්ධයේ ගොදුරු බවට පත් වී සිටි දෙමළ ජනයාට කිසිදු සානුකම්පාවක් හිමි වූයේ නැත. හමුදාව කටයුතු කළේ කොටි සංවිධානය සමූලඝාතනය කිරීමේ අරමුණෙනි. අවසානයේදී රජය යුද්ධය ජයග්‍රහණය කළේ ය. කොටි සංවිධානයේ යටත් වූ සටන්කරුවන් හා කොටින්ට සම්බන්ධ යයි සැක කරන ලද සිවිල් වැසියන් ද, සාමාන්‍ය දෙමළ වැසියන් ද විශාල පිරිසක් ඝාතනය කළ බවට හමුදාවන්ට චෝදනා එල්ල වී තිබේ.
අද වන විට මෙම චෝදනා ලංකාවේ ජාත්‍යන්තර දේශපාලන ඉරණම විසඳන සාධකයක් බවට පත් වෙමින් තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂම ලංකාවට එරෙහි ක්‍රියාමාර්ග වෙත තල්ලු වීමේ අවදානමක මුවවිට අපි අද සිටිමු. අපගේ ප්‍රධාන අපනයන වෙළඳපොළවල් වන ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා රටවල් ආදිය ලංකාවට එරෙහිව සම්බාධක පැනවුවහොත් බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ දීමට අපට සිදු වනු ඇත. මහින්ද රාජපක්ෂ බලයෙන් පහ වීම නිසා අද වන විට මෙම අවදානම යම් තරමකට අවම වී තිබේ.
යුද්ධයේ ජයග්‍රහණය තමන්ගේ පෞද්ගලික ජයග්‍රහණයක් ලෙස අලෙවි කරමින් මහින්ද රාජපක්ෂ බලය තහවුරු කර ගත්තේ ය. ලංකා ඉතිහාසයේ අන් කිසිදු රාජ්‍ය නායකයකුට වඩා ඔහු බලවත් විය. එසේම, සාමය හා සංහිඳියාව ගොඩනැගීමටත්, ආර්ථික හා සමාජ සංවර්ධනය වෙත රට යොමු කිරීමටත්, ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීමටත් ඔහුට ලැබුණු අවස්ථාව ඉතිහාසයේ අන් කිසිදු පාලකයෙකුට ලැබුණේ නැත.
එහෙත්, ඔහු ජනතාවගේ ඒ පැතුම් ඉටු කිරීමට අවාසනාවන්ත ලෙස අසමත් වූයේ ය. ඔහු කළේ තමන්, තම පවුල, විස්තෘත පවුල, ඥාතීන්, හිතවතුන්, අනුගාමිකයන් සමග එකතු වී සංවර්ධනයේ නාමයෙන් රට ම සූරාකෑමයි. ගිනි පොළියට ණය ගනිද්දී ද, ඒ ණයවලින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරද්දී ද, කොන්ත්‍රාත් දෙද්දී ද, මිළ දී ගැනීම් කරද්දී ද, රජයට අයත් වත්කම් හා දේපල පරිහණය කරද්දී ද, පෞද්ගලික අංශය සමග ගනුදෙනු කරද්දී ද, සුබසාධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරද්දී ද, සහනාධාර බෙදාහරිද්දී ද ඔවුහු අසීමිත අන්දමින් මහජන දේපල සූරා කෑ හ.
අගෝස්තු 18 දින බලයට පත් වන ආණ්ඩුවට පාලනය කරන්නට සිදු වන්නේ රාජපක්ෂවරුන් විසින් වවුල් හපයක් බවට පත් කරන ලද රටකි. මේ වන විටත් ලංකාවේ මහා භාණ්ඩාගාරය හා මහ බැංකුව විසින් කරමින් සිටින්නේ ගත් ණය පියවීම සඳහාත්, එදිනෙදා වියදම් සඳහාත් තව තව ණය ගැනීමයි. පරම්පරා ගණනාවක් උගස් කර ඉදි කරන ලද හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපල, අධිවේගී මාර්ග වැනි ඉදිකිරීම් ව්‍යාපෘති අතිශය අසාර්ථක ය. ඒවායින් ණය ගෙවීම සඳහා අවශ්‍ය විදේශ විනිමය නිපදවෙන්නේ නැත. ලංකාවේ ආර්ථිකය ගමන් කරමින් සිටින්නේ මහා අගාධයක් දෙසටයි. ආනයන පාලනය කර නො ගතහොත්, අපනයන සංවර්ධනය කර නො ගතහොත් සහ ඍජු විදේශ ආයෝජන මේ රටට ගෙන්වා ගැනීමට රජය අසමත් වුවහොත් මහා ආර්ථික අර්බුදයක් අත ළඟ ය.
මෙවන් අර්බුදයක් කළමනාකරණය කර ගැනීමේ කිසිදු හැකියාවක් මහින්ද රාජපක්ෂට නැත. ඔහුට කළ හැක්කේ අලි මදිවාට හරක් කිව්වා සේ ආර්ථික සම්බාධක ද දමාගෙන රටේ ආර්ථිකය අවුලෙන් අවුලට පත් කිරීම හා චීනයෙන් ලබා ගන්නා ණයට හිලව් පිණිස රට චීනයේ පිළිකන්නක් බවට පත් කිරීමත් පමණි.


දෙමල මිනිස්සු TNA අල්ලන් ඉන්නේ කොල නික් රතු උන් එහෙ වැඩක් කරන් නැති නිසා. එතනදි උන්ට TNA එකට කතිරේ ගහනව මිසක් වෙන දෙයක් නෑ. උන්ටත් ඕනි අධයාපනය / ආහාර /සෞඛ්‍ය සහ සතුට විතරයි අපිට වගේම. උන් එහෙම කතිරෙ TNA ගහන්නේ එහේ අවුරුදු 30ක් ඉස්කෝලයක් තිබ්බේ නෑ උන්ට ඉගෙනගන්න. මෙහෙත් අරක්කු බෝතලේට කතිරේ ගහන උන් ඉන්නේ කොච්චරවත්.උන්ව කොන් කරන්න කරන්න ජාතිවාදය වැඩි වෙනවා.

umba me thread 1 dalama tiyenne mokada kiyala umbe last question eken penawa.
toyyo/bayyo kiyala wen karagena bayyongen oya prasna ahana umbata, ranil awoth oya prasna walata mokada wenne kiyala kiyanna puluwan da? mokada umba kiyanawane 100% බැහැරකරන්නත් බෑ kiyala.
මම අහන්නේ
රනිල් අගමැති කිරීමෙන් මේ ගැටලු විසදෙනවද ?
දෙමල ඩයස්පෝරාව ඊලාම් සිහිනය අතහරීවිද ?
දෙමල සංධානය තමන්ගෙ මතවාදය යටපත් කර ගනීද ?
රනිල් අගමැති කිරීමෙන් විජයකලා ජාතික කොඩිය උස්සයි ද ?
රනිල් ජාතික ගැටලුව විසදන්නෙ කොහොමද ?
දෙමල ජාතිවාදයට එකම විසදමු රනිල් මහත්මයා නම් රනිල් මහත්තයා හැමදාම ජීවත් කරවාගන්න පුලුවන්ද ටොයියො එහෙම මුකුත් අමරණිය පෙත්තක් හොයාගෙන තියේද ?
උබ වැරදිය මම රනිල්හෝ UNP දේශපාලනයට අදාල නෑ මම විශ්වාස කරන්නෙත් නෑ රිනිල් මේක විසාදාවි කියලා 2005 අපිට මතකයි රනිල් කරන්න හදපු දේ
නමුත් මම මතු කරන්න හදුවේ මේක මහින්දවත් රනිල්වත් කියන සාධක මත පාලනය කරන්න පුලුවන් විසදන්න පුලුවන් ගැටලුවක් නෙවෙයි
මහින්ද ගේන විසදුම් වලට දෙමල ජනතාව එකගවෙන එකක් නැහ රනිල් ගේන විසදුම් වලට සිංහල ජනතාව එකගවෙන එකක් නැහ
කියන එක _
මේක හැමෝම එකතු වෙලා විසදගන්න ඕනි ගැටලුවක් නේද

100% සහතිකයක් දෙන්න බෑ. ඒත් රනිල් කෙලින්ම බෙදුම් වාදය වෙනුවෙන් පෙනී ඉන්න නිසා රනිල් අවොත් අනිවාර්යයෙන් දෙමළ සන්ධානය අවශ්‍ය දේ ලබාගන්න බව දන්නවා.
නෑ. ඒ්ත් අපිට අවශ්‍ය දෙමල ඩයස්පෝරාව ඊලාම් සිහිනය අත්නොහරින බව දන්න දේශපාලකයන් රට පාලනය කරනව දකින්න. නැතුව දෙමල ඩයස්පෝරාව දැන් හොදයි ඒ ගොල්ලොත් රට සංවර්ධනයට දායක කරගන්න ඕනි වගේ කතා කියන දේශපාලකයො නෙමේ.
නෑ. ඒ මතවාදේ යාපනේදිම පරාද කරන්න තමයි උවමනා. දෙමළ මිනිස්සු ආයෙත් නිදහස් පක්සෙට හරි යූඇන්පී එකට හරි චන්දෙ දෙන විදියට වැඩ කරන්න ඕනි.
නෑ. විජයකලාලගෙ දේශපාලනය තමයි පරාජය කරන්න ඕනි. ඒකට දකුනෙ උන් දෙකට බෙදිල හරියන්නෙ නෑ.
දෙමළ මිනිස්සුන්ට දැනට දීලා තියෙන බලයට වඩා වැඩි දේශපාලන බලයක් ලබා නොදීම මගින්. පුලුවන් නන් 13ත් අහෝසි කිරීම මගින්.
දෙමල ජාතිවාදයට එකම විසදමු මහින්ද මහත්මයා නෙමේ බෙදුම්වාදී මානිසකත්වය පරාද කිරීම. එ්ක කරන නායකයො තමයි බිහිවෙන්න ඕනි. ඒනිසා පුද්ගලය මරණයට පත් උනත් මතවාදය අමරණිය නන් ප්‍රස්නයක් නෑ. ඒකයි කරගන්න ඕනි
මහින්දගේ හොර ෂොට් එක ඇවිත්
