20 ගැන ජනපති මැදුරේ තීරණාත්මක සාකච්චාවක්.. වාසු, විමල්, උදය, දොලවත්ත, ගෙවිදු තදින් හැපේ..
September 22, 2020 at 9:20 am | lanka C news
විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද දිනයේ පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට නියමිතය.
එහිදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සියළු දෙනා එක් ස්ථාවරයක සිටිය යුතු බවට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම විසින් තීන්දු කර තිබේ.
මෙම තීන්දුව ගෙන ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ පස්වරුවේ ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායම් හමුවේදීය.
විසිවෙනි සංශෝධනය සම්බන්ධයෙන් යම් උණුසුම්කාරී තත්ත්වයක් එහිදී මතුව තිබිණි.
වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ගෙවිඳු කුමාරතුංග, පේ‍්‍රමනාත් දොලවත්ත යන මැති ඇමතිවරුන් මෙම සංශෝධනයේ ඇති අහිතකර වගන්ති සම්බන්ධයෙන් ද දීර්ඝ ලෙස අදහස් පළ කර ඇත.
තවත් පිරිසක් එම අදහස් වලට ප්‍රතිවිරුද්ධ අදහස් දක්වා ඇති අතර ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ 20 වන සංශෝධනයට අවශ්‍ය සංශෝධන ඇත්නම් ඒවා කාරක සභා අවස්ථාවේදී ඇතුළු කරන ලෙසයි.
නමුත් අවසන් වශයෙන් ආණ්ඩුවේ සියළු මන්ත්‍රීවරුන් එක මතයක සිටිය යුතු බවට යෝජනාවක් ඒකමතිකව සම්මත කර තිබේ.
මෙම සංශෝධනියේ තාක්ෂණික දෝෂ කිහිපයක් මතු ව ඇතත් ඒවා නව ව්‍යවස්ථාවක් යටතේ නිවැරදි කළ යුතුව ඇතැයි ධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා එහිදී පෙන්වා දී ඇත.