::- බයිසිකල් රේස් එකක් දිනන ආකාරය -::

ftthushara

Well-known member
  • Mar 1, 2011
    5,656
    1,498
    113
    Right Place
    ::- බයිසිකල් රේස් එකක් දිනන ආකාරය -::



    yYoUWtdg.jpg


    පසුගිය දිනක ලොව ප්‍රසිද්ධම බයිසිකල් ධාවන තරඟය වන Tour De France හි එක් අදියරක් ඉතාමත් උද්වේගකර අන්දමින් නිමාවට පත්වූවා. එය අවසන් උනු ආකාරය, වෘත්තීය මට්ටමේ ධාවකයන් තාරඟ වදින අයුරු, ඔවුන්ගේ තාක්ෂණය හා කණ්ඩායම් හැඟීම මොනවට පැහැදිලි කල අවස්ථාවක් වෙනවා. මේ ඒ අශ්‍රයෙන් සිදු කල විග්‍රහයක්.

    පැය ගණනාවක් පවතින මෙම අදියර වලදී 4 කින් යුත් පෙල (formation) පවත්වා ගැනීම ඉතාම වැදගත් වෙනවා. එමගින් ඉදිරියෙන්ම ගමන් කරන ධාවකයා වැඩිම වායු ප්‍රථිරෝධයට ලක්වන අතර ක්‍රමානුකූලව අංක 2 සහ 3 ධාවකයන් පසු පසින් පැමිණෙන තම සාමාජිකයාට වායු ප්‍රතිරොධය අවම කර මාර්ගය පැහැදිලි කරමින් ගමන් කරනවා. මෙහි ප්‍රථිපලය වන්නේ අංක 1 සිට 3 දක්වා ධාවකයන් තම ශක්තිය අධික ලෙස වැය කිරීමත් ස්ප්‍රින්ටර් (sprinter) නමින් හැඳින්වෙන අංක 4 ධාවකයා තම ශක්තිය අවසන් sprint එක වෙනුවෙන් ඉතිරි කරගැනීමයි.

    අවසන් කිලෝමීටරයට පැමිණෙන විට අංක 1 ධාවකයා තරඟයෙන් පසු බසින අතර ඉතිරි තරඟ කරුවන් තිදෙනා තම formation එක පවත්වා ගැනීම සිදු කරනු ලබනවා. ඉන්පසු අංක 2 තරඟකරු පසු බසින අතර එවිට තවත් කණ්ඩාමක් එම formation එකෙන්ම පලමු ස්ථානය සඳහා attack කිරීම සිදු කරන අයුරු දකින්න පුලුවන්. මේ අවස්ථාව දක්ෂ ලෙස අවබෝධ කරගන්නා අංක 3 තරඟ කරු නැවත අංක 1 ස්ථානට පැමින තම ප්‍රතිවාධින් අංක 2 හා 3 ලෙස යොදා ගනිමින් තම කණඩායමේ sprinter වෙත නැවතත් 4 දෙනෙකුගෙන් යුතු පෙලක් ලබා දෙනවා.

    cycling-sprinter.jpg


    අවසන් මීටර් 300 පැමිණීමත් සමග අංක 1 හා 2 ධාවකයින් පසු බසින අතර attacking sprinter වන අංක 3 පසුකර පලුමු කණ්ඩායමේ sprinter තරඟය ඉතා පහසුවෙන් ජයග්‍රහණය කරනු ලබනවා.


    Autoguide.lk