බරපතලම අධිකරණ අපහාසය කළේ ඥානසාර හිමි

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
බරපතලම අධිකරණ අපහාසය කළේ ඥානසාර හිමි

මා දුටු බරපතලම අධිකරණ අපහාසය කළේ ඥානසාර හිමි‘ - මහේස්ත්‍රාත් රංග දිසානායක

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ දී ඥානසාර හිමි බලහත්කාරයෙන් පැමිණ ප්‍රකාශයක් කර පිටවීම මහේස්ත‍්‍රාත්වරයෙකු ලෙස තම සේවා කාලයේ තමා දුටු අධිකරණයට අපහාස කිරීමේ බරපතලම සිද්ධිය යැයි හෝමාගම හිටපු මහේස්ත‍්‍රාත් සහ වත්මන් කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා අද (19) අභියාචනාධිකරණය හමුවේ සාක්කි දෙමින් පැවසීය.
‘‘ප‍්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම සම්බන්ධ නඩු විභාගය හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ පැවති දින බලහත්කාරයෙන් පැමිණ , බලහත්කාරයෙන් ප‍්‍රකාශයක් කර විත්තිකාර ඥානසාර හිමිනම පිටව ගියා.අධිකරණ ශාලාවට උන්වහන්සේට එන්න හෝ යන්න මා කීවේ නැහැ. එදින තිබූ කිසිදු නඩුවකට සම්බන්ධ නොවන පුද්ගලයකුට අධිකරණයේ පෙනී සිටීමට ඉල්ලා සිටියත් මා අවසර දෙන්නේ නැහැ. කිසිවකු ඔහුට ආරාධනා කළෙත් නැත්නම් ,ඔහු නඩුවක පාර්ශවකරුවෙකුත් නොවේ නම් කිසිදු පුද්ගලයෙකුට සිය මතය අධිකරණයට ඉදිරිපත් කරන්න බැහැ. එය නිසැකවම අධිකරණයට අපාහාස කිරීමක්‘‘ යැයිද මහේස්ත‍්‍රාත්වරයා වැඩිදුරටත් කීය.
හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ කලහකාරී ලෙස හැසීරීමෙන් අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා ලැබ සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ඉදිරිපත් කර ඇති චෝදනා පත‍්‍රය විභාගයේ දෙවැනි දිනයවූ අද විත්තියේ හරස් ප‍්‍රශ්න වලට පිළිතුරු සාක්කි දෙමින් මහේස්ත‍්‍රාත්වරයා මේ බව පැවසීය.
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ඉදිරිපත් කර ඇති චෝදනා පත‍්‍රය විභාග කිරීම අභියාචනාධිකරණ සභාපති විනිසුරු එල්.ටී.බී දෙහිදෙණිය  සහ අභියාචනාධිකරණ විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන් හමුවේ සිදු කෙරිණි
 
Last edited:

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
වැරදිකරු උනොත් අවුරුදු දෙකකට බඩු හරි වගේ...:D