බලංගොඩ යකඩ නිස්සාරණ තාක්ෂණය....🇱🇰

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,911
    3,248
    113
    ලොවක් මවිත කළ බලංගොඩ යකඩ නිස්සාරණ තාක්ෂණය....🇱🇰

    ලෝහ නිස්සාරණය 18 වන සියවසේ එංගලන්තයෙන් සොයා ගත් බවට පැවසුවද ඉතා පුරාණ කාලයේ සිට මෙරට වැසියෝ යකඩ නිස්සාරණ තාක්ෂණය දැන සිටි බවට සාධක හමු වී ඇත. අතීතයේ ඩමස්කස් කඩු සෑදීමට මෙරටින් වානේ ලබා ගත් බවට ලිඛිත සාක්ෂි ද හමු වී ඇත. මේ සම්බන්ධව ප්‍රබල පුරා විද්‍යාත්මක සාධකයක් හමු වන්නේ සීගිරිය අලකොළවැව දෙහිගහ ඇළකන්ද ප්‍රදේශයෙන් (යකඩ නිස්සාරණ උදුන් 139ක් සොයා ගත් අතර ක්‍රි.පූ. 180 සිට ක්‍රි.ව. 200 පමණ දක්වා කාලය තුළ මයිනහමක ආධාරයෙන් සුළං බලය යොදා එහි යකඩ නිස්සාරණය කර තිබේ) හා බලංගොඩ,සමනල වැව ප්‍රදේශයෙනි. සමනලවැව දී මෙහිදී මැටි කල,යබොර,යපස් නිධි හා යකඩ උදුන් හතරක් හමු විය.මෙම මැටි කල ක්‍රි.ව.7-10 කාලයට අයත් බව කාබන් කාල නිර්ණයෙන් සොයා ගෙන ඇති අතර කුඹල්ගම, මුත්තෙට්ටුවේගම, අලුත්නුවර, ඉඹුල්පේ, හතරබාගෙ, පඹහින්න යන ප්‍රදේශවල මෙම කර්මාන්තය තිබී ඇති බවට සාධක ඇත.
    ස්වභාවික පරිසරයේ පවතින යකඩ බහුල ගල් වලින් යකඩ ලෝහය වෙන් කර ගැනීමට නම් ඒවා අධික උෂ්ණත්වයට රත් කල යුතු අතර යකඩ උණුවන්නේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1538 දීය. මෙලෙස අධික උෂ්ණත්වයක් ලබා ගැනීමට නම් ඉතාම කාර්යක්ෂම තාක්ෂණයක් තිබීම අත්‍යවශ්‍යවේ.

    සමනල වැව යකඩ නිස්සාරණය කර තිබෙන්නේ ක්‍රි.පූ. තෙවන සියවසේ දීය. ඒ සඳහා යොදාගෙන තිබෙන උදුන් දැල්වීමට භාවිතා කර ඇත්තේ ස්වභාවික සුළං (නිරිතදිග මෝසම් සුළං) බලයයි. කඳු මුහුණතක ඉදි කර තිබෙන මෙම උදුන් කදු අතරින් ගලා එන වියළි සුළං මඟින් පැය 12 කට ආසන්න වෙලාවක් නොනිවී දැල්වේ. වර්තමානයේදී ද වසරේ නිරිතදිග මෝසම් සුළං කාලයට සවස් යාමයේ එම ප්‍රදේශය හරහා හමන සුළං පසු දා පහන් වන තුරු අඛණ්ඩව හමා යන බව අත්විඳිය හැක.
    මෙම උදුන් දැල්වීම සදහා යොදා ගෙන ඇත්තේ 'මරං' නමින් හැදින්වෙන ගස් පුලුස්සා ලබා ගන්නා අඟුරු වන අතර අදත් මෙම පළාතේ මරං ගස් (මෙම ගස් වර්ගය 'යකඩමරං' ලෙසද හැඳින්වේ) දක්නට ලැබේ. උදුන මැටි වලින් සාදා ඇති අතර එහි ඉදිරිපස බිත්තිය බටහිර දෙසින් එන සුළඟට මුහුණලාත් පසුපස බිත්තිය කඳු මුදුන දෙසට මුහුණලාත් සාදා තිබේ.

    ඉදිරි බිත්තියේ දිග මීටර 2ක් පමණ වන අතර ගැඹුර අඩි දෙකකට ආසන්න වන සේ සාදා ඒ අනුව උදුන පතුලේ වර්ගඵලය සකසා ඇත. උදුන තුළට වාතය ඇතුළු වීම සඳහා කුඩා වෘත්තාකාර බට එහි ඉදිරිපස බිත්තියේ සාදා තිබේ. එම බට රවුම් හැඩයට නිර්මාණය කර ඇති බැවින් ඇතුළත සහ පිටත පීඩන අන්තරය මගින් ඒවාට සිදු වන හානිය අවම වේ. යකඩ නිස්සාරණයේදී සෑදෙන ලෝ බොර පිටතට ගලා ඒම සඳහා සිදුරක් උදුනේ පහළින්ම සාදා තිබේ.

    සමනළවැව යකඩ නිස්සාරණය කිරීමට භාවිතා කර තිබෙන්නේ ලිමොනයිට් හා හෙමටයිට් යන රසායන විද්‍යාත්මකව හදුන්වන ගල් වර්ග යැයි සැලකේ. උදුනේ පතුළේ පිදුරු සහ දහයියා තැන්පත් කර ඊට උඩින් ප්‍රධාන ඉන්ධනය ලෙස භාවිතා කරන දර අඟුරු දමා (මරං දර අඟුරු) ඉහළින්ම නිස්සාරණයට ලක් කරන යපස් තැන්පත් කරයි. ඉන්පසු උදුනට ගිනි දැල්වූ පසු දහනයට අවශ්‍ය වාතය උදුනේ ඉදිරිපස බිත්තියේ මධ්‍ය කොටසේ ඇති කුඩා වෘත්තාකාර සිදුරු හරහා උදුන තුළට ගැනේ. උදුනේ හැඩය නිසා එම වායු ධාරාව අනාකූලව ගලා යෑමෙන් එහි පහළ වාතය ඇතුල් වන ස්ථානයේ සහ ඉහළ දහනය සිදු වන ස්ථානයේ පීඩන අනුක්‍රමණයක් ඇති වීම නිසා වාතය, දහනය සඳහා ඔක්සිජන් සපයමින් උදුන තුළින් ඉහළට ගමන් කරයි. උදුන තුළ දහනය සිදුවන්නේ 1500`C ට පමණ වන අධික උෂ්නත්වයක් යටතේ වන අතර ඉහළින් පිටවන විට වාතය 925`C කට පමණ රත් වී පිටව යන අපවාතයෙන් කොටසක් උදුන උඩින් හමා යන සුළං ප්‍රවාහය සමග එක්ව බැහැර වේ. උදුන තුළට පහළ සිදුරු ඔස්සේ ඔක්සිජන් සහිත අලුත් වාතය ඇතුළු වීම සඳහා එම පියවර වැදගත් වන අතර එමගින් උදුන් තුළට අඛන්ඩ වාත සැපයුමක් පවත්වා ගෙන යයි. එමෙන්ම අපවායු වලින් යම් කොටසක් නැවත උදුනේ ඉහළ ඇති යපස් වෙත සංසරණය වන අතර 850`C පමණ රත් වී ඇති එම අප වායු උදුනේ ඉහළ ඇති යපස් දහනයට රුකුළක් වේ.
    උදුන පැය 5ක් පමණ දැල් වෙද්දී එහි ඇති යපස් දිය වී යකඩ ලෝහය වෙන් වන අතර ඒ නිස්සාරණය වුණු යකඩ හා යපස් වල තිබූ අනෙකුත් අපද්‍රව්‍ය නිසා සෑදෙන ලෝ බොර දර අඟුරු මැදින් උදුනේ පහළට ගමන් කරයි. ලෝ බොර සහ වානේ වල ඝනත්ව වෙනස් නිසා ඒවා උදුනේ වෙනස් මට්ටම් වල රැඳෙන අතර මෙහිදී ලෝ බොර සහ වානේ යම් ප්‍රමාණයකට මිශ්‍ර වීමක් සිදු වේ.

    ලෝ බොර වලින් යම් ප්‍රමාණයක් උදුනේ පහළ ඇති සිදුරෙන් පිටවී යන අතර උදුනේ දර අඟුරු තුළින් අධික උණුසුම්ක් සමග පහළට බසින විට ඒවායේ ඇති කාබන්, යකඩ සමග මිශ්‍ර වේ. එමගින් කාබන් ප්‍රතිශතය ඉහළ වානේ උදුන තුළ නිර්මාණය වන අතර ක්‍රියාවලිය අවසන් වූ පසු උදුන කඩා දමා එය සිසිල් වූ පසු වානේ කුට්ටි පිටතට ගැනේ. එබැවින් මෙම උදුනක් භාවිතා වන්නේ එක් වරක් පමණක් වන අතර නැවත නිස්සාරණයට නව උදුනක් නිර්මාණය කළ යුතුය.

    මීට වසර කිහිපයකට පෙර දෙස් විදෙස් විද්වතුන් රැසකගේම සහභාගීත්වයෙන් මෙම නිස්සාරණ ක්‍රියාවලිය ආදර්ශනය කිරීම සඳහා ආකෘතියක් නිර්මාණය කෙරුණ අතර එහිදී ඉහත පැවසූ පරිදිම කාබන් ඉහළ වානේ නිශ්පාදනය කිරීමට හැකි විය. වසර 2000කට පෙර ශ්‍රී ලංකාවේ වානේ තාක්ෂණයේ විද්‍යාත්මක නිරවද්‍යතාවත්, මෙරට වානේ එකල අනෙක් රටවල් වල පවා ප්‍රකටව තිබූ බවට වූ පුරාවෘත්තයත් (ඉපැරණි සිරියානු ඉතිහාස වාර්තාවල ලංකාවෙන් (සිව්හෙලය ) එරටට අනර්ඝ තත්වයේ වානේ අපනයනය කළ බව සඳහන් වේ) එයින් යළි යළිත් තහවුරු විය. මෙලෙස ස්වාභාවික සුළං බලයත්, භූ පිහිටීමත් හා පාරිසරික සාධකත් මූලික කර ගෙන යකඩ නිස්සාරණය කිරීමේ ක්‍රමයක් ලොව වෙනත් කිසිදු රටක කිසිදු ශිෂ්ටාචාරයකින් වාර්තා වී නොමැති අතර මෙයින් පසක් වන්නේ අතීතයේ පටන් මෙරට වැසියන් තාක්ෂණික දැනුමෙන් පොහොසත් බවයි.

    1988 දී රත්නපුර දිස්ත්‍රික්කයේ සමනලවැව ප්‍රදේශයේ ජල විදුලි ව්‍යාපෘතියක් සඳහා ක්ෂේත්‍ර අධ්‍යනයක් කරමින් සිටි නිලධාරීන් පිරිසකට ඒ ආශිත කඳු ගැටයක් මත මෙම නටඹුන් හමු වූ අතර එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැන්වීමෙන් පසු එම නටඹුන් පුරාවිද්‍යා නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක් විය. පසුව කළ කැණීම් වලින් සමනලවැව සහ සීගිරිය අවට ප්‍රදේශ වලින් මේ වර්ගයේ උදුන් 139ක්ම සොයාගැනීමට හැකිවූ අතර කාබන් කාල නිර්ණයට අනුව මෙ උදුන් වසර 2000ක් පමණ පැරණි බ
    FB_IMG_1653106440159.jpg
    ව සොයාගෙන ඇත. මෙරට වානේ තාක්ෂණය පිළිබදව පැහැදිලි සාක්ෂි හමු වූ ප්‍රථම අවස්ථාව මෙය වේ.🙏

    Fb
    FB_IMG_1653106437583.jpg
    FB_IMG_1653106435071.jpg
    FB_IMG_1653106445350.jpg
    FB_IMG_1653106437583.jpg
    FB_IMG_1653106435071.jpg

    FB_IMG_1653106448385.jpg
     

    Attachments

    • FB_IMG_1653106442780.jpg
      FB_IMG_1653106442780.jpg
      34.6 KB · Views: 106

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,475
    15,439
    113
    Gampaha
    දැක්කානේද රාවණා හෙළ යක්කුන්ගේ තාක්ෂණේ.. අද කාලේ වගේ නැව් එනකම් මුහුද දිහා බලාගෙන හිටියේ නෑ හෙළ යක්කු.. මේවා කියවනකොට ඉතින් කලුසුද්දන්ට කිරිපනුගාය හැදෙයි..ලොකුම කුමන්ත්‍රණේ තමයි සමනල වැව.. හෙළ රාවණා තාක්ෂණය හංගන්න තමයි ඔය වැව හැදුවේ.. :yes:
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    මේක දැක්කම ඉතිරිටික කියවන්න හිතුනේ නෑ 🥱
    ඕ ඔතන පොඩි වැරැද්දක් තියෙනවා තමා.. මම දන්න තරමින් 18 වන සියවසේ එංගලන්තේ පටන් ගත්තේ යකඩ නිස්සාරණයක් නෙවේ. ලෝහ හදන එක. ඉස්සර ඉදන් යකඩ නිස්සාරණය තිබ්බා. හැබැයි වානේ තිබ්බේ 18 සියවසෙන් වගේ පස්සේ.
     
    • Like
    Reactions: NRTG

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    දැන් මොකද ඒ යපස් නිදි නැති උනේ?

    Oh shit, here we go again
    (Wanse Kabal Gaama)
    වන්සේ කබල් ගැමයි, ඉතිහාසය ගැන සෙවීමයි දෙකක් නේ.
    ------ Post added on May 21, 2022 at 2:33 PM
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    වන්සේ කබල් ගැමයි, ඉතිහාසය ගැන සෙවීමයි දෙකක් නේ.

    එංගලන්තයෙන් සොයා ගත් බවට පැවසුවද ඉතා පුරාණ කාලයේ සිට මෙරට වැසියෝ යකඩ නිස්සාරණ තාක්ෂණය දැන සිටි බවට සාධක හමු වී ඇත

    This explains all 😑😅
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    කොයි කෙළි කරපු ජාතියක් උනත් මොකටද බං හිඟාකන්ඩ උනාම. බංගලි උන් දැන් කියන්නේ loan lanka කියලා
     
    • Like
    Reactions: NRTG

    Similar threads