බලං‌ගොඩ මානවයා ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මානවයා..

reuse

Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    DA7C6B7A-6FEA-4C5E-B01E-91FAF524F611.jpeg

    ============-==================

    තෙත් කලාපය තුළ අවුරුදු හතලිස්‌ දහසේ සිට ජීවත් වූ බලංගොඩ මානවයාගේ තොරතුරු ලැබෙනා ගල් ලෙන් රාශියක්‌ වේ. පාහියන් ලෙනේ මීට අවුරුදු හතලිස්‌ අට දහසකට පෙර සිට ප්‍රාග් ඓතිහාසික මානවයෝ ජීවත් වූහ. කුරුවිට බටදොඹ ලෙනෙන් හමුවන පැරණිම මානවයාගේ වයස අවුරුදු විසි අට දහසකි. කිතුල්ගල බෙලි ලෙනේ මානවයාගේ ඉතිහාසයද එතරම්ම පැරණිය. බෙල්ලන්බැඳිපැලැස්‌ස එළිමහන් භූමියෙන් හමුවන මිනිස්‌සු එතැන ජීවත්වීම පටන් අරන් තිබුණේ මීට අවුරුදු දොළොස්‌දහස්‌ හත්සියයකට එපිටදීය.

    අත්තනගල්ල අලවල ගුහාවේ පුරාණ මානවයා එතැන ජීවත්ව සිටියේ මීට අවුරුදු දාහතර දහසකට එපිටිනි. මේ මිනිසුන් මෙම ලෙන් වල ජීවත් වූයේ අවුරුද්දේ එක්‌ කාලයක්‌ පමණි. වර්ෂා කාලයේදී ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව නිසා සාපේක්‌ෂව සත්ත්ව ඝනත්වය අඩු තෙත් කලාපික වනාන්තර තුළ දඩයක්‌කාර අතීත මිනිසාට ජීවත්විය හැකි අවස්‌ථාවන් අවම වී තිබුණේය. ඒ කාලවලදී හේ තෙත් කලාපයෙන් පිටවූයේය. දඩබිම් සොයා ගියේය. බහුලව දඩයම් හමුවන ප්‍රදේශයන්හි වැඩි කාලයක්‌ ගත කළේය.

    මෙසේ පිටව වියළි කලාපයට පිවිසියේ යෑයි සිතිය හැකි මං පෙත් කීපයක්‌ වේ. වර්ෂාව පැමිණීමත් සමග බටදොඹලෙනස, කිතුල්ගල, අත්තනගල්ල වැනි තෙත් කලාපික ප්‍රදේශවල ජීවත්වූ අතීත මානවයා බලංගොඩ කූරගල හරහා උඩවලව නිම්නය ඔස්‌සේ වියළි කලාපයට පිවිසුණහ. බෙල්ලන්බැඳිපැලැස්‌ස මේ ගමන්මගේ හමුවන එක්‌ එළිමහන් භූමියකි. දකුණු දිග බෙලිඅත්ත පල්ලෙමලල වැනි ප්‍රදේශවලින් තවමත් අතීත මානව හැසිරීම් ගැන කියෑවෙනා ගල් ආයුධ ගැන තොරතුරු ලැබෙන්නේය. හෝර්ටන් තැන්න ආශ්‍රිතව ජීවත්වූ මිනිස්‌සු නකල්ස්‌ හරහා වස්‌ගමුව වනාන්තරයටත් එතැනින් මීමුරේ ඔස්‌සේ සීගිරියටත් එතැනින් උතුරු ප්‍රදේශයටත් සංක්‍රමණය වූහ.

    ඒ අනුව ආදිකල්පික මානවයන් වියළි කලාපයෙන් තෙත් කලාපයටත්, තෙත් කලාපයෙන් වියළි කලාපයටත් පිවිසි ප්‍රධාන ප්‍රවේශ දෙක අතරින් උතුරු ප්‍රවේශය ගැන තොරතුරු සීගිරිය පොතාන ගුහාවෙන් ලැබෙන්නේය. දකුණු ප්‍රවේශය දැනටත් කැණීම් කරගෙන යන කූරගලින් මතුවන්නේය.

    සම්භවය....

    වපෙ 300,000 කාලයෙහිදී හා සමහරවිට වපෙ 500,000 තරම් ඈත අතීතයෙහිදී ශ්‍රී ලංකාවෙහි පැරැණි ශිලා (හෝමෝ එරෙක්ටස්) ජනයා දිවි ගෙවූ බවට සාධක සපයා ගෙන ඇත. වපෙ 125,000 පමණ වන විට ශ්‍රී ලංකාව තුල ප්‍රාග් ඓතිහාසික ජනාවාස පැවැති බවට බලවත් සාක්ෂි පවතියි.

    ක්‍රියුපෙ 1000 පමණ කාලයෙහිදී යකඩ කර්මාන්ත වෙතට සංක්‍රමණය වීම දක්වා ශ්‍රී ලංකාව තුල අවිච්ඡින්නව පැවැතුන බවට පෙන්නුම් කරන දෙවන ශිලා යුගය කාල සීමාවෙහි තදන්තර සංස්කෘතිය ට අයත් ලෙසින් කාල නිර්ණය කෙරී ඇති මානව විද්‍යාත්මක ලෙසින් වඩාත් නූතන මනුෂ්‍ය නෂ්ටාවශේෂ සොයා ගෙන ඇත. මෙම මධ්‍ය ශිලා සංස්කෘතිය හැඳින්වෙන්නේ බලංගොඩ සංස්කෘතිය ලෙසිනි.

    ඔවුන්ගේ අස්ථීන් හැඩිදැඩි වූ අතර, ගනකමැති හිස්කබල-අස්ථින්ද, උන්නත බැම-ගැටිද, පහතට එබුනු නාසයන්ද, දැඩි හනුද සහ කෙටි ගෙලද සහිත වූහ. ආචාර්ය සිරාන් දැරණියගල 1992දී බලංගොඩ මානවයාගේ අස්ථි සම්බන්ධව සිදුකල ගණනය කිරීම් වලදී පුරුෂ බලංගොඩ මානවයෙකුගේ සාමාන්‍ය උස සෙන්ටිමීටර් 174ක් බවත් ස්ත්‍රියකගේ උස සෙන්ටිමීටර් 166ක් බවත් පෙනීගොස් තිබෙනවා. මේ අනුව බලංගොඩ මානවයින් අද ලාංකිකයෙකු හා සසඳන විට උසින් වැඩි ශක්තිමත් මිනිසුන් පිරිසක් වූ බව පැහැදිලියි.

    ඝණ ඇහිබැම, පුළුල් නාසය, විශාල දත් හා ශක්තිමත් හකුපාඩා යන ලක්ශණවලින් යුතුවුනු බලංගොඩ මුත්තාගේ පරපුරේ අස්ථිද බරින් වැඩි, ඉතා ශක්තිමත් ඒවා බව පර්යේෂණ පත්‍රිකාවේ සඳහන් වනවා. ඔවුන් ජීවත්වූ පරිසරය (biotic environment) පෝෂ්‍යදායි ආහාර සුළභවූ, උණුසුමෙන් අඩු, සුවදායි පරිසරයක් වීම මෙයට එක් හේතුවක් විය හැකියි. ශක්තිමත් සිරුරක් ඇවසිවූ රළු දඩයක්කාර දිවිපෙවෙත තවත් හේතුවක් වන්නට පුලුවන්.

    කොහොම වුනත් අපි මතක තියාගන්න ඕනෑ බලංගොඩ මානවයා කියන්නේ වානරයාට වඩා සමානවුනු, පරිණාමය නොවූ, වඳුරුපෙනුමක් ඇති මිනිසෙකු නොව, නූතන, බුද්ධිමත් හෝමෝ සැපියන් මානවයෙකු බවයි. බලංගොඩ මානවයා පිලිඹිඹු කෙරෙන රූපසටහන් බොහොමයක ඔහුව නියැන්ඩර්තාල් ගණයේ මානවයෙකු ලෙස හෝ ඊටත් පැරණි අර්ධ මානවයෙකු ලෙස පෙන්නවනවා. මෙය ඉතාමත් වැරදි දැක්මක්.

    බලංගොඩ මානවයාගේ මෙවලම් කට්ටලයෙහි විශිෂ්ටත්වය වූයේ, කුඩා (සෙමී 4 ‍ට වඩා දිග අඩු) තිරුවාණ පතුරු සහ (දුලබ ලෙසින්) අර්ධ චන්ද්‍රාකාර, ත්‍රිකෝණාකාර සහ ත්‍රපීසියමාකාර හැඩ තල ගැන්වුනු කහඳු යන දෙයින් සමන්විතවූ ජ්‍යාමිතික ක්ෂුද්‍ර ශිලාවන් එහි පැවැතීමයි. ශ්‍රී ලංකාවේ, හිටපු පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් එස්. යූ. දැරණියගල පවසන පරිදී, මෙවන් ජ්‍යාමිතික ක්ෂුද්‍ර ශීලාවන් යුරෝපයෙහිදී පලමුවෙන් නිශ්චිත කෙරුණු මධ්‍ය ශිලා යුගයෙහි ප්‍රමුද්‍රාවක් ලෙසින් සාම්ප්‍රදායිකව සලකනු ලැබෙයි. යුරෝපයෙහි ජ්‍යාමිතික ක්ෂුද්‍ර ශීලාත්මක සම්ප්‍රදාය සඳහා ආදිතම දිනයන් ලෙස සැලකෙන්නේ වපෙ 12,000 පමණ කාලයයි. එම නිසා මෙවැනි මෙවලම්, වපෙ 31,000 තරම් ඈත අතීතයෙහිදී බටදොඹලෙන හිදී ද, වපෙ 28,000 දී බුන්දල හි වෙරළාශ්‍රිත අඩවි දෙකකහිදී ද, සහ වපෙ 30,000 ට පෙරදී බෙලිලෙන හිදී ද හමු වීම පුදුම දනවන සුලු විය.

    දඩයම් ජීවිකාව.....

    ක්‍රිපූයු 4500 ට පමණ මධ්‍ය ශිලා යුගයට කාල නිර්ණය වන සුනඛ ඇටසැකිලි ශේෂයන් නිල්ගල ලෙනෙන් හා බෙල්ලන්බැඳි පැලැස්ස වෙතින් හමුවීමෙන් ගම්‍ය වන්නේ දඩයම් ලුහු බැඳ යෑම සඳහා බලංගොඩ මානවයන් ගෘහස්ත සුනඛයන් තබා ගෙන ඇති බවක්ය. සිංහල දඩ බල්ලා සහ කාඩර් බල්ලා වැනි ශ්‍රී ලාංකික සුනඛයන් හට පොදු ප්‍රාග්-ඓතිහාසික පූර්වජයෙකු සිටින්නට ඇතැයි අදහස් ඉදිරිපත්ව ඇත. වලි කුකුළා, ඌරා, මී හරකා සහ ‍කිසියම් ගෝ (1940 ගණන් වලදී නෂ්ට ව ගිය ශ්‍රී ලාංකික එළ ගවයා ගේ පූර්වජයන් වන්නට ඇත) වර්ගයක් බලංගොඩ මානවයා විසින් හීලෑ කරගන්නට ඇත.

    තොරතුරු ලැබෙන්නේ ප්‍රාග් ඓතිහාසික ලෙන් කැනීම් වලින් මතුව එන සත්ත්ව අවශේෂ වලිනි. බලංගොඩ මිනිසාගේ උතුරු ප්‍රවේශය ලෙස පෙනෙනා සීගිරියේ පොතාන ගුහාවේ කළ කැනීම් වලින් වැදගත් තොරතුරු හමුවුණේය. මේ කැණීමේදී කිලෝ දාහකට වඩා විශාල ඇස්තමේතු කලහැකි මෝරෙකුගේ දතක්‌ ලැබිණි. මුහුදු ගිරවා ලෙස හඳුන්වන ගල්මාළුවාගේ අවශේෂ ලැබිණි. එපමණක්‌ නොව දැනට වඳවී ගිය හිපපොටේමස්‌ සතෙකුගේ දතක්‌ ලැබිණි. සීගිරිය ඇත්තේ මුහුදට බොහෝ ඈතිනි. එහෙත් සීගිරියෙන් මුහුදු ජීවීන්ගේ අවශේෂ ලැබෙන්නේය. හිපපොටේමස්‌ සතුන්ගේ පොසිල ලැබෙන්නේ රත්නපුරයේ මැණික්‌ පතල් වලිනි. එහෙත් තෙත් කලාපික වනාන්තර වාසී හිපපොටේමස්‌ ගේ දත් ද සීගිරියෙන් ලැබෙන්නේය.

    මුහුදේ ජීවත්වන මොරුන්ගේත් මඩුවන්ගේත් මුහුදු ගිරවු ඇතුළු මත්ස්‍යයන්ගේත්, මුහුදු කකුළුවන්ගේ හා බෙල්ලන්ගේත් අවශේෂ රට අභ්‍යන්තරයේ ඇති බලංගොඩ මානවයාගේ ජනාවාස වලින් පොදුවේ හමුවුණේය. තිත් මුවා වියළි කලාපයට ආවේණික සතෙකි. තිත් මුවාගේ ඇටකටු තෙත් කලාපයේ මානව ජනාවාස වලින් ලැබුණේය. හුංගම මුත්තා ලෙස හැඳින්වූ අවුරුදු හයදහස්‌ පන්සියයක පමණ කාලනිර්ණය කළ හම්බන්තොට ප්‍රදේශයේ හුංගම මිණිඇතිලියේ තිබූ ආදි මිනිසාගේ ජනාවාසයෙන් තෙත් කලාපයට පමණක්‌ ආවේණික පුවක්‌බෙල්ලන් හමුවූයේය. එම බෙල්ලන්ම ගොඩවාය ප්‍රාග් ඓතිහාසික ජනාවාසයෙන්ද හමුවූයේය. එමෙන්ම තෙත් කලාපික වනාන්තරවල ඇති කැකුණ ඇට ද මේ ජනාවාසවලින් ලැබිණි. ප්‍රාග් ඓතිහාසික මානවයා මෙම කැකුණ ඇට භාවිත කර තිබුණේ ආහාරයකටත් වඩා ඉන්ධනයක්‌ ලෙසිනි. මේ පුරාණ ජනාවාස වලින් හමුවන අළු තට්‌ටු අතර සියයට හැත්තෑපහක්‌ම ඇත්තේ කැකුණ ඇටවල අඟුරුය.

    ප්‍රාග් ඓතිහාසික මානව ජනාවාස වලින් හමුවන මේ සත්ත්ව අවශේෂවල සංකීර්ණ විවිධත්වය පිළිබඳව සමහර විද්වත්තු විවිධ මත පළ කරති. සමහරු ඒ වකවානුවේ පැවති හුවමාරු ක්‍රමයක්‌ ගැන කතා කරති. එහෙත් තේරුම්ගත යුත්තේ මේ සංකීර්ණ සත්ත්ව අවශේෂ වලින් කියෑවෙන්නේ බලංගොඩ මුත්තාගේ සංචාරක ජීවිතය බවය. මුහුදුබඩ ප්‍රදේශ වල සංචාරයේදී මුහුදු බෙල්ලන්, කොරල් හා මාළු අවශේෂවලින් ප්‍රයෝජනයට ගතහැකි දේ ඔවුහු රැගෙන ආහ. මාළු කටු බොහෝවිට භාවිත කර තිබුණේ කුඩා ආයුධ ලෙසය. මෝර දත්, සමහර බෙල්ලන් ඔවුන් විසින් පළඳනා ලෙස භාවිත කර තිබිණි.

    කෘෂිකර්මය....

    සතුන් දඩයම සඳහා ගස් පුළුස්සා දැමූ බලංගොඩ මානවයා වෙත මධ්‍ය කඳුකරයෙහි හෝටන් තැන්න නිමැවීමේ වගකීම පැවරෙයි. කෙසේවෙතත්, වපෙ 15,000 පමණ කාල නිර්ණය කෙරුනු ඕට් සහ බාර්ලි සානුව මතදී සොයා ගැනීම නිසා ඒත්තු යන්නේ ඔවුන් කෘෂිකර්මයෙහි ද නියැලී සිටි බවයි.

    කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පස්චාත් උපාධි ආයතනයේ විද්‍යාඥයෙකු වන ආචාර්ය රත්නසිරි ප්‍රේමතිලක මහතා 2006 වසරේදී ඉන්දියාවේ ලක්නව් නුවර පැවැත්වුනු ඉපැරණි කෘෂිකර්මාණ්තය පිලිබඳව ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් වූ "First Farmers in Global Perspective" සම්මන්ත්‍රණයට ඉදිරිපත් කල "The emergence of early agriculture in the Horton Plains, central Sri Lanka" ලෙස නම්කොට තිබූ පර්යේෂණ නිබන්ධනයකට අනුව හෝර්ටන් තැන්නේ දඩයම් කරමින් සිටි බලංගොඩ මානවයා දඩයමට අමතරව ගොවිතැන් කිරීමද අරඹමින් දිවයිනේ පලමු ගොවීන් බවට පරිවර්තනය වෙමින් සිටි බව විද්‍යාත්මක සාක්ශි ඉදිරිපත් කරයි. පර්යේෂණ නිබන්ධනයේ අරමුණ පැහැදිලි කිරීම සඳහා ආචාර්ය ප්‍රේමතිලක මෙලෙස පවසයි "මෙම ලිපියේ උත්සාහය වන්නේ මධ්‍යම ශ්‍රී ලංකාවේ හෝර්ටන් තැනිතලාවේ පැලියෝ-පාරිසරික සොයාගැනීම් ස්වරූපයෙන් කෘෂිකර්මාන්තයේ මුල් සාක්ෂි සහ දේශගුණික විපර්යාස හා පුරාවිද්‍යාව සමඟ එහි ඇති සම්බන්ධතා පිළිබඳ විස්තරයක් සැපයීමයි ..."

    හෝර්ටන් තැන්නේ පස් සාම්පල වලින් ලැබුණු පාෂාණිභූත පරාග (මල් රේණු ) රේඩියෝ-කාබන් ක්‍රමයට කාළනිර්ණය කිරීමෙන් එම පරාග ක්‍රි.පූ 5000 (මීට වසර 7000කට පෙර) කාළයට අයත් බව සනාතවී ඇති අතර ඒ අනුව හෝර්ටන් තැන්නේ බලංගොඩ මානවයා ගිණිතබා පස සකස්කොට සිදුකරන හේන් ගොවිතැන් ක්‍රමයට (slash & burn cultivation) බෝග වගාකොට ඇති බවත් මෙම බෝගවල පරාග අතර පැරණි කැලෑ සහල්වලට (wild rice) අයත් පරාගද විශාල ලෙස හමුවූ බැවින් බලංගොඩ මානවයා මීට වසර 7000කට පෙර හෝර්ටන් තැන්නේ හේන් ගොවිතැන් ක්‍රමයට වීවගාවේ යෙදෙන්නටද ඇතැයි අනුමාන කලහැකි බව යෝජනා කරයි. මීට පෙර වී වගාව, යකඩ නිශ්පාදනය හා අශ්වයින් හා වෙනත් ගෘහාශ්‍රිත සතුන් ඇතිකිරීම පිලිබඳව සාක්ශි හමුවී ඇත්තේ ක්‍රි.පූ 900 නම් මීට වසර 2900කට පමණ පෙර අනුරාධපුරයෙනි.

    කලා නිර්මාණ...

    බලංගොඩ මානව ජනාවාසවලින් රතු නැත්නම් කහ හිරියල් උරච්චි කරල ගෑව මිනිස් ඇටකටු හමුවී තිබෙනවා. බටදොඹලෙන අවුරුදු 31,000ක් පරණ පස් තට්ටුවෙන් කහපාට ගුරුගල් ආලේප කළ මිනිස් කොදු ඇටයක් හා අවුරුදු 7,700 පමණ පැරණි පස් තට්ටුවෙන් ගුරුගල් පාට ගෑව මිනිස් දත් හමුවී තිබෙනවා. ෆා-හියන් ලෙනේ අවුරුදු 5,400ක් පරණ පස් තට්ටුවෙන් රතු ගුරුගල් ගෑව ඇට කෑලිත් පුරාවිද්‍යාඥයින්ට හමුවෙලා. රාවණා ඇල්ල ගුහාවෙන් හිස් මුදුන හිල් කරල පැත්තකින් සියුම් සිදුරකුත් විදල ගුරුගල් ගෑව හිස් කබල සුවිශේෂයි. මේ ගැන පුරාවිද්‍යාඥයෝ විවිධ මත පල කරනවා. අත්තනගල්ල පොත්ගුල් ලෙනේ ඉහළ මට්ටමේ අවුල් පස්තට්ටුවකින් හමුවුණු ගුරුගල් පාට ගෑව ඔලුකටු කෑල්ලත් මේ ගොඩට එකතුවෙනවා. තෝරාගත් අස්ථිවල වර්ණ ආලේපය ආදි-වාසී වැද්දන් හෝ පැරණි සිංහලයන් අතර තිබුණු බවට සාදක නෑ. මේ බලංගොඩ මානවයට සීමාවුණු පුරුද්දක් බවයි පේන්නේ. හැබැයි බලංගොඩ මිනිසා මොන අදහසකින් මේ දේ කළාද යන්න ගැන නිෂ්චිත මතවාදයක් බිහිවෙලා නෑ.

    බලංගොඩ මිනිසා තමන්ගේ ඥාතීන්ගේ සිරුරු භූමිදාන කරන විට බොහෝවිට හිස යොමුකරල තියෙන්නේ බටහිර දිසාවට. අදත් අපි ඒ විදිහටම කරනවා. සිරුරු වකුටු ආකාරයට තබලා භූමදානය කරලා තියෙනවා.

    ✍️ රුහුණු බාහිර උපාධි ආයතනය
     

    reuse

    Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    බටදොඹලෙන දළ වශයෙන් අවුරුදු 28,500ක් විතර පරණ පස් තට්ටුවෙන් හමුවුණු බෙලිකටු පබළුව ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගයෙන් හමුවන පැරණිම පළඳනාව විදිහට සැලකෙනවා. තනි කට්ටක් තියෙන මුහුදු බෙල්ලෙකුගේ ඉහළ කෙලවර කොටසකින් ක්‍රමවත්ව ඉවත් කළ වටකුරු කටු කෑල්ලකින් මේ පබළුව හදල තියෙන්නේ. මිලිමීටර් 13.7×15.3×1.5 ප්‍රමාණයේ මේ පබළුව දුඹුරු රතුවන් පාටයි. දෙපසින්ම සියුම්ව විදලයි මැද සිදුර හදල තියෙන්නේ. මේවා ඉන්දියාව වගේම වෙනත් රටවලින් ලැබෙන මධ්‍යශිලා පබළුවලට වඩා පරණයි. මේ පබළුව බලංගොඩ මානවයාගේ නිර්මාණයක් විධියට සලකනවා.

    බටදොඹලෙන වසර 16,000-14,300 කාලෙට අයිති පස් තට්ටුවෙන් ලැබුණු දෙපියන් මුහුදු බෙල්ලෙකුගේ කටු කෑල්ලකින් හදපු මිලිමීටර් 8.2×6.3×0.6 ප්‍රමාණයෙ ඕවලාකාර පබළුවත් කලාත්මක නිර්මාණයක්. මෙය ලා රෝස මිශ්‍ර රිදිවන් අළු පැහැතියි. ඒ පළඳනාවේ එක් පැත්තක දාරයේ සියුම් දැති ආකාර රටාවක් කපලා තිබෙනවා. මෙහි මැදත් සියුම් සිදුරක් සකසල තියෙනවා. ඒ පස් තට්ටුවෙන්ම ලැබුණු අනෙක් පළදනාව තනි කටුවේ මුහුදු බෙල්ලෙකුගේ ඉහළ කොටසින් හදල තියෙනවා.

    හැඩයෙන් ඕවලාකාර ලා කහ පාට මේකේ ප්‍රමාණය මිලිමීටර් 8.7×7.7×1.5ක්. පිට දාරය සියුම් විදිහට හදල මැද සියුම් සිදුරක් විදල තියෙනවා. බටදොඹලෙනේම දළ වශයෙන් අවුරුදු 13,500 කාලේ පස් තට්ටුවෙන් ලැබුණු දෙපියන් බෙල්ලෙකුගේ කටු කෑල්ලකින් හදපු පබළුව තරමක් දුරට ත්‍රිකෝණ හැඩය එන විදිහට අතුල්ලා නිවා තිබෙනවා. කෙළවරක සියුම් සිදුරක් විද තිබෙනවා. උපරීම උස මිලිමීටර් 16.9ක් හා පළල හා ඝණකම මිලිමීටර් 10.0×0.6ක් වන මෙය අළු පැහැතියි.

    ෆා-හියන් ලෙනේ මිශ්‍ර පස් තට්ටුවකින් ලැබිල තියෙන මුහුදේ ඉන්න කොටි මෝර දතකින් හදපු ගෙල පළඳනාව බලංගොඩමිනිසාගේ තවත් වැදගත් නිමැවුමක්. දතේ පහළ දෙපසින්ම විදල පළදනාවක් විදිහට හදලා. අත්තනගල්ල පොත්ගුල්ලෙනකැනීමේදිත් මේ වගේ නිර්මාණ කීපයක්ම ලැබිල තියෙනවා. මෙතැනත් කොටි මෝර දතකින් හදපු ගෙල පළදනාවක් වගේම මුහුදුබෙලිකට්ටකින් හදපු කොටු හැඩයේ පළදනාවකුත් ලැබුනා.

    මහාචාර්ය රාජ් සෝමදේව මැතිතුමා කළ අළුගල්ගේ කැනීමෙනුත් මෝර දත් පළඳනාවක් ලැබිල තියෙනවා. සත්ව විද්‍යාඥයෝකියන විදිහට මේ කොටි මෝරාගේ දත් හොයාගන්න එක ලෙහෙසිපහසු නැහැ. ගැඹුරු මුහුදේ ඉන්න මේ මාළුවා මියගියහමමුහුදේ ගිලෙනවා මිසක් ගොඩබිමට ගසාගෙන පැමිණීම විරලයි.
    ප්‍රාග් ඓතිහාසික ලෙන් හා අඩවි නාමාවලිය...

    බෙලිලෙන – කිතුල්ගල
    වවුල්පනේ – රත්නපුර
    බටදොඹලෙන – කුරුවිට
    පාහියන් ලෙන – කළුතර
    බෙල්ලන්බැඳි පැලැස්ස – Pansadara Chena, Balangoda
    හෝටන් තැන්න
    දොරවක ලෙන – කෑගල්ල
    ------ Post added on Feb 6, 2023 at 5:17 PM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    Awesome, Keep it up


    ක්‍රිපූයු 4500 ට පමණ මධ්‍ය ශිලා යුගයට කාල නිර්ණය වන සුනඛ ඇටසැකිලි ශේෂයන් නිල්ගල ලෙනෙන් හා බෙල්ලන්බැඳි පැලැස්ස වෙතින් හමුවීමෙන් ගම්‍ය වන්නේ දඩයම් ලුහු බැඳ යෑම සඳහා බලංගොඩ මානවයන් ගෘහස්ත සුනඛයන් තබා ගෙන ඇති බවක්ය. සිංහල දඩ බල්ලා සහ කාඩර් බල්ලා වැනි ශ්‍රී ලාංකික සුනඛයන් හට පොදු ප්‍රාග්-ඓතිහාසික පූර්වජයෙකු සිටින්නට ඇතැයි අදහස් ඉදිරිපත්ව ඇත.

    දැක්කද , බල්ලො නැත්නන් තොපිට කන්ඩත් නෑ :cool:
    බල්ලට ගරු කරපම් මචන්ල
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    Bump

    Awesome, Keep it up




    දැක්කද , බල්ලො නැත්නන් තොපිට කන්ඩත් නෑ :cool:

    බල්ලට ගරු කරපම් මචන්ල
    එතකොට බල්ලො ඇතිකරන්ඩ කලින් හිටපු උන් කාල නැද්ද...😂😂
    ------ Post added on Feb 6, 2023 at 6:05 PM
     

    pdkuma

    Well-known member
  • May 22, 2016
    638
    768
    93
    වපෙ 300,000 කාලයෙහිදී හා සමහරවිට වපෙ 500,000 තරම් ඈත අතීතයෙහිදී ශ්‍රී ලංකාවෙහි පැරැණි ශිලා (හෝමෝ එරෙක්ටස්) ජනයා දිවි ගෙවූ බවට සාධක සපයා ගෙන ඇත. වපෙ 125,000 පමණ වන විට ශ්‍රී ලංකාව තුල ප්‍රාග් ඓතිහාසික ජනාවාස පැවැති බවට බලවත් සාක්ෂි පවතියි

    මේ ගැන තවත් විස්තරයක් දැනගන්න කැමති