16-36. අල්ලාහ් අදහනු. තවද තාඝුත්(අල්ලාහ්ට විරුද්ධව කැරලි ගැසීමේ) පිළිවෙතින් වැළකී සිටිනුයි ප්රකාශ කරන රසූල්වරයකු සියලු ජන සමාජයන් වෙත නියතවශයෙන් අපි යැවීමු. එවිට ඔවුන්ගෙන් සමහරුන්ට අල්ලාහ් මඟපෙන්වීය. ඔවුන්ගෙන් ඇතමකුට නොමඟ යෑම තහවුරු විය. එනිසා මහපොළොවෙහි සැරිසරනු. (රසූල්වරුන්) බොරුයැයි කී අයගේ අවසානය කෙසේ වීදැයි බලනු.



