බලන්නම_වෙය්

DonDuli

Member
Oct 23, 2012
1,074
380
0
Nugegoda
අතීත ලංකාව දකින්න - පැරණිම වර්ණ චිත‍්‍රපටයකින්!

අද කොළඹ කොටුවේ චැතම් වීදිය හා එහි මුදුනේ ඇති ප‍්‍රදීපාගාරය සහිත ඔරලෝසු කනුව පිහිටි ප‍්‍රදේශය දුටුවොත් ගහක් කොළක් නැති ගොඩනැගිලිවලින් පිරි එකක් බව ඔබට පෙනේවි. එහෙත් මීට වසර සීයකට විතර ඉස්සර ඒ විදිය ගහ කොළවලින් යුත් චිත්තාකර්ෂණීය එකක්.

අපේ අතීතය අපට අපේ අනාගත පරපුරට දැක ගත හැකි වන්නේ එක්කෝ ඡායාරූප මගින් නැත්නම් වාර්තා චිත‍්‍රපට මගින්. ඒ විදියෙ වාර්තා චිත‍්‍රපටයක් අපට අන්තර්ජාලයෙන් හමුවුණා. එය 1933 දී වර්ණයෙන් නිෂ්පාදිත කෙටි වාර්තා චිත‍්‍රපටයක්. මෙවැනි චිත‍්‍රපට අප කුඩා කල දුටුවේ ඉංගී‍්‍රසි චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කළ සිනමාහල්වල ප‍්‍රධාන චිත‍්‍රපටය පෙන්වන්නට පෙර කාලය තුළදියි.

1.jpg



චිත‍්‍රපටයට වර්ණය එක් වූ අලූත, ටෙක්නිකලර් වර්ණ පටලපටි නිෂ්පාදක සමාගම ඒ ක‍්‍රමය ජනපි‍්‍රය කරවන්නට පහසුකම් සලසා දුන්නා ලෝකය පුරා සුන්දරත්වය දැක්වෙන කෙටි වාර්තා චිත‍්‍රපට තනන්නට චිත‍්‍රපටකරුවන් දිරිමත් කරන්නට.

එහි ප‍්‍රතිඵලයක් වශයෙන් තමයි, ‘ට‍්‍රවල් ටෝක්ස් - වොයිස් ඔෆ් ද ග්ලෝබ්’ නමින් කෙටි වාර්තා චිත‍්‍රපට පෙළක් ආවේ. පැරමවුන්ට් චිත‍්‍රපට සමාගම විසින් නිෂ්පාදන කළ මේ කෙටි වාර්තා චිත‍්‍රපට බෙදා හැරියේ මෙට්‍රො ගෝල්ඞ්වින් මේයර් හෙවත් එම්ජීඑම් සමාගමයි. ඒවා අධ්‍යක්ෂණය කළේ ජේම්ස් ඇන්තනි ෆිට්ස්පැට්රික් (James Anthony Fitzpatrick) නම් ඇමරිකන් පත‍්‍රකලාවේදියෙක්.
4.JPG



ඔහු අධ්‍යක්ෂවරයකු ලෙස පමණක් නොව චිත‍්‍රපට නිෂ්පාදකයකු, තිර රචකයකු ලෙස පසුව කීර්තියක් දිනා ගත්තා. මේ චිත‍්‍රපටවල විස්තර කථකයාත් ඔහුමයි. බි‍්‍රතාන්‍ය හා ඇමරිකානු නරඹන්නන් වෙනුවෙන් නිෂ්පාදනය කළ ඔහුගේ මේ වාර්තා චිත‍්‍රපට වර්ණයෙන් තැනෙන කොට වෘත්තාන්ත චිත‍්‍රපට වර්ණයෙන් නිපදවීම පවා පටන් අරන් තිබුණේ නැහැ.

ඔහු ලොව පුරා ඇවිදිමින් ලස්සන තැන් රූප ගත කරමින් අමුතු ගති සිරිත් වාර්තා කරමින් පේ‍්‍රක්ෂකයන්ට සුන්දර අත්දැකීමක් ලබා දුන්නා.


5.jpg



ඔහු ලංකාවටත් ආවා. ලංකාව ගැනත් මේ කෙටි වාර්තා චිත‍්‍රපට කීපයක් ම තැනුවා. එයින් එකක් තමා ‘ට්‍රොපිකල් සිලෝන්’ (1932). කළු සුදු වාර්තා චිත‍්‍රටයක් වූ එහි එදා අපේ රටේ ජන ජීවිතය සවිස්තරව දැක ගත හැකි වුණා. පොල් ගස හා බැඳුණු මෙරට ජන ජීවිතය එහි හොඳින් විස්තර කර තිබුණා.

1933 දී ඔහු ලංකාව ගැන තැනූ කෙටි වර්ණ චිත‍්‍රපටය ඉන්දුනීසියාවේ ජාවා දූපතත් ඇතුළත් වෙන ආකාරයටයි, තනා තිබුණේ. මිනිත්තු 8 තත්පර 33 ක් වූ ඒ කෙටි වාර්තා චිත‍්‍රපටයට එදා බි‍්‍රතාන්‍ය යටත් විජිතයක් වූ ‘සිලෝන්’ නමින් හැඳින් වූ ලංකාව ගැන කීම සඳහා ඔහු වෙන් කර තිබුණේ මිනිත්තු 5ක් පමණයි.

ඒ මිනිත්තු පහේ ගමනේ දී ඔහු එදා අප රට පැවති ආකාරය අපූරුවට කැටි කොට දක්වා තියෙනවා. එහි මුලින්ම ජාවා දූපතේ කෑම බීම ඇඳුම් පැලඳුම් නැටුම් ආදිය පෙන්වා මිනිත්තු තුනකට පසුවයි, ශී‍්‍ර ලංකාව ගැන කියන්න පටන් ගන්නේ.

6.jpg



කොළඹ වරාය, චැතම් වීදියේ ප‍්‍රදීපාගාරය සහිත ඔරලෝසු කනුව ආදියෙන් පටන් ගෙන ඔහු මන්නාරම, කැලණිය, දළදා මාලිගය, ආදී වැදගත් ස්ථාන එදා තිබූ ආකරයෙන් අපට පෙන්වනවා. අලි නාවනවා පෙන්වනවා, ‘වෝටර් බෆලෝ’ කියා පෙන්වන්නේ මීහරක් නෙවෙයි, එළ හරක් කීප දෙනෙක්. ඒ වරද හැරුණු විට අනෙක් තොරතුරු බොහෝ දුරට නිවැරදියි.

කැලණිය හා දළදා මාලිගය පෙන්වා ඔහු කරන විස්තරයේ එකම වරදකට ඇත්තේ ඔහු බෞද්ධ දර්ශනය හරි හැටි තේරුම් ගෙන නොතිබීමයි. එහි දී ඔහු බුදුදහමේ ආත්මය ගැන දක්වන අදහස වරදවා අර්ථ දක්වනවා. ඔහුගේ මේ කෙටි වාර්තා චිත‍්‍රපට සියල්ලම ‘ටර්නර් ක්ලැසික් මූවිස් ’ (Turner Classic Movies) යටතේ අන්තර්ජාලයට එක්කර තියෙනවා.


ලංකාව ගැන තැනූ කෙටි වර්ණ චිත‍්‍රපටය විනාඩි 3.20 සිට නරබන්න...



උපුටා ගත්තේ මල්කෑකුලෙන්

හොඳය් නම් සලකලා යන්න හරිද!
:D:D:D