බලපත්‍ර සහිත අපරාධකරැවන්...

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    බලපත්‍ර සහිත අපරාධකරැවන්...

    58517_503622059702964_1843282725_n.jpg

    දිනපතාම අපරාධකරුවන්ට එරෙහි චෝදනා අවනීතිපතිවරයා විසින් ඉවත් කරගනිමින් ඔවුන් නිදහස් කරමින් ලංකාවේ පවතින්නේ කවරාකාරයකවත් ශිෂ්ඨ සම්පන්න ආණ්ඩුවක් නොවන බවත් රටේ පවතින්නේ පාතාල ලෝකයේ නීතිය පමණක් බවත් ලෝකයාට ඔප්පු කරමින් සිටී.

    කොටකෙතන මවක සහ දියණියක ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙක් වූ ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී එල්.එම් ධර්මසිරි සහ සනත් නන්දන හෙවත් චූටි මල්ලි යන දෙදෙනා ඊයේ(02) මරාණ්ඩුවේ අවනීතිපති විසින් චෝදනා ඉවත් කරගනිමින් නිදහස් කෙළේය. පැල්මඩුල්ල මහේස්ත්‍රාත් නිරංජලා ඩයස් මහත්මියට කරකියා ගත දෙයක් නොමැතිව ඔවුන් දෙදෙනා නිදහස් කිරීමට සිදුවූයේ ලංකාවේ නීතිය අනුව අපරාධ නඩුවක පැමිණිල්ල ගෙන යා යුත්තේ මහජනතාව වෙනුවෙන් රජය නිසා රජයේ නීතිපති සැකකරුවන්ගේ චෝදනා ඉවත් කරගන්නවානම් නඩු කාරයාට ඒ පුද්ගලයා නිදහස් කිරීමට සිදුවන නිසා ය.

    අද දිනයේද එලෙසම සිදුවෙමින්, පසුගිය සැප් 08 දා කොළඔ ජැයික් හිල්ටන් රථ ගාලේදී හමුදා මේජර් චන්දන ප්‍රදීප් සුසේනට ඔළුව කුඩු වෙන්නට පහර දී ඔහුගේ පිස්තෝලය පවා පැහැර ගත් ඇමැති මර්වින් සිල්වාගේ කුප්‍රකට පුත් මාලක සිල්වා සහ හිටපු ඇමැති මනෝ විෙජ්රත්නගේ හදා ගත් පුත් රෙහාන් විෙජ්රත්න දෙදෙනා ට එල්ල වී තිබූ චෝදනා අවනීතිපති විසින් ඉවත් කරගනිමින් ඒ දෙදෙනාද අද නිදහස් කෙළේය. එසේ නිදහස දීමට සිදුවූයේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට ය.

    ලංකාවේ මැදමූලන පාතාල නීතිය යටතේ ඊයේ දිනයේදී කිසිදු අයුරකින් සමථයකට පැමිණිය නොහැකි නඩුවක් වූ පැපිලියාන ෆැෂන් බග් ආයතනයට පහර දීමේ නඩුවද සමථයකට පැමිණියා යැයි පවසා සියළු අපරාධ කරුවන් නිදහස් කරනු ලැබීය.

    අවනීතිපති විසින් මැදමූලන පාතාල නීතිය අනුව කටයුතු කරමින් මෙසේ නිදහස් කළ සියළුම දෙනා මරා රෙජීමයට සම්බන්ධ අපරාධකරුවෝ වෙති.

    මැදමූලන පාතාල ආණ්ඩුවට දැන් ඉතිරිව ඇත්තේ අපරාධ කරුවන් සඳහා මැදමූලන මරාගේ අත්සන සහිත බලපත්‍රයක් නිකුත් කිරීම පමණි. එවිට ඔවුන්ට කරදරයක් නැතිව අපරාධ සිදුකර බලපත්‍රය පෙන්වීමෙන් උසාවි ගානේ අනවශ්‍ය රස්තියාදු වීම් වලින් වැලකී සිටිය හැකිය. කරදරයකට සිදුවන්නේ බලපත්‍රය ලැමිනේටින් කර ගැනීම පමණි
     
    • Like
    Reactions: minipura

    djruki

    Active member
  • Jan 11, 2008
    441
    73
    28
    Dubai
    Yakooo malakage dan enna kellata mama thamai mulinma gahuwe dan malaka baara aragena ethuru tika karagena yanawa hik hik hik