තලපත් අදුන ගන්න පුලුවන් ලේසියෙන්ම මාලුවගෙ හැඩේ වෙනස්නේ
බලයා කෙලවල්ලා තමයි එක වගේ
බලයාගෙ ඇග බඩ පැත්ත ගත්තම ඒකාකාරිව තමයි සිල්වර් කලර් එක තියෙන්නෙ, සමහර වෙලාවට ඇග දිගට ගොඩක් මහතට ඉරි ඉරි වගේ පේනවා පොඩ්ඩක් ඇල කරලා බැලුවම
කෙලවල්ලාගෙ පිට මුදුනෙ තියන වරල සහ වලිගය අතර (උඩ පැත්තෙ සහ යට පැත්තෙ) තියනවා ඇග ඇතුලට ගියපු වරලක් ඒක ඇගිල්ලෙන් උස්සලා බැලුවම ඒක කහපාටයි
වලිගෙ පැත්තට වෙන්න ඇගේ හරස් අතට ඉරි ඉරි වගේ තියනවා
මේ වගේම තව එකෙක් ඉන්වා ඇටවල්ලා කියලා, උගේ වරල් කහපාට නැහැ හරස් අතට ඉරි නැහැ හැබැයි මාලුවගේ පිටිපස්සට වෙන්න පිට පැත්තෙ වයිරම් වයිරම් වගේ තියනවා පොඩි ඇල ඉරි කෑලි වගේ