උතුරු නැගෙනහිර බලය බෙදීම.
මේ මාතෘකාව ශ්‍රි ලංකාවේ දේශපාලනය තුල ඉතා වැදගත් මාතෘකාවක්.
ඒක හැමෝටම ගැලපෙන්න කියා ගන්න තාම කාටවත් බැරි වෙලා තියෙනවා. ඒ නිසා වැඩිය කවුරුත් තදින් අල්ල ගන්න මාතෘකාවක් නෙවෙයි මේ.
කෙසේ වෙතත් දේශපාලකයෙකු ලෙස මේ ගැන මාගේ අදහස ඉදිරිපත් කොට තැබීම යහපත් යැයි සිතුනා. ඒ අනාගතයේ දී මා තෝරා ගැනීමට පෙර ඔබ ඒ ගැන දැනුවත් විය යුතු නිසා.
මේ මගේ පුද්ගලික මතය.
ඒකීය ශ්‍රි ලංකාවක් වෙනුවෙන් යුද බිමට ගිය පුරවැසියෙකු විදියට සහ මිනිසුන් ගණනාවක් සිය ජීවිත, අතපය, ඇස්, ඉස්, මස් හා ආත්මයන් පරිත්‍යාග ක රැක ගත් භූමියක් විදිහට රටේ ඒකීය භාවය අහිමි වෙන, සීමා වෙන හෝ අභියෝගයට ලක් වන විසඳුමකට මා එකඟ වන්නේ නෑ. එනයින් කවර විසඳුමක වුව ද ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් ලෙස පැවතිය යුතුය.
නමුත් උතුරු ප්‍රදේශයේ මිනිසුන්ට තමන්ටම ආවේණික ක්‍රමයකට සිය පාලනය සකස් කර ගැනීමට, සිය මව් භාෂාවට අනුව රාජ්‍ය පරිපාලනය කර ගෙන යෑමට සහ ඒවා පහසු කර ගැනීමට අවශ්‍ය විසඳුමක් ලෙස දැනට ලබා දී ඇති බලයට වඩා දේශපාලන බලයක් ලබා දීමට එකඟය.
පළාත් සභා පවත්වා ගෙන යෑම අනවශ්‍ය ලෙස රාජ්‍ය විශාල කරනවා. ඒ වගේම රජයේ වියදම් ඉහළ දානවා. අනවශ්‍ය ලෙස පරිපාලනය හරස් වීම මත වංචා දූෂණ කරන්න අමතර ලේයර් එකක් ලැබෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාවට පළාත් සභා අවශ්‍ය නෑ කියන නිගමනයේ මම ඉන්නවා. ඒ සඳහා අනාගතයේ දී ඉන්දියාව සහ උතුරේ දේශපාලන නියෝජනය සමග කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.
රටේ වැඩ කරන භාෂාව ඉංග්‍රීසි කළ යුතු බවට මා විශ්වාස කරනවා. ඒ වගේම පාසල් අධ්‍යාපනය ප්‍රාථමික අධ්‍යාපනයෙන් පසු ඉංග්‍රීසි භාෂාවෙන් ලබා දිය යුතු යැයි සිතනවා. ප්‍රාථමික අධ්‍යාපනය මව් භාෂාවෙන් ලබා දී ක්‍රමිකව එය 6 වසරේ සිට ඉංග්‍රීසි මාධ්‍යට පරිවර්තනය කළ යුතු යැයි සිතනවා. එහෙත් මව් භාෂාවන්, ඉතිහාසය , ආගම වැනි විෂයයන් මව් භාෂාවෙන්ම කර ගෙන යෑමට සළස්වනවා. ඒ අනුව භාෂාවේ ඇති දුරස්ථ භාවය අවම කර ගැනීමට බලාපොරොත්තු වෙනවා.
ඔවුන්ගේ ඉඩම් සම්බන්ධ ගැටළු නිරාකරණය කරගැනීමට කඩිනමින් වැඩ පිළිවෙලක් අවශ්‍ය වෙනවා. ඒත් රටේ පොදු නීතිය වෙනස් කොට ඔවුන්ට ආවේණික ක්‍රමයක් නිර්මාණය කිරීමට එකඟ නෑ. මේ රටේ අනෙකුත් ප්රශ්නය වගේම ඉඩම් ප්‍රශ්නයත් උතුරට පමණක් සීමා වී නෑ. ශ්‍රී ලංකාවේ භූමියෙන් වැඩිම පංගුවක් තියෙන්නේ රජය සතුවයි. එය බ්‍රිතාන්‍ය කොළනි පාලනයක සිට සාපේක්ෂව වැසුණු ආර්ථිකයක් පවත්වා ගෙන යෑමෙන් මෙතෙක් ඇදී ආ දුර්වලතාවයක්. එනිසාම ඉඩම් වල පලදායීතාවය හා කාර්‍ය්ක්ෂමතාවය ඉහළ දා ගැනීමට ජාතියක් විදිහට අපි අපොහොසත් වෙලා තියෙනවා. ඒ නිසා පොදු ඉඩම් ප්‍රතිපත්තියක් නිර්මාණය විය යුතු බවත්, එය මේ මොහොතේ සිදුබ්විය යුතු අත්‍යාවශ්‍ය ආර්ථිකය දේශපාලන ප්රතිසංස්කරණයක් බවත් මා විශ්වාස කරනවා. ඒ අලුත් ඉඩම් ප්‍රතිපත්ති අනුව භූමිය වඩා පලදායී විදියට භාවිතා කිරීමට කටයුතු කිරීම මගීන් උතුරේ ඉඩම් ගැටලුව ද මග හරවා ගන්න පුළුවන්.
මා සිතන්නේ මේ රටේ ආර්ථික අවස්ථා වැඩි දියුණු කළ විට, එම සම්පත් වල සාධාරණ බෙදී යෑමක් ඇති කළ හැකි නම්, ආර්ථිකය තුල සම අවස්ථා ඇති කිරීමට කටයුතු කරන්න පුළුවන් නම් බොහෝ දුරට ඔවුන්ගේ වේදනාවන් සමනය වෙන්න පුළුවන්. රට ආර්ථික සංවර්ධනය කරා රැගෙන යන්න පුළුවන් නම්, ඒ අවස්ථා ඔවුන්ටත් තියෙනවා නම් කාලයත් සමග ගැටළු විසඳ ගන්න පුළුවන්. විශේෂයෙන් උතුරේ සිටින කඩිසර, නිර්මාණ ශ්‍රීලී, දීර්ඝකාලීන පිඩාවන් ඉවසීමෙන් පදම් වූ, දරා ගැනීමේ ශක්තියෙන් ඉහළ මිනිසුන් රටේ ආර්ථික ක්‍රියාවලියට වඩ වඩාත් බද්ද කර ගැනීම රටේ වර්ධනයට හේතු වෙනවා.
භාෂාව, දුර, අතීතය, බය කියන කාරණා සමනය කර ගත් විට මේ ප්රශ්නය අද තරම් දික් ගැහෙන එකක් නෑ. ඒක ආදරයෙන්, හදවතින්, කරුණාවෙන් කරන්නයි ඕනෙ. ඒකට විශ්වාසය දිනා ගන්න එකයි කළ යුත්තේ. ඒ විශ්වාසය දිනා දිය හැකි, ආදරය දිනිය හැකි, හදවත් දිනිය හැකි සංවේදී නායකයන් අපිට ඕන වෙනවා. ඒ වගේම විවෘත මේ දිහා බලන, සංවේදී , බොරුවෙන් ලේසියෙන් නොරැවටෙන මිනිසුන් අපිට ඕන වෙනවා.
මේ අර්බුදය දැන් ශත වර්ෂ ගණනකට වඩා පරණයි. අපිට කලින් මේකට විසඳුම් හොයපු ගොඩක් මිනිසුන් මැරුණා, අසාර්ථක උනා, පරාජය උනා, නැති වෙලා ගිහින් ඉතිහාසයේ අතරමං උනා. මෙය එතරම්ම අභියෝගාත්මක දෙයක්. එහෙත් විසඳන්න බැරි ප්‍රශ්නයක් නෙවෙයි.
අපි ඒ වෙනුවෙන් මහන්සි වෙනවා.
පැතුම් කර්නර්