බල්ලගේ කණ තුවාල වෙලා

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    උබේ බල්ල වල්ටේශන් නෙමේ නම් ඕක හොද කරන්න බෑ. හොද කලොත් අනිවා පෝස්ට් එකක් දාපන්.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ලෙවකන්න බැරි තැන් වල තුවාල ආවම හොඳ වෙනව හොරයි. හර්බල් ස්ප්‍රේ එකක් තිබ්බ කහ පාට ඉස්සර අපේ එකාට ගහන්න ඩොකා දීපු. ඇතුලෙ ඉන්න පැණුවො එහෙම වැටෙනව ඒකට. නම මතක නෑ. වෙට් බඩු තියෙන ෆාමසියකින් ඇහුවනම් දෙයි. නුවර නම් ලංකා ෆාමසි එකේ තිබ්බා.
    එක බල්ලයි හැදුවෙ, ඌ මලාට පස්සෙ අතෑරල දැම්ම.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    හොද ඩොකෙක්ට පෙන්නපන් යකෝ හොද කරන්න බැරි නෑනෙ තුවාලයක්නන්. උබ එක එක රෙද්දවල් දාලා උට වේදනාව වැඩි ඇති. තුවාලයක්ද rash එකක්ද මොකක්ද තියෙන්නෙ
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    එක ඩොක්ට කෙනෙක්ට පෙන්නලා ගෙනවේ, අනිත් කෙනාගෙන් කියලා ඉල්ලගෙන ආවේ. දැන් හොදටම අමාරුයි වගේ. අද ඩොක්ට කෙනෙක්ට ගෙදරට එන්න කිව්වා. එයාටත් පෙන්නලා අවසාන විසදුම ගන්නවා. හැබැයි මේ එන ඩොක්ටනම් කිව්වා එයා එහෙම ඉන්ජක්සන් ගහන්නේ නෑ කියලා. අපි කන බලලාම එයාගේ බෙහෙතත් දාලා බලමු කියලා.


    නෝමල් බල්ලෙක් (දෙමුහුන්)

    මෙන්න මේ විදියට කරලා බලපන්

    01. බල්ලව හොදට නාවල මැස්සෝ අඩු, පිරිසිදු තැනක දම් වැලකින් ගැටගහන්න (යන්න දෙන්න එපා කෙහේවත්.)

    02.නෙගසාන් කියල සුදුපාට කුඩක් තියෙනවා, එක තුවාලේ උඩට හොදට දාන්න. එහෙම දාල දවසක් විතර තියන්න.

    03. ඊලග දවසේ තුවාලේ ආයෙත් හොදට සෝදන්න. නෙගසාන් දැම්මම තුවාලේ කබොල්ල වගේ හැදෙනවා, එක ගැලවිලා යනකන් හොදට හෝදන්න. නැත්නම් තුවාලේ ආයෙත් පැසවන්න බලනවා

    04. දෙවැනි දවසෙත් ආයෙත් ඒ විදියටම නෙගසාන් දාල හෝදගන්න (දැන් තුවාලේ පනුවෝ එක්කෙනෙක් වත් නෑ )

    05. බේතඩීන් තමා හොදම බෙහෙත. පුළුන් අරගෙන වක්කෙරෙන්නේ නැති ගානට පොගවාගෙන තුවාලේ හොදට පිහදාන්න. ඊට පස්සේ පොවා ගත්ත පුළුන් ටිකක් තියල හොදට වෙලන්න .

    06. ඒ විදියට තුවාලේ හොද වෙනකන් බේතඩීන් දාන්න.

    දවස් දෙකකට සැරයක් නාවන්නත් අමතක කරන්න එපා. බෙහෙත් දානකොට හැමදාම තුවාලේ හොදට සෝදන්න.


    බවුවට ඉක්මන් සුව....! <3


    ඩොක්ට ඇවිල්ලා බලලා ඉන්ජෙක්ශන් 02ක් දුන්නා. එකක් පණුවෝ හැලෙන්න. අනික තුවාලය වෙලෙන්න. තව පාමසෙයෙන් ගන්න බෙහෙත් වගයකුත් දුන්නා. ඔය නෙගසන් කියන බෙහෙත දාන්න කිව්වේ, මේ ඔක්කොගෙන්ම තුවාලේ සනිප නොවුනොත්. මොකද ඒකට කණ ඇහෙන්න නැතිවෙන තියෙන ප්‍රවනතාවය වැඩිලු


    උබේ බල්ල වල්ටේශන් නෙමේ නම් ඕක හොද කරන්න බෑ. හොද කලොත් අනිවා පෝස්ට් එකක් දාපන්.

    නෝමල් බල්ලෙක් (දෙමුහුන්)