මගේ අදහස මේකයි. මට ඕක පිළිකුල්. අපි පොඩි කලේ ඉදන් හැදුනු සංස්කෘතිය අනුව බලු මස් කෑම පිළිකුල්.
ඕක සංස්කෘතිය මත තියෙන දෙයක්. අපි හිතමු පොඩි කලේ ඉදල කවුරුහරි බලු මස් නිතිපත කනවා කියල. ඕක එයට සාමාන්‍ය දෙයක්. එළු මස්, හරක් මස්, රසකරකර බුදින අය බලු මස් කෑමේ විශේෂ වරදක් නැහැ. සත්ව මාංශ නේ.
සමහරු පළගැටියෝ බැදලා කනවා. අපි ඉස්සෝ කනවා. ඔය දෙකේ වෙනස මොකද්ද? අපේ පිළිගැනීම. එක රටවල් අනුව මත වෙනස් වෙන්න පුළුවන්.
ඒ කතාව නම් ඇත්ත.. ඒත් බං මස් මාලු නොකා ඉන්න තරමට හොඳයි..

