Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බලාපොරොත්තු වන්න: ‘මහින්ද මැජික්’
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බලාපොරොත්තු වන්න: ‘මහින්ද මැජික්’

මහින්ද මාමා වෙතටයි,

මෛත්‍රී ඔබව අගමැති කළ බව සැල වූ සැණින් මෙය ලිවීමට සිතුණේය. මීට සතියකට දෙකකට කලින් ඔය දෙන්නා දොරවල් වහගෙන රහසේ හමු වූ දා පටන්, එවැනි හමුවක් සිදු නොවුණු බව ඔබ දෙන්නාම කී දා පටන්, මොකක් හෝ මරාලයක් කඩා වැටෙන්ට යන බවට යම් හැඟීමක් තිබුණා තමයි. ඒත් ඔබව අගමැති කරපු ආරංචිය මේ පාරාදීසයේ ඉන්න අපි හුඟ දෙනෙකුට ඇස් නිලංකාර කරන සිද්ධියක් වෙච්ච විත්තිය කියන්න ඕනේ.

මේ විදිහට ආතක්පාතක් නැති වුණේ අපිට විතරක් නෙවෙයි. අර කොළ පාට මිනිහත් තවම කියනවා එයයි අගමැති කියලා විශ්වාස භංගයක් ගේන්නේ නැතුව ඒ තානාන්තරෙන් එයාව අයින් කරන්න බැහැ කියලයි එයා කියන්නේ. ඒකෙත් ඇත්තක් තියෙන බව පේනවා. කොහොම වුණත්, දැන් අපිට අගමැතිලා දෙන්නෙක්ම ඉන්නවා. පාර්ලිමේන්තුවේ වැඩි දෙනෙක්ගේ විශ්වාසේ තාම තියෙන්නේ තමුන්ට කියලා උන්නැහේ කියනවා. කැබිනට් මණ්ඩලය විසුරුවා ඇරලත් නැහැලු. ඒත් මාමා කියන්නේ, අළුත් ඇමති මණ්ඩලයක් ඉක්මණින්ම පිහිටුවනවා කියලා. ග්‍රාම සේවකයෙකුට රටක් භාර දුන්නහම වෙන කොහොම වෙන්නද ?

මෛත්‍රී කරපු දේ ව්‍යවස්ථාවට පටහැනිලු. ඒක නිසා, අද රටේ ව්‍යවස්ථා අර්බුදයක්ලු. ඒක වෙන්න පුළුවන්. ඒත් ඒ ගැන කවුරුවත් පුදුම වෙන්න ඕනේ නැහැ. මොකද, මෛත්‍රී කියන්නේ, දුන්න පොරොන්දු ඔක්කොම කඩ කරපු මිනිහෙක් නිසා. මිනිහා මුලින්ම කළේ මාමට පිටිපස්සෙන් ඉඳලා ඇනපු එක. දැන් කොළ පාට මිනිහටත් එයා කිරිච්චිය බස්සලා.

වෙච්ච දේ වුනාවේ. මෛත්‍රී සහ මාමා ගැන බලන කොට, කාරණේ වුණේ කොහොමද කියන එක වැදගත් නැහැ. ශිරානිව අගවිනිසුරුකමෙන් අයින් කරන්න ගත්ත තීරණය නිවැරදියි කියලා මේ මෑතකදීත් මාමා කියලා තිබුණා. පරමාර්ථය ඉෂ්ට වෙනවා නං, ඒක ඉෂ්ට කර ගන්නේ කොයි විදිහෙන්ද කියන එක මාමාට ප්‍රශ්නයක් නෙවෙයි කියන එක අපි කවුරුත් දන්නවා.

හැම දෙයක් දැන් රඳා පවතින්නේ, කොළ පාට මිනිහාව අගමැති කමේ තියා ගන්න තරම් මන්ත්‍රීලා ගානක් පාර්ලිමේන්තුවෙන් පෙන්නන්න කොළ පාට පක්ෂයට පුළුවන්ද කියන එක උඩයි. මේ අවුරුද්ද මුලදී, කොළ පාට මිනිහට විරුද්ධව පාර්ලිමේන්තුවේ විශ්වාස භංගයක් ගෙනත් කර ගත් හදියෙන් කිසි පාඩමක් ඉගෙනගෙන නැති අර මිනිහා, දැන් කිසි දෙයක් නොවිච්ච ගානට ඉන්නේ, රටේ මනුස්සයෝ දිනපතා මුහුණදෙන අඟහිඟකම් ගැනත් වගේ වගක් නැතිව වගේ.

දැන් ඔක්කොම තියෙන්නේ මාමාගේ අතේ කියලයි පේන්නේ. දැනටමත් අඩු ගානේ කොළ පාට මන්ත්‍රීලා දෙන්නෙක් මාමා ළඟට ඇවිල්ලා තියෙනවා. එ්කෙන් එක් කෙනෙක්, ජාතියේ පියාගේ මීමුණුබුරෙක්. මිනිහට කේන්ති ගිහිල්ලා තියෙන්නේ, කොළ පාට මිනිහගෙන් ඇමතිකමක් නොලැබිච්ච නිසා. ඉතිං, ඇමතිකමක් දීලා මිනිස්සු බා ගන්නත් දැන් මාමාට පුළුවන්.

අර පොලිස් ලොක්කා විරිත්තගෙන මාමට සැලියුට් ගහන හැටි නං පංකාදුයි. ගෝඨාවයි, මෛත්රීවයි මරන්න හිටියා කියන සිද්ධිය හරියට හොයලා බැලුවේ නැහැ කියලා මේ ළඟදී මාමා කියලා තිබුණේ මේ මිනිහා ගැන නේද ? ඒකා බලන්නේ එදා වේල හොයා ගන්න එකක් ගැන වෙන්න ඇති. ඉස්සරහට තවත් ඒ වගේ අය හුඟාක් ඉන්න පුළුවන්.

මාම අගමැති වුණා කියලා මිනිස්සු ජය ඝෝෂා කළා. හුඟාක් තැන්වල රතිඤ්ඤා පත්තු කළා. එක පැහැදිළියි. ඒගොල්ලෝ මාමාගෙන් යමක් ඉෂ්ට වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. එ්ක නිසා, ඉදිරි අවුරුද්දකුත් මාස හතරක කාලේ කරන්න යන මාමාගේ සැලැස්ම අපිට කියන්න ඕනේ.

මාමාගෙන් වෙන්න පුළුවන් වෙනස්කම් දෙක තුනක් දැනටමත් මට හිතාගන්න පුළුවන්. මත්තල ගුවන් තොටුපොළ ආයෙත් ලාබ ලබයි. එ් වගේම, මාමාගේ නමින්ම තියෙන වරායත් ලාබ ලබයි. පෙට්‍රල් මිල 'සුටුස්' ගාලා පහළ බහියි. ජීවන වියදමත් එහෙමයි. ඊට පස්සේ අපි ඔක්කොම සතුටෙන් සනීපෙන් ඉන්නවා.

ඒ එක්කම මහජනතාවටත් දැන් ටිකක් සැනසිල්ලේ ඉන්න පුළුවන් වේවි. මොකද, දැන් මාමා බලේ ඉන්න කොට, දොස්තරලා හැරෙන හැරෙන පැත්තට වැඩ වර්ජන කරන එකක් නැහැ. පාදෙනියයි, එයාගේ සංගමයයි පූස් පැටව් වගේ ඉන්නවා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම අර සයිටම් ආයතනයත් මාමාගේ සොඳුරු මග පෙන්වීම යටතේ නැවත උපන්නොත් පුදුමයක්ද ?

දැන් මාමාට පැවරෙන මුල්ම රාජකාරියක් වන්නේ, ඉස්සර මාමාගේ පැත්තේ ඉඳලා වැරදිකාරයෝ වෙච්ච අයට මෛත්‍රී ලව්වා සමාව අරගෙන දෙන එකයි. මාමාගේ හිටපු ලේකම් ලලිත්, ඥානසාර හාමුදුරුවෝ, එතකොට අර දුමින්ද හාදයා වගේ අය ඔබේ පත්වීමෙන් පිනා යාවි. මොකද, තව වැඩි කාලයක් හිරේ තපින්න වෙන එකක් නැති නිසා.

කොහොම වුණත් එ්ක මාමාගේ සැලැස්මේ මුල් කොටස විතරයි. එහෙම නේද, මාමේ ? වැඩි කාලයක් මෛත්‍රීගේ ගෝලයෙක් විදිහට ඉන්න මාමාගේ කැමැත්තක් නැති විත්තිය මං දන්නවා. මේ කපේට මාමාව අගමැති කරන්නේ නැහැ කියලා දිව්රලා කිව්වෙත් ඔයා මිනිහා නේ. ඒ වගේම, ගිය සැරේ මාමා දින්නා නං, අඩි හයක් තමා පොළොව යටට යන්න තිබුණා කිව්වෙත් ඔයා මිනිහා නේ.

ඒක නිසා මාමේ, අපි දැන් බලාගෙන ඉන්නේ මාමාගේ ඊළඟ අදියර එනකල්. ඒ කියන්නේ, කොළ පාට මිනිසුන් ටිකක් බාගෙන, අපේ ව්‍යවස්ථාව වෙනස් කරගෙන, ආයෙත් සැරයක් අර ලොකු රස්සාව මාමා ගන්නකල්. එහෙම කර ගන්න බැරි වුණොත්, නිල් පාට පක්ෂේ බලය ආයි සැරයක් අරගෙන, මාමා වෙනුවෙන් ඊළඟ වාරේ තරෙඟට දුවන්න ගෝඨාව දා ගන්නකල්.

කොහොම වුණත් මාමේ, අපි ඔයාට ගොඩාක් වාසනාව ප්‍රාර්ථනා කරනවා. මොකද, මේ වෙලාවේ මාමාටෙ වැඩියෙන්ම තියෙන්න ඕනේ, වාසනාව. හැමෝම කියන්නේ, කොළ පාට මිනිහා ඉවරයි කියලයි. එ්ත්, ඇත්තටම දීර්ඝකාලීනව ගත්තොත්, ඉවර වෙන්න ඉන්නේ අර මෛත්‍රී. දවසක දොර පෙන්නලා, බැහැපං දොට්ට කියලා මාමා කියපු දවසට, මිනිහා වෙනුවෙන් දුක් වෙන්න කිසි මිනිහෙක් ඉඳියි කියලා මං හිතන්නේ නැහැ.

ඔබේ ආදරණීය,

පුංචි පුතා

ප.ලි: නම්බුකාර විදිහට දේශපාලනෙන් විශ්‍රාම ගන්න වයස දේශපාලඥයන්ට තේරෙන්නේ නැත්තේ ඇයි කියෙඑක මට හරි ප්‍රහේලිකාවක්. ඒ ගැන හිතන කොට, ඉස්සර හරියට ගැරහීමට ලක්වෙච්ච ජේ.ආර්. සහ කවුරුත් ආදරේ කරපු ඩී.බී. විතරයි ඒක දැනං හිටියේ. ඒත් මාමා එහෙම කොහොම කොරන්නෙයි ? නාමල් බේබිගේ කල වයස එනකල් අල්ලගෙන ඉන්නත් එපායැ. එතකොට නේ රාජවංශය පවතින්නේ, නේද මාමේ ?

2018 ඔක්තෝබර් 28 වැනිදා ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පතේ පළවූ, ‘Await: Mahinda Magic’ නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්රහයෙනි.

LNW

[QUOTE="topkollek, post: 23823234, member: 510150"] [b]බලාපොරොත්තු වන්න: ‘මහින්ද මැජික්’[/b] [SIZE="3"]මහින්ද මාමා වෙතටයි, මෛත්‍රී ඔබව අගමැති කළ බව සැල වූ සැණින් මෙය ලිවීමට සිතුණේය. මීට සතියකට දෙකකට කලින් ඔය දෙන්නා දොරවල් වහගෙන රහසේ හමු වූ දා පටන්, එවැනි හමුවක් සිදු නොවුණු බව ඔබ දෙන්නාම කී දා පටන්, මොකක් හෝ මරාලයක් කඩා වැටෙන්ට යන බවට යම් හැඟීමක් තිබුණා තමයි. ඒත් ඔබව අගමැති කරපු ආරංචිය මේ පාරාදීසයේ ඉන්න අපි හුඟ දෙනෙකුට ඇස් නිලංකාර කරන සිද්ධියක් වෙච්ච විත්තිය කියන්න ඕනේ. මේ විදිහට ආතක්පාතක් නැති වුණේ අපිට විතරක් නෙවෙයි. අර කොළ පාට මිනිහත් තවම කියනවා එයයි අගමැති කියලා විශ්වාස භංගයක් ගේන්නේ නැතුව ඒ තානාන්තරෙන් එයාව අයින් කරන්න බැහැ කියලයි එයා කියන්නේ. ඒකෙත් ඇත්තක් තියෙන බව පේනවා. කොහොම වුණත්, දැන් අපිට අගමැතිලා දෙන්නෙක්ම ඉන්නවා. පාර්ලිමේන්තුවේ වැඩි දෙනෙක්ගේ විශ්වාසේ තාම තියෙන්නේ තමුන්ට කියලා උන්නැහේ කියනවා. කැබිනට් මණ්ඩලය විසුරුවා ඇරලත් නැහැලු. ඒත් මාමා කියන්නේ, අළුත් ඇමති මණ්ඩලයක් ඉක්මණින්ම පිහිටුවනවා කියලා. ග්‍රාම සේවකයෙකුට රටක් භාර දුන්නහම වෙන කොහොම වෙන්නද ? මෛත්‍රී කරපු දේ ව්‍යවස්ථාවට පටහැනිලු. ඒක නිසා, අද රටේ ව්‍යවස්ථා අර්බුදයක්ලු. ඒක වෙන්න පුළුවන්. ඒත් ඒ ගැන කවුරුවත් පුදුම වෙන්න ඕනේ නැහැ. මොකද, මෛත්‍රී කියන්නේ, දුන්න පොරොන්දු ඔක්කොම කඩ කරපු මිනිහෙක් නිසා. මිනිහා මුලින්ම කළේ මාමට පිටිපස්සෙන් ඉඳලා ඇනපු එක. දැන් කොළ පාට මිනිහටත් එයා කිරිච්චිය බස්සලා. වෙච්ච දේ වුනාවේ. මෛත්‍රී සහ මාමා ගැන බලන කොට, කාරණේ වුණේ කොහොමද කියන එක වැදගත් නැහැ. ශිරානිව අගවිනිසුරුකමෙන් අයින් කරන්න ගත්ත තීරණය නිවැරදියි කියලා මේ මෑතකදීත් මාමා කියලා තිබුණා. පරමාර්ථය ඉෂ්ට වෙනවා නං, ඒක ඉෂ්ට කර ගන්නේ කොයි විදිහෙන්ද කියන එක මාමාට ප්‍රශ්නයක් නෙවෙයි කියන එක අපි කවුරුත් දන්නවා. හැම දෙයක් දැන් රඳා පවතින්නේ, කොළ පාට මිනිහාව අගමැති කමේ තියා ගන්න තරම් මන්ත්‍රීලා ගානක් පාර්ලිමේන්තුවෙන් පෙන්නන්න කොළ පාට පක්ෂයට පුළුවන්ද කියන එක උඩයි. මේ අවුරුද්ද මුලදී, කොළ පාට මිනිහට විරුද්ධව පාර්ලිමේන්තුවේ විශ්වාස භංගයක් ගෙනත් කර ගත් හදියෙන් කිසි පාඩමක් ඉගෙනගෙන නැති අර මිනිහා, දැන් කිසි දෙයක් නොවිච්ච ගානට ඉන්නේ, රටේ මනුස්සයෝ දිනපතා මුහුණදෙන අඟහිඟකම් ගැනත් වගේ වගක් නැතිව වගේ. දැන් ඔක්කොම තියෙන්නේ මාමාගේ අතේ කියලයි පේන්නේ. දැනටමත් අඩු ගානේ කොළ පාට මන්ත්‍රීලා දෙන්නෙක් මාමා ළඟට ඇවිල්ලා තියෙනවා. එ්කෙන් එක් කෙනෙක්, ජාතියේ පියාගේ මීමුණුබුරෙක්. මිනිහට කේන්ති ගිහිල්ලා තියෙන්නේ, කොළ පාට මිනිහගෙන් ඇමතිකමක් නොලැබිච්ච නිසා. ඉතිං, ඇමතිකමක් දීලා මිනිස්සු බා ගන්නත් දැන් මාමාට පුළුවන්. අර පොලිස් ලොක්කා විරිත්තගෙන මාමට සැලියුට් ගහන හැටි නං පංකාදුයි. ගෝඨාවයි, මෛත්රීවයි මරන්න හිටියා කියන සිද්ධිය හරියට හොයලා බැලුවේ නැහැ කියලා මේ ළඟදී මාමා කියලා තිබුණේ මේ මිනිහා ගැන නේද ? ඒකා බලන්නේ එදා වේල හොයා ගන්න එකක් ගැන වෙන්න ඇති. ඉස්සරහට තවත් ඒ වගේ අය හුඟාක් ඉන්න පුළුවන්. මාම අගමැති වුණා කියලා මිනිස්සු ජය ඝෝෂා කළා. හුඟාක් තැන්වල රතිඤ්ඤා පත්තු කළා. එක පැහැදිළියි. ඒගොල්ලෝ මාමාගෙන් යමක් ඉෂ්ට වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. එ්ක නිසා, ඉදිරි අවුරුද්දකුත් මාස හතරක කාලේ කරන්න යන මාමාගේ සැලැස්ම අපිට කියන්න ඕනේ. මාමාගෙන් වෙන්න පුළුවන් වෙනස්කම් දෙක තුනක් දැනටමත් මට හිතාගන්න පුළුවන්. මත්තල ගුවන් තොටුපොළ ආයෙත් ලාබ ලබයි. එ් වගේම, මාමාගේ නමින්ම තියෙන වරායත් ලාබ ලබයි. පෙට්‍රල් මිල 'සුටුස්' ගාලා පහළ බහියි. ජීවන වියදමත් එහෙමයි. ඊට පස්සේ අපි ඔක්කොම සතුටෙන් සනීපෙන් ඉන්නවා. ඒ එක්කම මහජනතාවටත් දැන් ටිකක් සැනසිල්ලේ ඉන්න පුළුවන් වේවි. මොකද, දැන් මාමා බලේ ඉන්න කොට, දොස්තරලා හැරෙන හැරෙන පැත්තට වැඩ වර්ජන කරන එකක් නැහැ. පාදෙනියයි, එයාගේ සංගමයයි පූස් පැටව් වගේ ඉන්නවා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම අර සයිටම් ආයතනයත් මාමාගේ සොඳුරු මග පෙන්වීම යටතේ නැවත උපන්නොත් පුදුමයක්ද ? දැන් මාමාට පැවරෙන මුල්ම රාජකාරියක් වන්නේ, ඉස්සර මාමාගේ පැත්තේ ඉඳලා වැරදිකාරයෝ වෙච්ච අයට මෛත්‍රී ලව්වා සමාව අරගෙන දෙන එකයි. මාමාගේ හිටපු ලේකම් ලලිත්, ඥානසාර හාමුදුරුවෝ, එතකොට අර දුමින්ද හාදයා වගේ අය ඔබේ පත්වීමෙන් පිනා යාවි. මොකද, තව වැඩි කාලයක් හිරේ තපින්න වෙන එකක් නැති නිසා. කොහොම වුණත් එ්ක මාමාගේ සැලැස්මේ මුල් කොටස විතරයි. එහෙම නේද, මාමේ ? වැඩි කාලයක් මෛත්‍රීගේ ගෝලයෙක් විදිහට ඉන්න මාමාගේ කැමැත්තක් නැති විත්තිය මං දන්නවා. මේ කපේට මාමාව අගමැති කරන්නේ නැහැ කියලා දිව්රලා කිව්වෙත් ඔයා මිනිහා නේ. ඒ වගේම, ගිය සැරේ මාමා දින්නා නං, අඩි හයක් තමා පොළොව යටට යන්න තිබුණා කිව්වෙත් ඔයා මිනිහා නේ. ඒක නිසා මාමේ, අපි දැන් බලාගෙන ඉන්නේ මාමාගේ ඊළඟ අදියර එනකල්. ඒ කියන්නේ, කොළ පාට මිනිසුන් ටිකක් බාගෙන, අපේ ව්‍යවස්ථාව වෙනස් කරගෙන, ආයෙත් සැරයක් අර ලොකු රස්සාව මාමා ගන්නකල්. එහෙම කර ගන්න බැරි වුණොත්, නිල් පාට පක්ෂේ බලය ආයි සැරයක් අරගෙන, මාමා වෙනුවෙන් ඊළඟ වාරේ තරෙඟට දුවන්න ගෝඨාව දා ගන්නකල්. කොහොම වුණත් මාමේ, අපි ඔයාට ගොඩාක් වාසනාව ප්‍රාර්ථනා කරනවා. මොකද, මේ වෙලාවේ මාමාටෙ වැඩියෙන්ම තියෙන්න ඕනේ, වාසනාව. හැමෝම කියන්නේ, කොළ පාට මිනිහා ඉවරයි කියලයි. එ්ත්, ඇත්තටම දීර්ඝකාලීනව ගත්තොත්, ඉවර වෙන්න ඉන්නේ අර මෛත්‍රී. දවසක දොර පෙන්නලා, බැහැපං දොට්ට කියලා මාමා කියපු දවසට, මිනිහා වෙනුවෙන් දුක් වෙන්න කිසි මිනිහෙක් ඉඳියි කියලා මං හිතන්නේ නැහැ. ඔබේ ආදරණීය, පුංචි පුතා ප.ලි: නම්බුකාර විදිහට දේශපාලනෙන් විශ්‍රාම ගන්න වයස දේශපාලඥයන්ට තේරෙන්නේ නැත්තේ ඇයි කියෙඑක මට හරි ප්‍රහේලිකාවක්. ඒ ගැන හිතන කොට, ඉස්සර හරියට ගැරහීමට ලක්වෙච්ච ජේ.ආර්. සහ කවුරුත් ආදරේ කරපු ඩී.බී. විතරයි ඒක දැනං හිටියේ. ඒත් මාමා එහෙම කොහොම කොරන්නෙයි ? නාමල් බේබිගේ කල වයස එනකල් අල්ලගෙන ඉන්නත් එපායැ. එතකොට නේ රාජවංශය පවතින්නේ, නේද මාමේ ? 2018 ඔක්තෝබර් 28 වැනිදා ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පතේ පළවූ, ‘Await: Mahinda Magic’ නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්රහයෙනි.[/SIZE] LNW [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom